IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ළදරු ගනුදෙනු පාලනයට විධිමත් නීති රාමුවක් ඕනෑ

මිනිසා වටිනාකම් හුවමාරු කිරීමේ මාධ්‍යයක් ලෙස මුදල් නිර්මාණය කළේය. එක් එක් හුවමාරු භාණ්ඩවල වටිනාකම් ඒ අනුව මිනිසා විසින් මුදල් ඒකකවලින් තක්සේරු කරනු ලැබුවේය. එකී මුදල් නම් හුවමාරු මාධ්‍යයට මිනිසා කෙතරම් ලොබ බැඳ ගෙන ඇත්තේද කියන්නේ නම් අවසානයේ ස්වකීය වර්ගයා ද මුදලින් තක්සේරු කර හුවමාරු කරන්නට තරම් මිනිසා කෑදර වූයේය.

නීති විරෝධී මානව වෙළෙඳාම ගත් විට දරුවන් විකිණීම අද එහි වැඩි කොටසකට දායක වෙයි. ළදරු ජීවිතයක් සෙනෙහස හා ආදරය මත ඉපිද ඒ මත හැදී වැඩී සෙනෙහසම මල් ඵල දරා වැඩිහිටියකු බවට පත්ව ලොවට සුවඳ දිය යුතුය.

එවන් ළදරු ජීවිත මිල කොට හුවමාරු කිරීම මිනිස් කමට නිගා දෙවන්නකි. ළදරුවන් මුදලට හුවමාරු කිරීම තුළ ඇති නොමිනිස්කමත් නොදැහැමි කමත් මිනිසා බුද්ධියෙනුත්, හදවතිනුත් වටහා ගත යුත්තකි.

ශ්‍රී ලාංකීය ළදරුවකු මුදලට විකුණූ මැලේසියානු ඇඹුසැමි යුවළක එරට ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුවතක් ඉකුත්දා අප පුවත්පතේ පළ වූයේය. ළදරු ගනුදෙනු පසුබිමේ ජාත්‍යන්තර සංවිධානාත්මක කල්ලි ක්‍රියාත්මක වන බව ද එම පුවතින් අනාවරණය වේ.

මේ ආකාරයේ ජාත්‍යන්තර මට්ටමින් සිදුවන ළදරු ජාවාරම් මැඩලීමට තීරණය කළ ලෝක ප්‍රජාව, 1993දී නෙලදර්ලන්තයේ හේග් නුවරට රැස්ව ඒ සම්බන්ධව සම්මුතියකට එළැඹුණෝය

දරුකමට හදා ගැනීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සැකසුණේ ඒ අනුවයි. 1995 මැයි පළමුවැනිදා සිට ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වූ මෙම සම්මුතියට රටවල් අනූ නමයක් එකඟතාව පළකොට ඡන්දය දුන්හ. දකුණු කොරියාව නේපාලය හා රුසියාව එහිදී ඡන්දය ප්‍රකාශ නොකළ මුත්, සම්මුතියට අත්සන් තැබුවේය. 

මෙම සම්මුතියේ ප්‍රධාන අරමුණ වූයේ ළදරුවන් විකිණීම හා ළදරු ජාවාරම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛ කාර්යයක් කොට සලකන්නට රාජ්‍ය එකඟ කර ගැනීමයි. ළදරුවන්ගේ සුබසිද්ධිය තකා දරුවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර, දරුවන් පැහැරගෙන යාම හා දරුවන් විකිණීමට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙම සම්මුතිය යටතේ අත්සන් තැබූ රාජ්‍යයෝ එකඟ වූහ.

දරුවන් විකිණීම බොහෝ හේතු සාධක මත සිදුවන්නක් නිසා ඊට සරල විසඳුම් දීම මෙතෙක් අපහසු වී ඇති සෙයක් පෙනේ.තම ජීව විද්‍යාත්මක දෙමාපියන් ළඟ දරුවන් වැඩෙන්නට ඉඩ හැරීම හේතු කිහිපයක් නිසා ඉතා වැදගත් වේ. තම ජීව විද්‍යාත්මක දෙමාපියන් ළඟ හැදී වැඩීම යනු දරුවන්ට ඇති මූලික අයිතියකි. පොදුවේ ගත් කල දරුවන්ට හොඳම ආරක්ෂාව සලසන්නෝ ජීවවිද්‍යාත්මක දෙමවුපියෝය. පුතා දුව කියා වෙනසක් නොකොට දරුවන්ට හොඳම රැකවරණය දෙන්නෝ ඔවුහුය.

