IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


56 මැතිවරණයේ තීරණාත්මක සාධකය

(මෙම ලිපියේ මුල් කොටස 2022 මාර්තු 03 වැනිදා පත්‍රයේ පළවිය)

2022 මාර්තු 3 වැනිදා ලංකාදීප පත්‍රයේ පළවූ නීල් ක්වින්ටස් ඩයස් පිළිබඳ ලිපියේ පළමු කොටස නිමා වූයේ මෙසේය. ‘‘1956 අප්‍රේල් මාසයේ මැතිවරණය පවත්වන්නට තීරණය විය. සිංහල බෞද්ධ ක්‍රමෝපායවාදී නීල් ක්වින්ටස් ඩයස් 1956 පාර්ලිමේන්තු මැතිවරණය උදෙසා ක්‍රියාකාරී වූයේය.’’

ඩයස් එම මැතිවරණය උදෙසා ක්‍රියාකාරී වන්නට පෙළමුණේ ඇයි. ඒ කෙසේද?

අගමැති සර් ජෝන් කෙතලාවල විසින් නායකත්වය හෙබවූ එ.ජා.ප ආණ්‍ඩුව 1956 පෙබරවාරියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. නව මැතිවරණය 1956 අප්‍රේල් මාසයේ පවත්වන්නට දින නියම වූ විට නීල් ක්වින්ටස් ඩයස් දීර්ඝ කාලයක් තිස්සේ සිත දරා සිටි අරමුණු යථාර්ථවත් වන සෙයක් පෙනෙන්නට ගත්තේය. එවකට බලයේ සිටි එජාප රජය පරාජයට පත්ව අලුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලයට පත්වීමේ හැකියාවක් ඇති බව පැහැදිලිව දිස්වූයේය. එකී මැතිවරණ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා කෙටි කාලයක් තුළ තවත් කළ යුතු දෑ බෙහෝ තිබිණි.

පසුගිය ලිපියේ කී පරිදි චානක්‍ය වන්ද්‍රගුප්තව සිහසුනේ හිඳවන්නට පසුබිමේ සිට කටයුතු කළාක් මෙන් එන්.කිව් ඩයස් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්‍ඩාරනායක අගමැති පදවියේ තබන්නට පසුබිමට වී අනලස්ව සහාය දුන්නේය. රෙජිස්ටාර් ජෙනරාල් තනතුර දැරූ සිවිල් සේවකයකු වූ එන්.කිව් පසුබිමේ සිට අනෙක් අය කීර්තියට නංවා තෘප්තිමත් වූයේය.

කෙසේ වුවද 1956 බණ්ඩාරනායකගේ ජයග්‍රහණය උදෙසා එන්.කිව් ඉටු කළ කාර්ය භාරය තේරුම්ගත්තේ හෝ අගය කළේ ස්වල්ප දෙනකු පමණකි. විවිධ මට්ටමේ දේශපාලන ස්වභාවයේ රහස් සාකච්ඡාවල නිරතවූ ඩයස් පාර්ලිමේන්තු මැතිවරණයට පෙර අවශ්‍ය ප්‍රගතිය තහවුරු කරගන්නට යුහුසුළුව ක්‍රියා කළේය.

මහජන එක්සත් පෙරමුණ

තමා පසුබිමේ නොපෙනී හිඳ දේශපාලන ගමනේ යෙදුණු තවත් අයගේ උදව් ලබාගත් එන්.කිව් ඩයස්, මැතිවරණ සන්ධානයක් ගොඩ නගා සිංහල සමාජයේ ප්‍රබල අංශවල සහයෝගය ලබා ගන්නටද එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට සහාය වූයේය. 1956 පෙබරවාරි 22 වැනිදා මහජන එක්සත් පෙරමුණ නම් සභාගය පිහිටුවන ලදී. ඊට පාර්ශ්‍ව කරුවන් සිව් දෙනෙක් අත්සන් තැබූහ.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක (ශ්‍රීලනිප) ෆිලිප් ගුණවර්ධන (විප්ලවකාරී සම සමාජ පක්ෂය), විජයානන්ද දහනායක (සිංහල භාෂා පෙරමුණ) සහ අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල ස්වාධීන අපේක්ෂකයකු ලෙසද මහජන එක්සත් පෙරමුණට එක් වූහ. මහජන එක්සත් පෙරමුණ ප්‍රධාන පක්ෂයේ ඡන්ද ලකුණු වූ අත ලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත වූයේය.

