IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සිරිමාවෝ මැතිනිය ගැන අමුතු පොතක්

මැතිනිය යන ගෞරවාර්ථ බහු වචනය ප්‍රභූ කාන්තාවක ඇමතීමට හෝ නමේ අගට යොදමින් ගරු කිරීම සිංහල බස් හුරුව වුවත්, ලාංකිකයනට මැතිනිය යන තනි වචනය ඇසුන විට මතක් වන්නේ නම් එකම එක කාන්තාවකි. ඒ ලොව පළමු කාන්තා අගමැතිවරිය වූ සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය හෙවත් “සිරිමාවෝ” යි.

එතුමිය ගේ චරිතාපදාන ගණනාවක් පළව තිබුණ ද අගමැතිවරියක ලෙස ගත කළ ඇගේ දිවිය ගැන පළව ඇති, සේයා රූ ප්‍රමුඛ කොට සංස්කරණය කරන ලද එක ම පොත පසුගිය දා එළි දැක්විණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

පිටු 410කින් සමන්විත දේශයක් මෙ​ෙහය වූ සිරිමාවෝ ලෙසින් සිංහලට පරිවර්තනය කළ හැකි Sirimavo – steering the destiny of a nation නම් සේයා රූවලින් කියැවෙන චරිතාපදානය බණ්ඩාරනායක කෞතුකාගාර කමිටුවේ ව්‍යාපෘතියක් ලෙස එළි දැක් වී ඇත. 

ව්‍යාපෘතියේ කළමනාකරණයෙන් රන්ජිත් කබ්‍රාල් ද, තොරතුරු ගවේෂණයෙන් සහ රචනයෙන් නාලක ගුණවර්ධන ද, සේයා රූ සංස්කරණයෙන් සරත් පෙරේරා ද, නිර්මාණ සංකල්පයෙන් ඩබ්ලිව්.එම්.කේ. විජයබණ්ඩාර ද පිටු සැකැස්ම හා නිෂ්පාදනයෙන් ද ඩිසයින් මාස්ටර් ආයතනය ද මෙම දැවැන්ත කටයුත්තට සහභාගි වී ඇත.

මෙම කෘතියේ අරමුණ වී ඇත්තේ සිරිමාවෝ නම් දිරිය කතගේ, බිරිඳ ගේ මව ගේ දෙස් විදෙස් ගෞරවයට පාත්‍ර වූ රාජ්‍ය තාන්ත්‍රිකාව ගේ විචිත්‍ර වූ දිවි සැරියේ සුවිශේෂ අවස්ථා එක් රැස් කර සං‍රක්ෂණය කර එය අනාගතයට වාර්තා කර තැබීම බව සඳහන් කර ඇත.

වෙන කවර දා කටත් වඩා මෙම කෘතිය වර්තමාන කාලයේ එළි දැක්වීම දෛවෝපගත දෙයක් ලෙස සිතෙන්නේ, පවත්නා ආර්ථික අර්බුදය හමුවේ, “මැතිනිය ආරම්භ කළ වැඩපිළිවෙළ එලෙසට ම ඉදිරියට ගෙන ගියා නම් මෙම තත්වයට රට පත් නොවන්න තිබුණා” යි යන මතය පෘථුලව සමාජ මාධ්‍යවල කතා වෙන අතර ම “මේ වන විට තිබෙන පෝලිම් හා සසඳන විට හැත්තෑව දශකයේ තිබුණේ කවර නම් පෝලිමක් දැ යි?” අසන මැදිවියේ සිටින්නන් ද නිසා ය.

අපට හොඳින් දැක පුරුදු බතික් සාරියකින් උඩරට ක්‍රමයට ඔසරියකින් සැරසී, හංසපූට්ටුවක් සහිත මාලයක් පැලඳ, කොණ්ඩය පිටුපසට කර බැඳ සිනහමුසු මුහුණකින් යමෙක් සමග කතා කරන සේයා රුවකින් ආරම්භ වී, ඇගේ අවසන් කටයුතු අවස්ථාවේ ඉතාම හැඟු‍ම්බරව සිය සොයුරිය චන්ද්‍රිකා තුරුල් කරගෙන සිටින අනුර සහ බිමට බර නෙත් ඇතුව සිටින සුනේත්‍රා සිටින අතිශය සංවේදී සේයාරුවත් හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය ගොම්මන් මොහොතක ගත් ඡායාරූපයකින් අවසන් වන මෙම පොත පුරා මැතිනිය ගේ සේයා රූ සිය ගණනක් වේ. 

