IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


1962 කුමන්ත්‍රණයේ මුල හමුදාවේ-පොලිසියේ කලකිරීමද?

එවකට පැවති රජය බලයෙන් පහකිරීම සඳහා ක්‍රියාත්මක වූ 1962 කුමන්ත්‍රණ සංසිද්ධිය වටහා ගැනීම උදෙසා, 1948 පෙබරවාරියේ නිදහස ලැබූ දා පටන් එම කුමන්ත්‍රණය ක්‍රියාවට නගන බව අනුමාන කළ 1962 ජනවාරි 27 – 28 දක්වා සිදුවූ ඇතැම් සිද්ධි ගැඹුරෙන් විමසා  බැලීම  වැදගත් වේ.

එම කුමන්ත්‍රණයේ හවුල්කරුවන් යයි සැක කළ හමුදාවේ සහ පොලිසියේ බොහෝ අයගේ අභිප්‍රායන් වටහා ගැනීමට ඉතිහාසය කෙටියෙන් විමසා බැලිය යුතුය. ඒ වන විට නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සේවය කළ නිලධාරීන් කුමන්ත්‍රණයට හවුල් නොවීම විශේෂ කරුණකි. කෙසේ වුවද කුමන්ත්‍රණයේ එක් නායකයකු වූයේ නාවික හමුදාවේ හිටපු ප්‍රධානියාය. විශේෂයෙන් නිදහසින් පසු අවධියේ හමුදාවේ කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කිරීම 1962 කුමන්ත්‍රණය තේරුම් ගැනීමට වැදගත් වන්නේ හමුදා නිලධාරීන් ඒ පසුපස කේන්ද්‍රිය බලවේගයක් ලෙස කටයුතු කළ නිසාය.

එවකට මෙරට නාමික රාජ්‍ය නායිකාව වූ රැජින ගේ ප්‍රජාතන්ත්‍රිය රජයට විරුද්ධව යමින් තමන්ගේ රට වෙනුවෙන් රාජකාරිය අවංකව ඉටුකරන බවට දී ඇති ප්‍රතිඥාව බිඳ දමන්නට මහත්මා  ගුණයෙන් හෙබි මෙම හමුදා නිලධාරීන් පෙළඹුණේ කවර හේතු නිසාද ? එවකට මෙම ක්‍රියාව සැලකුණේ රැජිනිව එරෙහිව යුද වැදීමක් ලෙසයි. ඒ ආකාරයෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රජය බලයෙන් පහ කරන්නට කුමන්ත්‍රණය කරනු ලැබුවේ ඇයි ?

ඊට සරළ පිළිතුර වන්නේ 1962 කුමන්ත්‍රණය පොලිසියේ හා හමුදාවේ ඉහළ නිලධාරීන් අතෘප්තියට පත්වෙන අයුරින් කාලයක් තිස්සේ වර්ධනය වෙමින් ඔවුන් තුළ ඒකරාශි වුණු  විරසකයේ ප්‍රතිඵලයක් බවයි. තම රට ආරක්ෂා කර ගැනීමේ උනන්දුව නිසා එම දරුණු ක්‍රියාවට ඔවුහු පෙළඹුනෝය.

බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය තුළ දැඩිසේ ගැලී තිබුණු සන්නද්ධ හමුදා හා පොලිසිය තුළ ඇතැම් හර පද්ධතීන් හා ප්‍රමිතීන් ස්ථාපිතව තිබිණි. පොලිසියේ සහ හමුදාවේ සාමාජිකයන් තුළ පොදුවේ පාක්ෂික භාවයත්, සහෝදරත්වයත්, සාඩම්බරයත් මෙකී ආචාර ධර්ම පද්ධතිය ඔස්සේ ගොඩ නැගී තිබුණි. මෙම අන්‍යනෝන්‍ය  විශ්වාසය Esprit de Corps' යන ප්‍රංශ වැකියෙන් මනාව අර්ථවත් වේ. ‘සමූහයක සාමාජිකයන් අතර, එම සමූහයේ ගරුත්වය සලකා, උනන්දුව, සහ කැපවීම උද්දීපනය කරමින් පවත්නා පොදු ජීව ගුණය ලෙස මෙය ශබ්ද කෝෂයේ සඳහන් වේ.

