IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


හරියටම හරි ගිය සර් ජොන්ගේ අනාවැකිය

‘‘ගමේ ගොඬේ පුංචි මිනිස්සුත් එක්ක එක්කහු වෙලා, ඒ මිනිස්සුත් එක්ක බණ්ඩාරනායක ඇයි හොඳයිකම් පවත්වන එක ගැන සර් ජෝන් කියන්නෙ මොකක්ද කියලා, අමරෙ උඹට පුළුවන්ද සර් ජෝන් හම්බවෙලා අහල දැනගෙන එංඩ’’ මීට වසර 60කට පමණ පෙර දිනකදී එවක ‘‘සිළුමිණ’’ කර්තෘවරයාව සිටි මීමන පේ‍්‍රමතිලක එම පත‍්‍රයේ වාර්තාකරුවකු වූ ඇම්.ඇස්. අමරසිංහගෙන් විමසුවේය. ‘‘අපෝ..... සර් ජෝන් හරි සැර මනුස්සයෙක් නේද? ’’යි ඒ අවස්ථාවේ අමරසිංහ මැසිවිල්ලක් නැගූ විට ‘‘බයවෙන්ඩ කිසිම දෙයක් නෑ. උඹ ගිහිං ඒ කතාව අහගෙන වරෙංකො. උඹට පොඩි ඩි‍්‍රන්ක් එකක් දෙංඩත් බැරිකමක් නෑ’’යි මීමන සිනාසෙමින් ප‍්‍රකාශ කළේය.

ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායකගේ ඇඳුම පරිද්දෙන්, අමරසිංහද සුදු පැහැති ජාතික ඇඳුම ඇන්ද කෙනකු වූ අතර මීමන කියූ ආකාරයට අන්තිමේදී හෙතෙම සර් ජෝන් මුණගැසෙන්න රත්මලානේ කඳවල වලව්වට ගොසිනි. පොඩි මිනිසුන් හා සමග බණ්ඩාරනායක කුළුපගව සිටීම ගැන කොතලාවල එතරම් කැමැත්තක් දක්වා නැත. ‘‘ඔය වැඩෙං බණ්ඩා කවදහරි හොඳ පාඩමක් ඉගෙන ගංඩ ඉඩ තියෙනව’’යි හෙතෙම පවසා ඇත්තේ ඒ නිසාය.

සර් ජෝන්, වලව්කාරකම හිතට අරගෙන සිටි කෙනෙක් විය. බණ්ඩාරනායකද වලව්කාරයකු වුවත් එයින් හිත උදුම්මා නොගෙන ගමේ ගොඬේ අහිංසක අසරණ මිනිසුන් සහ සමග කුළුපගතාවකින් යුතුව කටයුතු කරන්න නිතරම උත්සාහ දැරීය. කොතලාවල ඇසුරු කළේ ඉහළ පෙළේ ලොකු ලොක්කන්ය. බණ්ඩාරනායක සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය හා සමගය.

සර් ජෝන් එදා කියූ දෙය, එතරම් කලක් ගත වන්නට කලින්, අන්තිමේදී, හරියටම හරි ගියේය. දෙවන එළිසබත් මහා රැජිනත්, වල්ලභ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුත් මුල්වරට ලංකාවේ සංචාරයක නියැළුණේ කොතලාවනල අගමැතිවරයාව සිටියදීය. ඒ අවස්ථාවේ, රාජකීය යුවළ සීගිරිය නරඹන්නද ගිය අතර සීගිරි නගිද්දී තද සුළඟකින් රැජිනගේ ගවුම ඉහළට එසවුණු විටක අසල සිටි සර්, ජෝන් එය දැක‘ගනු යකෝ ගනු ෂොට් එකක් (පිංතූරයක්) යි පුවත්පත් ඡායාරූප ශිල්පියකුට කෑ ගසා කීවේය.

රාජකීය යුවළ වෙනුවෙන් හෙතෙම සිය කඳවල වලව්වේදී පි‍්‍රය සම්භාෂණයක් පැවැත්වූ අවස්ථාවේ සිදුවූ සිද්ධියක් ගැන දිනක මට කීවේ ඊට සහභාගිවූ පත‍්‍රකලා වේදීන්ගෙ න් කෙනෙකි. පසු කලෙක ‘‘ඔබ්සර්වර්’’හා ‘‘ඬේලි නිව්ස්’’ පත‍්‍රවල කතුවරයා බවට පත් මා මිත‍්‍ර ක්ලැරන්ස් ප‍්‍රනාන්දු ඔහුය. කොතලාවලද එහිදී මීවිත තොල ගා ඇති සෙයකි. උන්හිටිහැටියේම වාගේ ඔහුට පිලිප් කුමරු සමග යමක් කතා කරන්න අවශ්‍යව කුමරු සිටින තැනක් සොයා ගන්න තැත දරා ඇතත්, සොයා ගත නොහැකිව ඇවිස්සුණු ගතියකින් සිට ඇත. සෑහෙන වේලාවක් ගත වුණාට පසුව, කුමරු මුණගැසුණ විට, හෙතෙම කේන්ති ගතියකින් ඔහුය කතා කරනු ක්ලැරන්ස්ට ඇසී ඇත.

