කොළඹ වරාය නගරය සම්බන්ධව නොයෙක් ආකාරයේ මත දැක්වීම් දැක ගන්නට පුළුවන. මෙය එක්තරා ආකාරයකට ආන්දෝලනාත්මක ස්වරූපයක් ගෙන තිබේ. එවන් තැනකට මේ කථිකාව ඇදගෙන යන්නෝ විපක්ෂ දේශපාලනඥයෝය. ඒ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණෙනි. වරාය නගරයෙන් ලැබෙන ප්‍රතිලාභ සහ එහි අරමුණු විකෘති කර දක්වන ස්වභාවයක්ද පෙනෙන්නට තිබේ. ඒවායේ සැඟවී ඇත්තේ දේශපාලන අරමුණු මිස අන් කවරක්වත් නොවේ.
වරාය නගර ව්‍යාපෘතිය යනු ලංකාවට විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට, හොඳ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට ආරම්භ වූවකි. ජාත්‍යන්තර වෙළෙඳාම, නාවික ප්‍රවර්ධන කටයුතු, මූල්‍ය සේවා, තොරතුරු තාක්ෂණය යනාදී අංශ රාශියකින් ප්‍රගතියක් ලබා ගැනීමට අපේක්ෂා කර තිබේ. එකී ප්‍රගතිය රටට හානියක් නොවේ, වාසියකි.
එහෙත් මේවා නිසි ලෙස අර්ථ දක්වා ගැනීමක් නැතිව යම් අය කරුණු ඉදිරිපත් කරනු පෙනෙන්නට තිබේ.
ඇමෙරිකන් ඩොලර් මිලියන 1400ක් වැයකර මුහුද ගොඩකර මේ භූමිය සකසා තිබේ. මේ භූමිය සැකසීමට ලංකාවේ රජය හෝ ජනතාව ශත පහක්වත් වියදම් කර නැත. එහෙත් මෙහි ප්‍රතිලාභ ලක් රජයටත් එය ඉදිකළ චීන සමාගමටත් හිමිවන බව පැහැදිලිය. එහි වරදක්ද දැකිය නොහැක.
වරාය නගරයේ මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 269කි. මෙයින් බදු දීමට හැකියාව තිබෙන්නේ හෙක්ටයාර් 178 ක් පමණි. ඉතිරිය මාර්ග, පොදු දේපල ඇතුළු පොදු පහසුකම් වෙනුවෙන් වෙන්කර තිබේ. බදුදීමට හැකියාව තිබෙන හෙක්ටයාර් 178 න් හෙක්ටයාර් 116 ක් එනම් 43% ක් වරාය නගරය ගොඩනැගූ ව්‍යාපෘති සමාගමට බදුදීමට නියමිතය. ඒ ඔවුන් මේ ව්‍යාපෘතිය ගොඩනැගීමට ආයෝජනය කර ඇති ඩොලර් මිලියන 1400 වෙනුවෙනි.
තවත් හෙක්ටයාර් 62ක් නැතිනම් මුළු භූමි ප්‍රමාණයෙන් 23% ක් ශ්‍රී ලංකා රජයට ලැබෙනු ඇත. වරාය නගරය ගොඩනැගීමට ලංකා රජය කිසිදු වියදමක් නොදැරුවද මේ භූමි ප්‍රමාණය ලංකාවට ලැබී තිබේ. ඒවා දෙස නොබලන්නේ මන්දැයි චෝදනා නගන අයගෙන් විමසිය යුතුය.
වරාය නගරය සම්බන්ධයෙන් කොමිසමක් ඇති කිරීමට මේ වනවිට කටයුතු කෙරෙමින් තිබේ. මෙම කොමිසමෙන් කිරීමට යන්නේ වරාය නගරයේ පරිපාලනයයි. මෙය දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා සමාන වූවකි. එදා ජයවර්ධන ජනාධිපතිවරයා මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවා කළේද මේ හා සමානම ක්‍රියාවකි. එම කාලයේ රටට ආයෝජන ලබා ගැනීම පහසු කිරීමට විශේෂ නීති මාලාවකට යටත්වන කොමිෂන් සභාවක් පිහිටුවීමට පියවර ගත්තේය.
