IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අද අපේකම අමතක වෙලා

මෙරට පළමු චිත්‍රපට සංස්කරණ ශිල්පිනිය ලෙස 1961 වසරේදී දේශීය සිනමාවට එක්වන ඇය පසුකාලෙක තම සැමියාගේ ගමන් මඟ යමින් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නීය. මනුෂ්‍යත්වය, ආදරය හා පවුල් සංස්ථාව පිළිබඳව නිතරම තම නිර්මාණ හරහා ප්‍රේක්‍ෂකයන්ට කියා දුන් ඇයගේ සිනමා ව්‍යාකරණය කවියක් බඳුය. ‘සිංහල සිනමාවේ කිවිදිය’ ලෙසින් විරුදාවලියලත් ඇය අප අතරින් සමුගත් ‘හෙළයේ මහා සිනමාවේදියා’ වූ ආචාර්ය ලෙන්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ආදරණීය භාර්යාව වූවාය. තම සැමියාගේ නිර්මාණවලටද මහත් ශක්තියක් ගෙනදුන් ඇය, චිත්‍රපට 9 ක් අධ්‍යක්ෂණය කරමින් මෙරට මෙන්ම ජාත්‍යන්තර සම්මානයටද පාත්‍ර වූවාය.

කලක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස කටයුතු කළ මේ ප්‍රතිභාපූර්ණ සිනමාවේදිනිය, එරට ඉහළම ගෞරව සම්මානයටත්, ජපානයේ ඉහළම ගෞරව සම්මානයටත් පාත්‍රවූවාය. සිනමාව වෙනුවෙන් එලෙස ගෞරවයට පාත්‍රවූ මෙරට එකම සිනමාකරුවා වන්නේද ඇයයි. ඇය සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා මෙම මස 15 වැනි දින කැලණිය විශ්වවිද්‍යාලය මගින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

2022 නව වසරේ ‘රසවින්දන’ ප්‍රථම කතාබහට මේ ප්‍රතිභා පූර්ණ සිනමාවේදිනිය අප එක්කරන්නේ ඒ ගෞරවයට තවත් ගෞරවයක් එක්කර දෙමිනි. මේ සිනමාවේදිනිය නමින් සුමිත්‍රා පීරිස්ය. බොරලුගොඩ පරම්පරාවේ අභීත කාන්තාවක වන ඇය කතාබහට එක්වුණේ පුදුමාකාර සතුටකිනි. මේ සිනමාව පිළිබඳවත්, ඇයගේ ගමන් මඟ පිළිබඳවත් කළ කතාබහේ සටහනයි.

• කැලණිය සරසවියෙන් ඔබතුමියට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට  තීරණය කර තිබෙනවා. එයට ‘රසවින්දන’ සුබපැතුම් ඔබතුමියට එක්කරන්නේ හදපිරි සතුටකින්. මේ පිළිබඳව මොකද හිතෙන්නේ?

මා හිතන්නේ මගේ ජීවිතේ ආපහු බලනකොට සෑහෙන අවස්ථාවලදී යම් යම් ඇගැයීම් කෙරිලා තිබෙනවා. ප්‍රංශයෙන් හා ජපානයෙන් ඉහළම ගෞරව සම්මානත් ලැබී තිබෙනවා. ඒ වගේම කලාකීර්ති සම්මානයත් ලැබුණා. මා හිතන්නේ ඒ ඔක්කොටම වඩා මේක මට පුද්ගලිකව ගොඩාක් වටිනවා. මගේ පුද්ගලික ජීවිතේ වෙනත් මට්ටමකින් මනින්න බැරි දෙයක් මෙතනින් සිද්ධ වෙනවා. මොකද ආචාර්ය උපාධියක් කියන්නේ ගෞරව නාමයක්. මේ ලැබෙන ඇගැයීම පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයට මම ණය ගැති වෙනවා.

මේක ටික කලක් ඉඳලා ලැබෙයි කියා තිබුණාට එක එක යුගවල ප්‍රශ්න නිසා යටපත් වුණා. මම දන්නේ නෑ මොකක්ද වුණේ කියලා. ඒත් මට හුඟාක් වෙලාවට ආචාර්ය සුමිත්‍රා පීරිස් කියලා කතා කරනවා. ආචාර්ය සුමිත්‍රා පීරිස් කියලා ආරාධනා පත්‍ර එවනවා. මම කියනවා ආචාර්ය නෙවෙයි කියලා. අඩුම ගණනේ මේක ලැබුණට පස්සේ එහෙම කිව්වාට කමක් නෑ. ඩොක්ටර් පීරිස් කිව්වේ අපිට මේක හම්බවුණාට පාවිච්චි කරන්න වටින්නේ නෑ. ඒක නම්බු නාමයක් විතරයි කියලා. ඩොක්ටර් පීරිස්ට නම් ඒක පුරුදු වුණා. මගේ කාලය නම් දැන් ගොඩාක් අඩුයි. ඒවා පුරුදුවෙන්න කල් මදි. කොහොම වුණත් මේක මගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් කියලා කියන්න පුළුවන්.