හමුදාව සහ පොලිසිය දැඩි ඇල්මෙන් යුතුව පවත්වාගෙන ආ හර පද්ධතීන් ශ්‍රී ලංකාවේ නිදහසින් පසු කාලයේ ජනප්‍රිය දේශපාලනය මතු වීමත් සමග දේශපාලකයන්ගේ ඕනෑ එපාකම් වලට යට වූ බව පෙනෙන්නට තිබිණි. මෙය විශේෂයෙන්ම ඇස්..ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා ජයගත් මැතිවරණයෙන් පසු පැහැදිලිව දිස්වූයේය. හමුදාවත්, පොලිසියත් ඇතුළත ජාති ආගම් භේද බොහෝ සෙයින් වර්ධනය කරන ලදී. පොලිසියේ ප්‍රධානියා පත්කිරීම සහ හමුදාවේ ප්‍රධානියා පත් කිරීම යන එකිනෙකින් වෙන්වූ මෙම සිද්ධි දෙකේදීම මෙම ‘බිඳ වැටීම’ පැහැදිලිව දිස් වූයේය. 1954 සර් ජෝන් කොතලාවල අගමැති ධුරය දරන කාලයේ, කුසලතාවත්, ජ්‍යෙෂ්ඨ භාවයත් පදනම් කොට, හමුදාපති ධුරයට දමිල, ක්‍රිස්ත්‍රියානි අයකු පත් කෙරිණි.   හිටපු හමුදා නිලධාරියකු වූ සර් ජෝන් වඩාත් අභිරුචියෙන් එම කාර්ය කළේය.

1959 එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිව සිටි කාලයේ එවකට සිටි පොලිස්පතිවරයා නෙරපා හරින ලදී. එම තනතුරට සුදුසුකම් ලබමින් එවකට ඔහු ළඟට සිටියේ සිංහල ක්‍රිස්තියානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ තවත් ක්‍රිස්තියානි නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකි. තමාට ක්‍රිස්තියානි පොලිස්පතිවරයකු අවශ්‍ය නොවූ නිසා බණ්ඩාරනායක පිටස්තර බෞද්ධ සිවිල් සේවකයකු එම තනතුරට පත් කළේය. මේ එකිනෙකට බෙහෙවින් වෙනස් සිද්ධී දෙක  මෙම ලිපියේ පසුව එන කාරණාවලට වඩාත් සම්බන්ධ වේ.

 මෙරට බ්‍රිතාන්‍ය පාලන සමයේ වඩාත් නවීකරණය වූ දේශීය හමුදාවක් ලංකාව සතුව තිබිණි. 19 වැනි සියවසේ මුල පටන් විවිධ ස්වේච්ඡා ඒකක ගොඩ නංවන ලදී. 1910 දී ඒ සියල්ල (CDF)  (සිලෝන් ඩිෆෙන්ස් ෆෝර්ස්) ලංකා ආරක්ෂක බළකාය යනුවෙන් ඒකාබද්ධ කොට දිවයිනේ බ්‍රිතාන්‍ය අණදෙන නිලධාරියකු යටතට පත්කරන ලදී. 1948 නිදහස ලැබීමෙන් පසුව.

1949 අංක 17 දරන හමුදා පනත, 1949 අප්‍රේල් 11 වැනිදා සම්මත කොට, 1949 ඔක්. 10 වැනිදා අංක 10028 අති විශේෂ ගැසට් පත්‍රයෙන් එය විධිමත්ව ස්ථාපිත කරන ලද්දේය. ඒ අනුව ලංකා හමුදාව ගොඩ නැගූ දිනය ලෙස සනිටුන් වන්නේ ඔක්. 10 බව පෙනී යයි. මුල්කාලයේ දී නිත්‍ය බළකායෙන් සහ ස්වේච්ඡා බළකායෙන් හමුදාව සමන්විත වූයේය. නිත්‍ය හමුදාවේ උපකාරක බලකාය වූ ලංකා ස්වේච්ඡා බලකාය සතුව (CVF)  1500 – 2000 ක සංචිතයක් පැවතිණි. නිත්‍ය හමුදාවේ සෑම ඒකකයකටම සමාන්තරව ස්​ෙව්ච්ඡා ඒකකයක් තිබිණි. පනස් ගණන්වල මැද කාලය වන විට නිත්‍ය හමුදා බළකාය  3000 – 4000 ක පමණ භට පිරිසකගෙන් සමන්විත වූයේය.

කර්නල් ඇන්ටන් එම්. මුත්තුකුමාරු:-

නිදහසින් පසු මුල් කාලයේ දී පාබල යුද හමුදා නාවික හා ගුවන් හමුදා යන තුනේම අණදෙන නිලධාරීන් වූවෝ බ්‍රිතාන්‍ය ජාතිකයෝය. ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ සේවය ස්ථීර කර තිබිණි. හමුදාවේ පළමු (නිදහසින් පසු) බ්‍රිතාන්‍ය ජාතිකයා වූයේ බ්‍රිගේඩියර් ජේම්ස් සින්ක්ලෙයාර් යි . ඔහු කේත්නස් හි අර්ල් වරායය. ඔහුගෙන් පසු ස්කොට් ජාතිකයකු වූ බ්‍රිගේඩියර් සර් ෆ්රැන්සිස් රීඩ් වැඩ භාර ගත්තේය. ඊළඟට සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියා වූයේ කර්නල් ඇන්ටන් එම්. මුත්තුකුමාරුය. ඉන් පසු පැමිණියේ කර්නල් වින්ස්ටන් විජේකෝන්ය. මුත්තුකුමාරු දමිල ජාතිකයෙකි. විජේකෝන් සිංහල අයෙකි.

