IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අපි අපේම වළ කපා ගනිමුද

 

(එම්.එස්.එම්. අයුබ්)

 

කොවිඩ්-19 රෝගය රට තුළ ක්‍රමයෙන් පැතිරෙද්දී සුපුරුදු ලෙස සෑම දෙයක්ම දේශපාලනීකරණය කිරීමේ හා වාර්ගික ඇසින් සියල්ල බැලීමේ ඇතැමුන්ගේ පුරුද්ද යළිත් හිස ඔසවන්නට පටන් ගෙන තිබේමෙය රෝගය පාලනය කිරීමේ බලධාරීන්ගේ උත්සාහයට බාධා විය හැකි තත්ත්වයකි.

මෙම රෝගය පැතිරීමේදී බලධාරීන්ගේ තීරණ පමණක් නොව ජනතාවගේ කටයුතු ද විශාල වශයෙන් බලපායිමේ වන විට මෙම රෝගය ලෝකයේ සෑම රටකටම පැතිර ගොස් තිබේඇතැම් දියුණු රටවලට නොදියුණුයැයි සැලකෙනනමුත් මෙතෙක් කලක් තමන් විසින් හෙළා දකිනු ලැබූ කියුබාව වැනි රටවල උපකාර පැතීමට සිදුවී ඇත.

මේ තත්ත්වයට හේතු සොයා ලැයිස්තු ගත කළහොත් ඉන් සමහර විට මුල් තැනටම පත්වනු ඇත්තේ ජනතාවගේ වගකීම් විරහිත භාවයයිකිසිම රටක්ජාතියක් හෝ ජන කොට්ඨාසයක් මෙහිදී ව්‍යතිරේකයක් වන්නේ නැතලෝකයේ සෑම රටකම මෙම වෛරස් රෝගය පැතිරී යන්නේ ඒ නිසාය.

සෑම රටකම හදිසි නීතිය හෝ ‘‘ලොක් ඩවුන්’’ යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශ වෙන්කොට වසාදැමීම වැනි ක්‍රියාමාර්ග ගනු ලබන්නේ එහෙයිනිඇතැම් රටවල මෙම හදිසි නීති අවස්ථා දෙකක් අතර ජනතාවට තම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවස්ථාව දුන්විට සුපිරි වෙළෙඳ සල් යුද පිටි බවට පත් වී ඇති ආකාරය රූපවාහිනි මාධ්‍ය තුළින් දැක ගත හැකි විය.

ශ්‍රී ලංකාවේද තත්ත්වය ඊට වඩා වෙනස් වන්නේ නම් ඉතා සුළුවෙනිචීනයදකුණු කොරියාවඉරානය සහ ඉතාලිය වැනි රටවල් මේ මස මුලදී රෝගය තම රටවැසියන් අතර පැතිර යාමේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිටියදීරෝගය ඒ වන විට ලෝකයේ රටවල් සංඛ්‍යාවෙන් අඩකට වැඩි සංඛ්‍යාවක පැතිර යමින් තිබියදී ශ්‍රී ලංකාව සිටියේ තමන් පරෙස්සම්ය යන හැඟීමෙනිඑහෙත් මාර්තු 11 වැනිදා ශ්‍රී ලංකාවේදී පළමු ශ්‍රී ලාංකික රෝගියා හමුවීමත් සමග සිතා ගැනීමට නොහැකි ලෙස දිනපතාම රෝගීන් හමුවන්නට වියඅපගේ වගකීම් විරහිත භාවයද ප්‍රකාශයට පත්වන්නට පටන් ගත්තේ ඒ සමගය.

රෝගය තරමක් වේගයෙන් පැතිර යන බවත් පෙනෙන්නට තිබුණද ලෝකයේ බරපතළ තත්ත්වයක් ඇති බව ජනමාධ්‍ය වාර්තා කළදතම ජීවිතයට ඇති අවදානම පිළිබඳ බියක් රට තුළ පැතිර ඇති බවක් මුලදී පෙනුණේ නැතජනතාව තුළ දැනුදු එවැනි බියක් එතරම් නැතරෝගය පැතිරීම අවම කිරීමේ අරමුණෙන් සමාජයේ පුද්ගලයාගෙන් පුද්ගලයා ඈත් කිරීම පිණිස, (සමාජ දුස්ථකරණය යනුවෙන් මේවන විට භාවිතයට පැමිණ ඇති සංකල්පය ක්‍රියාත්මක කරනු පිණිසආණ්ඩුව සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත රජයේ කාර්යාල හා පාසල්වලට නිවාඩු දී පෞද්ගලික අංශයටද එය අනුගමනය කරන ලෙස උපදෙස් දුන්නේයඑවිට බොහෝ දෙනා කළේ එම නිවාඩුව උපයෝගී කරගෙන විනෝද චාරිකා හා වන්දනා ගමන්වල නිරත වීමයඔවුනට මෙම නිවාඩුවේ අරමුණ වැටහුණේ නැත.