මේ කොමිෂන් සභාවේ මුල්ම සභාපතිවරයා වූයේ උපාලි විජේවර්ධන මහතාය. පසුකාලීනව එය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය බවට පත්වී අද දක්වා විවිධ අය සභාපති ධුරය හෙබවූහ. මේවායේ විදේශිකයන් සිටියේ නැත. ඒවා සැමදාම පාලනය වූයේ ශ්‍රී ලාංකිකයන්ගෙනි.
වරාය නගරය පාලනය කිරීමට පත් කරන කොමිෂන් සභාව චීන සමාගමකින් හෝ වෙනත් විදේශ රජයකින් පාලනය වන්නක් නොවන බවද අමතක නොකළ යුතුය. මේ කොමිෂන් සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව පහක් හෝ හතකි. ඔවුන් පත් කරන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාය. අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කරන්නේද ජනාධිපතිවරයාගේ අත්සනෙනි. එනිසා මොවුන් සියලු දෙනා 100% ම ශ්‍රී ලාංකිකයෝය. විදේශිකයන් මෙයට අයත්වන බවට කිසිදු සඳහනක් අදාළ පනත් කෙටුම්පතේ නැත. එනිසා මේ කොමිෂන් සභාවට පත් කරන්නේද එම කටයුතු වඩාත් නිවැරදිව කිරීමට හැකි දැනුමක් ඇති අය පමණි. මෙසේ පත්වන අයට ආයෝජනය, නීතිය, මුදල් පාලනය, තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ව්‍යාපාර හෝ ගිණුම්කරණය පිළිබඳ ප්‍රවීණත්වය සහ පළපුරුද්ද දේශීයව හෝ ජාත්‍යන්තර වශයෙන් තිබිය යුතු බව මෙම පනත් කෙටුම්පතේ පැහැදිලිව සඳහන් කර තිබේ.
ඒ අනුව වරාය නගරයේ පරිපාලනය වෙනුවෙන් පත්වන්නේ ඉතා දක්ෂ කණ්ඩායමක් බව අමුතුවෙන් කිවයුතු නැත. එවැනි පරිපාලන ක්‍රියාදාමයකදී වරාය නගරය චීන කොලනියක් වීමට අවකාශයක් නැත. සිදුවන්නේ වරාය නගරය ගොඩනැගීමට චීන සමාගම යෙදවූ මුදලට ප්‍රතිලාභයක් වශයෙන් ඔවුන්ට 43% ක් ලබාදීම පමණි. වරාය නගරය පාලනයට ඔවුන්ගේ මැදිහත්වීමක් නැත. ඔවුන් ඔවුන්ට ලැබෙන ඉඩම් බදු දී හෝ විකුණා ව්‍යාපාර කටයුතු කරගෙන යාම පමණක් සිදුවන බව කිව හැකිය.
මේ මුළු භූමියට වෙනම නීතියක් ක්‍රියාත්මක වන බවට මත ඉදිරිපත්ව තිබේ. ලංකාවේ නීතියට එය යටත් නොවන්නේ යැයි තවත් අදහසකි. මෙම භූමිය පවතින්නේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට, රජයට අයිති ප්‍රදේශයක් වශයෙනි. මේ ප්‍රදේශයට බලපාන්නේ ද අපේ රටේ නීතියයි. එය වෙනත් රටක් නොවේ. මේ රටේම කොටසකි. ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තපුර හෝ ආයෝජන කලාප පවතින්නේ කෙසේදැයි තේරුම් ගැනීම මෙම තත්ත්වය අවබෝධ කර ගැනීමට ඇති හොඳම උදාහරණයයි.