පසු අවස්ථාවක කඳවල වලව්වේ පැවති සාදයකට මාද සහභාගි වූ අතර ඉහත සිද්ධිය ගැන එහිදී මට කීවේ, රාජකීය යුවළ වෙනුවෙන් වලව්වේ පැවති යට කී සාදයට මෙන්ම එම සාදයටද සහභාගිවූ මා හිතවත් ක්ලැරන්ස්මය.

‘‘ලංකාදීප’’ පත‍්‍රයට අගමැති සර් ජෝන් දැඩි ඇල්මක් දැක්වූ නිසා එහි කර්තෘ මණ්ඩල සාමාජිකයන් සඳහා කඳවල වලව්වේදී මාස්පතා සාදයක් පවත්වන්න හෙතෙම පෙළඹී සිටියේය. එක්තරා දිනක පැවති එවැනි සුහද හමුවකදී සිදුවූයේ ඇඟ කිලිපොලා යන සිද්ධියකි. එම සිද්ධිය ලංකාදීපයට ‘‘වගතුග ’’ තීරු ලිපි පෙළ ලියූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මධුවිත තොල ගා උන්හිටි හැටියේම ඔහු සිටි මේසය මතට නැග වලව්ව පැත්තට හැරී කොතලාවලට දිගට හරහට දොස් නැගීමය. මානවසිංහ සර් ජෝන් කෙරෙහි එතරම් ප‍්‍රසාදයක් ඔහු තුළ පැවතුණේ නැත.

හෙතෙම එහිදී සන්සුන් කරගෙන ඇත්තේ, දැඩි පරිශ‍්‍රමයකිනි ’’ සුප‍්‍රකට ගායකයන් දෙදෙනකු වූ එච්.ආර්. ජෝතිපාල හා මිල්ටන් පෙරේරාද ගාලූ පාරේදී කෙල්ලක දුන් දිරච්ච ලණුවක් ගිල ඇය හමුවීම සඳහා කඳවල වලව්වට යාමද, සිනා ඇති කරවන සිද්ධියකි. ගායකයන් දෙදෙනා තුරුණු වියේදී ගාලූ පාර දිගේ පයින් ගමන් කරමින් සිටි විටක සිත් ඇදගන්නා තරුණ ගැහැනු ළමයෙක් මුණගැසී, ඇය හා සමග වචනයක් දෙකක් කතා බස් කොට ලිපිනය කුමක්දැයි ඇයගෙන් විමසා ඇත. එවිට ඇය කර ඇත්තේ කොළ කැබැල්ලක ඇයගේ ‘‘ලිපිනය’’ ලියා ඔවුන් අතට දීමය. එම ලිපිනය කඳවල වලව්වේ ලිපිනය විය. අදාළ දින හෝ පසු දිනක හෝ ජෝතිපාල හා මිල්ටන්ද ඇය බලන්නට වලව්වට ගොස් ඇත්තේ ඇය වලව්කාරියකැයි සිතාගෙනය. සර් ජෝන් ඒ කාලයේ වලව්ව අබියස භූමියේ කූඩුවල නොයෙකුත් සතුන් විනෝදාංශයක් වශයෙන් ඇති දැඩි කළ අතර ඔවුන් දෙදෙනාද එම කූඩු අසලට ගොස් ඒ ඒ සතුන් නරඹන්නට මුලින්ම පටන්ගෙන ඇත.

ඒ අවස්ථාවේ කොතලාවල ‘‘ ඕයි තමුසෙල කවුද? තමුසෙල මොනවද ඔය කරන්නෙ’’යි කේන්ති ගතියකින් මෙන් ඔවුන්ගෙන් ප‍්‍රශ්න කොට ඇති අතර ඒ ගොරෝසු කටහඬ ඇසී තක්කුබුක්කුව ඔවුන් දෙදෙනා ආපසු යද්දී ‘‘ඒ තමා සර් ජෝන් කොතලාවල උන්නැහැ’’යි කෙනකු කියා සිටි විට දෙදෙනා තක්බිර් වූ බව කියති. ධනවාදී ප‍්‍රතිපත්තියට වැඩි ඇල්මක් දැක්වූ ඔහුට කොමියුනිස්ට් වාදය අරහං විය. ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියා හැටියට සැලකෙන බොරළුගොඩ සිංහයා, එනම්, පිලිප් ගුණවර්ධනත්, ඔහුත් අතර මැතිසබේදී දිනක ගුටිබැට හුවමාරුවක් සිදුවූ බවද එහිදී පිලිප් ඔහුට තද පහරක් දෙකක් එල්ල කළ බවද දැනගන්නට ඇත.