ඒ සියල්ලටත් වඩා, විජේකෝන්ගේ පියා සර් ජෙරාල්ඩ් විජේකෝන් එවකට ඉහළ සෙනෙට් සභාවේ සභාපතිවරයාය. විජේකෝන් තම ජනවාර්ගික බවත්, දේශපාලන සම්බන්ධතාත් භාවිත කොට මුත්තුකුමාරු අභිබවා යමින් රීඩ්ගෙන් පසු ලංකා හමුදාවේ පළමු ලාංකීය හමුදාපතිවරයා බවට පත් වෙතැයි ඇතැම්හු අනුමාන කළහ. අතිශය මහත්මා ගුණයෙන් හෙබි අයකු සේ සැලකුණු විජේකෝන්ගෙන් මෙම කාරණය විමසූ විට එක හෙළා එම නිලය ප්‍රතික්ෂේප කළ ඔහු මෙසේ කීවේය. ‘මා ඉදිරියේ මට වඩා ජ්‍යෙෂ්ඨ අයෙක් ඉන්නවා. ඔහු හමුදාපති ධුරයට අතිශය සුදුසු දක්ෂයෙක්. මගේ වාරය එනතුරු මම ඉන්නම්’

ඒ අනුව ඇන්ටන් මුත්තුකුමාරු පළමු ලාංකීය හමුදාපතිවරයා බවට පත්වී 1955 – 59 කාලයේ එම ධුරය හෙබවීය. විජේකෝන් තම වාරය එළඹෙන තුරු බලා හිඳ 1960 එම ධුරයට පත්වී 1963 දක්වා එහි සේවය කළේය. ඒ ජාතිය හා ආගම නොසැලකුණු කුසලතාව හා  ජ්‍යෙෂ්ඨත්වය පමණක් සලකා බැලූ යුගයයි. එම කාලය, ඉන්පසු තනතුරු සහ උසස්වීම් තීරණය කිරීමේ නිර්නායකය බවට ආගමත්, ජාතියත් පත්වීමට වඩා බොහෝ සෙයින් වෙනස්ය.

එක්සත් ජාතික පක්ෂය මැතිවරණයෙන් පැරදී එස්..ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහජන එක්සත් පෙරමුණු සභාගයේ නායකත්වය දරමින් ජයග්‍රහණය කළ 1956 අවුරුද්ද තීරණාත්මක වසරක් විය. එම ජයග්‍රහණය ‘ජනතා ජයග්‍රහණයක්’ ලෙස නම් කළ අතර එය හැඳින්වූයේ ‘අපේ ආණ්ඩුව’ යනුවෙනි. එයින් අර්ථවත් කළේ එය පොදු ජනයාගේ ආණ්ඩුවක්ය යන්නය.

මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේ අලුත් ආණ්ඩුවේ ආධාරකරුවෝ සිය ගණනක් ගෝල්ෆේස්  පිටියට විත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආක්‍රමණය කළහ.. රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මේ නොහික්මුණු උද්‍යෝගය වැළැක්වීමට උත්සාහ දැරූ විට අලුත් අගමැතිවරයා ඔවුනට තදින් දොස් පැවරුවේය. තමන්ට බලපැම් කරන පිරිස් වලට සහ වෙනස් වන සුළු පුද්ගලයන්ට දැඩි ශික්ෂණය කාවද්දනු වෙනුවට වැනෙන සුළු අගමැතිවරයා ඔවුන්ට යටත් වන්නට ගත්තේය. ආචාර ධර්ම සහ හර පද්ධතී ඉක්මවා ගිය මෙම තත්ත්වය අනතුරුව හමුදාවේ ඉහළ නිලධාරීන් අතර ද පැතිර ගියේය.

මේ බව වඩාත් කැපී පෙනෙන දැඩි ආතතියක් හටගත් සිද්ධියක් 1956 මැයි මාසයේ දී සිදුවිය. නව රජය බලයට පත් වූ පසු මන්නාරමේ කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවයේ යෙදී සිටි සොල්දාදුවන්  18 දෙනෙක් සේවා කොන්දේසි නොතකා විරෝධය පාමින් ආහාර වර්ජනයක යෙදුනෝය. සෘජුව අගමැතිවරයා ඊට මැදිහත් වී ඔවුන්ගේ දුක්ගැනවිලි  විමසා බැලිය යුතු යයි ඔවුහු ඉල්ලා සිටියෝය. තමන් යටතේ ඉන්නා නිලධාරීන් ගැන කටයුතු කරන්නට හමුදාවේ ඉහළ නිලධාරීන්ට ඉඩ නොදී බණ්ඩාරනායක හෙලිකොප්ටරයකින් මන්නාරමට බැස ඔවුන් සමග සාකච්ඡා කළේය. ඔවුන්ගේ විරෝධය නවතා ලන්නට ඔහුට හැකිවූ නමුත් එහිදී හමුදා විනය  බැරෑරුම් අයුරින් පළුදු වූයේය.

