IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හිටපු ජනපතිවරුන්ගේ වියදම මේ වසරේත් බරට බරයි

2022 වසරේ මෙන් 2023 වසරේද රුපියල් මිලියන ගණනක් හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් වෙනුවෙන් වෙන් කර ඇතැයි ඩේලි මිරර් පුවත්පත පෙන්වා දී තිබේ. වෙන් කර ඇති මුදලින් වැඩි ප්‍රමාණයක් ඔවුන්ට ලබා දී ඇති රාජ්‍ය නිවාස සහ වාහන නඩත්තු කිරීම සඳහාය.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන සහ නැසී ගිය හිටපු ජනාධිපතිවරයකු වන රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස වෙනුවෙන් ශ්‍රී ලංකාව මුදල් වෙන් කරන අතර ඔවුන් වෙනුවෙන් අයවැය යටතේද මුදල් වෙන් කරනු ලබයි.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් 2023 වසරේ අයවැය ප්‍රකාශයට පත් කිරීමේදී මහා භාණ්ඩාගාරය  වියදම් අඩුකිරීමේදී හැකි සෑම අංශයකම වියදම් අඩු කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූවත් මහා භාණ්ඩාගාරය නිකුත් කළ දත්ත අනුව 2022 වසරට සාපේක්ෂව ඇතැම් අංශ වෙනුවෙන් වෙන්කර ඇති මුදල් සුළු වශයෙන් අඩු වී ඇතත් ඇතැම් අංශවලට 2022 වසරට වඩා වැඩි මුදලක් 2023 වසර සඳහා වෙන් කර ඇත.

හිටපු ජනාධිපතිවරුන් සඳහා පහසුකම් සැපයීම සඳහා වෙන් කරන ලද මුදල් එවැනි එක් අංශයකි.නිල දත්ත වාර්තා අනුව මෙම වසරේද හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් මිලියන ගණනක මුදලක් වෙන් වී ඇත.

චන්ද්‍රිකා කුමාරතුංග

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙනුවෙන් 2022 වසරේ වාහන සඳහා මිලියන දෙකක මුදලක් වෙන් කර තිබූ අතර එය 2023 වසරේ මිලියන 10 ක මුදලක් දක්වා විශාල ලෙස වැඩි වී තිබේ.පසුගිය වසරේ මෙන් මෙම වසරේත් විශ්‍රාමික ප්‍රතිලාභ සඳහා  රුපියල් මිලියන 1 යි 170000ක  මුදලක් වෙන් කර තිබේ. 2023 වසරේ වෙනත් වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 3 යි 500000 ක මුදලක් වෙන් කර ඇති අතර වෙනත් වියදම් යටතේ  2022 වසරේ වෙන්කළ මුදලට වඩා වැඩි මුදලක් 2023 වසරේ වෙන් කර ඇත.එසේම 'ගොඩනැගිලි සහ ව්‍යුහයන්' යන වියදම් කාණ්ඩය යටතේ 2022 වසරේ වෙන්කළ රුපියල් මිලියනයක මුදල 2023 වසරේ ද වෙන්කර තිබේ.

මහින්ද රාජපක්ෂ

2023 නිල දත්තවලට අනුව 2022 වසරේ මෙන් 2023 වසරේද විශ්‍රාමික ප්‍රතිලාභ යටතේ රුපියල් මිලියන 1 යි 170000 ක මුදලක් වෙන්කර ඇත.2022 වසරේ වාහන වෙනුවෙන් වෙන්කර තිබූ මිලියන දෙකක මුදල 2023 වසරේ මිලියන 10 ක් දක්වා වැඩි වී තිබේ. 2023 වසර සඳහා වෙනත් වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 11 වෙන්කර ඇති අතර 2022 වසරේ වෙනත් වියදම් කාණ්ඩය සඳහා රුපියල් මිලියන 10 ක මුදලක් වෙන්කර තිබිණි.

