IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අත්තුඩාවේ සිරි රාහුල මහනාහිමි

අපවත් වී වදාල අත්තුඩාවේ සිරි රාහුල මහනාහිමිපාණන් වහන්සේගේ දස වැනි ගුණ සැමරුම හෙට (1 වැනිදාට) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 

රටත්, දැයත්, සමයත්, සාහිත්‍යයත් එකම ධනය කොටගත් අත්තුඩාවේ සිරි රාහුල මහනාහිමි උපත ලැබුවේ වර්ෂ 1919 දෙසැම්බර් 19 වැනිදාය. උන් වහන්සේගේ දෙමව්පියන් වීමට භාග්‍යය ලැබුවේ මාතර නිල්වලා නදිය අසබඩ අත්තුඩාව නම් සුන්දර ගම් පියසෙහි විසූ ඩී.ජේ. හේවානාදුගල මහෝපාසක මහතා හා ඩී.ජේ.එම්. අබේසේකර මහෝපාසිකා මාතාවය. ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබීම සඳහා වර්ෂ 1924 ජනවාරි මස 06 වැනිදා පාලටුවේ ගුණරතන විදුහලට ඇතුළත් විය. වර්ෂ 1932 වෙසක් මස 20 වැනිදා මාතර අත්තුඩාවේ ශ්‍රී රත්නපාලාරාමයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භූමියට පත්වූයේ අටම්පල රතනපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙනි.

දික්වැල්ලේ දොඩම්පහල ශ්‍රීසුභද්‍රාරාමාධිපති බැදිගම පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආචාර්යවරයාණෝ වූහ. ප්‍රව්‍රජ්‍යාවෙන් පසු ධර්ම ශාස්ත්‍රධ්‍යයනය සඳහා ගෝනගල සුධර්මාකර පිරිවෙණට ඇතුළත්ව වර්ග පටිපාටියෙන් ප්‍රාචීන හාෂෝපකාර සමාගමේ විභාගයන් ගෙන් භාෂාත්‍රයෙන් සමත්ව රාජකීය පණ්ඩිත උපාධිය ලැබූහ. වර්ෂ 1940 ජූනි මස 02 වැනිදා  මහනුවර මල්වතු මහා විහාරයෙන් සුපරිසුද්ධෝපසම්පදාව ලැබූ අතර එහි දී මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකාය පිහිටුවීමෙහිලා පුරෝගාමී වූ බෝධිසත්ත්ව ගුණෝපේත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේගේ චරිතාපදානය ‘‘සිරි සරණංකර සංඝරාජාපදානය’’ නමින් පාලි ගාථා බන්ධනයක් ලෙස සංඝසභාවට ඉදිරිපත් කිරීම විශේෂිත සිදුවීමකි. 

මහනා හිමියන්ගේ ජීවිතය වඩාත් ආලෝකමත් වූයේ මහාවංසයේ තෘතීය භාගය රචනා කළ යගිරල ශ්‍රී පඤ්ඤානන්දාභිධාන පහතරට ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඇසුරට පත්වීමෙන් පසුවය.

එම භාග්‍යවන්ත හමුව  සිදු වූයේ වර්ෂ 1936 දී ය. යගිරල පඬි නාහිමි වැඩ සිටි ගෝනගල සුධර්මාකර පරිවෙණස්ථානය එකල ලංකාවේ ඉතා දීප්තිමත් අධ්‍යාපන ආයතනයක්ව පැවතිණ. අප මහනාහිමියන්ට එහි දී දිවයිනේ චිරප්‍රසිද්ධ දේශපාලනඥයන්, ගත්කතුවරුන්, මහා පඬිවරුන් හා මාධ්‍යවේදීන්ගේ  ඇසුර ලබා ගැන්මේ භාග්‍යය ද උදා වී තිබේ. 

දිවයිනේ කොතැනක හෝ අලුත් පොතක්, පත්‍රයක් පළ වී නම් එහි පිටපතක් යගිරල නාහිමියන්ට නොපමාවම ලැබිණි. මෙසේ පිරිවෙණේ ඉගෙනගන්නා අවදියේ දී ම මේවා පරිශීලනය කිරීමට ලැබීමෙන් මහනාහිමියන්ගේ සිත භාෂා සාහිත්‍යාදිය කෙරෙහි ගැඹුරින් හැදෑරීමට නිතැතින්ම යොමු විණ. එම දැනුම අනුක්‍රමයෙන් දියුණු වීයත්ම එවක පුවත්පත් සඟරාදියට උන්වහන්සේ ගැදි-පැදි නිර්මාණ ඉදිරිපත් කළ හ. මුලින් ම කාව්‍ය නිර්මාණයක් පළවූයේ සෝමවීර චන්ද්‍රසිරි මහතාණන් ගේ සංස්කාරකත්වයෙන් නිකුත් වූ ‘‘සරසවි සඳරැස’’ පත්‍රයේ ය. පසුව සිංහල බෞද්ධයා, සිළුමිණ ආදී පුවත්පත්වලට උන්වහන්සේ නිතර නිතර ගැදි-පැදි නිර්මාණ යොමු කළ හ. 