 ජනවාර්ගික අර්බුදය කෙමෙන්  උත්සන්න වීම ද ඒ අතර සිදුවිය. 1956 ජූනි මාසයේදී සිංහලය එකම රාජ්‍ය භාෂාව බවට පත් කරන ලදී. . දමිළ දේශපාලනඥයන් සහ සමාජ ක්‍රියාකාරීන් ඊට එරෙහිව  සාමකාමී ලෙස ගාලු මුවදොර පිටියේ ‘සත්‍යග්‍රහ’ පවත්වන විට බලයේ සිටි පක්ෂයේ දේශපාලනඥයන්ගේ අනුග්‍රහය ලැබූ මැරයෝ එයට හූ කියමින් මැරකම් පෑහ. නිරායුධව  සත්‍යග්‍රහයේ යෙදුණු අයට මැරයන් ගල්මුල් දමා ගසන විට ඊට මැදිහත් නොවන ලෙස අගමැතිවරයා පොලිසියට නියෝග කළ බව වාර්තා විය.

තුවාල ලබා හිස වෙළුම් පටි වලින් වෙළාගත් වඩුක්කුඩෙයි මහජන මන්ත්‍රී අමිර්තලිංගම් පාර්ලිමේන්තුව තුළට ඇවිද ගෙන යන විට ‘යුද්ධයේ තුවාල’ යයි බණ්ඩාරනායක අවඥාවෙන් සිනාසී කීවේය. ඊට මෙල්ල නොවුණු වවුනියාව මහජන මන්ත්‍රී සී. සුන්දරලිංගම් යුද්ධයේ ගෞරවණීය තුවාල’ යයි පිළිවදන් දුන්නේය.

සර් ඔලිවර් ගුණතිලක

ඉන්පසුව 1958 මැයි - ජූනි මාසවල ජාතිවාදී ප්‍රචණ්ඩ සිදුවීම් හට ගත්තේය. අහිංසක ජනයාට එරෙහිව මැර කල්ලි ප්‍රචණ්ඩතාව මුදා හරින විට අගමැතිවරයා ළතැවෙමින් සිටිනා අතර ජීවිත, දේපල හා ශරීර හානි සිදුවීම් වැඩි වන්නට ගත්තේය. ඇත්ත වශයෙන්ම එවිට අගමැතිවරයා ජාතිය අමතමින් කළේ ප්‍රචණ්ඩත්වය නිවා දැමීමට වඩා ත්‍රස්ත ක්‍රියා වැඩි කිරීමට උඩගෙඩි දීමය. එම අවස්ථාවේ බෙහෙවින් කනස්සල්ලට පත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම පුරවැසියෝ ද  බණ්ඩාරනායක අගමැතිවරයා හමුවී හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කොට සන්නද්ධ හමුදා කැඳවන ලෙස ඉල්ලා සිටියහ.

අගමැතිවරයා හමුවට පැමිණි එම පිරිස අතර ආර්. ඊ. ජයතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එම්. මාකන් මාකර්, පාර්ලිමේන්තු මන්ත්‍රී සර් රසීක් ෆාරීඩ්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය එම්.පී. ඩුහමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සර් අරුණාචලම් මහාදේව, සෙල්විත් සර්නාරවීර, LCPA සභාපති ආර්.එෆ්.එස්. ද මැල්, සිංහල වෙළඳ සංගමයේ සභාපති ජේ. ත්‍යාගරාජා සහ ආචාර්ය එම්. ජී. පෙරේරා අය වූහ. එහෙත් අගමැතිවරයා හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කරන්නට  හැකිවුණේය. අවසානයේ අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක විධිමත් පිළිවෙළින් ඉවත් වී අගමැතිවරයා පදිංචි රොස්මිඩ් පෙදෙසේ නිවසට   ගියේය.  අගමැතිවරයාට දැඩි සේ බලකර කියා ක්ෂණික ක්‍රියාමාර්ග ගන්නට හෙතෙම ඔහු කැමැති කරවා ගත්තේය.

හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළ පසුව අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක පාලනය සියතට ගත්තේය. සියල්ල මුළුමනින් පාලනය කළ සර්  ඔලිවර් සන්නද්ධ හමුදාවන්ට පැහැදිලි නියෝග දුන්නේය. ‘වෙ වෙ වෙ වෙඩි තියල හරි කමක් නෑ එළවල දාන්න ඒ අයව.’ ඔහු (ගොත ගසමින්) මාධ්‍යයට පැමිණ ඉංග්‍රීසියෙන් උපදෙස් දුන්නේය. හමුදාවත් නාවික හමුදාවත් එවර ක්‍රියාකාරී වූයේය. රත්මලානේ ලංගම ඩිපෝව අසලදී කර්නල් එෆ්.සී ද සේරම්ගේ නායකත්වයෙන් යුතු හමුදා පිරිසක් හොඳින් සන්නද්ධ වූ මැර කල්ලියක් සමග යුද වැදුනෝය.