'ගොඩනැගිලි සහ ව්‍යුහයන්' යන වියදම් කාණ්ඩය යටතේ 2022 වසරේ වෙන්කළ රුපියල් මිලියනයක මුදල 2023 වසරේ ද වෙන්කර තිබේ.

ආර්ථික අර්බුදය මධ්‍යයේ  කොළඹ 7 විජේරාම පාරේ රුපියල් මිලියන 800 ක වියදමින් අලුත්වැඩියා කළ නිවසට මහින්ද රාජපක්ෂ මහතා නැවත පදිංචියට පැමිණි අතර ඔහු නිවස අලුත්වැඩියා කරන තෙක් රැඳී සිටි බෞද්ධාලෝක මාවතේ නිවස ජූලි මාසයේ ධුරයෙන් ඉවත් වූ ඔහුගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දී තිබේ.

2022 වසරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිකාල සහ උත්සව දීමනා වෙනුවෙන් මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 70 ක මුදලක් වෙන්කර තිබූ අතර එය 2021 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 4 ක අඩු වීමකි. 2022 වසරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දේශීය සහ ජාත්‍යන්තර සංචාරක වියදම් සඳහා රුපියල් මිලියන 12ක් වෙන්කර තිබූ අතර 2021 වසරේ ඒ වෙනුවෙන්  රුපියල් මිලියන 37 ක මුදලක් වෙන් වී තිබිණි.

2022 වසරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නඩත්තු වියදම් සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 229ක මුදලක් වෙන්කර තිබූ අතර 2021 වසරට සාපේක්ෂව එය මිලියන 16 ක වැඩි වීමක් විය.

මෛත්‍රිපාල සිරිසේන

2023 නිල දත්තවලට අනුව 2022 වසරේ මෙන් 2023 වසරේද විශ්‍රාමික ප්‍රතිලාභ යටතේ රුපියල් මිලියන 1 යි 170000 ක මුදලක් වෙන්කර ඇත. 2023 වසර සඳහා වෙනත් වියදම් කාණ්ඩය වෙනුවෙන් රුපියල් මිලියන 11ක් වෙන්කර ඇති අතර 2022 වසරේ වෙනත් වියදම් කාණ්ඩය වෙනුවෙන් රුපියල් මිලියන 10ක් වෙන් වී තිබිණි.

'ගොඩනැගිලි සහ ව්‍යුහයන්' යන වියදම් කාණ්ඩය යටතේ 2022 වසරේ වෙන්කළ රුපියල් මිලියනයක මුදල 2023 වසරේ ද වෙන්කර තිබේ.2022 වසරේ වාහන වෙනුවෙන් වෙන්කර තිබූ මිලියන දෙකක මුදල 2023 වසරේ මිලියන 10 ක් දක්වා වැඩි වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ

2023 වසරේ විශ්‍රාමික ප්‍රතිලාභ වෙනුවෙන්  රුපියල් මිලියන 1 යි 170000 ක මුදලක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙන්කර ඇත.2023 වසර සඳහා වෙනත් වියදම් කාණ්ඩය වෙනුවෙන් රුපියල් මිලියන 10 ක මුදලක් වෙන්කර තිබේ.2023 වසර සඳහා වාහන වෙනුවෙන් රුපියල් මිලියන දෙකක මුදලක්ද 'ගොඩනැගිලි සහ ව්‍යුහයන්' වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් ද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙන්කර ඇත.

හේමා ප්‍රේමදාස

හේමා ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් 2022 වසරේ වාහන සඳහා වෙන්කර තිබූ රුපියල් ලක්ෂ 8 ක  මුදල  2023 වසරේදී රුපියල්  මිලියන  5 ක් දක්වා වැඩි වී තිබේ.පසුගිය වසරේ මෙන් මෙම වසරේත් විශ්‍රාමික ප්‍රතිලාභ යටතේ රුපියල් 780000 ක මුදලක් වෙන්කර ඇත.

