(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය උපාලි වීරකෝන්)
වර්තමානයේ ලොව බොහෝ රටවල අභ්‍යන්තර අවතැන් වූවන් අනාථ වූවන් සහ සරණාගතයන් පිළිබඳ උග‍්‍ර සමාජ ගැටලූව සුලභව අසන්නට දකින්නට ලැබේ. මේ කවරකින් හෝ සිදුවන්නේ මිනිසුන් එතෙක් ජීවත්ව සිටිය ස්ථීර වාසස්ථාන අත්හැර දමා වෙනත් ආරක්ෂිත තැනකට සංක‍්‍රමණය වීමයි. මෑතකදී මෙරටට මියන්මාරයේ සිට සංක‍්‍රමණය වූ රොහින්ග්‍යා සරණාගතයන් ගැන මෙරට සමාජයේ බොහෝදෙනාගේ දැඩි සැලකිල්ලක් මෙන්ම නව සමාජ කතිකාවක් ගොඩනැගීමට ද බලපා තිබේ.
මේ වන විට මෙරට වෙසෙන සමහර අයට සරණාගතයන් කවුරුන්ද යන්න ගැන අවබෝධයක් ලබා දීමට රෝහින්ග්‍යා සරණාගතයන්ම ප‍්‍රමාණවත් සාක්ෂියක් සපයා ඇත. එහෙත් අපගේ සමාජය කොතෙක් කලක් මෙම අර්බුදය තුළ ගිලී සිටියේද යන්න බොහෝදෙනාට දැන් අමතකය. ඒ සඳහා මෙරට දශක තුනකට ආසන්න කාලයක් පැවැති සිවිල් යුද ගැටුම් නිසා මෙරට ජීවත් වූ සමහර දමිළ, මුස්ලිම් සහ සිංහල මිනිසුන්ගේ අවතැන් වීම, අනාථ වීම මෙන්ම සරණාගතයන් බවට පත්වීමේ සිදුවීම් සිහිපත් කරනු වටී.
මිනිස් ක‍්‍රියාකාරකම්වලින් තොරව සිදුවන ව්‍යසන ස්වාභාවික හේතු සාධක වේ. කාලගුණික විපර්යාස. ජලගැලීම් හා සුළි කුණාටු යන ස්වභාවික ව්‍යසන නිසා 2014 වර්ෂයේ ලොව මිලියන 17.5 පමණ ජන සංඛ්‍යාවක් අවතැන් වී ඇත. ස්වභාවධර්මයේ හැසිරීම පිළිබඳවද කිසියම් විද්‍යාත්මක පුරෝකථන ඉදිරිපත් කළද සමහර තැන්හි ඒවා පැවසූ ආකාරයෙන්ම නිවැරැදි නොවන අවස්ථා පවතියි.
එබැවින් ස්වාභාවිකව සිදුවන ව්‍යසන ගැන ඉතාමත් නිවැරැදි හා නිශ්චිත අනාවැකි පළ කිරීමේ අපහසුව දක්නට ඇත. මෙයට උදාහරණයක් වශයෙන් 2004 වසරේදී ඇති වූ සුමත‍්‍රාxඅන්දමන් භූමිකම්පාව සහ ආසියානු සුනාමිය පෙන්වා දිය හැකියි.
1755 වසරේ නොවැම්බර් මාසයේ පළමු වැනි දින ඇති වූ භූමිකම්පාවෙන් එවකට යුරෝපීය ශිෂ්ටාචාරයේ ප‍්‍රධාන මූලස්ථානය ලෙස සැලකුණු පෘතුගාලයේ ලිස්බන් නගරය මුළුමනින්ම විනාශ වී ඇත.
භූමිකම්පාවෙන් ටික වේලාවකට පසුව ඇතිවූ සුනාමිය මගින් මුළු නගරය ජලයෙන් යටවූ අතර ඊළඟ දින කිහිපය තුළදී පැතිරුණු ගිනි ජාලා මගින් ශේෂව තිබූ සෑම දෙයක්ම දැවී අළුකර තිබේ.