කොටුවේ සහ පිටකොටුවේ මැර ක්‍රියා කළ මැර කල්ලි වෙත නාවික හමුදාව වෙඩි තැබුවේය.  මෙම මෙහෙයුම නාවික හමුදා ප්‍රධානි රෝයිස් ද මැල් පෞද්ගලිකවම අධීක්ෂණය කළේය. හමුදාව සහ නාවික හමුදාව පොලිසිය සමග එක්ව ප්‍රචණ්ඩ ක්‍රියා ක්‍රමයෙන් නිවා දමා රට පුරා ආරක්ෂාව තහවුරු කළෝය. එවකට රටත්, ජනතාවත් ආරක්ෂා කළේ සර් ඔලිවර් සහ සන්නද්ධ හමුදාවන්ය. හමුදා සහ පොලිස් බැරක්ක වලත්, නිවස්න වලත් සොල් බණ්ඩාගේ කනගාටුදායක  කියා පිළිවෙත දැඩි සේ විවේචනයට ලක් වූයේය.

සන්නද්ධ හමුදා නිලධාරීන් බියකින්, හෝ අගතියකින් තොරව රටේ නීතිය ස්ථාපිත කරනු සඳහා තම රාජකාරි ඉටු කළ ද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අතෘප්තියට පත් වී දුර්මුඛව සිටියෝය. ජාතිවාදී ගින්න ඇවිලී නොයා යුතු බව ඔවුහු පළමුකොටම සිතුවෝය. මේ සියලු කම්කටොලු වලට මුල ජාතිවාදී බලවේගයත් ඉදිරියේ එස්.. ඩබ්ලිව්.ආර්. ඩී බණ්ඩාරනායක, මුවින් නොදොඩා යටත් වීම හා හරි හැටි ඔවුන් පාලනය නොකිරීම බව ඔවුහු සිතුවෝය. තත්ත්වය උග්‍ර අතට හැරෙද්දී ඔහු එය නිසි සේ පාලනය නොකළ බව ඔවුහු  සිතුවෝය. හමුදාවේ මහත්මා ගුණයෙන් හෙබි නිලධාරීන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක වෙත පැවැති නොසතුට කැකෑරෙමින් පවතිද්දී අමු අමුවේ පොලිසියට ද දේශපාලන වශයෙන් මැදිහත් වූ ඔහු ජාතිවාදී ස්වභාවයේ බලපෑම් ද කළේය.

1956 මැතිවරණ ජයග්‍රහණය සඳහා සිංහල බෞද්ධ ජාතිවාදී බලවේග උසිගැන්වූ බණ්ඩාරනායක දමිලයන් හට සහ ක්‍රිස්තියකින් හට වෛරයත්, අමනාපයත් මුදා හැරි​යේය. එක් අතෙකින් සිංහල – දමිල ජනයා බිඳී ගිය අතර අනෙක් අතින් බෞද්ධ ක්‍රිස්තියානි ජනයා එකිනෙකාගෙන් විරසක වූහ. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට අදාළ එක්තරා සිද්ධියකින් මෙම රාජ්‍ය කටයුතු පැහැදිලිව විද්‍යාමාන වූයේය.

කතෝලික සභාවෙන් කොළඹ මරදානේ අලුත් කතෝලික පල්ලියක් ඉදිකරන්නට පියවර ගැනුණි. ඇතැම් බෞද්ධ පිරිස් ඊට විරුද්ධ වූහ. එම ගොඩනැගිල්ල ඉදිකළ වැඩබිමට අවුත් සංවිධානාත්මක පිරිස් විරෝධය පෑහ. ප්‍රචණ්ඩතාව පැතිර යන ලකුණු පහළ වූ විට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් තම නිලධාරීන් ලවා මැර පිරිස් විසුරුවා හැරියේය. ඔහු එම ස්ථානය අසල හදිසි පොලිස් ස්ථානයක් ද පිහිට වූයේය. එම නිලධාරියා වූයේ සහකාර පොලිස් අධිකාරි ඒ.සී. ලෝරන්ස්ය. ඔහු දමිළ කතෝලිකයෙකි.

බෞද්ධ සංවිධාන, දමිළ කතෝලික නිලධාරියා හෙලා දකින්නට ගත්තෝය. අගමැතිවරයාට පොලිස්පති ඔස්මන්ඩ් ද සිල්වා ලවා, ලෝරන්ස්ට් විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නට ඕනෑ විය. පොලිස්පතිවරයා එය ප්‍රතික්ෂේප කළ ද අගමැතිවරයා එම මතයේ දැඩිව උන්නේය. එවර පොලිස්පතිවරයා අකමැත්තෙන් ලෝරන්ස්ව වෙනත් තැනකට මාරු කළේය. මෙම සිද්ධිය නිසා පොලිසිය ඇතුළත මහත් කලකිරීමක් හටගත්තේය.