ඒ සෑම සේයා රුවක් ම නිශ්චිත ලෙස හඳුන්වා දීමටත්, ඒ අවස්ථාවේ සිටින අනෙක් සුවිශේෂ අයත් නම් කර දීමටත් සංස්කාරකවරුන් ගෙන ඇති උත්සාහය බෙහෙවින් අගය කළ යුත්තේ එමගින් සමස්ත කෘතියේ ම ඓතිහාසික බව වැඩි වන නිසා ය. එමෙන් ම ඒ සඳහා කවර නම් වෙහෙසක් දැක් විය යුතු ද කියා සිතාගත හැකි වන්නේ එම සේයා රූවල සිටින බොහෝ දෙනකු මේ වන විට ජීවතුන් අතර ද නොසිටින බැවිනි. 

බණ්ඩාරනායක මහතාගේ අභාවය පිළිබිඹු කර ඇත්තේ එතුමාගේ දේහය පාර්ලිමේන්තුවට ගෙන එන අවස්ථාවේ ඉහළක සිට ගන්නා ලද දුලබ ඡායාරූපයකිනි. එහි ජාතික කොඩියෙන් වසන ලද දෙන ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් විසින් ඔසවාගෙන යන ආකාරයත් ඒ පිටුපසින් ගමන් කරන මැතිනිය සහ දරු පවුලත් සෙසු ප්‍රභූන් ද නිරූපනය කර ඇත.

පොත පරිශීලනය කරන විට අපට එක් වන ම නිරීක්ෂණය කළ හැකි වන්නේ බණ්ඩාරනායක අගමැති තුමාගේ හෝ මැතිනිය ගේ හෝ මෘත දේහයන් ගේ සේයා රූ නොමැති වීම යි. එහෙත් එම අවස්ථා දෙකම වාර්තා කර ඇත්තේ ඉතා සියුම් ඇසකින් බලා තෝරා ගන්නා ලද ඡායාරූප දෙකකින් වීම සුවිසෙස් කලාත්මක අධ්‍යක්ෂණයක් මය. 

අප්‍රතිහත නායකත්වය සහ පරාර්ථකාමී සේවාව, ජගත් භූමිකාව, ධෛර්යයෙන් සහ අධිෂ්ඨානශීලිත්වයේ කැඩපත යන ප්‍රධාන තේමාවන් තුන තුළ ඒ ගුණාංග උද්දීපන ය වන ලෙස ඉතා පරිස්සමෙන් තෝරා ගත් ඡායාරූප සහ ඒ තේමාවන්ට උචිත දෙස් විදෙස් ප්‍රවීණයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින් මැතිනිය ගැන විවිධ අවස්ථාවන් හිදී පළ කරන ලද අදහස් එක්කරමින් කර තිබෙන්නේ ඉතා ඉහළ පරිචයක් සහ කෘතහස්ථ භාවයකිනි.

පොත හඳුන්වා දෙමින් ආචාර්ය රන්ජිත් කබ්‍රාල්, සිරිමාවන්ගේ සමස්ත ජීවන දර්ශනයම, පිළිවෙත ම කැටි කරන ප්‍රකාශයක් ලෙස සැලකිය හැකි, 1980 ඔක්තෝබර් 16 වැනිදා, ඇගේ ප්‍රජා අයිතිය අහෝසි කළ අවස්ථාවේ කළ ප්‍රකාශය සටහන් කර ඇත.

‘‘මා මේ අවස්ථාවේ නික්ම යන්නේ කිසිවෙක් වෙත ද්වේශ නොකරමිනි. නමුත් තමන්ගේ හෘද සාක්ෂියට එරෙහිව මා කෙරෙහි නපුරු වන්නට සිදු වූ සියලු‍ දෙනා කෙරෙහි අනුකම්පාවෙනි.’’

සිරිමාවෝ කෘතියට හැඳින්වීමක් සපයා දී ඇත්තේ සම්මානිත රාජ්‍ය නිලධාරියෙක් වූ දේශමාන්‍ය එම්.ඩී.ඩී. පීරිස් විසිනි. ඔහු විසින් මැතිනිය ගේ රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගික බව විස්තර කර තිබෙන්නේ මෙසේ ය.

‘‘ඇය තුන්වන ලෝකයට සහ සමාජවාදී රටවල් වෙත නිරායාසයෙන් ළෙන්ගතු කමක් දැක්වූවද බටහිර ලෝකය සමග ඇගේ දෘෂ්ටිවාදී විසංවාදයක් නොවී ය. ඒ නිසාම ඇයට ඔවුන් සමග ද කිවයුතු තරමේ ගැටලු‍වක් නොවී ය.

ඇගේ සේයා රූ විමසන විට තරුණ බිරිඳක් ලෙසත්, මවක් ලෙසත් පෙනුන මටසිලු‍ටු බව පසුව රාජ්‍ය නායිකාවක් ලෙස ගාම්භීර පෞරුෂයකට විකාශනය වන අයුරුත්, ඒ අතරම කාන්තාවකගේ ලාලිත්වය ඊට මුසු වී ඇති අයුරුත් නිරීක්ෂණය කළ හැක. 