ලංකාවට ලැබෙන විදේශ අයෝජන බොහෝ සෙයින් අඩුවී තිබේ. විදේශ ආයෝජකයන් ආයෝජනයට අකැමති රටවල් අතරට ලංකාවද පසුගිය කාලයේ වැටී තිබේ. ඒ ලංකාවේ ආයෝජනයකදී ඇති අපහසුතා කරදර ආදිය හේතුවෙනි. මෙවන් පරිසරයක බදු සහන ලබාදී විශාල ආදායමක් රජයට ලබාගත හැකිය. ඒ අනෙකුත් ක්‍රමවලිනි. වරාය නගරයට ආයෝජන ආකර්ශනය කරගත් විට ලංකාවේ අනෙක් ප්‍රදේශවලට ද විදෙස් ආයෝජන ගලාඑනු ඇත. ආයෝජනයට හිතකර රටක් ලෙස ලංකාවට නැවත ලැයිස්තු ගත වීමට පුළුවන. |
---|
මේ කර්මාන්ත පුරවල තිබෙන කර්මාන්තවලට ඉන් පිටත තිබෙන කර්මාන්තවලට වඩා වෙනස්ව බලපාන නීති තිබේ. එහෙත් එම නීති සකසා ඇත්තේ ශ්‍රී ලංකා රජයෙනි. ඒවා ක්‍රියාත්මක වන්නේ ආයෝජන මණ්ඩලය හරහාය. එනිසා වරාය නගරය පාලනයට බලපාන නීතිරීති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් සම්මත කළ පසු එම ප්‍රදේශයේ ඒවා ක්‍රියාත්මක කෙරෙනු ඇත. එනිසා මේ ප්‍රදේශයට පිටින් පැමිණ නීති පැනවීමට කිසිවකුටත් හැකියාවක් නැත. මෙවන් පසුබිමක බොරු සැක සංකා අවශ්‍ය නැත.
බදු අය කිරීමේ ක්‍රමය පිළිබඳවද විවිධාකාර මත අසන්නට තිබේ. යම් රටක විදේශ ආයෝජනයක් ක්‍රියාත්මක වන විට බදු අයකර ගන්නා ක්‍රම ගණනාවකි. අදාළ සමාගම විසින් රජයට ගෙවන බදු ඉන් එකකි. ඊට අමතරව සමාගම කරන ව්‍යාපාර හරහා රජයට ලැබෙන බදු වෙනම තිබේ. සමාගම සමග කටයුතු කරන අනෙක් ආයතනවලින් අය කරන බදු තවත් පැත්තකින් තිබේ.
බඩු භාණ්ඩ මිලදී ගන්නා අයගෙන් පහසුකම්, සේවා ලබා ගන්නා අයගෙන් අයකර ගන්නා බදු ද තිබේ. මෙලෙස බදු වර්ග ගණනාවකි. ආයෝජන මණ්ඩලය යටතේ කෙරෙන ආයෝජනයකදී විවිධ බදු සහන විවිධ කාලවලට ලබාදීම සිදු කෙරේ. ලක්ෂ ගණනකට රැකියා සපයන ලංකාවේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයන ඇඟලුම් කර්මාන්තය බදුවලින් නිදහස්ය. මේ කර්මාන්තය මේ තරම් වැදගත් යැයි කියන්නේ ඒ හරහා රටට විශාල වශයෙන් විනිමය උත්පාදනය කරන නිසාය. මේවායෙන් කෙරෙන ගනුදෙනුවලදී රජයට බදු ලැබෙන නිසාය.
මෙවන් පසුබිමක වැදගත් වන්නේ අදාළ සමාගමෙන් හෝ ක්ෂේත්‍රයෙන් බදු ගන්නවාද නැද්ද යන්න නොවේ.වැදගත් වන්නේ අවසානයේ රටට ලැබෙන ප්‍රතිලාභයයි.
වරාය නගරය වැනි ස්ථානයකට විශාල වශයෙන් ආයෝජන පැමිණ ඒවා ක්‍රියාත්මක වනවිට එකී ව්‍යාපාර හරහා විශාල ආදායමක් රජයට ලැබෙන්නේ විවිධ බදු මාර්ගයෙනි. ඒ වගේම මෙරට විශාල පිරිසකට රැකියා අවස්ථා ලබා ගැනීමටද අවස්ථාව තිබේ.
උගත් තරුණ පිරිස් රට හැර යන්නේ ඉහළ වැටුප් ලබා ගැනීමට අවස්ථාව නොමැති කමෙනි. එහෙත් වරාය නගරයත් සමග එවන් උසස් රැකියා අවස්ථා ලබා ගැනීමට මෙරට උගත් බුද්ධිමත් පිරිසට හැකියාව තිබේ. විදේශ මුදල් ඒකකවලින් වැටුප් ලබන්නට ඒ අයට පුළුවන. ඒ මුදල් මේ රටට ගෙන ඒමට අවස්ථාව තිබේ. එනිසා මේ ප්‍රදේශයේ ස්ථාපනය වන ව්‍යාපාර හෝ කර්මාන්තවලින් ලංකාවට බදු හෝ අදායම් හෝ ලැබෙන්නේ නැතැයි කීමේ පදනමක් නැත. රටට ආදායම් අහිමිවන ක්‍රමවේද අනුගමනය කිරීමට තරම් ලංකාවේ ආණ්ඩුව මෝඩ නැත.