ඔස්මන්ඩ් ද සිල්වා

පොලිස්පති ඔස්මන්ඩ් ද සිල්වා නිත්‍යානුකූලව කටයුතු කිරීමට   යෑමේදී අගමැතිවරයා නිසා වැඩිකල් නොයා අපහසුතාවට පත්වූයේය. එසේ වූයේ වැරදි නොකරන අනලස් පුද්ගලයකු වූ ඔස්මන්ඩ් අගමැතිවරයා දෙන නොනිසි නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ නිසාය. තම දේශපාලන ස්වාමිවරුන් ඉදිරියේ මෙරට  ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ගැත්තන් සේ ක්‍රියාකරන බවට චෝදනා ලබන අද දවසේ එම කතාව නැවත කියනු වටී. ඔස්මන්ඩ් ද සිල්වා පොලිස්පති තනතුර දැරුවේ 1955 පටන්ය. බණ්ඩාරනයක රජය සමයේ, 1959 වැඩ වර්ජන රැල්ලක් හටගත්තේය. විශේෂයෙන් වාමාංශීය වෘත්තීය සමිති ආධිපත්‍යය දැරූ කොළඹ වරාය අංශයේ තත්ත්වය බොහෝ සෙයින් දරුණු අතට හැරිණි.

දැඩි කෝපයට පත් බණ්ඩාරනායක. ඔස්මන්ඩ් ද සිල්වා කැඳවා වැඩවර්ජනය කඩා කප්පල්කොට වෘත්තීය සමිතිවල ඉන්නා වදකාරයන් අත්අඩංගුවට ගන්නා ලෙස ඔහුට කීවේය. කිසිදු පදනමක් නැතිව ඔවුන් අත් අඩංගුවට ගැනීමට නොහැකි බැව් කී ඔස්මන්ඩ් ද සිල්වා, එසේ කිරීමට බොරු හේතුවක් මවා ගත යුතු බැවින් එසේ කිරීම නීතියට පටහැනි බව ද කියා සිටියේය.

ඒ සඳහා අතිශය රාජ්‍යාපාක්ෂික භාවයත් තමා බලාපොරොත්තු වන බව එවර අගමැතිවරයා කීවේය. තමන්ගේ රාජ්‍යපාක්ෂික භාවය පවතින්නේ සියල්ලටම වඩා රටේ නීතිය වෙනුවෙන් යයි ඊට පිළිතුරු දෙමින් ඔස්මන්ඩ් ද සිල්වා කීවේය.. එයින් කුපිත වූ බණ්ඩාරනායක 1959 අප්‍රේල් 24 දා පටන් ඔස්මන්ඩ් ද සිල්වා අනිවාර්ය විශ්‍රාම ගැන්වූයේය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හදිසි රැස්වීමක් කැඳවූ ඔස්මන්ඩ් ද සිල්වා සිද්ධියට අදාළ විස්තර සහසුද්දෙන් පවසා තමන්ගේ සහාය පොලිස් නිලධාරීන්ගෙන් අභිමානවත්ව  වෙන්ව  විශ්‍රාම ගත්තේ දේශපාලකයන්ගේ අවශ්‍යතා අනුව පියවර නොගෙන නිතරම නීතිය අනුව කටයුතු ඉටුකරමිනි.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට ඔස්මන්ඩ් ද සිල්වා සදහට නෙරපා හරින්නට අවශ්‍ය වුවද එතැන පොඩි පරහක් තිබුණේය. ඔස්මන්ඩ් ද සිල්වා බෞද්ධයකු වූ අතර පළමු බෞද්ධ පොලිස්පතිවරයා වූයේය. ඔහුගේ තනතුරට එන්නට නියමිතව සිටි ඊළඟ ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරුද සියලු දෙනා ක්‍රිස්තු භක්තිකයෝ වූහ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.. සී. දිසානායක (ජංගල්) ඔහුගේ සොයුරු ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති   එස්. ඒ. දසනායක (ජිංගල්) සහ ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති සිඩ්නි ද සොයිසා යන සියලු අය ක්‍රිස්තියානුවෝ වූවෝය. ගිහිපැවිදි සිංහල බෞද්ධ සංගම් ඔස්මන්ඩ් ද සිල්වා නෙරපා හැරීමට විරෝධය පෑවේ ඔහු බෞද්ධයකු වූ බැවිනුත් ඊළඟට ඔහුගේ තැන ගන්නා අය ක්‍රිස්තියානුවන් වූ බැවිනුත්ය.

බෞද්ධ පොලිස්පතිවරයා නෙරපා දැමීම නිසා නොසෑහෙන උද්ඝෝෂණ  මතුවූයේය. බුද්ධාගම වැළඳ ගැනීමට පෙර බෞතිස්ම කරනු ලැබූ ඇන්ග්ලිකත් ආගමිකයකු වූ බණ්ඩාරනායක බෞද්ධයන්ගෙන් එල්ල වූ විවේචනවලට සංවේදී වූයේය. ඔහු සී.සී. දසනායක අමතා ‘අපොයි, ජංගල්, ජිංගල්, ඔහෙලා බෞද්ධ වුණා නං කොයිතරං අගේද?’ කී බව වාර්තා වූයේය.