ඒ සමගම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් එක් රැස්වීමෙන්කල්ලි ගැසීමෙන් වළකින ලෙස රජය ජනතාවට උපදෙස් දුන්නේයඒ මෙම රෝගයේ වාහකය මිනිසුන් වීමත් ඒ නිසා මිනිසුන් එකිනෙකාගෙන් ඈත් කිරීම අත්‍යවශ්‍ය වීමත් නිසායඑහෙත් ප්‍රකට පාසල් දෙකක් තමන්ගේ වාර්ෂික ක්‍රිකට් තරගය නැවැත්වීමට එකඟ නොවීයඑම ක්‍රීඩා තරගය නැරඹීමට ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව පසුව හෙළි වියඒ නිසා එම තරගය නැරඹීමට ගිය තවත් සිය ගණනකට දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්වීමට සිදු විය.

එම සිද්ධිය ප්‍රසිද්ධියේ විවේචනය කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණිඑම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියාට රෝගය වැළඳී ඇති බවක් දැන ගන්නට නොලැබුණේ නම් සමහර විට එම සිද්ධිය කිසිවකුගේ අවධානයට ලක් නොවන්නට ඉඩ තිබිණි.

ජනතාවගේ වගකීම් විරහිත භාවය වඩාත් හොඳින් ප්‍රකට වූ තවත් අවස්ථාවක් වූයේ මාර්තු 24 වැනිදා ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ඇති වූ තත්ත්වයයිනිවාඩු දීමෙන් පමණක් ජනතාවගේ වගකීම් විරහිතභාවය පාලනය කළ නොහැකි බව වටහා ගත් රජය මාර්තු 20 වැනිදා සවස 6.00 සිට රටපුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළේයඑය ඉවත් කෙරුණේ 24 වැනිදා උදෑසනයිඉන්පසු පිටකොටුව වැනි ස්ථානවල දක්නට ලැබුණේ පොරකෑමකිඒ පැය 6ක් වැනි කෙටි කාලයක් තුළ තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන නිවෙස්වලටද යා යුතු හෙයිනි.

එතැනදී ජනතාවට සාධාරණ ප්‍රශ්නයක් තිබුණු බව සැබෑවුවද එම පොරකෑම මරණය බෙදා හදා ගැනීමට දරන පොරකෑමක් බඳුයමේ රෝගයේ ස්වභාව එයයිඑසේ හැසුරුණේ නිශ්චිත එක් ජන කොට්ඨාසයකට අයත් ජනතාව නොවේමේ තත්ත්වයේ බරපතළකම තේරුම් ගත් රජය බස්නාහිර පළාතේ කොළඹගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්ක තුනම අවදානම් කලාපයක් ලෙස නම් කොට එම දිස්ත්‍රික්කවලට එදිනම යළිත් පනවනු ලැබූ ඇඳිරි නීතිය දින නියමක් නැතිව දිගු කළේයමෙවැනිම තත්ත්වයක් ඇති වීම නිසා පසුව යාපනය දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතියද දින නියමයක් නැතිව දිගු කෙරිණි.

ඇතැම් පුද්ගලයින් ජාතික වනෝද්‍යානවල දඩයම් කිරීමට ඇඳිරි නීතිය යොදා ගෙන තිබිණිතවත් ඇතැම් තැන්වල මෙම නිහඬ කාලය කසිප්පු පෙරීමට යොදාගෙන තිබිණිරෝගීන්ගේ බෙහෙත් වට්ටෝරු ඇඳිරි නීති අවසර පත්‍ර ලෙස යොදාගෙන ‘‘ඇඳිරි නීතිය නැරඹීමට’’ ගිය පුද්ගලයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනමාධ්‍යයනට පවසා තිබිණි.

ඉතාලියදකුණු කොරියාව හා ඉරානය යන රටවල සිට පැමිණි පිරිස් නිරෝධායන මධ්‍යස්ථානවලට කැඳවාගෙන යාමට බලධාරීන් උත්සාහ කරද්දී ඇතැම් අය ඊට එරෙහිව උද්ඝෝෂණය කළහතවත් පිරිසක් විදේශවල සිට පැමිණ ඒ බව බලධාරීන්ට නොදන්වා සිටියහඑහෙත් සාමාන්‍යයෙන් වරද වරදක් වන්නේ වරද්දා ගත්තොත් පමණයඒ නිසා වරද්දාගත් පිරිසක් එකම ජන කොට්ඨාසයකට අයත් වීම දැන් සමාජ ජාලවල සැරිසරන ඇතැමුන්ට ආයුධයක් බවට පත් වී තිබේ.