වසර හතළිහක් දක්වා බදු සහන ලබාදීම සෑම විටම කෙරෙන්නේ නැත. එවන් සහන ලැබෙන්නේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් ආයතනයක් වශයෙන් රජය තීන්දු කරන අනුමැතිය ලබාදෙන ආයතනවලට පමණි. අනෙක් සමාගම් විවිධ නීතිවලට යටත්ය. රජයේ නීතිය යටතේ ඒවා තීරණය කරනු ලබන්නේ කොමිෂන් සභාව විසිනි.
බදු සහන දීමෙන් රටට ප්‍රතිලාභ නොලැබෙන බවට විවිධ දේශපාලන මත ඉදිරිපත් වුවද මේ ආයෝජන හරහා රටට ජනතාවට ආදායම් ලැබෙන ක්‍රම රාශියක් ඇති බව ඉහතින් සඳහන් කළෙමු. සමාගම්වලින් අනිවාර්යයෙන් බදු අයකරන බවට කොන්දේසි පනවා රටට ආයෝජන නොලැබෙන පසුබිමක් ඇති වූවොත් එයින් රටට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද?
ලංකාවට ලැබෙන විදේශ අයෝජන බොහෝ සෙයින් අඩුවී තිබේ. විදේශ ආයෝජකයන් ආයෝජනයට අකැමති රටවල් අතරට ලංකාවද පසුගිය කාලයේ වැටී තිබේ. ඒ ලංකාවේ ආයෝජනයකදී ඇති අපහසුතා කරදර ආදිය හේතුවෙනි. මෙවන් පරිසරයක බදු සහන ලබාදී විශාල ආදායමක් රජයට ලබාගත හැකිය. ඒ අනෙකුත් ක්‍රමවලිනි. වරාය නගරයට ආයෝජන ආකර්ශනය කරගත් විට ලංකාවේ අනෙක් ප්‍රදේශවලට ද විදෙස් ආයෝජන ගලාඑනු ඇත. ආයෝජනයට හිතකර රටක් ලෙස ලංකාවට නැවත ලැයිස්තු ගත වීමට පුළුවන. එනිසා මේවා පිළිබඳ වරාය නගරයට කොටු වී සිතීම අනුවණකමකි. ලංකාව දියුණු කිරීමට මෙය අවස්ථාවකි. එයින් ප්‍රයෝජන නොගතහොත් ඉදිරි වසර පනහෙත් අද රට තිබෙන තැනම පවතිනු නියතය.
විගණන කටයුතු සම්බන්ධයෙන්ද ඉදිරිපත් වන්නේ සාධාරණ තර්ක විතර්ක යැයි සිතිය නොහැක. ජාත්‍යන්තරව පිළිගන්නා විගණන සමාගම් ලෝකයේ තිබේ. එවන් සමාගම්වලින් ලැබෙන විගණන තොරතුරුවලට ඇත්තේ ජාත්‍යන්තර පිළිගැනීමකි. එනිසා මෙම කොමිෂන් සභාවේ කටයුතු ජාත්‍යන්තර විගණන සමාගමකින් විගණනය කරන්නේ නම් එහි වරදක් දැකිය නොහැක. ඒ කෙසේ වුවත් මේවා සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමේ අවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී තිබේ. ඒ තීන්දුව අනුව කටයුතු කිරීමට පුළුවන.
අවධානය යොමුවිය යුත්තේ වරාය නගරයේ ව්‍යාපාරවලින් ලැබෙන බදු සඳහා පමණක් නොවේ. මේ හරහා උත්පාදනය වන රැකියා අවස්ථා දේශීය භාණ්ඩ හා සැපයුම් අවස්ථා, රජයට ලැබෙන විවිධාකාර බදු, විදේශ ආයෝජන සමාගම් හරහා ලැබෙන ජාත්‍යන්තර පිළිගැනීම, මේ සමාගම් ලංකාවේ සමාගම් සමග සම්බන්ධ වී වර්ධනය වීමට ඇති ප්‍රවණතාව යනාදී අංශ කෙරෙහි ද අවධානය යොමුකළ යුතුය. සමාගමක බදුවලට කොටුවී සිටින්නන්ට මේවා නොපෙනෙන්නට පුළුවන. වරාය නගරයට පැමිණෙන ආයෝජන හරහා මේ රටට සෑම අංශයකින්ම දිගුකාලීන ප්‍රතිලාභ රාශියක් ලැබෙන බව කිසිවිට අමතක නොකළ යුතුය.