● ආචාර්ය ලෙන්ටර් ජේම්ස් පීරිස් මහතා ජීවතුන් අතර සිටිද්දී එය ලැබුණා නම් ගොඩාක් සතුටු වෙන්න තිබුණා නේද?

ඇත්තෙන්ම ඔව්. ඒක තමයි කනගාටුව. එයා ඉන්න කාලේ ලැබුණා නම්, එයා ඉතාමත් සන්තෝෂ වෙනවා. එයා වෙන ලෝකෙක ඉඳලා හරි මා දිහා බලාගෙන ඇති. ඒ බැල්ම නිසා තමයි මට මෙවැනි ගෞරව ලැබෙන්නේ. ඒ බැල්ම නිසා තමයි මේ අවුරුදු 4 පසුබසින්නේ නැතුව තෘප්තිමත් ජීවිතයක් මිත්‍රයෝ එක්ක ගත කරන්න ලැබුණේ. එතුමාගේ ආශීර්වාදය හින්දයි එහෙම වුණේ. ඒක සදහටම මට තිබෙයි.

 ● ඔබතුමියගේ දැන් වැඩ කටයුතු කොහොමද සිදුවෙන්නේ? සිනමාවෙන් ඈත්වෙලාද ඉන්නේ?

මම කැමැති නෑ සිනමාවෙන් ඈත්වෙලා ඉන්නවා කියන්න. මොකද මම හැමතිස්සේම සිනමාව ගැන බලනවා. කතා කරනවා. පෙළක් මගේ මිත්‍රයෝ නිතරම කතා කරලා ආපහු චිත්‍රපටයක් කරමුද කියලා අහනවා. පිටරට සිටින අපේ කැමරා අධ්‍යක්ෂ ඩොනල්ඩ් කරුණාරත්න පසුගියදා කතා කරලා ලංකාවට එන්න ඕනේ. අපි චිත්‍රපටියක් කරමු කියන තැන ඉන්නවා කියනවා. තවමත් හරියට මම තෝරගෙන නෑ මොකක්ද කරන්නේ කියලා. මම මේ දවස්වල අැන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා කියනවා. මම කැමති නෑ අද තිබෙන දේශපාලනය විවේචනය කරමින් චිත්‍රපට හදන්න. අතීතයට ගිහිල්ලා මනුෂ්‍යත්වය ගැන, හැඟීමක් ඇති මනුෂ්‍යයා ගැන නිර්මාණයක් කරන්න මා කැමැතියි. චෙකොෆ් වැනි ලේඛකයන්ගෙන් ඒ ශක්තිය මට දෙයි කියන විශ්වාසයෙන් මම ඒ කතා කිපයක්ම කියවනවා. ලැබුණොත්, හොඳ කනත්දරයක් ලියවන්න පුළුවන් වුණොත් චිත්‍රපටයක් කරන්න ආසාව තිබෙනවා. ඕනෑකම තිබෙනවා. කකුල්වල ශක්තිය තමයි මදි. ඇවිදිනකොට වැටෙයි කියන බය තමයි තියෙන්නේ.

● අද දවසේ මෙරට තිරගත වෙන සිංහල චිත්‍රපටවල මංගල දර්ශනවලට ඔබතුමිය සහභාගි වෙනවා. මේ චිත්‍රපට දෙස බලද්දී මොනවගේ අදහසක්ද ඇතිවෙන්නේ?

මා හිතන්නේ සිනමාවේ ප්‍රසන්නලා, හඳගමලා පසුකරගෙන යන අලුත් පරම්පරාවක් දැන් ඇවිත් ඉන්නවා. ඔවුන්ගේ නිර්මාණ දෙස බලද්දී මට වෙලාවකට බයක් හිතෙනවා. ඒවා තේරුම් ගන්න බැරිව මම විවේචනය නොකරනවාද කියලා. අපි ඒවා තේරුම්ගත යුත්තේ සාපේක්ෂවයි. අද සමාජය ගැනයි. සමාජයේ සිතුම් පැතුම්, භාෂා විලාශය අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඒකට ගෞරව කරන්න ඕනේ. ඒක ඒ අයගේ අයිතිය. ඒ ගොල්ලන්ගේ නිදහස. හැබැයි දැන් ප්‍රමිති ටිකක් හැදිලා. කලාත්මක කියන රාමුව මා හිතන්නේ මේ යුගයට හැදිලද කියන එක මට වෙලාවකට හිතෙනවා.

