IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ළමයින්ටත් හැදෙන අක්මා රෝග

අක්මා රෝගයක් යැයි කී විට අපට හැඟෙන්නේ වැඩිහිටියන්ට පමණක් සෑදෙන සිරෝසීස්, ෆැට්ලීවර් වැනි රෝගයක් ලෙසටය. එහෙත් පුංචි ළමයින්ටත් අක්මා රෝග සෑදෙයි. මේ සඳහා විශේෂ ප්‍රතිකාර කරන්නේ රාගම රෝහලේ විශේෂ ඒකකයක් මගිනි. අක්මා බද්ධ කිරීම් හා ඒ සම්බන්ධ විශේෂ ප්‍රතිකාර ඒකකය තිබෙන්නේ රාගම ශික්ෂණ රෝහලේ පමණි. මෙම ඒකකයට රිජ්වේ ළමා රෝහලෙන් හා රටපුරා රෝහල්වලින් රෝගී කුඩා දරුවෝ විශේෂ ප්‍රතිකාරවලට යොමු කරති. 

මෙසේ මුලින්ම සඳහන් කරන්නේ පසුගිය වසර තුනට පෙර ළමා අක්මා රෝගීන්ට වඩා වර්තමානයේ අලුත් ළමා අක්මා රෝගීන් 350ක් පමණ එකතුවී තිබෙන නිසාය. එනිසා මවුවරු කුඩා දරුවන්ගේ අක්මා රෝග පිළිබඳ දැනුවත්වීම ඉතාම වැදගත්ය. එවිට රෝගය බරපතළ වීමට පෙර නිසි ප්‍රතිකාර සඳහා යොමු කර දරුවාගේ ජීවිතය බේරා ගත හැකිය. 

කුඩා වියේ අක්මා රෝගයක් වැළඳීමට හේතු මොනවාද? 

කුඩා දරුවකුට අක්මා රෝගයක් වැළඳීමට හේතු කාරණා කිහිපයක්ම තිබේ. 

I පිත්ත නාළ නිසි ලෙසට සෑදී නොමැතිවීම 
මෙම තත්ත්වය උපතින්ම හෝ බිහි වී ටික දිනකින් සිදුවිය හැකිය. එහෙත් මෙසේ වීමට  හේතු වෛද්‍ය විද්‍යාත්මකව මෙතෙක් හඳුනාගෙන නැත. Biliary Atresia රෝගය අක්මා රෝගී කුඩා දරුවන් අතර සුලබව හඳුනා ගන්නා රෝගයකි. මෙතෙක් මීට හේතු සොයා ගෙන නැත. 

II ජාන ගතවීම හේතුවෙන් සෑදෙන රෝග 
III විෂබීජ ශරීර ගතවීම නිසා 
IV ශරීරයේ තඹ තැන්පත්වීමෙන් මෙය “Wilson Disease” ලෙසට හඳුන්වයි. 
V තම ශරීරයේ ​ සෛල ශරීරයට විරුද්ධව ක්‍රියා කිරීම නිසා 
VI  හෙපටයිටීස් A B C වැනි විෂබීජ ශරීරගත වීමෙන් 

මීට වසර දහයකට පමණ පෙර කහඋණ හෙවත් හෙපටයිටීස් අපේ රටේ සුලභව  සෑදුණි. අද සනීපාරක්ෂක  තත්ත්වය දියුණුවීම නිසා එම රෝගය දක්නට ලැබෙන්නේ  පිත්ත නාළ නිසි ලෙස නොසෑදීම නිසාත් ජාන විකෘතිතා නිසා ඇතිවන අක්මා රෝගයි.

හඳුනා ගන්නේ කොහොම ද? 

විවිධ වයස් කාණ්ඩවල දරුවන්ට මෙම රෝගය වැළඳුන විට ඇති වන රෝග ලක්ෂණ එකිනෙකට වෙනස්ය. විශේෂයෙන් අලුත උපන් දරුවාගේ ප්‍රධානතම රෝග ලක්ෂණයක් ලෙසට ඇඟ කහවීම  හඳුනා ගත හැකියි. ඒ ඉපදී පළමු මාසය තුළ දී ඇඟ කහ වීමෙනි. එතෙක් ඇඟ කහවන සෑම දරුවකුටම ඒ අක්මා රෝග ලක්ෂණයක් යැයි සිතිය නොහැකිය. උපන් මුල් කාලයේ බොහෝ දරුවන්ගේ සිරුර කහ පැහැ ගනී. 

එහෙත් අක්මා රෝගී තත්ත්වයක් නිසා ඇඟ කහ වන්නේ නම් දරුවාට පහවෙන මළ පැහැය කිරිමැටි වැනි ස්වභාවයක් පෙන්වයි. එසේම මුත්‍ර තද දුඹුරු පැහැ ගනී. 