වරාය නගරයේ කටයුතුවලට මහ බැංකුවේ සම්බන්ධය පිළිබඳවද ඇතැම් අය විමසති. සාමාන්‍ය ආයෝජන හෝ ව්‍යාපාර කටයුතුවලට මහ බැංකුවේ මැදිහත්වීමක් සිදුවන්නේ නැත. මහ බැංකුව සම්බන්ධවන කටයුතු තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීතිය වරාය නගරයට බලපත්වන බව පැහැදිලි කරුණකි. අක්වෙරළ බැංකු කටයුතු සම්බන්ධ කාරණය නිසා මෙවන් ප්‍රශ්න මතු කරනවා විය හැකිය. මේ කාරණය ලංකාවේ බැංකු ක්‍රමයට අදාළ නොවන බවට ඇතැම් අය පටලවාගෙන සිටිති. එය සම්පූර්ණ වැරදිය. යම් බැංකුවක් වරාය නගරයේ පිහිටුවන්නේ නම් අනිවාර්යයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය, බලපත්‍රය ලබාගත යුතුය. වරාය නගරයේ පිහිටුවන ඕනෑම සමාගමක් අවශ්‍ය බලපත්‍ර ලංකාවේ නීතියට යටත්ව ලබාගත යුතුය. ඒ කළයුතු ගෙවීම් රජයට කිරීමෙන් පසුවය.
වරාය නගරය චීන කොළනියක් වීමට ඉඩක් නැත. එය පරිපාලනය කෙරෙන්නේ ලංකාවෙනි. ඒ වගේම මෙයට පැමිණෙන්නේ චීන ආයෝජන පමණක් නොවේ. ලෝකයේ සෑම රටකින්ම පාහේ මේ කලාපයට ආයෝජන ලැබෙනු ඇති බවට අපට බලාපොරොත්තු තබා ගන්නට පුළුවන. කුමන රටක කුමන සමාගමක් මෙහි ආයෝජනය කළද ඒ සියල්ල පරිපාලනය වන්නේ ලංකාවේ රජයෙනි. එනිසා බොරු සැක සංකා අවශ්‍ය නැත. රටේ ස්වෛරීභාවයට හෝ භෞමික අඛණ්ඩතාවට වරාය නගරයෙන් කෙරෙන බලපෑමක් නැත. මේ රටට කිසිදු විදේශ බලපෑමක් වීමටද ඉඩ නොදෙන බව වගකීමෙන් කියන්නට පුළුවන.