සභාගය නිර්මාණය කළ පසු බණ්ඩාරනායක ට්‍රොස්කිවාදී සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සමග නිතරග ගිවිසුමකට එළඹියේය. එජාප විරෝධී ඡන්ද තැන් කිහිපයකට කැඩී යාම එයින් වැළකුණේය. එක්සත් භික්ෂු පෙරමුණ හරහා බෞද්ධ නිකායයන්ගේ සහයෝගය ලබා ගැනීමද වඩාත් වැදගත් වූයේය.

ඊට අමතරව සමහර බෞද්ධ සංවිධාන සහ ප්‍රමුඛ පෙළේ පුද්ගලයෝද මහජන එක්සත් පෙරමුණ කඳවුරට සම්බන්ධ වූවෝය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. වෙත ප්‍රබල සහයෝගය ඒකරාශී කිරීමේ දේශපාලන ව්‍යායාමය අරමුණු කරගත් තීරණාත්මක යටිබිම් කාර්ය භාරය ඉටු කළේ එන්.කිව්. ඩයස්ය.

මහජන එක්සත් පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේය. කලින් කී පරිදි ප්‍රධාන මැතිවරණ පාඨය වූයේ සිංහලය එකම රාජ්‍ය භාෂාව කිරීමත් බෞද්ධයන්ට සිදුවූ ඓතිහාසික වැරැදි නිවැරැදි කිරීමත්ය. එන්.කිව්. ඩයස්ගේ මැතිවරණ මූලෝපාය අරමුණ වූයේ මහජන මතය, බටහිර, විරෝධී, ක්‍රිස්තියානි විරෝධී, දමිළ විරෝධී බවට හරවා රටේ සිංහල බෞද්ධ ආකල්ප මුදුන්පත් කිරීමය. මැතිවරණ ව්‍යාපාරයේදී දමිළ විරෝධී හඬ උච්ච ස්වරයෙනුත් ක්‍රිස්තියානි විරෝධී හඬ මන්ද්‍ර ස්වරයෙනුත් නැගිය යුතුවිය.

නිතරග ගිවිසුමකට එළැඹි මහජන එක්සත් පෙරමුණ සහ වාමාංශික පක්ෂ රාජ්‍ය භාෂාව සම්බන්ධයෙන් එකිනෙකාට විරුද්ධ මත දැරීම උත්ප්‍රාසයට කාරණයක් වූයේය. මහජන එක්සත් පෙරමුණ සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කළ යුතුය යන මතය දැරූ අතර ලසසප හා කොප ස්ථාවරය වූයේ සිංහල හා දමිළ යන භාෂා දෙකට සම අයිතිය තිබිය යුතුය යන්නයි. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී කැපීපෙනෙන ලෙස එන්.කිව්. ඩයස් ඉදිරිපත් නොවූවද මැතිවරණ ව්‍යාපාරය පුළුල් ලෙස විපරම් කරමින් ක්‍රියාකාරී ලෙස ගමන් බිමන්වල යෙදුණේය.

