දරුණු ආර්ථික අර්බුදයකට පසු අලුත් අපේක්ෂා පැන නැගෙන වකවානුවකි. 2023 වසර සඳහා වන අය වැය ලේඛනය අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිතය. එහි අන්තර්ගතය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ව්‍යුහය කෙරෙහි තීරණාත්මක සාධකයක් වනු ඇත. පසුගිය වසර දෙක තුනක කාලය තුළ ආර්ථිකය පැවැති ආකාරය සුබදායක එකක් වූයේ නැත. එහි පීඩනය මහජනතාවට දැනිණ.
ජීවත්වීමේ අපහසුව අරගලයක් දක්වා වර්ධනය වූ අතර ජනතා ඡන්දයෙන් බලයට පත් වූ විධායක ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්නට සිදුවිය. ආණ්ඩුවේ සංයුතිය වෙනස් වූ අතර එයින් ඉනික්තිබිතිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකත්වයට පත්විය. අලුත් යුගයකට රට ඇතුළු කරන අතර ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා සැලැස්මක් වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරනු ඇතැයි සැලකේ.
අය වැය ආණ්ඩුව ආර්ථිකය හසුරුවන ආකාරය පෙන්නුම් කරන සැලැස්මකි. හුදෙක් රටේ ආදායම හා වියදම සලකා බලන ඉලක්කම් පමණක් අය වැය නොවේ. අනාගතය ගොඩනගන දර්ශනයක් ගැබ්ව ඇත. ජාත්‍යන්තරයේ පවතින සංකීර්ණ කරුණු සලකා බලනවිට අර්බුදය අවසන් නැත. ඉවසීමෙන් සහ තීක්ෂණ බුද්ධියකින් යුතුව හැසිරවිය යුතුව තිබේ. යල්පැන ගිය මතිමතාන්තර, පටු දේශපාලන ආකල්ප වලින් පුනර්ජීවනයක් ඇති නොවේ. වෙනස් රාමුවක් රටට අවශ්‍යය. ප්‍රසාරණයක් වුවමනා කෙරේ. තීන්දු ගැනීමට ධෛර්යයක් ඇති අය වැය යෝජනා ඉදිරිපත් කෙරේ දැයි විමසිලිමත්විය යුතුය.
අරගලය මතු කරන ලද කරුණු යටපත් නොවේ
පරිවර්තනයක් අවශ්‍ය බව අවධාරණය කළ තරුණ අරගලය අමතක කළ යුතු නැත. රට පුරා විවිධ පළාත්වලින් නැගී ආ ජන රැල්ල පාලනය කරගත හැකි වී ඇති නමුත් එය හැඟීම් පාලනය කිරීමක් පමණකි. මූලික ප්‍රශ්න විසඳී නැත. අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍ය, නිවාස යන අංශ පමණක් නොව ජීවත්වීම ද අපහසු කාලවකවානුවකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන දක්වන පරිදි ජනගහනයෙන් සියයට විසි අටකට ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවිය හැක. මෙකී ස්වභාවයට දෙන උත්තරය කුමක්ද?
ඉතිහාසයේ සිට රටට බලපා ඇති කරුණු ගැන සාවධාන විනිශ්චයක් නොතිබුණි. උතුරේ හා දකුණේ කැරළි, ත්‍රස්තවාදය අවසානයේ දී අරගලය මතු කළ කාරණාවලින් බැහැරවීම තුළ අවදානමක් තිබේ. අභ්‍යන්තරය හඳුනාගෙන මූලික ප්‍රශ්නවලට උත්තර සැපැයිය යුතුය. කැළඹීමක් ඇති වූ සමාජය තාවකාලිකව තැන්පත්වී ඇති අතර මෙතැනින් ඔබබ්ට පැවැත්ම සම්බන්ධයෙන් ආණ්ඩුව පමණක් නොව විපක්ෂ දේශපාලන පක්ෂවලට පවා වගකීමකින් ක්‍රියා කරන්නට සිදුවේ. 2023 අය වැය යෝජනාවලට මෙතෙක් පැවැති සම්ප්‍රදායික ක්‍රම වෙනුවට වෙනස් රාමුවක් සකස් කරන්නට පොළඹවන දැක්මක් අවශ්‍ය කෙරේ. මහජනතාව ඉල්ලා සිටි, අරගලය බලකරන ලද මූලික කාරණා කෙරෙහි සාවධානවීමට ආණ්ඩුවේ ආර්ථික දර්ශනය සූදානම්ද?