-------------------------------
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ,
අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමැති
ආචාර්ය නාලක ගොඩහේවා
---------------------------------
සටහන - චමින්ද මුණසිංහ
===========================
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංවර්ධනයට වෙට්ටු දමන බොරු මත
මෝ Tuesday, 20 April 2021 07:15 PM
වර්තමානයේ දී ලංකාව වැනි රටක ආර්ථීකය ගොඩ ගැනීමට විදෙස් ආයෝජන අත්‍යාවශ්‍යය.පෝට් සිටිය ගොඩනැගීම හොද දෙයකි.ඒත් දෙවියන් වහන්සේ ඔය බිම්කඩ රටේ වෙනත් තැන් වලින් ගලවා මහ මුහුදට නැවත ලබා දෙනවා නියතය.එය වෙනම කතාවකි. ඔබ ඇතුළු ඔබේ පාක්ෂිකයින් මේ ව්‍යාපෘතිය රටට හොදක් බවත් කිසිදු අවැඩක් නැති බවත් කියති. විපක්ෂයත්,විද්වතුන් සමහරක් අයත් මෙහි වගන්ති වචනේ ගානේ විස්තර කර අවදානම ගැන රටට හෙළී කරති.කළ යුත්තේ මේ පනත තේරෙන භාෂාවකින් සරල,ලෙස ජනතාවට ඉදිරිපත් කිරීමයි.මක්නිසාද මේ පාට පක්ෂ බේදයෙන් තොරව බුද්ධීයෙන් සලකා බැලිය යුතු කරුනක් නිසාය . ඔබතුමා කියන සියලු කරුණු ඇත්ත වුවත් ඉන්දියාව,ඇමරිකාව සහ යුරෝපය මේ දෙස ඇස ගසා සිටිනු ඇත. ඔවුන් එලි පිට නැතත් යටින් චීනයට රටින් කොටසක් බාරදී තිබීම ගැන කනස්සල්ලෙන් සිටින බව නම් සැබෑයි. ඒ ඔවුන් ලංකාව නම් මේ කුඩා රට උපක්‍රමශීලී සහ ලෝක වාණිජ කෂේත්‍රයේදී කෙතරම් වටනා මර්මස්ථානයක් දැයි දන්නා නිසාය. අනික් අතට ආයෝජකයන් ලංකාවට නොඑන්නේ නිලදාරීන්ගේ අකාර්‍යක්ශම තාවයත්,නීති රීති සහ ක්‍රියා පටිපාටිවල සංකීර්ණයත්වයක්.දේශපාලකයන් පගාව කොමිසන් ඉල්ලා සිටීමත් නිසාය.
RaveendraWednesday, 21 April 2021 07:29 AM
ඔබගේ අදහස් අප හදවතින්ම අගය කරන්නෙමු. බලයේ සිටින "බුරුවන්" මෙන්ම විපක්ෂයේ සිටින "හිවලුන්ද" බලන්නේ කෙසේ හෝ බොරදියේ මැණික් ගැරිමටය. දුරදිග බලා ඥාන්විතව තීරණ ගතහොත් මහසොනාගෙන් වුවද වැඩ ගැනුමට බැරිකමක් නැත.
sugathWednesday, 21 April 2021 03:10 PM
ඇමරිකාවට සහ යුරෝපයට පැමිණ අපෙන් උදුරා ගන්නට තියෙන්නේ මොනවාද? ඒ අපේ දුප්පත්කමද, ණය කන්දද, කඩන හැලෙන කුණු කදුද, එසේත් නැතිනම් සෑමවිටම දියව්, දියව් කියමින් පාරේ බෙරිහන් දෙන නඩේද? අපේ රට ගැන අභිමානයක් තිබුණාට අනවශ්‍ය මාන්නයක් නොතිබිය යුතුයි.
AthulaThursday, 22 April 2021 09:34 AM
පළමුව රටක වටිනාකම හඳුනා ගන්න ඔන අපෙන් අරන් යන්න බොහෝදේ තියෙන බව නොදන්නා කම ගැන කනගාටුයි අපේ තිබෙන ජාන සම්පත මිනිරන් සම්පත ඉල්මනයට් සම්පත පොස්ෆේට් සම්පත හා කලාපිය වටිනාකම මේ ඉතාම කෙටියෙන් අපේ මිනිරන් සම්පත පමණක් ප්‍රමාණවත් රට උකස් කර හොරකම් කල ණය කන්ද ගෙවා රට ගොඩගන්න පමනක් ප්‍රමාණවත් බව දන්නවද ?
sugathThursday, 22 April 2021 02:48 PM
අතුල, අපි දෙන්නම හොඳින්... දන්නවනේ මිනිරන්වලින් විතරක් රටකට ගොඩයන්න බැරි බව...!!!
Sandun Gamage Thursday, 22 April 2021 03:25 AM
තවත් වැඩ බැරි ජොකර් කෙනෙක්. බම්බු වියත් මඟ
Raththaran Friday, 23 April 2021 04:20 AM
සිංගප්පුරුවේ කරලා තියෙනවා වගේ, දියව් දියව් කියමින් පාරේ බෙරිහන් දීම මෙම නගර ව්‍යාපෘතියේ සීමාවන් තුල නීතියෙන් තහනම් කරන්ඩ. එකත් ලොකු පිටුවහලක් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට. නැත්නම් මේ දක්වා කරා වගේ දියව් දියව් කට්ටිය තවදුරටත් සිංගප්පුරුට ආයෝජන අවස්ථා වැඩිකර දීමට දායකත්වය දක්වනු ඇත .