කෙසේ වෙතත් වෙනත් අයද වැරැදි කිරීම තමන්ට වැරදි කිරීමට බලපත්‍රයකැයි කිසිවකු සිතිය යුතු නැතමන්දයත් වැරැදි දෙකක් එක් වී නිවැරැදි දෙයක් ඇති නොවන හෙයිනිඑම කරුණ කොවිඩ් -19 රෝගය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉතාමත් නිවැරැදියමන්දයත් මෙය මාරක රෝගයක් වන හෙයිනිඑක් පුද්ගලයකුගේ වගකීම් විරහිත ක්‍රියාවක් බොහෝ දෙනකුගේ ජීවිතවලට තර්ජනයක් විය හැකිය.

එහෙයින් හදිසි නීතිය තිබියදීත් හොරොව්පොතාන කිව්ලකඩ මුස්ලිම් දේවස්ථානයේ සාමුහික යාඥා පැවැත්වූවන් වැනි අය නීතිය හමුවට පමුණවා දඬුවම් දිය යුතුයරෝගය පාලනය කර ගැනීමට ලෝකයේ ප්‍රබලම රටවලට පවා නොහැකිව තිබියදී ප්‍රබල රටවල රජවරුන් කුමාරවරුන් පවා රෝගයට බිලිවෙද්දී ලොව පුරා ලක්ෂ ගණනාවකට රෝගය පැතිර තිබියදීතවත් දස දහස් ගණනක් රෝගයෙන් මිය ගොස් සිටියදී එම තත්ත්වය නොදැක හෝ නොදන්නා සේ කටයුතු කරනවුන් ආගමික ස්ථානවල පරිපාලකයින් විය යුතු නැතඅවංක බව හා තමන් අවට සිටින ජනතාව සම්බන්ධයෙන් වූ තම වගකීම නැති තැන ආගම හිස් ලේබලයක් හා කුහක ක්‍රියාවලියක් පමණි.

කෙසේ වෙතත් මේවා සම්බන්ධයෙන් ජාති ආගම් වශයෙන් බෙදී දබර කර ගන්නවාට වඩා වැදගත් වගකීමක් රටේ සෑම දෙනාගේම කරමත පැටවී තිබේමුලදී නම් එම වගකීම වූයේ අපගේත් හා අපගේ පවුලේත්අපගේ අසල්වැසියන් ගේත් ජීවිත මෙම මාරක රෝගයෙන් බේරා ගැනීමට හැකි අයුරින් කටයුතු කිරීමය.

 

එහෙත් ඇතැමුන් මෙම වෛරසය ආසාදනය වී ඇති බව හෝ ඒ ගැන සැකයක් ඇති බව හෝ තමන් සමීප දිනෙක විදේශගතව සිට පැමිණි බව හෝ නොදන්වා ඇතැම් රෝහල්වල ප්‍රතිකාර ගන්නට ගොස් වෛද්‍යවරුන් හා අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ජීවිත අවදානමට ලක් කොට ඇති තත්ත්වය යටතේ අපගේ ප්‍රමුඛතාද එක්තරා ප්‍රමාණයකට වෙනස් විය යුතුව ඇත.

යුද්ධයකදී වටිනාම සාධකය යන්නේ ඒ ඒ පාර්ශ්වයේ යුද යාන්ත්‍රණය හා ඊට සම්බන්ධ වී සිටින පුද්ගලයින්යමෙවැනි ලෝක ව්‍යාප්ත වංසංගතයක් මැඩලීමේදී රටක වටිනාම සාධකය වන්නේ සෞඛ්‍ය යාන්ත්‍රණය හා ඊට සම්බන්ධ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයිවිවිධ පුද්ගලයින්ගේ වගකීම් විරහිත කටයුතු නිසා මෙම පිරිස ද අනතුරට මුහුණ දෙමින් සිටිති.