ගෙවීයන 2022 වසර සඳහා අතුරු අය වැය යොජනාවක් ඉදිරිපත් කළේය. රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය එමගින් ඉලක්ක කෙරිණ. තමන්ගේ ආදායම එහි දී ආණ්ඩුව තෝරාගෙන තිබුණි. බිඳ වැටුණ ආර්ථිකය ගොඩනගන්නට තෝරාගත්තේ ජනතාවගෙන් උපයා ගැනීමය. එක්තරා සීමාවක් දක්වා ජනතාවගේ කැපවීම ද අවශ්‍ය බව පිළිගත හැකිය. මහජනතාව නගාසිටුවීම සඳහා පත්කරගත් ආණ්ඩුව ජනතාව අත ඇති සම්පත්වලින් නැවත අත්පත්කර ගැනීම යුක්තිසහගත නැත.
විසර්ජන පනත් කෙටුම්පත අඟවන ලද කරුණු
අය වැය සකස් කරන ආණ්ඩුව තමන්ගේ වියදම් අභිලාශය පාර්ලිමේන්තුවට විසර්ජන පනතක් වශයෙන් ඉදිරිපත් කළේය. ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම රු. බිලියන 7,885 කි. මෙම වියදම කළමනාකරණය කරගැනීම සඳහා රු. බිලියන 4,429 ක දේශීය හා විදේශීය ණය ගැනීමට අපේක්ෂා කරන බව දක්වා ඇත. අය වැය හිඟය පියවන ආකාරය යෝජනා කිරීම අද සිදුවේ. 2022 වසරේ අය වැය හිඟය රු. බිලියන 1,628 ක් වූ අතර අතුරු අය වැය මගින් එය රු. බිලියන 2,333 ක මුදලක් දක්වා සංශෝධනය කළේය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට දහයකට ආසන්න හිඟයක් විය හැකි බව ප්‍රකාශ වේ.
සාමාන්‍යයෙන් අය වැය මගින් ඇස්තමේන්තු කරන වියදම ඉක්මවා වියදම් කරන ආණ්ඩු අවසානයේ අතිරේක ඇස්තමේන්තු මගින් ආවරණය කරගනියි. ඉතිහාසයේ සිට ඉදිරිපත් කරන ලද කිසිම අයවැය වාර්තාවක් වසර අවසන් වන විට ඒ ආකාරයෙන් අවසන් වූයේ නැත. ඉතාම තද මුල්‍ය පාලනයක් යටතේ පවා රජයේ වියදම පාලනය කරගත නොහැකිවේ. අනපේක්ෂිත වියදම් පියැවීමට අනුගමනය කරන උපාය මාර්ග සංකීර්ණ තත්ත්ව ඇති කරයි. දේශීය වශයෙන් ණය ගැනීම කරන අතර ඒවා පියැවීමට මුදල් අච්චුගැසීම සිදුකෙරේ.
ඉදිරිපත් කරන අය වැය අනුව රජයේ වියදම් අතර ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය කැපී පෙනේ. එය රු. බිලියන 410 කි. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වියදම රු. බිලියන 129 කි. කුඩා ආර්ථිකයක් සහිත රටක් ආරක්ෂාවට කරන අධික වියදම විවේචනයට ලක්ව ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා වෙන්කරන ලද මුදල රු. බිලියන 322 කි. අධ්‍යාපනයට රු. බිලියන 232 ක් වන අතර සමාජ සුබසාධන පිරිවැය රු. බිලියන 572 ක් බව දැක්වේ. රාජ්‍ය පරිපාලනයට වෙන් කරන මුදල රු. බිලියන 856 කි. එයින් රු. බිලියන 353 ක් රජයේ සේවක විශ්‍රාම වැටුප් සඳහාය. ණය පොලී ගෙවීම සඳහා වූ රජයේ වියදම රු. බිලියන 36.5 ක් වී ඇති අතර එය කලින් වසරට වඩා සියයට පනස් පහකින් වැඩි වී ඇති බව පෙනේ.