මෙය හටගත්තේ ශුද්ධ වූ සාන්තුවරයන්ගේ දිනයේදී වන අතර එහි බොහෝ කි‍්‍රස්තියානි බැතිමතුන් දේවස්ථානයෙහි යාඥාවලට සහභාගී වෙමින් හිඳ තිබේ. මෙම සිදුවීම පිළිබඳව තම අදහස පළ කළ ජෝන් වෙස්ලි පවසා ඇත්තේ ලිස්බනයේ වසන පව්කාරයින් හට දෙවියන් වහන්සේ දඩුවම් කළ බවට සඳහන් වේ.
මෙවැනි විපත්වලට මුහුණ දෙන මිනිසුන්ගේ සමස්ත ජීවන රටාවම බිඳ වැටීම සිදුවේ. එම අයගේ වාසස්ථාන ඉඩකඩම් ඇතුළු වෙනත් භෞතික දේවල් මෙන්ම රැකියා සහ සමාජ හා මානව සම්බන්ධතා රටාව බිඳ වැටේ.
සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවලින් පෙනෙන්නේ ලොව විවිධ රටවල ඇවිළෙමින් පවතින යුද ගැටුම් නිසා බොහොමයක් මිනිසුන්ගේ උන්හිටි තැන් අහිමි කර ඇති බවයි. ලොව ජනගහනයෙන් සෑම 12 දෙනෙකුගෙන් එක් අයෙක් අනාථයෙකු, අභ්‍යන්තර අවතැන් වූවෙකු හෝ සරණාගතයකු බව පෙන්වා දෙයි. තවදුරටත් පැහැදිලි වන්නේ 2015 වසර අවසන් වන විට ලොව ජනගහනයෙන් මිලියන 40.8 පිරිසක් යුද ගැටුම් නිසා අවතැන්වී සිටින බවයි.
2011 වසරේ සිරියානු රජය සහ ආයුධ සන්නද්ධ කණ්ඩායම් අතර ඇරඹි සිවිල් ගැටුම් බලපෑමෙන් එරට වැසියන්ගෙන් මිලියන 6.5ක පමණ පිරිසක් අභ්‍යන්තරව අවතැන්වී තිබේ. එමෙන්ම 1978 වසරේ පටන් වර්තමානය දක්වා විවිධ කාල පරිච්ජේද ඔස්සේ ඇවිළෙමින් පැවත එන ඇෆ්ගනිස්ථාන සිවිල් යුද ගැටුම් මගින් මිනිසුන්ගේ අවතැන් වීම පමණක් නොව එමගින් සමාජයට සිදුකර තිබෙන විනාශය ද අතිමහත් එකකි.
විශේෂයෙන්ම යුද අනාථයින් පිළිබඳ අර්බුදය ප‍්‍රබල ගැටලූවක් බවට පත්ව ඇත. සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තා සලකන විට ඇෆ්ගනිස්ථාන වැසියන්ගෙන් මිලියන 10.1 පමණ පිරිසක් ද, ඉරාකයේ පවතින යුද ගැටුම් නිසා එහි වැසියන්ගෙන් 3,290,000ක පමණ පිරිසක් ද අභ්‍යන්තරව අවතැන් වී තිබේ.
මෙහිදී ගැටුම් උත්සන්න වන විට සහ මෙම මිනිසුන්ගේ අනාරක්ෂාව වැඩිවන විට මොවුන් වෙනත් රටකට පලා යාම බෙහෙවින් සිදුවේ. එය අනාථයින් හෝ සරණාගතයන් පිළිබඳ ගැටලූව ඉස්මතු කිරීමට හේතුවකි. 2005 වසරේ මිලියන 37.5ක් වූ ලෝක අවතැන් ජනගහනය 2010 වසර වන විට මිලියන 43.7ක් වී ඇත. එම අගය 2014 වසරේදී මිලියන 59.5 දක්වා වැඩි වී තිබේ.