රෝගය වැළඳුණහොත් මුලදී තමන් කෙතරම් සැඟවී සිටින්නට උත්සාහ කළ ද එය උත්සන්න වුවහොත් අනිවාර්යෙන්ම යා යුතු වන්නේ රෝහලකටයඑසේ යාමේදී වෛද්‍යවරුන් ඔහු කෙරෝනා වෛරසය ආසාදිත වී ඇති බව අනිවාර්යෙන්ම සොයා ගනු ඇතඑහෙයින් තමන් ආසාදිත වී ඇති බව දැන ගතහොත් තම නිවසේ සිටින්නන් නිරෝධායනයට ලක්වීමට සිදුවනු ඇතැයි සිතා රෝගය හෝ රෝග ලක්ෂණ සැඟවීමට උත්සාහ කිරීමකිඉන් සිදුවන්නේ තම ජීවිතයද අනතුරට පත් කර ගනිමින්තම පවුලේ අයගේද ජීවිත අනතුරට පත් කොට හෝ නැතිව ඔවුන් නිරෝධායනයට ලක් කරනවාට අමතරව වෛද්‍ය කාර්ය මණ්ඩලයක ද ජීවිත අනතුරට ලක් කිරීමයමෙවැනි සරල තර්කයක් වටහා ගත නොහැකි වීම නම් අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයකි.

මේ කාරණයේදී වැඩි පිරිසක් වගකීමෙන් තොරව කටයුතු කිරීම යනු අප අපටම කරගන්නා විනාශයකිමන්දයත් අප ආරක්ෂා කර ගැනීමට පළමුව වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ද දෙවැනුව ආරක්ෂක අංශ ද නිරෝගීව සිටිය යුතුයඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් අනතුරට පත් කළහොත් එය සෞඛ්‍ය පද්ධතියම බිඳ වැටීමට හේතු වනු ඇතඑසේ වුවහොත් ශ්‍රී ලංකාව තවත් ඉතාලියක් විය හැකිය.

වෛද්‍යවරුන්හමුදාවත් හා පොලිසිය මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් දැනට නිවෙස්වලට කොටු වී සිටින ජනතාවට කොතෙක් කීවද තවත් එක් දිනක් ඇඳිරි නීතිය ඉවත් කළහොත් එදිනටද මාර්තු 24 වැනිදා ඇති වූ තත්ත්වය ඇති නොවනු ඇතැයි කිසිවකුටත් සහතිකයක් දිය නොහැකියඑය වැළැක්වීමට ඇති එකම විකල්පය වන්නේ දැනටමත් ක්‍රියාත්මක ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ යාන්ත්‍රණය විධිමත් කිරීම හා ශක්තිමත් කිරීමයි.

හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනමාධ්‍යයට පැවසූ පරිදි මෙවැනි තත්ත්වයක් මීට පෙර ඇති නොවූ හෙයින් මෙම යාන්ත්‍රණයේ අඩුපාඩු තිබිය හැකියඅඩුපාඩු නිවැරැදි කළ හැක්කේ ඒ ගැන ලැබෙන පැමිණිලි මගිනි.

ඇත්තවශයෙන්ම අඩුපාඩු තිබේඋදාහරණයක් වශයෙන් එදිනෙදා කුලී වැඩ වැනි රැකියා කළ පිරිස් බොහෝ ප්‍රදේශවල සිටින්නේ කළ හැකි දෙයක් නැතිවයදීර්ඝ කාලයක් අධි රුධිර පීඩනය වැනි රෝගවලට ඖෂධ ලබා ගැනීම නිසා ඇතැමුන් අවසාන කාලයේදී එම ඖෂධ ලබා ගත්තේ නිතර ඖෂධ ලබා ගන්නා ඖෂධ හල්වලින් බෙහෙත් වට්ටෝරු නැතිවයදැන් ඔවුන් වෙත බෙහෙත් වට්ටෝරු නැතඑනිසා ඖෂධ ලබා ගන්නට නොහැකි තත්ත්වයක්ද උදාවී තිබේ.

විධිමත් ක්‍රමයක් තුළ දක්නට නොලැබෙන මෙවැනි ප්‍රශ්නද හඳුනාගෙන වත්මන් යාන්ත්‍රණය ශක්තිමත් කරන්නේ නම් අවසාන කොවිඩ් -19 රෝගියාද සොයා ගන්නා තෙක් වුවද ඇඳිරි නීතිය දීර්ඝ කළ හැකිය.

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (1)

අපි අපේම වළ කපා ගනිමුද

rana Tuesday, 07 April 2020 10:40 AM

එම්.එස්.එම්. අයුබ්, සංවරයක් නැති , නීති ගරුක බවක් නැති ඔබේම ජාතියට මේ දේ කියා දෙන්න...! ජාති වාදයෙන් තොරව ලියන්නේ .

:       161       109

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 74 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 536 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1721 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1287 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38549 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site