IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අතමිට දිගහැර බෝනස් දුන්නේ කාගේ සල්ලිවලින්ද?

අබ මල් රොනක තරම් හෝ මොළයක් ඇති අයකුට රට වැටී තිබෙන ප්‍රපාතයේ ගැඹුර වටහා ගැනීම අසීරු නැත. එහෙත් මහජන මුදල් කාබාසිනියා කිරීම සිය ජීවිතයේ පරම අරමුණ කරගත් තක්කඩියන්ට රටේ ඉරණම ගැන වගේ වගක් නැත. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වගකිව යුත්තෝ යනු විනාශකාරයෝ නැත්නම් තක්කඩියන් වශයෙන් හැඳින්වීම අසාධාරණදැයි අපට නොහැඟේ.

පාඩු ලබන සංස්ථා හා මණ්ඩලවලට ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබුණද ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉකුත් සමයේ බෝනස් ගෙවා ඇත. ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ආයතන දෙකෙහි සභාපතිවරුන් දෙදෙනාගෙන් නිදහසට කරුණු විමසා ඇතැයි අප පුවත්පත වාර්තා කළේය.

මුදල් අමාත්‍යාංශයේ නියෝගවලට අවනත නොවීම තුළම එම ආයතනවල සභාපතිවරුන්ගේ උද්දච්ඡකම මෙන්ම දඩබ්බරකම පැහැදිලිය. රට මේ අඳුරු ආගාධයට ඇද වැටුණේද බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලබන ආයතන බවට පත්ව රටට මහා බරක් වී තිබෙන්නේද එබඳු පරිපාලනයන් නිසාමය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද දවසේ කෙතරම් පාඩුවක් ලබන්නේ ද යන්න කවුරුත් දන්නා කාරණාවකි. ඉන්ධන ඇඟට හලාගෙන ගිනි තබා ගන්නට බැරිකමට වරින්වර වැඩිවන ඉන්ධන මිල ගෙවමින් ජනයා ඉන්ධන ලබා ගනිති. එසේ ලබාගන්නා මුදලින් ආයතනය ලාභ  ලබා ඇතැයි එම සමාගමේ ලොක්කන් වාර්තාවක් සකස් කර එම සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයන්ට ගෙවා ඇත. අප ප්‍රවෘත්තියට අනුව ඉන්ධන සංස්ථාව ලාභ ලබන බවට දැක්වූ වාර්තාවට සංස්ථාවේ ණය ඇතුළත්වී නොමැති බව අප සඳහන්ය. මෙසේ විකෘති කරන ලද වාර්තාවෙන් ගෙවා ඇති  බෝනස් මුදල රුපියල් කෝටි 120 කට අධිකය.

ඉන්ධන පෝලිම්වල සාපිපාසිතව මියගිය පුරවැසියන්ගේ වගකීම බාර ගැනීමට කිසිවකුත් නැත. ඉන්ධන නෞකාවලට ගෙවීමට ඩොලර් නොමැතිව එම නෞකා සති ගණන් නතර කර තැබීමට සිදුවේ. ඒ වෙනුවෙන් ගෙවීමට සිදුවන ප්‍රමාද ගාස්තු රුපියල් කෝටි ප්‍රකෝටි ගණනකි. එසේ තිබියදී නිවැරදි දත්ත වසන් කර සකස් කරන ලද වාර්තා උපුටා දක්වමින් රුපියල් කෝටි 1200 ක මුදලක් වැය කරමින් සේවකයන්ට  බෝනස් ගෙවා ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම යන වචනය ඇසෙන විටත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඇඟලොමු ඩැහැගැන්වෙන බව රහසක් නොවේ. ඒ තරමට එම සමාගම මෙරට ජනයාට බරක් වී ඇත.  කිසිදාක ගුවන් යානයකට පය නොතැබූ අන්ත දිළිඳු මිනිසාත් ගුවන් යානයක් නොදුටු නූපන් දරුවාත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පැවැත්ම වෙනුවෙන්  බදු ගෙවති. තුන් වේල එක වේලට අඩු කර ගත් දිළිඳු ජනයාගෙන් සූරා ගන්නා බදු මුදලින් එහි ලොක්කෝ සුර සැප විඳිති. අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ එම සමාගමේ සෑම සේවකයකුටම රුපියල් ලක්ෂයක බෝනස් මුදලක් ගෙවා ඇති බවය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයෝ 5800 ක් සිටිති. ඔවුන්ට 13 වැනි මස වැටුප ලෙස සඳහන් කරමින් සේවකයකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවා ඇත. ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් කෝටි 58 කි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතට පත් වාර්තාවක සඳහන්ව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කරගනිමින් 13 වැනි මස ලෙස දක්වා ප්‍රසාද දීමනා ගෙවීම අනුමත කරගෙන ඇති බවය.

අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ මුදල් අමාත්‍යාංශයේ නියමයන්ට පිටුපා මෙසේ බෝනස් ලබාදුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට නියමිත බවය. එසේ නිදහසට කරුණු විමසීමට පෙර මෙම සභාපතිවරුන් දෙදෙනා පියවි  සිහියෙන් සිටීද යන්න පරික්ෂා කර බැලිය යුතුය. නැතහොත් මේ තරම් අසීරු අවස්ථාවක මෙතරම් වගකීම් විරහිතව තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නැති හෙයිනි.

සේවකයන්ට බෝනස් දීම සම්බන්ධයෙන් අපේ අමනාපයක් නැත. ඒ සම්බන්ධයෙන් අපට ඇත්තේ පහන් හැඟීමකි. එහෙත් මේ ආකාරයට බෝනස් දීමට යාමෙන් ඉදිරියේදී බෝනස් නොව සේවකයන්ට වැටුප හෝ ගෙවීමට නොහැකි වනු ඇත. බිමට සමතලා කර ඇති මෙම ආයතන කෙළින් කර ලාභ ලබන ආයතන බවට පත් කර බෝනස් ලබා දෙන්නේ නම් මෙරට ජනයා කිරිබත් කමින් සතුට සමරනු නියතය. මේ  මොහොතේ මෙරට ජනයාට එසේ කිරිබත් කා ප්‍රීති වීමට ඇති එකම අවස්ථාව අදාළ තක්කඩි සභාපතිවරුන්ට මතක සිටින දඬුවමක් ලැබීම පමණි.

(***)



අදහස් (1)

අතමිට දිගහැර බෝනස් දුන්නේ කාගේ සල්ලිවලින්ද?

Nelumpushpasiri Saturday, 14 January 2023 11:04 AM

මේ රට විනාශ කරන කාලකන්නි අමන තකතීරු දේශපාලකයින් මෙන්ම බහුතරය රාජ්‍ය නිලධාරීන්ද කටයුතු කරන බව මෙයින් මනාව පසක් වේ. තරාතිරම නොබලා මොවුන්ට විරුද්ධව කටයුතු කිරීමට ඉහළ නිලධාරින් හට නොහැකිය. ඊට හේතුව වන්නේ ඔවුන් පහළ නිලධාරින්ගෙන් අල්ලස් ගැනීමයි. මෙවැනි දූෂිත කාර්යයන් නවතාලීමට ඇමැති වරුන්ටද නොහැකිය. හේතුව නම් ඔවුන් කොමිස් මුදලින් නඩත්තු වීමයි. රටට කෙතරම් හානිකර වුවද වර්ථමානයේ ඇත්තේ දේශපාලකයින් උඩ පිනුම්, බඩ පිනුම් ගහන ඉතිහාසයේ අසමජ්ජාතිම පාලන යුගයයි. මෙම සක්කිලි යුගය නිමා කිරීමට කාලය එළඹ ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site