එවකට පාර්ලිමේන්තුවේ ආසන අනූපහක් තෝරාපත් කර ගැනුණු අතර හය දෙනකු පත් කළ මන්ත්‍රීවරු වූහ. බහුතර ඡන්ද සංඛ්‍යාව දිනූ මන්ත්‍රීවරයා ජය ගන්නා ක්‍රමය අනුගමනය කෙරිණි. 1956 මැතිවරණය අප්‍රේල් 5 දින සිට 10 දක්වා වරින් වර පැවැත්වූ අතර 1960 ට පෙර මෙරට පැවැතියේ එම ක්‍රමයයි. ප්‍රතිඵල නිකුත් කරද්දී ම.එ.පෙ. බලාපොරොත්තු වූ පරිදි විශිෂ්ට ජයක් අත්පත් කරගෙන තිබුණ අතර එජාප අන්ත පරාජයට පත්ව තිබිණි.

ම.එ.පෙ. විශිෂ්ට ජයග්‍රහණය 

මහජන එක්සත් පෙරමුණෙන් තරග කළ අපේක්ෂකයන් 60 දෙනාගෙන් 51 දෙනෙක් ජයගත්හ. අනෙක් අතට එජාප අපේක්ෂකයන් 76 දෙනකු ගෙන් ජය ගත්තේ අට දෙනෙකු පමණි. විපක්ෂ නායක පදවිය හෝ එජාපයට හිමිවූණේ නැත. ලසසප නායක විපක්ෂ නායකයා බවට පත් වූයේ ආසන 21 කින් එම පක්ෂය ආසන 14 ජයගත් පසුවයි. ෆෙඩරල් පක්ෂය යනුවෙන් හැඳින් වූ ඉලංකෙයි තමිල් අරසුකච්චි (ITAK) තරග කළ ආසන 14 කින් 10 ක් ජය ගත්තේය.

කොමියුනිස්ට් පක්ෂය තරග කළ ආසන 9 න් 3 ක් ජය ගත්තේය. සමස්ත ලංකා දමිළ කොංග්‍රසය අනෙකුත් ස්වාධීන අපේක්ෂකයෝ ඉතිරි මන්ත්‍රී ධුර 9 ය දිනාගත්තෝය. ඒ අය අතුරින් ස්වාධීනව මහජන එක්සත් පෙරමුණට පක්ෂව තරග වැදුණු ආර්.ජී. සේනානායක කැලණිය හා දඹදෙණිය යන ආසන දෙකම ජය ගත්තේය.

අගමැති ධුරයට පත්වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්‍ඩාරනායක ගොඩ නැගූ ම.එ.පෙ. ආණ්‍ඩුව අපේ ආණ්‍ඩුව ලෙස හඳුන්වනු ලැබීය. මඑපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් බණ්‍ඩාරනායක ඉංග්‍රීසි ඉවත්කොට ඒ වෙනුවට සිංහල රාජ්‍ය භාෂාව බවටත් පත් කළේය. කෙසේ වුවද පරිපාලන කටයුතුවලදී දමිළ භාෂාව භාවිතා කළ හැකි වන පරිදි කෙටුම්පතට වගන්තියක් ඇතුළත් කරන ලෙස ඔහු යෝජනා කළේය. එයට එන්.කිව්. ඩයස් සහ බෞද්ධ ජාතික බලවේගයේ නායක එල්.එච්. මෙත්තානන්ද වැනි අය කැමැති නොවූහ.

දමිළ බසට ප්‍රතිපාදන සැපයීමට විරෝධය පාමින් වැලිමඩ මන්ත්‍රී කේ.එම්.පී. රාජරත්න සහ මහාචාර්ය එෆ්.ආර්. ජයසූරිය පාර්ලිමේන්තුවේ පඩිපෙළ මත හිඳගෙන මාරාන්තික උපවාසයක නිරත වූහ. පරිපාලන කටයුතුවලදී නිල වශයෙන් දමිළ භාෂාව භාවිතා කළ හැකි ආකාරයට පනත් කෙටුම්පතේ ප්‍රතිපාදන ඇතුළත් කිරීමේ අදහස එවිට බණ්ඩාරනායක අතහැර දැමුවේය. රාජරත්න හා ජයසූරිය උපවාසයකට පෙළඹවීමේ සැඟවුණු කර්තව්‍ය එන්.කිව්. ඩයස්ට හුරු පුරුදු යටිකූට්ටු වැඩකැයි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්‍ඩාරනායක සැක කළේය. ඩයස් සහ උපවාසය කළ දෙදෙනා අතර පැවැති සබැඳියාව බණ්ඩාරනායක හොඳින් දැන සිටීම ඊට හේතුවයි.