2023 වසර සඳහා වෙනත් වියදම් කාණ්ඩය වෙනුවෙන් රුපියල් මිලියන 1 යි 500000 ක මුදලක් වෙන්කර ඇති අතර එය 2022 වසරට සාපේක්ෂව ලක්ෂ දෙකක වැඩි වීමකි.'ගොඩනැගිලි සහ ව්‍යුහයන්' යන වියදම් කාණ්ඩය යටතේ 2022 වසරේ වෙන්කළ රුපියල් මිලියනයක මුදල 2023 වසරේ ද වෙන්කර තිබේ.

034



අදහස් (19)

හිටපු ජනපතිවරුන්ගේ වියදම මේ වසරේත් බරට බරයි

ranjith Friday, 03 February 2023 01:28 PM

මේ රටේ දරුවෝ බඩගින්නේ, මන්දපෝෂණයෙන් ඉන්න කොට මේ වගේ මහජන මුදල් වියදම් කරන්න මේ නායකයින්ට හිත දෙනවා. අඩුගානෙ එක්කෙනෙක්වත් ඒ වගේ කැපකිරීමක් කරන්න සූදානමක් නැති බවයි පේන්නේ..

:       17       34

sharm warnFriday, 03 February 2023 02:06 PM

අයියෝ එච්චර මනුස්සකමක් තිබුණා නම්, මේ රට මේ තරම් විනාශ වෙනවද?

:       10       29

senaFriday, 03 February 2023 09:02 PM

හිටපු ජනපතිවරුන්ගේ වියදම අඩුකිරීමට සජිත් සහ අනුර යෝජනා කරන්නා වූ විසඳුම් මොනවාද?

:       1       38

යෝගා Friday, 03 February 2023 01:35 PM

මේ ගොල්ලන්ව එක තැනකට ගාල් කරලා තියාගන්න බැරිද...? එතකොට වියදම ටිකක් අඩු කරගන්න පුළුවන්..

:       17       39

sharm warnFriday, 03 February 2023 02:09 PM

ගාල් කරන්න? සුදුසුම තැන තමයි අර 134 බස් එකෙන් යන්න තියෙන තැන... වෙන නම් කොහේවත් යන්නේ නැහැ..

:       8       23

ganegoda Friday, 03 February 2023 01:40 PM

පවුල් පිටින් එකතු වෙලා අපේ රටට කෙළියා මදිවාට.... මොවුන්ට පින් පඩිත් දාන්න වෙලාද?

:       9       33

පප්ප Friday, 03 February 2023 02:08 PM

මේ අපරාධවලට විසදුම ජනබලවේගය.

:       67       32

pinsiriFriday, 03 February 2023 02:35 PM

ජයවේවා..!

:       32       13

විජේරත්නFriday, 03 February 2023 04:24 PM

ඔය ගෙවීම් නවත්වන්න කිසිම යෝජනාවක් ජෙවිපි පාර්ලිමෙන්තුවෙ ගෙනාවද ..... නෑ. ඔක්කොම හොරු.

:       7       37

Aravinda Monarawila Friday, 03 February 2023 02:14 PM

කිසිම ලැජ්ජාවක් නැතිව දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි අරන් කාලා බිලා ඉන්නවනේ...!

:       2       11

අනිල් Friday, 03 February 2023 02:20 PM

වැඩ කරමු , බදු ගෙවමු, අපි ලොවමු, උන් රකිමු.

:       4       11

පිටිගල මිලානෝ Friday, 03 February 2023 02:49 PM

අයියෝ ෂාමි… රට රකින්න ගෙනාව විරුවත් අපේ ගානේ පිනට කනවා. මෙයාව ගේන්න දරදිය ඇද්ද අයට මෙනා හිතෙනවා ඇද්ද ලංකාවට හොරෙන්ම ඇවිල්ලා පිනට කකා ඉන්නකොට….