අධ්‍යාපන සේවාවෙහි ද නිරත වූ උන්වහන්සේ ගෝනගල සුධර්මාකර පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති ලෙස කලක් සේවාවෙහි නිරතව සිටියහ. වලස්ගල සිරි සරණංකර පිරිවෙණ ආරම්භයේ සිට එය ලියාපදිංචි කිරීම දක්වා එහි පරිවෙණාධිපති ලෙස ද කටයුතු කළහ. රත්මලානේ පරිවෙණාචාර්ය අභ්‍යාස විද්‍යාලය ආරම්භ කිරීමෙන් පසු ඒ සඳහා තෝරාගත්  ප්‍රථම කණ්ඩායමට ඇතුළත්ව දෙවසරක පුහුණුව නිමවීමෙන් පසුව ප්‍රවීණාචාර්ය සහතිකය ද ලබා ගත්හ. මහ පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල තත්ත්වයට පත් කිරීමෙන් පසු විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. 

වර්ෂ 1959 දී ප්‍රාචීන පණ්ඩිත උපාධියට ශාස්ත්‍රවේදී උපාධියෙහි තත්ත්වය ලබා දී මහා විද්‍යාලවල ගුරුපත්වීම් ලබාදීමේදී එහි ප්‍රථම කණ්ඩායමට අයත්ව රජයේ පාසල් ගුරු සේවාවට පිවිස අම්බලන්ගොඩ දේවානන්ද මහා විද්‍යාලයෙහිත්, මාතර ගොඩඋඩ මහා විද්‍යාලයෙහිත්, දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයෙහිත් ගුරු සේවාවෙහි නිරතව සිටියහ. රජයේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය ඇරඹූ මුල් කාලයේ ම එයට බැඳී කලක් එහි ග්‍රන්ථ සම්පාදනයෙහි යෙදී සිටියහ. 

ලාංකේය සංදේශ කාව්‍ය අතර පැරණිතම කෘතිය ලෙස සැලකෙන පොළොන්නරු යුගයේ රචිත පාලි පද්‍ය 62 කින් යුත් මානාවුලු සන්දේසය මහනාහිමියෝ පද්‍ය 62 කින් යුත් සිංහල කාව්‍යයක් බවට පත් කළහ. පාලි පද්‍ය සමගම සිංහල පද්‍ය දැක්වීමෙන් එය පදානුගත පරිවර්තනයක් බවට පත්වුවද පාලි පෙළ ඉවත් කරගත් විට සිංහලෙන් රචිත සන්දේශයක් සේ දැනෙන තරමට කාව්‍යමය ගුණයෙන්ද සරල බවින් ද සිත්ගන්නා ලක්ෂණ පෙන්නුම් කරයි. 

මහනා හිමියන් විසින් රචනා කරන ලද සෙසු කාව්‍ය ග්‍රන්ථ අතර ‘‘ගිරිහිස වනපෙත සහ මේ කුළ’’ නමැති ථේර ථේරී ගාථා පරිවර්ථනයත් ආචාර්ය නාගාර්ජුන පාදයන්ගේ සුහෘල්ලේඛාව සිංහලට නගමින් රචිත සුහද අස්නත්, පාලි තේලකටාහ ගාථා සිංහලට නැගූ ‘‘තෙල් කටාරමේ කවි’’ නමැති කාව්‍ය සංග්‍රහයත් වන අතර “බුදු  හාමුදුරුවෝ’’ හා ‘‘මුනිගුණ මිහිර’’ නම් වූ ස්වාධීන භක්ති කාව්‍යයන් දෙකක් ද වෙයි.

මහ නාහිමියන්ට ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක පදවිය පිළිබඳ අක්ත පත්‍රය පිරිනැමුවේ වර්ෂ 1987 ජූලි මස 18 වැනිදා ය. එසේම ශ්‍රී රෝහණ පාර්ශ්වයේ නිර්මාතෘවර කඹුරුපිටියේ මහනාහිමියෝ වර්ෂ 1998 නොවැම්බර් 18 වැනි දින අපවත් වී වදාළහ. එමගින් පුරප්පාඩු වූ මහා නායක පදවිය  සඳහා අප මහනාහිමි පත් වූයේ ශ්‍රී රෝහණ පාර්ශ්වීය ත්‍රිංශත් වර්ගික විධායක කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙනි. තව ද දකුණු පළාතේ ඉහළම ශාස්ත්‍රීය වටිනාකමක් ඇති පදවිය වන රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් ද උන්වහන්සේ පිදුම් ලැබූහ. 

ඌරුගමුවේ අස්සජි හිමි



අදහස් (0)

අත්තුඩාවේ සිරි රාහුල මහනාහිමි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 277 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1206 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 588 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1795 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1333 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site