දරුවා වඩාත් ඵලදායි ලෙස හැදී වැඩෙන්නේ ජීව විද්‍යාත්මක දෙමාපියන් යටතේය. වෙනත් කිසිදු වර්ගයේ පවුලකට වඩා දරුවන්ට රැකවරණය සැලසෙන්නේ ජීවවිද්‍යාත්මක දෙමාපියන් ළඟ බැව් බොහෝ විද්වතුන් කරන ලද පර්​ෙ ය්ෂණ රාශියකින් සනාථ වී තිබේ.
ප්‍රිස්ටෙන් විශ්වවිද්‍යාලයේ, වූඩ්‍රොව් විල්සන් අන්තර්ජාතික කටයුතු පිළිබඳ විද්‍යායතනය කරන ලද පර්​ෙ ය්ෂණය ඉන් එකකි. එම විද්‍යායතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව දරුකමට හදාගත් අයගෙන් සියයට 72ක පිරිසකට ඔවුන් දරුකමට හදාගන්නට දුන්නේ ඇයි ද කියා දැන ගත යුතුව ඇත. සියයට 65ක පිරිසක් තමන්ට උපත දුන් දෙමාපියන් හමුවීමේ ආශාවෙන් පසු වෙති.

සියයට 94කට වැඩි පිරිසක් තමා වැඩිපුර සමාන වන්නේ මවටද නැතහොත් පියාට දැයි දැන ගැනීමට ආසාවෙන් පසුවෙති. මේ සියලු කාරණා පසුපස ඇත්තේ එක් කරුණකි. එනම් තමා කවුරුන්දැයි දැන ගැනීමට මනුෂ්‍යයකුට ඇති අයිතියයි.

විදේශ දෙමාපියන්ට හදා වඩා ගැනීමට ළදරු කාලයේ මෙරටින් රැගෙන ගිය දරුවෝ රාශියක් පසුගිය වසර කීපයේ මෙරටට පැමිණියහ. 1995 සිට 2000 දක්වා මෙරටින් රැගෙන ගිය දරුවන් සංඛ්‍යාව 10,000ත් 15,000 අතර වන බව වාර්තා වේ. නෙදර්ලන්තය, නෝර්වේ හා ස්වීඩනය යන රටවල තම දෙමාපියන් සොයා යන දරුවන්ගේ සංවිධාන ද මේ වන විට බිහිවී තිබේ. ශ්‍රී ලංකා ඩී.එන්.ඒ. සංවිධානය ඉන් එකකි.

දරුවන් විකිණීමට ඇති ඉඩකඩ සෑම අයුරකින්ම අවුරාලිය යුතුය. දෙමාපියන්ගේ දරිද්‍රතාව දුරු කිරීම ඒ උදෙසා කළ හැකි හොඳම සමාජ සත්කාරයයි. මේ රටින් බැහැරව ගිය දරුවන්ට සිය දෙමාපියන් හඳුනා ගන්නට ඉඩ සලසා පවුල් ඒකරාශි කිරීම ද මානව අයිතීන්ට ගරු කිරීමකි.

(***)



අදහස් (1)

ළදරු ගනුදෙනු පාලනයට විධිමත් නීති රාමුවක් ඕනෑ

මොහොට්ටාල Monday, 01 May 2023 08:39 AM

අධ්‍යාපනයද දරුවන්ගේ මානව අයිතිවාසිකමක් වේ එසේ තිබියදී සකල සිරින් පිරි සිරිලංකාවේ අධ්‍යාපනය ලබාදීම රජයෙන්ම කර කුමන ක්‍රමයෙන් හෝ ඉහළම අධ්‍යාපනය ලබන පිරිසට රජයෙන්ම රැකියා දීමත් තවත් කොටසක් සදහා දේශපාලන ගොට්ට ඇල්ලීම මතත් රැකියා දීම සිදුකෙරේ. ජනතා මුදල් කෝටි ගණනින් වියදම් කර අධ්‍යාපනයේ සම්පත් දායකයින් නඩත්තු කරන අතර එම පිරිස් තමන්ගෙ බඩගෝස්තරය හැර දරුවො ගැන ඉදිකටු තුඩකහෝ හැගීමක් නැතුව කටයුතු කරන ආකාරය පසුගිය උසස් පෙළ විභාගය සම්බන්ධ කටයුතු වලින් මනාව පැහැදිලිවේ. මෙයිනුත් දරුවන්ගේ මානව හිමිකම් බලවත්සේ උල්ලංඝනය වුනත් අපිතමයි ලොකුම උගතුන් කියාගන්නා පිරිසට එය තේරුම් ගැනීමට බුද්ධියක් ඇතිබවත් නොපෙනේ. දේශපාලුවො පිල්බෙදී බලයට කෑදර කම නිසා සමිති කාරයින්ගෙ පැත්ත ගන්නවා මිස දරුවන්ගේ හිමිකම් අහිමි වීම ගැන බැලීමට හැකියාව ඇතැයි සිතිය හැකි කෙනෙක්ද දකින්නටද නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site