ගැටුම් හැරුණු කොට මිනිසුන් අවතැන් කිරීමට විවිධ සංවර්ධන වැඩසටහන්වල බලපෑම ද සැලකිය යුතු දෙයකි. රාජ්‍ය ප‍්‍රතිපත්ති අනුව යමින් දියත් කරන විවිධ සංවර්ධන ව්‍යාපෘති නිසා අදාළ ප‍්‍රදේශවල ජීවත්වන මිනිසුන්ට එයින් ඉවත් වීමට සිදුවේ. බොහෝ විට මේ අයට ස්ථීර වශයෙන් නව වාසස්ථාන නොලැබීම තුළ ඔවුන් අවතැන් තත්ත්වයට පත්විය හැකිය. මෙරට කි‍්‍රයාත්මක වූ ගොවිජනපද වැඩපිළිවෙළ නිසා දකුණේ ජීවත් වූ සිංහල මිනිසුන්ගෙන් පිරිසක් උතුරු සහ නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීම සිදුවිය. මෙසේ නැවත නව වාසස්ථාන ගතවීම සමහර විට සංවර්ධන ප‍්‍රවේශයට හිතකර විය හැකිය.
තවත් විටෙක අහිතකර අන්දමින් බලපෑ හැකිය. විශේෂයෙන්ම මෙරට ස්ථාපිත කෙරුණු ගොවිජනපද පදිංචි ජනයා අතර සියදිවි හානිකර ගැනීමේ ප‍්‍රවණතාවක් පැවැතීම සහ ඊට හේතු ගවේෂණය සමාජ විද්‍යාත්මකව සිදුකර තිබේ. එයින් අනාවරණය කරගෙන ඇත්තේ එම මිනිසුන්ගේ කලින් පැවැති සමාජ සම්බන්ධතා බිඳ වැටීම හෙවත් සමාජ අනුකලනය බිඳ වැටීම නිසා ඇතිවූ පීඩනය සියදිවි නසා ගැනීමට ප‍්‍රධාන බලපෑමක් ඇතිකර තිබෙන බවයි.
උන්හිටි තැන් අහිමිවීම මත මිනිසුන් හඳුනා ගැනීම මූලික අවස්ථා තුනකින් සිදුවේ. එනම් අභ්‍යන්තර අවතැන් වූ මිනිසුන් අනාථ වූ මිනිසුන් සහ සරණාගතයන් වශයෙනි. මෙහිදී කවර අන්දමින් හෝ සිදුවන්නේ මෙම සියලූම මිනිසුන් එකම ආකාරයේ අර්බුදයකට මෙන්ම අමිහිරි අත්දැකීමකට මුහුණ දීමයි. එනම් මොවුන් එතෙක් ජීවත්ව සිටිය වාසස්ථාන සහ භූමිය සිය කැමැත්තෙන් තොරව අත්හැර වෙනත් තැනකට පලායාමකට හෙවත් සංක‍්‍රමණය වීමකට භාජනය වීමයි. මෙසේ සිදුවන ආගමනය අදාළ රට ඇතුළත පමණක් සිදුවන්නේ නම් එවැනි අවස්ථාවක් අභ්‍යන්තර අවතැන් වීමකි.
අභ්‍යන්තර අවතැන් ජනතාව අභ්‍යන්තර අනාථයන් ලෙස හඳුන්වන මතයක් ඉදිරිපත් වී ඇත. ඔවුහු ශාරීරික, දේශපාලනික හා ආර්ථික වශයෙන් අනාරක්ෂිත වූවෝය. එබැවින් විශේෂ උදව් උපකාර හා ආරක්ෂාව ලැබිය යුතු ගණයට ඔවුහු අයත් වෙති. මේ නිසා අභ්‍යන්තර අවතැන් වීම යන පාරිභාෂික වචනය වෙනුවට අභ්‍යන්තර සරණාගතයන් යන යෙදුම වඩාත් සුදුසු යැයි ඇතැම් අය පවසා තිබෙන අදහසකි. කෙසේ නමුත් මේ අය කිසිදු අවස්ථාවක රටෙන් බැහැරව නොයාම විශේෂිත දෙයකි. එක්සත් ජාතීන්ගේ වාර්ෂික දත්ත සටහන් අනුව 2015 වසරේදී ලෝකයේ අභ්‍යන්තර අවතැන් වූ මිනිසුන් ගණන මිලියන 37.4ක අගයක් ගෙන තිබේ.