● මේ මාසයේ 21 වැනි දිනට දේශීය සිනමාවට වසර 75 ක් හා චිත්‍රපට සංස්ථාවට වසර 50 ක් සපිරෙනවා. ඒත් අපි තවම එදා හිටිය තැනම නේද ඉන්නේ?

ඔව්. අදටත් හොඳම චිත්‍රපට නම්කරන්න කියා කියූවිටදී තවමත් අවුරුදු 40-50 කට පෙර තිගත වූ චිත්‍රපට තමයි නම් කරන්නේ. සිනමාවට 75 ක් වුණාට මුල් වසර 25 තුළ හැදුණු චිත්‍රපට තමයි සමහරු තවම තෝරන්නේ. අලුත් පරපුරේ අයගේ ඒවා තෝරගන්නේ නැති තරම්. ඒකත් එක විදිහක පුදුම දෙයක්. මටත් තේරුම් ගන්න අමාරු දෙයක්.

•  ඇත්තටම අපට වැරදුනේ කොතැනද? ඇයි දේශීය සිනමාවට මෙහෙම සිදුවුණේ?

එතනදී අපට කෙළින්ම ඇඟිල්ල දිගු කරන්න පුළුවන් අධ්‍යාපන ක්ෂේත්‍රයට. අධ්‍යාපනයෙන් එහෙම පිටින්ම එක පන්තියක් එක ක්ලාස් එකක්, පරම්පරාවක්ම තමන්ම චිත්‍රපට බලලා, තමන්ම ප්‍රමිති හදාගන්නවා. ඉස්සර කාලයේ සිනමා උළෙලවල්, සාකච්ඡා, වැඩමුළු තියලා අනන්දුවක් ඇති කළා. අද සමාජයක් විදියට සාමූහිකව හුවමාරුවක්, බෙදාගැනීමක්, සිදුකරන්නේ නෑ. එහෙම දැනුවත්ව සිනමා සංස්කෘතියක් සමග අපි ආවානම් මීට වඩා දියුණුවෙන්න තිබුණ කියා සිතනවා. අවස්ථාව තිබුණත් අද හැමදේම හරි ක්ෂණිකයි. ඒ නිසා තමයි මෙහෙම වෙලා තිබෙන්න ඇතැයි කියලා මට වෙලාවකට හිතෙනවා.

● ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මියයෑමට පෙර වසර ගණනාවක් තිස්සේ අප සමඟ කියූ දේවල් අද සැබෑවෙලා තිබෙනවා. එතුමාගේ සංරක්ෂණ සිහිනයක් බොරුවක් කළා නේද?

ඔව්. ඒ ගැන කතා කරන්න මම කැමති නෑ. තව ටික කාලයක් යනවිට එහෙම කෙනෙක් හිටියාද කියලාවත් අමතක වේවි. සිනමා සංස්කෘතියක් නැතිකොට ඒවා අගය කිරීමක් සිදුවේවිද? ඇයි අපි මනුෂ්‍යත්වය දිහා, මනුෂ්‍යයා දිහා බලන ආකාරය, බලන ඇස වෙනස් වෙන්නේ ඇයි? ඒවා අපි ප්‍රශ්න කරලා නොවෙයි මේ දේවල් කරන්නේ. ඒවා නිකම් ඔහේ කෙරෙනවා. දැන් කලාත්මක කියන එකට ප්‍රමිතියක්, රාමුවක් නෑ. ඒ හින්දා පාවෙනවා වගේ. කලාකාරයොත් තමන්ගේ නියම පය පොළොවේ ගහලා ඉදිරි ගමනකට කෙළින් යන්න තරම් ශක්තියක් නැති බවයි පෙනෙන්නේ. අපේකම ගැන සම්පූර්ණයෙන්ම අමතක වෙලා. දැන් චිත්‍රපටත්, බොහොම ඉක්මනට මිනිසුන්ගේ හැඟීම් උලුප්පලා ගන්න ප්‍රයෝග පාවිච්චි කරලා, තාක්ෂණික හරඹ තමයි පෙන්වන්නේ.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්



අදහස් (3)

අද අපේකම අමතක වෙලා

samantha weerasekara Friday, 07 January 2022 01:41 PM

කලාත්මක පුවතක්

:       0       1

samantha weerasekara Friday, 07 January 2022 02:02 PM

2022 අනාත වෙයිද ?ජනතාව වියරු වැටී ඇත .මෙසේ වීම සාධාරණ වේ

:       0       1

Hashan Sachinthana Friday, 07 January 2022 02:08 PM

වාසනාව තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site