ඉහළ උද්ධමනයෙන් මහජනතාවට පීඩාවක්
ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය සියයට 66 ක් බව ඔක්තෝම්බර් මාසයේ දත්ත අනාවරණය කරයි. එය සැප්තැම්බර් මාසයේ පැවැති සියයට 69.8 ට වඩා සුළු අඩුවීමකි. ආහාර ද්‍රව්‍ය සඳහා බලපා ඇති උද්ධමන අනුපාතිකය සියයට 85.6 කි. ජීවත්වීම කිසිසේත් පහසු නැති බව මෙමගින් ඇඟවේ.
ලෝක බැංකුව සඳහන් කරන පරිදි ආහාර උද්ධමනය අතින් ලෝකයේ ඉහළම තැනක පවතින රටවල් පහක් වර්තමානයේ ඇත. සිම්බාබ්වේ, වෙනිසියුලාව, තුර්කිය, ලෙබනන් සහ ශ්‍රී ලංකාව යන රටවල්ය. ඉන්ධන, විදුලිය, ගෑස්, ජලය යනාදී අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍යවල මිල වෙනස්වීම මෙහිලා බරපතළය. විනිමය අනුපාතිකය වෙනස්වීම ද අහිතකර තත්ත්වයක් සේ බලපා තිබේ. උද්ධමනය සලකා බලා අය වැය මගින් වැටුප් සංශෝධනයක් සාමාන්‍යයෙන් යෝජනා කෙරේ.
2022 අය වැය මගින් රජයේ සේවක වැටුප් වැඩි කරන ලද අතර එම වැඩි කිරීම යෝජනා කළේ ආණ්ඩුවට එන ආදායම ගැන තක්සේරුවක් රහිතවය. මූල්‍ය වාර්තා අනුව රාජයේ බදු ආදායමෙන් සියයට 86 ක් වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන්නට වැය කෙරේ. මෙම ප්‍රතිශතය තවත් වැඩි කරන සහ තවත් ණය ගැනීමට සිදුවන පරිදි රජයේ සේවක වැටුප් වැඩි කිරීම කළ නොහැකි බව පැහැදිලිය.
ජනතාවට සහන සහ රජයේ සේවක වැටුප් වැඩි කිරීම ජනප්‍රිය යෝජනාවකි. ආණ්ඩුව ඉදිරිපත් කරන අය වැය එවැනි කරුණු ඉදිරිපත් නොකරන අතරවාරයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට අවස්ථාවක් ඇත. දූෂණය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන දරුණු විවේචන කරන අතර ඒවා පාලනය කර ජනතාවට සහන දිය නොහැකි මන්ද යන ප්‍රශ්නය මතු කරනු නිසැකය. අතුරු අය වැය ආදායම් බදු සංශෝධනය කළේය. සමාගම් බදු නැංවීය.
වැට් බද්ද සශෝධනය කළ අතර අපනයනවලට පවා බදු පැනැවීය. බදු පනවන අතර ජනතාවට සහන නැති ආණ්ඩුවක් පලක් නැති බව අයවැයට පසු විපක්ෂයේ හඬ විය හැකි බව පෙනේ. කෙසේ නමුත් රට ගොඩනගන්නට නම් ආයෝජනයක් වුවමනා කෙරේ. අලුතින් ධනය පොම්ප කළ යුතුය. රජයේ අය වැය හිඟය 2023 වසරේ දී ද සංවර්ධන කටයුතු සඳහා සූදානමක් නැති බව අඟවයි.
ශ්‍රී ලංකාව පත්ව සිටින ඉරණම එක පුද්ගලයකු ගේ හෝ එක ආණ්ඩුවක වරදක් නොවේ. ආණ්ඩු හා සමානව විපක්ෂ දේශපාලන පක්ෂ ද වගකිවයුතුය. බලයට පත්වන ආණ්ඩුවකට තීරණ ගන්නට ඉඩ නොදෙන වෘත්තීය සමිති, සංවිධාන හා ආගමික නායකයන් අද පවතින ඉරණමෙහි කොටස්කරුවෝය. ශ්‍රී ලංකාව හා සමාන තැනක සිටි ලෝකයේ අනෙක් රටවල් අද ඉදිරියෙන් සිටී. අද ඉදිරිපත් කරන අය වැය සංවර්ධනය අරමුණු කරගෙන තීරණ ගැනීමට බලකරන එකක් කරගත යුතුය. දේශපාලන හා බහුජන සංවිධාන රටේ ආර්ථිකය නංවන අලුත් ක්‍රියාකාරකම් ඉදිරියේ සාධාරණ විවේචනයකට යා යුතුය.
