IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සෑම කොට්ඨාසයක්ම මේ රටේ පුරවැසියෝය

‘ජාතික සංහිඳියාව’ යනු කට වචනයෙන් නිර්මාණය කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා සියලු ජාතිකත්ව අතර අව්‍යාජව මතු වූ උවමනාවක් ද ඒ හා බැඳුණු දියුණු ක්‍රියාකාරීත්වයක් ද අවැසිය. එම ක්‍රියාකාරීත්වයේ පදනම විය යුත්තේ යුක්තිය, සාධාරණත්වය හා සමානාත්මතාව වේ. එසේ නොවන්නේ නම් ජාතික සංහිඳියාව යනු මුද්‍රිත – වාචික අක්ෂරවලින් මැවූ ඇස්බැන්දුමක් පමණි.

බලය ලබා ගැනීමටත්, ලබාගත් බලය රැක ගැනීමටත් සෑම වර්ණයකටම අයත් දේශපාලනඥයෝ ජාතිවාදය පළිහක් කර ගත්හ. එමෙන්ම බඩගෝස්තරවාදය උදෙසා ජාතිවාදී ගිනි පුළිඟු දල්වන ඩොලර් කාක්කෝ ද සිටිති.

නිදහසින් පසුව ගෙවා ආ හැත්තෑ පස් වසර තුළ මේ වියරු සංග්‍රාමයෙන් මළ කඳන් ගොඩගැසුණි. ලේ විල් ඉදිවිය. තවමත් එම අතීතගත තුවාලවලින් නැගෙන වේදනාව තිබේ. ඒ සංග්‍රාමයෙන් නැගුණු කඳුළු බිඳුවල ලප කැළල් තිබේ.

සැබැවින්ම අවශ්‍ය වන්නේ එකී අතීත ලප කැළල් මකා දමන අලුත් ප්‍රවේශයකි. සෑම ජන වර්ගයකටම අයත් සාතිශය බහුතරයක් ජනයා ඒ වෙනුවෙන් පෙනී සිටිති. පේවී සිටිති. එහෙත් තම පටු හා පවිටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ප්‍රයත්නයක යෙදෙන පාපී සහ නීච කණ්ඩායම් තවමත් සක්‍රීයව සිටිති.

යුද සමයේ දී උපවාසයකින් මියගිය එල්.ටී.ටී.ඊ. හිතවාදියකු වූ තිලීපන් නමැත්තා සිහි කරමින් උතුරට ගමන් අරඹා තිබූ රථ පෙළපාළියකට ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමට අයත් සර්ධා පුරදී මග හරස් කර ප්‍රදේශවාසීන් පිරිසක් පහර දීමේ පුවතක් ඉකුත් දා වාර්තා විය. එම පහර දීමට අදාළව සැකපිට පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

තිලීපන් සමරුව සම්බන්ධයෙන් තිබෙන්නේ ප්‍රශ්නගත තත්ත්වයකි. නෛතිකව බැලුවහොත් එල්.ටී.ටී.ඊ සංවිධානය යනු තහනම් සංවිධානයකි. ඒ අනුව එල්.ටී.ටී.ඊ. හිතවාදියකු වූ තිලීපන් සැමරීම ප්‍රශ්නයකි. එය සංවිධානය කළ වුන් ඒ බව පළමුව තේරුම්ගත යුතුය.

මෙසේ ප්‍රසිද්ධියේ මෙවැනි ක්‍රියාකාරකම්වල යෙදීමෙන් කිසියම් විරෝධයක් මතු විය හැකි බව උපකල්පනය කළ යුතුව තිබිණි. එමෙන්ම නීති විරෝධී කටයුත්තක් සිදුවන්නේ නම් අදාළ අංශ දැනුම්වත් කර නීත්‍යනුකූල ලෙස පියවර ගන්නවා මිස ප්‍රහාර එල්ල කිරීම එක් අතකින් නීතිය අතට ගැනීමකි. අනෙක් අතට අශිෂ්ට ක්‍රියාවකි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පොලිස් අවසරයකින් තොරව තිලීපන් සැමරුම් රථ පෙළපාළියකින් සිංහල ජනතාව වෙසෙන ප්‍රදේශයකට රැගෙන ඒමෙන් ජාතීන් අතර සංහිඳියාව හා සමගිය විනාශ වූ බවය. මේ ප්‍රකාශයේ ද දෙපැත්තක් තිබේ.

කෙසේ වුවද මෙතැන තිබෙන්නේ සිංහල - දෙමළ ප්‍රශ්නයක් නොවේ. නීතිමය ප්‍රශ්නයකි. ඒ ඒ ජාතිකත්වයන්ට අභිමත පරිදි කටයුතු කිරීමේ නිදහස තිබිය යුතුය. දෙමළ ජනයාගේ රැස්වීමක් කොළඹ පැවැත්වීමට ද සිංහල සංවිධානයක පිරිසකට උතුරට ගොස් රැස්වීමක් පැවැත්වීමට අයිතියක් හා නිදහසක් තිබිය යුතුය.

සැබෑ ජාතික සමගිය යනු එයම විනා වෙන යමක් නොවේ. ඒ ඒ ජාතිකත්වයන්ට අයත් සංස්කෘතියන් හි විවිධත්වයක් තිබේ. විචිත්‍රත්වය තිබෙන්නේ ද එම විවිධත්වය තුළම ය. එය දැකීමට සමත් අලුත් ඇසක් නිර්මාණය කරගත යුතුය. නැතහොත් අපට මේ සැහැසි ඉරණමෙන් කවදා හෝ ගැලවීමක් තිබේද යන්නද ප්‍රශ්නයකි.

(***)



අදහස් (0)

සෑම කොට්ඨාසයක්ම මේ රටේ පුරවැසියෝය

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 357 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1286 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 745 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1087 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1903 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1444 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 510 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site