ලොව පළමු කාන්තා අගමැතිනිය ලෙසත්, නොබැඳි සමුළුවේ නායිකාව ලෙසත් ඇය ජගත් කීර්තියට පත්ව සිටියා ය. බොහෝ දෙනා ලංකාව තේවලට අමතරව හඳුනාගෙන සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ රට ලෙසයි.

අහම්බයක් ලෙස දේශපාලනයට පැමිණිය ද ඇයට කෙතරම් ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබී තිබුණ අයුරු ද, ඒ අවස්ථාවන් හිදී කෙතරම් නිදහස්ව ආත්මාභිමානයෙන් යුතුව මේ කුඩා රට නියෝජනය කර ඇත් ද යන්න මෙම කෘතියට තෝරා ගෙන ඇති දුලබ සේයා රූ එකතුව නිදහසේ විමසන විට පාඨකයාට පසක් වනු ඇත. එය මෙම සංස්කරණයේ මා දකිනා අනෙක් සුවිශේෂත්වයයි.

මහත්මා ගාන්ධි තුමාගේ මුනුපුරු, 2000-2002 කාලය අතරතුර ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ලෙස කටයුතු කළ ගෝපාල්ක්‍රිශ්ණා ගාන්ධි විසින් මැතිනිය ගැන කළ ඇති මෙම සඳහන ඉතා වැදගත් ය.

“සිරිමාවෝ ඇය තුළ සිටි අග්‍රාමාත්‍යවරිය සොයා ගත්තී ය. එමෙන් ම ඇය එම තනතුර ද තමාට ම ආවේණික ලෙස ප්‍රති නිර්මාණය කර ගත්තා ය. රාජ්‍ය පරිපාලනයේ දී, ජාත්‍යන්තර සබඳතාවයන් හිදී, දේශපාලන නායකත්වයේ විවිධ මානයන් හිදී ත් නොවරදින ම මග පෙන්වීම වන්නේ තමා ගේ සහජ බුද්ධිය බව ඇය ඉතා ඉක්මනින් ම තේරුම් ගත්තා ය” 

මේ බව ඇගේ දේශපාලන ජීවිතය ගැන විමසන විට මොනවට පැහැදිලි වන බවට සාක්ෂි මෙම කෘතිය තුළින් මැනවින් ඉදිරිපත් කර ඇත.

ඇගේ අභිමානවත් පෞරුෂය පිළිබිඹු වන ඡායාරූප විශාල සංඛ්‍යාවක් මෙහි ඇතුළත්ව ඇත.ඇගේ ලිපිගොනු වම් අතින් රැගෙන, එසවුණ හිසින් ඍ‍ජු කයින් විශ්වාසයෙන් කැබිනට් රැස්වීමට එන අයුරු සහ විදේශ රාජ්‍ය නායකයන් සමග ගනුදෙනු කිරීමේ දී නොසැලෙන අයුරින් හෙට්ටු කරන අයුරු තමා දුටු බව සුනේත්‍රා බණ්ඩාරනායක ගේ සටහනක් උපුටා දක්වා තිබිණි.

එවන් අභීත නායකත්වයක් සහ දේශයට ආඩම්බරයක් ලෙස සැලකිය හැකි සුවිශේෂී කාන්තාවක් වෙනුවෙන් මෙලෙස ඉතා මහන්සියෙන් සොයාගත් තොරතුරු සංග්‍රහ කර නිර්මාණය කර ඇති මෙම කෘතිය, චරිතාපදානයකට ඔබ්බට ගිය සාර සංග්‍රහයක් ලෙස සැලකිය හැකි ය.

දීපාල් සූරියආරච්චි



අදහස් (4)

සිරිමාවෝ මැතිනිය ගැන අමුතු පොතක්

නිමල් Tuesday, 18 April 2023 06:40 AM

මෙම පොත පිළිගනිමින් මැතිණියගේ ප්‍රජා අයිතිය අහිමි කරලා ටෝක් එකක් දුන්නේ නැතිද?

:       1       6

Nimal Wednesday, 19 April 2023 08:05 AM

පාර්ලිමේන්තුවේ හැසිරීම්, මහාමාර්ගවල අරගල කරන කණ්ඩායම් සහ වර්තමානයේ දේශපාලනයේ යෙදීසිටින කාන්තාවන් ලොව පළමු කාන්තා අගමැතිවරිය පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත්වේ.

:       1       9

K.Sunil Perera Thursday, 20 April 2023 01:41 PM

මෙම කෘතිය විකිණීමට තිබේද? තිබේ නම් කොහේද ගන්න පුළුවන්. ගාණ කීයද?

:       0       1

chandima Saturday, 22 April 2023 02:04 AM

ඒ පාර මැතිණිව පෙන්නලා අමුතු පොතක් දාන්න වගේ යන්නේ...!

:       1       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site