අනාථ මිනිසුන්
තමන් ජීවත්වන රට තුළ ඇතිවන කවර හෝ ස්වභාවික ව්‍යසනයක්, යුද හෝ වෙනත් ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයක් නිසා තම රටෙන් බැහැරව වෙනත් රටකට පලා යාම බොහෝ අවස්ථාවල දක්නට ලැබේ. එසේ වන්නේ සිය රටේ ජීවත්වීමට ප‍්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබේ යැයි කල්පනා කිරීම තුළය. ඒ අනුව අර්බුදයට මුහුණ දෙන මිනිසුන් ජීවිත රැකවරණය පතා වෙනත් රටවලට පලා යාම බොහෝ විට සිදුවේ. එහිදී ජාත්‍යන්තර නීතිරීති උල්ලංඝනය නොවීම මත ඒ ඒ රටවල වාසස්ථානයට අවසර ලැබීම මත එම අය අනාථයින් බවට පත්වේ. මේ පිරිස පැමිණි රටේ ස්ථීරව ජීවත්වීමේ මෙන්ම ඡුන්ද අයිතිය හා රැකියා හිමිකම් ඉල්ලීම හෝ වෙනත් ආකාරයේ අයිතිවාසිකම් ඉල්ලා සිටීමේ ඉඩක් නැත. මේ පිරිස බොහෝ විට එම රටේ විශේෂිත ස්ථාන හෝ කඳවුරුවල රඳවා තැබීම සිදුවිය හැකිය. එසේම මොවුන් මව් රටට නැවත යැවීමේ අරමුණු සහගතව කටයුතු කිරීමට ක‍්‍රියාමාර්ග ගැනීම අදාළ රට විසින් සිදුකෙරේ. එක්සත් ජාතීන්ගේ සටහන් අනුව 2015 වසරේදී ලොව අනාථයින් සංඛ්‍යාව මිලියන 15.4ක් බැව් සඳහන්ය.
සරණාගතයන්
කිසියම් අර්බුදයක් හේතුවෙන් ආරක්ෂාව පිණිස වෙනත් රටකට පලා යන මිනිසුන් අනතුරුව තමන් එසේ පලා ඒමට බලපෑ හේතු අදාළ රටට ඉදිරිපත් කරයි. විශේෂයෙන්ම තමන්ගේ රටේ ජීවත්වීම සම්බන්ධයෙන් ඇති අනාරක්ෂාව පිළිබඳ කාරණය සුලභව ඉදිරිපත් කරන දෙයකි. එසේ වන්නේ එම කාරණය සනාථ කිරීම මගින් එම රටේ පදිංචිය සඳහා පසුබිම සකස්කර ගැනීමට හැකියාව ලැබීමයි. ඒ අනුව තමන් දේශපාලනික වශයෙන් අවතැන් වූවන් බවට තොරතුරු ඉදිරිපත් කිරීම දක්නට ලැබේ.
පසුව ඒ යටතේ නීතිමය රැකවරණය ලබා ගැනීම සහ ද්‍රව්‍යමය උපකාර හිමිකර ගැනීම සිදුවේ. මේ අන්දමට සංක‍්‍රමණික පිරිස ඔවුන් රැකවරණය ලැබූ රටේ විවිධ අයිතීන් භුක්ති විඳින අවස්ථාවට එළැඹී පසුව එම පිරිස හඳුන්වනු ලබන්නේ සරණාගතයන් ලෙසිනි. එක්සත් ජාතීන්ගේ වාර්තා තුළින් හෙළිවන්නේ 2015 වසරේදී ලොව සරණාගතයන් සංඛ්‍යාව මිලියන 3.2ක් වූ බවයි.