මෙම සැකය නිසා බණ්‍ඩාරනායක හා එස්.කිව්. අතර බිඳීයාමක් ඇතිවිය හැකිව තිබිණි. බණ්ඩාරනායක බලයට ගෙන එන්නට එන්.කිව්. උපාය උපක්‍රම යෙදෙව්වද ඔහු බණ්ඩාරනායක සිංහල බෞද්ධ අරමුණු උදෙසා නිර්ව්‍යාජව කැප වන්නේද යන්න පිළිබඳ නිරන්තර සැක කළේය. සිංහල බෞද්ධ ආධිපත්‍යයට බණ්‍ඩාරනායක දායක වූයේ එම දර්ශනය කෙරේ සැබෑ විශ්‍වාසයකින් තොරව මැතිවරණ ප්‍රෝඩාවක් ලෙසයයි. ඔහු සිතුවේය.

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂක

එසේ වුවද ම.එ.පෙ. ජයග්‍රහණය උදෙසා එන්.කිව්. ඉටුකළ කාර්ය භාරයට බණ්ඩාරනායක අතිශය කෘතඥ වූයේය. තමා කැමැති ඕනෑම අමාත්‍යාංශයක නිත්‍ය ලේකම් පදවිය තෝරා ගැනීමේ වරය ඔහු එන්.කිව්. ඩයස්ට පිරිනැමුවේය. එම වරය ප්‍රතික්ෂේප කළ ඔහු සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමේ තනතුරක් වූ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ධුරය ඉල්ලා සිටියේය. මෙයින් මවිතයට පත්ව බණ්ඩාරනායක එන්.කිව්.ගේ ක්‍රියා කලාපය සැකයට භාජන කළ සෙයක් පෙනිණි.

ඒ සම්බන්ධයෙන් බණ්‍ඩාරනායක වැරදි නැති බව හිටපු ආණ්‍ඩුවේ ඒජන්ත නෙවිල් ජයවීර ප්‍රකාශ කළේය. ‘‘එස්.ඩබ්ලිව්.ආර්.ඩී.ගේ සැකය හොඳ පදනමක පිහිටා ඇති කරගත් සැකයකි. එන්.කිව් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ධුරය තෝරා ගැනීම ඔහුගේ උපක්‍රමශීලී භාවයට දෙස් දෙන්නකි. මෙම තනතුර නිසා සංඝයාට වඩාත් සමීපව කටයුතු කිරීමේ අවස්ථාව සළසා ගන්නටත් දේශපාලන බල කඳවුරක් ස්ථාපිත කරගන්නටත් ඔහුට ඉඩ ප්‍රස්ථා ලැබිණි. ඒ මුවාවෙන් ඔහු රටපුරා බෞද්ධ දේශපාලන ක්‍රියාකාරකම් ඉහළ නංවා ගන්නට එහි අරමුදල් භාවිතා කළේය’’ යනුවෙන් ජයවීර ඔහුගේ මතකය ලියා තැබුවේය.

සිංහල බෞද්ධ අරමුණු කරා යෑමේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ කැපවීම සම්බන්ධයෙන් එන්.කිව්. ඩයස් තුළ සැකය නිෂ්චිතව ප්‍රකාශ වූ අතර ඊට අදාළ සිද්ධි හෙළිදරව් වූයේය. බණ්‍ඩාරනායක ලිබරල් ප්‍රජාතන්ත්‍රීය මතවාදවලින් හෙබි යෝධ විද්වතකු වූ අතර ඔහු කෙටි මගකින් බලයට පැමිණීම සඳහා අවස්ථාව බලා සිංහල බෞද්ධ ජාතිකවාදයට දායක වූයේය. කෙසේ වුවද දමිළ බස කතා කරන ජනයාට යුත්තිය ඉටු නොවූ බව හඳුනාගත් ඔහු දේශපාලනය ඔස්සේ ඔවුන්ගේ ඇතැම් දුක් ගැනවිලි වලට සහන සලසන්නට උත්සාහ ගත්තේය.