බණ්ඩාරනායකට, ඔස්මන්ඩ් ද සිල්වා නෙරපා හැරීමට අවශ්‍ය වුවද කිසිදු ක්‍රිස්තියානි ජ්‍යෙ.නි.පොලිස්පතිවරයකු පොලිස්පති තනතුරට ගෙන ඒමට අවශ්‍ය නොවූයේය. ඔහු සිතා ගත්තේ පිටතින් යම් අයකු ගෙනවුත් පොලිස්පති තනතුරේ තැබීමටයි. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ සිවිල් සේවකයකු වූ එම්.ඩබ්ලිව්.එෆ්. අබේකෝන්ය. මෙය පොලිසියේ කටයුතුවලට සහාසික ලෙස දේශපාලන වශයෙන් මැදිහත්වීමකි.

පොලිසියේ ඉහළ නිලධාරිහු ඊට විරුද්ධ වූවෝය. පිටස්තරයකුට විරුද්ධව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු එකමුතු වූහ. ජාති, ආගම් භේද නොසලකා ඒකරාශි වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු මේ ගැන සාකච්ඡා කළෝය. එහිදී ඉදිරිපත් වූ එක් අදහසක් වූයේ සංකේතාත්මකව විරෝධය පාමින් සියලුම ​ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් එකවර ඉල්ලා අස්වීමයි.. එවැනි ක්‍රියාවකින් පොලිසියේ ධෛර්යය හීන වී යා හැකි නිසාත්, විශාල විනාශයකට එයින් මුල පිරෙන්නට ඉඩ ඇති නිසාත් එම අදහස හකුලාගන්නා ලදී.

බෞද්ධයකුව, පොලිස්පති තනතුර හෙබවිය යුතුය යන දැඩි ස්ථාවරයේ අගමැතිවරයා රැඳී සිටි නිසා ඊට නිසි විකල්ප විසඳුමක් ඉදිරිපත් කරන්නට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු තීරණය කළහ. තමන් අතරින් වඩාත් ජ්‍යෙෂ්ඨ බෞද්ධ පොලිස් නිලධාරියා තෝරා  ඔහු පොලිස්පති තනතුරට පත්කරන ලෙස ඔවුහු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ. ඔහු යටතේ සේවය කරන්නට ද ඔවුහු එකඟ වූවෝය. වඩාත් ජ්‍යෙෂ්ඨ බෞද්ධ පොලිස් නිලධාරියා වූයේ ස්ටැන්ලි සේනානායකය. ඔහු එවකට පොලිස් අධිකාරිවරයෙකි. සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස ඔහු පොලිසියට බැදී තිබුණේ 1943 දීය.

ජංගල් දිසානායක

පිටතින් පැරිචුටයක් සේ ගෙනැවිත් තමන් අතරට දමන නිලධාරියකු යටතේ සේවය කිරීමට වඩා සාපේක්ෂව තමන්ට වඩා කනිෂ්ඨ නිලධාරියකු වූ ස්ටැන්ලි සේනානායක යටතේ සේවය කිරීමට කැමැත්ත පළ කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු කලාතුරකින් දැකිය හැකි කදිම ආදර්ශයක් ලබා දුන්නෝය. පොලිස් සේවාව වඩාත් අගය කළ ඔවුහු පොලිසියේ යහපත උදෙසා මෙම තීරණය ඉත  සිතින්  ගත්හ.  එයින් පොලිසියේ එකමුතු කම හොඳින් දිස් වුවද ස්ටැන්ලි සේනානායක පොලිස්පති ලෙස  පත්කිරීමේ යෝජනාව බණ්ඩාරනායක එකහෙළා ප්‍රතික්ෂේප කළේය. ජංගල් දිසානායක ඒකෙනෙහිම සිය ඉල්ලා අස්වීම භාර දුන්න ද පසුව ඉල්ලා අස්වීම අස්කර ගත්තේය.

වෝල්ටර් එෆ්. අබේකෝන්, ගෞරවනීය සිවිල් සේවකයකු වූ අතර බණ්ඩාරනායකගේ පෞද්ගලික මිත්‍රයකු හා බ්‍රිපර් ක්‍රීඩාවේ හවුල්කරුවකු වූයේය. 1959 මැයි 1 වැනිදා ඔහුව පොලිස්පති ධුරයට බණ්ඩාරනායක විසින් පත්කරන ලද්දේය. මෙය අතිශය අනුවණ ක්‍රියාවක් බව පසුකාලයේ දී සනාථ වූයේය. අබේකෝන් පොලිස්පති තනතුරේ රාජකාරි කටයුතු කළේ ඉතාමත් අදක්ෂ අකාර්යක්ෂම අයකු ලෙසිනි.