මේ අනුව අභ්‍යන්තරික වශයෙන් සිදුවන අවතැන්වීම පාදක කරගෙන අනාථ මිනිසුන් සහ සරණාගත මිනිසුන් පිළිබඳ ගැටලූව ඉස්මතු වේ. එසේම අනාථ සහ සරණාගත ගැටලූව අදාළ අර්බුදය ජනිත වූ රටට වඩා වෙනත් රටකට එයින් බලපැම් ඇති කරවයි. මෙරට යුද ගැටුම් පැවැති සමයේ උතුරු සහ නැගෙනහිර පළාත්වලින් අවතැන් වූ දමිළ මිනිසුන් ඉන්දියාව හා කැනඩාව වැනි රටවලට සංක‍්‍රමණය වූ අතර එය එම රටවලට ගැටලූවක් විය.
ඒ අන්දමටම මියන්මාරයෙන් අවතැන් වන මිනිසුන් ලංකාවට පැමිණීම තුළ එය මියන්මාර රටට නොව අප රට ගැටලූවකි. මොවුන් රටෙන් බැහැර කළ නොහැක්කේ උන්හිටි තැන් අහිමි පිළිසරණක් අවැසි අසරණ පිරිසක් වන බැවිනි. එම නිසා මොවුන් අනාථ අය ලෙස පිළිගැනීම සිදුවේ. අනතුරුව ඔවුන් මියන්මාරයේ පවතින අනාරක්ෂාව පෙන්වා දෙමින් මෙහි ජීවත්වීමේ ඉඩකඩ ඉල්ලා සිටියහොත් සහ ඒවා නීතිමය වශයෙන් පිළිගැනීම සිදුවුවහොත් එම අය සරණාගතයින් බවට පත්වේ. සමාජ, සංස්කෘතික හා දේශපාලනික පසුබිම තුළ එම අයගේ ඉල්ලීම ගැන අවධානය යොමු කිරීම කෙරෙහි දේශපාලන සංදර්භයෙන් ඇතිවන බලපෑම විශේෂිත වූ දෙයකි.
විශේෂයෙන්ම ජනවාර්ගික වශයෙන් බෙදී සිටින මෙරට සමහර දේශපාලන පක්ෂවලට එයින් ඇතිවන වාසිය අවධානයට ගත යුතුවේ. එම අය විසින් කළ හැකි බලපෑම් අදාළ මිනිසුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට බලපානු ඇත. එසේම සමාජයේ මෙතෙක් හැඩගැසී තිබූ සමාජ පිළිවෙළ වෙනස් කිරීමට මෙවැනි ආගමනවලින් ඇතිවන බලපෑම සැලකිය යුතු දෙයකි.
විශේෂයෙන්ම ජන සංයුතියේ ඇතිවන වෙනස්වීම මෙන්ම රැකියා හා ඉඩම් මෙන්ම රාජ්‍ය සුභ සාධන වියදම් ආදිය සලකන විට මෙය කිසිසේත් රටේ ජනතාවට අදාළ ගැටලූ නොවේ. එසේම එසේ කැප කළ යුතු වන්නේ මෙරට වැසියන් භුක්ති විඳින හෝ භුක්ති විඳීමට තිබෙන අයිතීන්ය. සියලූ දෙයින් වත්පොහොසත්ව සිටින රටකට නම් මෙය එතරම් ගැටලූවක් නොවිය හැක. බෞද්ධ චින්තනයේ එන ලෝකෝත්තර අරමුණු ඇතිව එවැනි කැප කිරීම් කිරීම ඉතා හොඳ දෙයක් වුවද ප‍්‍රායෝගික තත්ත්වය ඊට වඩා වෙනස්ය. ලෞකිකත්වයට නැඹුරුව සිටින සමාජයක හැම විටෙකම ජනවාර්ගිකමය, සංස්කෘතිකමය, දේශපාලනිකමය හෝ වෙනත් අන්දමේ අනිසි ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාව තුළ එවැනි කැප කිරීම් කිරීමේ වුවමනාව ගැන ගැඹුරින් කල්පනා කළ යුතුය.