සර් ජෝන්, අගමැතිකම දරද්දී මහනුවර ප‍්‍රදේශයේ කෘෂිකර්මික ප‍්‍රදර්ශනයක් පැවති අවස්ථාවක සිදුවූ රසවත් සිද්ධියක් ගැනද මෙහිදී සඳහන් කළ හැකිය. ප‍්‍රදර්ශනය විවෘත කළ අගමැතිවරයා එය නරඹමින් යම් යම් ස්ථානවලට යද්දී එක්තරා ස්ථානයක තරුණ ගෙවිළියන් දෙතුන් දෙනකු කේප්ප හරකකුට කන්න බොන්න දෙමින් හරකා අතපත ගානු දැක.‘‘ෂා..... ආනන්ද මාත් කේප්ප හරකෙක් උනානං කොච්චර හොඳද?’’යි ඔහු අසල සිටි ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වූ ආනන්ද තිස්ස ද අල්විස්ට විහිළුවට මෙන් ප‍්‍රකාශ කර ඇත. ඔවුන්ට කිට්ටුවෙන් සිටි ‘‘ලංකාදීප’’ මාධ්‍යවේදියා එය ඇසී ‘‘ලංකාදීප’’ කන්තෝරුවට අවුත් එහි කර්තෘ ඞී.බී. ධනපාලට එම සිද්ධිය පිළිබඳව සැල කළ විට ඔහු කර ඇත්තේ ජී.ඇස්. ප‍්‍රනාන්දු කාටුන් චිත‍්‍ර ශිල්පියා ලවා ඊට අදාළ කාටුනයක් අන්දවා පසුදින පත‍්‍රයේ පළ කිරීමය. එදින උදෑසන පත‍්‍රය අතට ගත් සර් ජෝන් එම කාටුනය දැක වහාම ලංකාදීපයට දුරකථනයෙන් කතා කොට පසුදින තමන් මුණගැසෙන්න වලව්වට එන ලෙස ජී.ඇස්ට දන්වා ඇත. ඒ අනුව තක්කුබුක්කු ගතියකින් යුතුව ජී.ඇස්. වලව්වට ගිය අවස්ථාවේ කොතලාවල ඔහුත් සමග එකට එකම තේ මේසයේ තේ පානය කොට එවැනි කාටුන් තවත් දෙක තුනක් තමන්ට ඇඳ දෙන ලෙස ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් විශාල ගණනක සාමාජිකත්වය දරන නොබැඳි සංවිධානයට මඟ හෙළිකෙරුණු අවස්ථාව ඉන්දුනීසියාවේ බැංඩුං නුවර පැවැති බැංඩුං සමුළුව වූ අතර එම සමුළුවට ලංකාවෙන් සහභාගි වූයේද සර් ජෝන්ය. කඳවල වලව්වද ඇතුළු තමන්ගේ දේපළ හෙතෙම අන්තිමේදී රජයට පවරාදුන්නේය. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය දැන් පිහිටුවා තිබෙන්නේ එහිය.

ම්ලේච්ඡ කොටි සංවිධානයේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා සර් ජෝන්ගේ කාලයේදී ආරම්භ වූයේ නම් යුද හමුදාව හා ඔහුද අතර සබැඳියාවක් පැවති හෙයින් ත‍්‍රස්තයන්ට කළ යුතු දේ නොපැකිලිව කරන්න ඔහු ඉදිරිපත් වනවාට කිසිදු සැකයක් නැත.

සටහන - විමල් වීරසේකර



අදහස් (2)

හරියටම හරි ගිය සර් ජොන්ගේ අනාවැකිය

kumar (galf) Thursday, 08 June 2017 12:41 PM

මේ තමා ලංකාවට සුදුසුම නායකයා.

:       71       599

kumar (galf) Sunday, 11 June 2017 08:55 AM

අද අපේ රාජ්‍ය නායකයෝ ඉන්දියාවේ නායකයන්ගේ පස්සෙන් යනවා. එදා ඉන්දීය අගමැති නේරු දිල්ලියේ පැවැතී කොලම්බු ප්ලෑන් සමළුවේදී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්න යෝජනා කරන්න හදනකොට කොතලාවල මහතා තමා කියලා තියෙන්නේ තමාගේ වැඩක් බලාගෙන ඉන්න කියලා....

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 145 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1146 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site