1957 ඉලංකෙයි තමිල් අරසුකච්චි (ITAK) නායක එස්.ජේ.වී. චෙල්වනායගම් සමග ගිවිසුමකට එළඹ ප්‍රාදේශීය සභා පිහිටුවීමට කටයුතු කිරීම ඊට උදාහරණකි. එම දෙපළ එකතුවී 1958 දි දමිළ පරිපාලනයකට සීමිත ඉඩ ප්‍රස්ථා ලැබෙන පරිදි ඊට අදාළ නියාමනයන් හඳුන්වා දුන්හ. කෙසේ වුවද ඒවාට සිංහල බෞද්ධවාදීන් ගෙන් දැඩි විරෝධතා එල්ල විය. දැඩි මතධාරීන්ට අගමැතිවරයා ලවා කතෝලික හා ප්‍රොතෙස්තන්ත්‍ර සභාව විසින් පවත්වාගෙන යනු ලැබූ පාසල් ජාතික පාසල් බවට පත් කරන්නට අවශ්‍ය වූ මුත් ඊට ඔහු අවනත වූයේ නැත.

බණ්ඩාරනායක බලයට ගෙන ආ සිංහල බෞද්ධ අන්තවාදීහු ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වූවෝය. ඔහු සිංහල බෞද්ධ ආධිපත්‍යය ගොඩනගන්නට ප්‍රබලව සහ යුහුසුලුව කටයුතු නොකරතැයි ඔවුහු සිතූහ. සෙනසුරාදා ඉරිදා සති අන්ත ඉවත්කොට ඒ වෙනුවට පෙර පෝය, පොහොය සති අන්තය යොදන ලෙස ඔවුහු ඉල්ලා සිටියෝය.

එන්.කිව්.ඩයස් වෙතින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. ඈත් වීම

මේවාට බණ්ඩාරනායක අවනත නොවූ විට ඇතැම්හු ඔහුට එරෙහි වූහ. බෞද්ධ හා ගිහි සමාජයේ ප්‍රබල සාමාජිකයෝ අගමැතිවරයාට එරෙහිව කුමන්ත්‍රණ කරන්නට පෙළඹුණෝය. බණ්‍ඩාරනායක ඉවත් කොට එතැනට එන්.කිව්. ඩයස් පත් කරන්නට ඔවුන්ට අවශ්‍ය විය. බණ්ඩාරනායක ඒ බව දැනගත් විට ඔහු ටිකෙන් ටික එන්.කිව්. වෙතින් දුරස් වෙන්නට ගත්තේය.

බණ්‍ඩාරනායක තමාට විරුද්ධව කුමන්ත්‍රණ කරතැයි ඩයස් ව සැක කළද ඒ අවස්ථාවේදී චානක්‍ය හට ඔහුගේ චන්ද්‍රගුප්තව බලයෙන් නෙරපන්නට අවශ්‍ය වූයේ දැයි පැහැදිලි නොවූයේය. සාමාන්‍යයෙන් පසු බිමේ ඉන්නට රිසි වූ ඩයස් ඒ අවස්ථාවේ ඒ වෙනුවට ප්‍රසිද්ධියේ පෙනී සිටිය යුතුව තිබිණි.