ඇඟ කහ වීමේ දී ඇස් හා ඇඟ කොටස් විශේෂයෙන් කහ පාට වේ. ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවකු වහාම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්විය යුතුය.

රෝගය වැඩි වනවිට 
අක්මා රෝගය වැඩි වනවිට දරුවාගෙන් පහත සඳහන් රෝග ලක්ෂණ  ද පෙන්වයි. 

► ඇඟ ඉදීමේ 
► විශේෂයෙන් උදරය ඉදීමේ 
► උදරයේ රුධිර නාළ උඩට ඉලිප්පී පෙනෙන්ට පටන් ගනී 
► දරුවාට සෑම විටම අධික නිදිමත ගතිය  ඇතිවේ 
► රුධිරයේ සීනි මට්ටම අඩුවේ 

ඉහත රෝග ලක්ෂණ  මෙන්ම පසුකාලීනව වර්ධනයේ අඩාල බව පෙන්නුම් කරයි. 
වයස අවුරුදු 1-5 කාලයේ මෙන්ම වයස අවුරුදු පහට වැඩි දරුවකුගේ ඇස් කහ පැහැවේ නම් අක්මා රෝගයක් දැයි පරීක්ෂා කර බැලිය යුතුය.  පරීක්ෂණ මගින් කුමන රෝගයක් දැයි තහවුරු කර ගත හැකිය. 

පරීක්ෂණ මොනවද?

ඉහත රෝග ලක්ෂණ තිබේ නම් විශේෂඥ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට දරුවා ලක් කරයි. 

► මුත්‍ර පරීක්ෂණ 
► රුධිර පරීක්ෂණ 
► විශේෂිත ස්කෑන් පරීක්ෂණ 

මේ හැර දරුවා නිර්වින්දනය කර අක්මාවේ කුඩා  කොටසක් ගෙන කරන පරීක්ෂණය ද කරයි. මෙම පරීක්ෂණ මගින් රෝගය තීරණය කිරීම පහසු වේ. 

දරුවාට ජාන ආශ්‍රිත අක්මා රෝගයක් නම් ජාන පරීක්ෂණයක් ද අවශ්‍ය විය හැකිය. 

ප්‍රතිකාර මොනවාද? 

අක්මා රෝගයක් යැයි කී විට මවුපියවරු දැඩි ලෙස බිය වෙති. එසේම එය භයානක තත්ත්වයක් ද? ප්‍රතිකාර තිබේ ද? ප්‍රතිකාර ඕනෑද? යයි සිතන අවස්ථා තිබේ. 

මෙහිදී දරුවාට වැළඳී ඇති අක්මා රෝගය අනුව ප්‍රතිකාර වෙනස් වේ. එහෙත් මවුපියවරු බියවිය යුතු නැත. මුලදීම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර නිසි ලෙසට කිරීමෙන්  ඖෂධ මගින්ම කුඩා දරුවාගේ රෝගය සුව වේ. 

මේ හැර ශරීරයේ තඹ තැන්පත්වීම තම සිරුරේ සෛලවල තිබෙන සෛලවලට විරුද්ධව ක්‍රියා කරන රෝගයෙන් පෙළේ නම් මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමෙන් මෙම රෝග දෙකම ඖෂධ මගින් පාලනය කළ හැකිය. 

මේ හැර පිත්ත නාළ හැදිල නැති තත්ත්වය හා සමහර ජාන ගත රෝගයකින් දරුවා පෙළේ නම් ඒ සඳහා අක්මා බද්ධ කිරීම අවශ්‍ය වේ. 
අලුත උපන් දරුවාට වයස මාස තුන ඇතුළත කිරිමැටි පාටට මළ පහවන්නේ නම් ඉතා ඉක්මනින්  විශේෂඥ වෛද්‍ය උපදෙස් ගැනීම අවශ්‍යය. එසේම පළමු මාස තුනේ දී සිරුර කහපාට වීම අඩු නොවේ නම් කහපාටම පවතී නම් වෛද්‍ය උපදෙස් ගත යුතුය. 

ඔබට දරුවාගේ  මළවල පැහැය  ළමා වර්ධන සටහන් පොතේ සාමාන්‍ය සහ අසාමාන්‍ය මළ පහවල පැහැ දක්වන රූපයක් සටහන් කර තිබේ. එම පින්තූරය සසදා බැලිය හැකිය.

රාගම ශික්ෂණ රෝහලේ ළමා අක්මා ඒකකයේ ළමා රෝග විශේෂඥ හා රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යමෙරන්ති ප්‍රනාන්දු

සටහන : ශිරානි ගල්ලෑල්ල



අදහස් (0)

ළමයින්ටත් හැදෙන අක්මා රෝග

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 276 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1204 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 586 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1790 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1332 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site