අලුත් පත්කිරීම නිසා පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ සිත් කලකිරී ගියේය. කුසලතාවත්, ජ්‍යෙෂ්ඨත්වයත් පරයා ආගමට තැන දීම බොහෝ අයගේ කනස්සල්ලට හේතුවිය. බෞද්ධ – ක්‍රිස්තියානි, සම්බන්ධතා මෙන්ම රටේ සිංහල – දමිල සම්බන්ධතාවලට ද හානි පැමිනුණේය. ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට කටකතා පැතිර ගියේය.. බණ්ඩාරනායකගේ  ‘සිංහල බෞද්ධ’ ආණ්ඩුව කඩා කප්පල් කිරීමට ‘ක්‍රිස්තියානි මෙහෙයුමක්’ දියත් වන බවට කසු කුසු ඇසෙන්නට ගත්තේය. පොලිසියේ හා හමුදාවේ ඉහළ නිලධාරීන් ඊට හවුල් වී සිටිතැයි චෝදනා එල්ල විය.

මෙකී සැබෑ නොවන ‘කුමන්ත්‍රණ කතාව’ පටන් ගැනුණේ ඔස්මන්ඩ් ද සිල්වා පොලිස්පති ධුරයේ සිටි කාලයේය. කොළඹ, හැව්ලොක් පාරේ වාසය කළ ආයුර්වේද වෛද්‍යවරයකු වූ  භික්ෂුවක්, පොලිසියේ කතෝලික ක්‍රියාකාරීන්, සන්නද්ධ හමුදා නිලධාරීන් හා එක්ව රජයට එරෙහි කුමන්ත්‍රණයක යෙදී සිටිතැයි පොලිස්පතිවරයාට ඔත්තුවක් දුන්නේය.

එම හිමිනම කී පරිදි එම කුමන්ත්‍රණයේ මහ මොළකරු  ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිපති සිඩ්නි ද සොයිසාය. ඥාණිස්සර හිමියන්, මහමොළකරු බවට සිඩ්නි ද සොයිසාට ඇඟිල්ල දිගු කළ විට ඔස්මන්ඩ් ද සිල්වාව විසින් රජයේ ඒ පිළිබඳ විමර්ශනයක් දියත් කළේය. එහෙත් එම විමර්ශනය කරගෙන යද්දී ඔස්මන්ඩ් ඉවත්කොට, අබේකෝන්,  පොලිස්පති තනතුරට පත්කරුනු ලැබුවේය.

මෙහිදී අලුත් පොලිස්පතිවරයා කරන ලද වරදක් වූයේ ද සොයිසා සැක කරමින් කරන ලද කුමන්ත්‍රණයක් පිළිබඳ පරීක්ෂණ ගොණුව වැඩිදුර කටයුතු කිරීම සඳහා සොයිසා අතටම භාරදීමය. එහි ප්‍රතිඵලයක් ලෙස තමාට එරෙහිව විමර්ශනය කළ පොලිස් නිලධාරීන් කෙරෙහි සොයිසා වෛර බැඳගත්තේය. පසුව සැක කරන ලද කුමන්ත්‍රණයේ සැක දුරු වී එම විමර්ශන නවතා දැමිණි. සිඩ්නි ද සොයිසා නිවැරදි කරු කරන ලදී.

සිඩ්නි ද සොයිසා

ඒ නිසා කාලයත් සමග කටකතා පැතිර යාම නැවතුනේ නැත.. සිඩ්නි සොයිසා මහ මොළකරු ලෙස ක්‍රිස්ත්‍රියානි කුමන්ත්‍රණයක් මෙහෙයවන බවට කට කතා පැතිරිණි. බොහෝ දෙනා එය විශ්වාස කිරීම  සිඩ්නිගේ ගරුත්වයට බලපෑවේය. ජේ.ආර්. ජයවර්ධන කුමන්ත්‍රණ ක්‍රියාවලට පෙළඹී නොසිටින ලෙස සිඩ්නිට  අවවාද කළ බව ද කියවේ. 1959 මෙම කුමන්ත්‍රණ කතාව බොරු අනතුරු ඇඟවීමක් වුව ද තවත් තුන් වසරක් ගත වෙද්දී දේශපාලන ක්ෂිතිජයේ තවත් කුමන්ත්‍රයක්  දිස්වෙන්නට ගත්තේය. එය සැබෑ කුමන්ත්‍රණයක් වූයේය.

ඩී.බී.එස්.ජෙයරාජ් විසිනි

2022.1.22 Daily Mirror පුවත්පතේ පළවූ DISGRUNTLEMENT WITIN ARMUAND POLICE TOP BRASS ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ



අදහස් (1)

1962 කුමන්ත්‍රණයේ මුල හමුදාවේ-පොලිසියේ කලකිරීමද?

sachith Tuesday, 22 February 2022 12:42 PM

මේක කියෙව්වනම් ඕනෑම කෙනෙකුට තේරෙනවා මේ රටේ අහිංසක කොල්ලෝ දහස් ගණනක් මැරුණා. අබ්බගාත කරපු කුමන්ත්‍රණය ආරම්භ කරපු කලු වසල සුද්දා කවුද කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 277 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1206 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 588 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1795 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1333 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site