අනෙක් අතට ජාතිය, ජනවාර්ගික සමානත්වය මෙන්ම අදාළ මිනිසුන්ගේ කැමැත්ත සංක‍්‍රමණයේදී බලපාන වැදගත් ලක්ෂණය වේ. විශේෂයෙන්ම අවතැන් මිනිසුන් ආරක්ෂිත තැන් සොයා සංක‍්‍රමණය වීමේදී මෙම පසුබිම සැලකිල්ලට ගන්නා බැව් විවිධ සමාජ හා මානව විද්‍යාත්මක පර්යේෂණ මගින්ද තහවුරු කර ඇත.
ලංකාවේ දමිළ අවතැන් මිනිසුන් ඉන්දියාවේ හෝ කැනඩාවේ දමිළ මිනිසුන් වෙසෙන තැන් සොයා ගියේ ඒ අයුරිනි. ඔවුන් එහි නීතිමය රැකවරණය ලැබූ පසුව එරට සමාජ හා දේශපාලන ක‍්‍රියාවලියට සක‍්‍රීයව දායක වී සිටින අන්දම දැකගත හැකිය. එසේම මෙරට යුද සමයේ අවතැන් සිංහල මිනිසුන් දකුණේ ජීවත් වූ සිංහලයන් වෙසන තැන් සොයාගොස් රැකවරණය ලබා ඇත. එසේම මුස්ලිම් මිනිසුන්ගෙන් වැඩිදෙනා පුත්තලම හා බේරුවල වැනි තැන් වෙත පැමිණියේද ඒ අයුරිනි. මුස්ලිම් දේශපාලන පක්ෂ ක‍්‍රියාවලියට එම ආගමනය සැලකිය යුතු බලපෑමක් ඇතිකර තිබේ.
මේ අනුව මියන්මාර් අනාථ මිනිසුන් ලංකාවට සංක‍්‍රමණයවීම කෙරෙහි ජනවාර්ගික සමානත්වය යන කාරණය සැලකිල්ලට ගෙන ඇත. විශේෂයෙන්ම මෙරට වෙසෙන මුස්ලිම් ජනයා ගැන අවබෝධයේ බලපෑම බැහැර කළ නොහැක. එම අනාථ මිනිසුන්ට සරණාගත තත්ත්වය ලැබ මෙරට අයිතීන් භුක්ති විඳීමට ඉඩ සැලසුනහොත් එය එක් අතෙකින් මෙරට උරුමක්කාර අයට හිමිවිය යුතු දේවල්වලින් කොටසක් ගිලිහෙන තත්ත්වයකි. අනික් අතට අදාළ ජනවර්ගය නියෝජනය කරන දේශපාලන පක්ෂයට උදාවෙන ඡන්ද වාසියකි.
මෙහිදී වැඩි වටිනාකම දෙන්නේ කුමකටද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් සියලූ මත්වීමේ ක‍්‍රමෝපායන්ට වඩා දේශපාලන බලයෙන් මත්වීම භයානකය. ඊට මූලික හේතුව එයින් මුළු මහත් රටේම ජනතාවට නොයෙකුත් බලපැම් ඇති කිරීමයි.
මෙවැනි අවස්ථාවක තමන් අයිති ජාතිය, ආගම, කුලය සහ දේශපාලන පක්ෂය යන ඒවාට කොතරම් වාසියක් අත්වන්නේ ද යන්න කිරුම් මිණුම් බලා තීන්දු ගැනීම අඥාන දෙයක් වුවත් එවැනි අවස්ථා අපේ රටේ ඉතිහාසයේ අලූත් දේවල් නොවන අන්දම රට ගමන් කරන දිශාව දෙස බලන විට මැනවින් පැහැදිලි වන බැව් අවසන් වශයෙන් කිව යුතුය.
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සරණාගත ප‍්‍රශ්නයේ අනාගතය
Natesh Wednesday, 18 October 2017 08:37 AM
රටක හරි ජනාධිපති කෙනෙක් නැති එකේ වරද තමයි. අන්තිමේදී මේ අයට ලංකාවේ ඉන්න දෙනවා. මොකද ඉන්න එකාට කොන්දක් නැහැනේ...