ආර්ථිකයට අලුත් ජවයක් උත්පාදනය කරන මගක්
ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම අනුව 2023-25 කාලය තුළ සියයට දෙකක වර්ධනයක් අපේක්ෂා කෙරේ. 2023 අවුරුද්දේ ද ඍණ 4.2 ක ආර්ථිකයක් විය හැකි බව දැක්වේ. පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනයේ වෙනස්කම්, ඍජු විදේශ ආයෝජන කැඳවීම, ආහාර සුරක්ෂිතතා වැඩ පිළිවෙළ සහ විදේශ රැකියා කරන පිරිසගෙන් විනිමය ගෙන්වා ගැනීම යෝජනා අතර ඇත. මේවා මහත් පිබිදීමක් ඇති කරන අංශ නොවේ. ඉකුත් දශක හය තුළ අත්හදා බලා ඒවායෙන්ම පාඩම් ඉගෙන නොගත් පැති බව සඳහන් කළ යුතුය. රජය ව්‍යාපාර කිරීමත්, මහජනතාව බලාගැනීමත්, සේවා සැපැයීමත් යන සියලු කාරණා කරගෙන යෑම තුළ පරස්පරතා පැනනගී. මෙකී කාරණා ගැඹුරින් සලකා බලා ව්‍යුහාත්මක වෙනස්කම් 2023 අය වැය මගින් යෝජනා කිරීම උචිතය.
ඛනිජ තෙල්, විදුලිය, ගුවන් සමාගම් හා ගුවන් තොටුපොළ විශාල අලාභ සහිතව පවත්වාගෙන යා යුතු ද යන්න ප්‍රශ්න කළ යුතුය. දෙස් විදෙස් සමාගම්වලට අවස්ථා සැපැයීමෙන් ආයෝජනය හා අලුත් තාක්ෂණය රටට ලැබේ. එය රැකියා ලැබෙන රටට බදු ආදායම ගෙන දෙන පැත්තකි. විදුලි සංදේශ හා රක්ෂණය වැනි අංශ වලින් ආණ්ඩුව උගත් පාඩම් අනෙක් ක්ෂේත්‍රවලට ඇතුළු නොකරන්නේ ඇයි.? නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගත යුතු බවට ආණ්ඩුවත්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධානත් ගැටෙන අතරවාරයේ පාසල් අධ්‍යාපනයේ සිට රජයේ බලය ගිලිහෙමින් පවතී.
නගරබද පාසල්වල එක්තරා පැලැන්තියක දරුවෝ උසස් පෙළ අත්හැර කෙළින්ම උපාධිය හදාරන අතර එයට පදනම් පාඨමාලා ඇත. අවුරුදු ගණන් විභාග හා විශ්වවිද්‍යාලවල වර්ජනවලට ගොදුරු නොවන පරම්පරාවක් නිර්මාණය වෙමින් පවතී. ආණ්ඩුව අය වැය මගින් පුළුල් අවස්ථා සැපැයිය හැකිය. විදුලිය, ඛනිජ තෙල්, සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවල පෞද්ගලික අංශයේ ආයෝජන රටට අලුත් ජවයක් සපයනු ඇත. මෙම පරිවර්තනීය අවකාශය වෙනුවෙන් අය වැය පෙනී සිටිය යුතුය.
ජනතාව ජීවත් වෙන්නේ බදු ගෙවන්නට ද?