එන්.කිව්. ඩයස් ගැන වඩාත් හොඳින් දැන සිටි නෙවිල් ජයවීර කියා සිටියේ ඔහු එවේලේ නිවැරදිව කටයුතු කළ බවයි. බණ්ඩාරනායකගේ තැනට එන්නට ඔහු කිසිවිට තරග නොකළ බවත් බණ්ඩාරනායක වෙත සහ ශ්‍රීලනිපය වෙත ඔහු පෞද්ගලිකව තැබූ පක්ෂපාතී බව කිසිම අයුරකින් වෙනස් නොවූ බවත් නෙවිල් ජයවීර ලියා තැබුවේය.
ඒ කෙසේ වෙතත් බණ්ඩාරනායක හා එන්.කිව් අතර ඇතිවූ ඉරි තැලීම තව තවත් පුළුල්ව වර්ධනය වූයේය. සංස්කෘති කටයුතු භාර අධ්‍යක්ෂ වරයා දැන් අගමැතිවරයාට ප්‍රියමනාප අයකු නොවූයේය.

1959 වසර විශේෂ සිද්ධි ගණනාවක් සිදුවූ වසරකි. එක්සත් භික්ෂූ පෙරමුණ පාලනය කළ මාපිටිගම බුද්ධරක්ඛිත හිමි බණ්ඩාරනායක සමග ගැටුමක් ඇති කර ගත්තේය. මෙය දේශපාලන හෝ ආගමික හේතුවලට වඩා වාණිජ හේතු නිසා ඇතිවූ මත ගැටුමකි. බණ්ඩාරනායක කැබිනට් මණ්‍ඩලයේ සිටි එකම කාන්තා අමාත්‍යවරිය වූ විමලා විජේවර්ධන අගමැතිවරයා හා විරසක වූවාය.

බෞද්ධ ජාතික බලවේගයේ නායක ආනන්ද විදුහලේ විදුහල්පති එල්.එච්. මෙත්තානන්ද ද මේ අතර බණ්රනායක හා උරණ වූයේ සිංහල බෞද්ධයන්ට ඓතිහාසිකව සිදුවූ වැරැදි අගමැතිවරයා ප්‍රමාණවත් ලෙස නිවැරැදි නොකළ බව කියමිනි. බණ්ඩාරනායක මෙත්තානන්ද පිස්සකු කියා හඳුන්වන්නට තරම් දෙදෙනාගේ විරසකය දුරදිග ගියේය. තවත් පෙරළියක් සිදුවෙමින් ම.එ. පෙරමුණේ වාමාංශික අංශය පිලිප් ගුණවර්ධන හා විලියම් සිල්වා යන කැබිනට් අමාත්‍යවරුන් සමග රජයෙන් ඉවත් වූයේය.

බණ්ඩාරනයක තව තවත් තනිවූයේය. හුදෙක් ඔහුට දැනුණු හුදෙකලාව නිසා ඔහු නැවත එන්.කිව් ඩයස් වෙත යොමු වූයේය. එන්.කිව්. තමා නෙරපන්නට කුමන්ත්‍රණය කරතැයි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. කලින් සැක කළද මේ වන විට එම සැකය බොහෝ දුරට දුරුවී තිබිණි. එසේ වූයේ එන්.කිව්. බණ්ඩාරනායකට විරුද්ධව කුමන්ත්‍රණය කළවුන්ගෙන් ඈත්ව ඔහුට පක්ෂපාතීව සිටි නිසාය. තමාට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නන්ට බාධා පමුණුවන්නට ඔහුට සිංහල බෞද්ධ ක්‍රමෝපායවාදීන්ගේ සහයෝගය අවශ්‍ය යැයි බණ්ඩාරනායක සිතුවේය.


(තවත් කොටසක් මීළඟට)

ඩී.බී.එස් ජෙයරාජ් විසිනි

2022 මාර්තු 05 වැනිදා Daily Mirror පත්‍රයේ පළවු NQ Dias Anticipated and Armed Tamil struggle with Indian support ලිපියේ පරිවර්තනය  සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

56 මැතිවරණයේ තීරණාත්මක සාධකය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site