:       16       11

Hafeel Friday, 03 February 2023 04:29 PM

ෙජේ ආර් කරපු සාපය. ප්‍රභාකරන්ට සහ මේ අපරාධය අතර වෙනසක් තියනවද. දෙගොල්ලම කලේ රටේ ආර්ථිකයට විනාශය තමා.

:       10       11

gunda Friday, 03 February 2023 05:29 PM

බලපල්ලකෝ මේ අයගේ මුහුණුවල පිරිලා තිබෙන සන්තෝසය... හරියට මිනිස්සුන්ට ඔච්චමට වගේ හිනාවෙන්නේ...

:       15       9

kamal siriwardena Saturday, 04 February 2023 04:45 AM

මේ අයගෙන් එක්කෙනෙක් හැරුනම ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයනේ. අද පෙනෙනවා නේ ඒ පක්ෂය රටේ දියුණුව ඇති කළ හැටි. මිනිස්සුන්ට කන්නත් නැහැ, විදුලිය නැහැ, බොන්නත් නැහැ. මුන්ව බලේට ගෙනත් කෘෂිකර්ම ඇමිතිකම් දරපු ඒ.කේ.ඩී ලා වගකිව යුතුයි. ඒ අයට 75 ක වයසක් කතා කරන්න කිසිම අයිතියක් නැහැ. රට කාලා විනාශ කළේ ජේ.වී.පි සහ මෙහි ඉන්න එක්කෙනෙක් හැර ඔක්කොම දෙනයි. ගහන්න අත්පුඩියක්.

:       18       6

de silva Sunday, 05 February 2023 06:44 AM

මොවුන් ධුර කාලයේදි කල වැරදි සොයා නඩු දමා හිරේ දැම්ම නම් මේ වියදම් අඩු කරගන්න තිබුණා.

:       19       4

චතුරි Tuesday, 07 February 2023 04:49 AM

මේ නාකි ටික රට කාලා ගියා මදිවට. මුන්ව මැරෙනකම්. කන්න දෙන්නත් වෙලා. කොවිඩ් වලින් මැරුනෙත් නැහැ. මිනිස්සු පොල් ගහන්න ඕන දේව කන්නලව් කරලා සේරමටික එකම දවසේ. අපා ගත වෙන්න. රටේ ජනතාව ගෙ දරුවො විතරද වයසට යන දෙමව් පියන් බලන්න ඕන. කෝ මුන්ගෙ දරුවෝ. රට වලපල්ලට ගියේ මුන් හොරකම් කරලා මුන්ගේ දරුවන්ට. දරුවන්ගෙ දරුවන්ටත්. ඉතුරු කරලා දීලා. මුන් තවත් ජනතාවට. ගින්දර දෙනවා. සේරම කට්ටිය පෙලපාලී යන්න දරුවන්ට. මේ නාකි ටික බාර ගන්න කියලා. චන්දිරිකාට. රටෙන් බාගයක්ම තියෙනවා ඉඩම් දේපල. ගෝටාට මහින්දට. හොරකම් කරපු මුදල් කන්දරාව. සිරිසෙනට. පොලොන්නරුවේ කුබුරුතියෙනවා නෙ මැරෙනකම් කන්න. මොනවා වුනත්. සජිත් ඇතුලු සැම වයසට ගිය අම්මන්ඩිලාවයි අප්පච්චිලාවයි බාරගන්න. ජනතාවට පිස්සු නැහැ හොරුන්ට තවත් සැප දෙන්න

:       0       2

siri Tuesday, 07 February 2023 09:24 AM

බංකොලොත් රටෙ මිනිස්සු බඩගීනෙ. මහජන මුදල් කියන්නෙ සාංගිකක වස්තුවක් මෙව මෙහෙම කන එක "කම්බුරන" දෙයක්

:       0       3

මුන්ට නිවන් සැප ලැප ලැබේවා Tuesday, 07 February 2023 02:12 PM

මහජන මුදලින් තවත් තරැණ වන මේ සුදු අලීන්ට නිවන් සැප ලැබෙන්නේ කවදාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site