පළාත් පාලන, පළාත් සභා මට්ටමේ දී බදු අය කෙරේ. රජයේ ආදායම් හා වැට් බදු අමතරවය. ආනයනයේ දී හා අපනයනයේ දී ද අධික බදු පැනවේ. ජනතාව ජීවත් වෙන්නේ මෙම බදු ගෙවන්නට ද යන ප්‍රශ්නය මතු කළ යුතුය. රටක පැවැත්ම සඳහා බදු අවශ්‍යය. බදු අය කිරීම ගැන හින්දු අධිරාජ්‍යයකු වූ චන්ද්‍ර ගුප්ත වෙත දෙන ලද කෞටිල්‍ය ගේ උපදේශය පෙරදිග න්‍යායකි. බදු අය කළ යුතු ජනතාවට ගෙවාගත හැකි පරිදි බව හෙතෙම දක්වා ඇත. අධික උද්ධමන, ඉවැසිය නොහැකි බදු සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව රටක විනාශයට හේතුවේ. 2023 අය වැය මෙම දර්ශනයට ඇතුළුවිය යුතුය. තරුණ පෙළ රට හැර යන්නේ ඇයි? අනාගතය ගැන ඇති සැක එයට හේතුවකි.
අධික බදු හා අධික උද්ධමනය අද රටට ඉසිලිය නොහැක. කර්මාන්තකරුවෝ ව්‍යාපාර නතර කරන්නටත් රුපියල් ලක්ෂයකට වඩා උපයන පිරිස් ඒවා සඟවන්නටත් වෑයම් කරන රටක ධනය උත්පාදනය නොවේ. කලු සල්ලි සහ ඒවා නීති විරෝධීව තැන්පත් කරන තැන් ගැන ආන්දෝලන හටගන්නේ ඇයි? පවතින ක්‍රමය තුළ ඇති හිඩැස් හේතු කොටගෙන බව අවධාරණය කළ යුතුය. අය වැය කළ යුතු මහජනතාවගේ ධනය හෙළිදරව් වන සහ එම ධනය නැවත නැවත ආයෝජනය වන පරිදි සැලසුම් සකස් කිරීමය.
රජයේ නීති වැඩි කරන අතර බලපත්‍ර ක්‍රම තර කරන වාරයක් පාසා මිනිස්සු ඒවායෙන් වංචා කරන්නට අවස්ථා සොයා ගනිති. ඒවා වළකන්නට දහස් ගණනින් ආයතන හා නිලධාරීන් බඳවා ගැනීම උත්තරය නොවේ. රටක රාජකාරි සරල හා සූක්ෂම කළ යුතු අතර එයට අවශ්‍ය දැක්ම අය වැයට සම්පාදනය කළ හැක.
බාධාවකින් තොරව ආයෝජනයට ඉඩ සැලසීම එක උපායකි. එක දිස්ත්‍රික්කයකින් අලුත් ආයෝජකයකු හඳුනාගන්න. එම ආයෝජකයාට දෙන පහසුකම් අනුව වෙනස්කම් ඇති කළ හැකිය. ව්‍යාපාර පහසුකරණය ලෝකයේ පිළිගත් මතයකි. ශ්‍රී ලංකාව ගමන් කරන්නේ එයින් එපිටටය. අය වැය මගින් අද පවතින ව්‍යුහය හා අනාගතයට ගත යුතු තීරණ ගැන විමර්ශනයක් කළහොත් රටට අනාගතයක් තිබේ.
සාරා කන්දෙගොඩ
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
2023 අයවැය ඉදිරි ගමනට වැදගත් වන්නේ ඇයි?
AB Tuesday, 15 November 2022 06:46 PM
2023 අයවැය ඉදිරි ගමනට වැදගත් / සාර්ථක වන්නේ සියලු පාර්ලිමේන්තුවේ පක්ෂ එක්ව සර්ව පර්ක්ෂික ආණ්ඩුවක් බිහිකර අර්බුද සහ ගැටළු සදහා විසදුම් ලබාදුනහොත් පමණි.
උදෙශ් බණ්ඩාර Thursday, 17 November 2022 05:04 PM
අපොස උසස්පෙළ සමත් අය සිටියදී අට සමත් අය රැකියා සදහා බදවා ගත් පිරිස් ඉවත් කර උසස් පෙළ සමතුන්ට ලබා දෙන්න. රජයට අනුබද්ධ අර්ධ රාජ්ය සෙවකයන්ගෙ සුදුසුකම් මත සෙවයෙ පිහිළටවා ස්ථීර කරන්න එවිට නවක සෙවකයින් රාජ්ය සේවය සඳහා බදවා නොගන්න.