ගීත රචකයකු, කවියකු මෙන්ම ළමාකතා රචකයකු ලෙසද ප්‍රකට නුවන් කුමාර කටුගම්පළ අගනා ජනප්‍රිය ළමා ගීත රැසක් රචනා කරමින් දරුවන්ගේ රසවින්දනය පෝෂණය කිරීමට සැලකියයුතු දායකත්වයක් දුන් අයෙකි. රන්වල බලකාය, ලෝක ළමාදිනය, වෙනුවෙන් මෙන්ම දඟමල්ල ඇතුළු ළමා ටෙලි නාට්‍ය සඳහාත් නුවන් අපූර්ව ළමා ගී රැසක් රචනා කළේය.
එසේම මෑත කාලයේ රසිකයන් අතර සේම විචාරකයන් අතරද වඩාත් ජනප්‍රියවූ නළල වියවලවා විගසින්, මටම පෙම්කර නෙතග නිවසන, ගායෙන් මං මුදවලා වැනි ගීත රැසක්ද නුවන්ගේ ගීත රචනා අතරකැපි පෙනේ. ‘ගායෙන් මං මුදවලා ගීත පද සංග්‍රහය, දත වැටිලා කාව්‍ය සංග්‍රහය, බින්දුව ළමා කෘතිය නුවන්ගේ සාහිත්‍ය කෘති කීපයකි. ‘ස්මාර්ට් කූඹියාගේ වලාකුළු සවාරිය’ ඔහුගේ නවතම කෘතියයි. මේ ඒ පිළිබඳව අප කළ සංවාදයකි.
• ඔබ, ‘සාමාර්ට් කූඹියාගේ වලාකුළු සවාරිය’ මෙරට සාහිත්‍යයට අලුත් ආරම්භයක් ලබාදෙන කටයුත්තකැයි කීම නිවැරැදියි. මෙය ඔබ ක්ෂේත්‍රගත කරන්නේ’ යොවුන් කවි ‘හැටියට. යොවුන් කතා, යොවුන් නවකතා අපට තිබුණත් යොවුන් කවි නමින් ශානරයක් ගැන අපි කතා කරන්නේ නෑ. කොහොමද මේ ප්‍රවේශය ලැබුණේ?
අනායාසයෙන්. ඇත්තෙන්ම මාදුටු තවත් එක් සිහිනයකැයි කීම නිවැරැදියි. එය කිසිදු පාර්ශවයක අනුදැනුමක් මත සිදුවුවක් නොවෙයි. ළමයින්ට කතන්දර, කවි, පින්තූර කතා ආදි විවිධ ශානරවල සාහිත්‍ය තිබෙනවා. තරුණ සහ වැඩිහිටියන්ටත් එහෙමමයි. ඒත් යෞවනයන්ට තිබෙන අපේ යොවුන් සාහි.ත්‍ය යොවුන් නවකතාවටයි විෂයානුබද්ධ පොතපතටයි සිමා වෙලා. ඒ නිසා යෞවනයන්ටත් කවියක් ලියලා බලන්න කියලා මගේ හිත මට බල කළා. මේ කෘතිය ඒ බලපෑම නිසා බිහිවූවක්.
බොහෝ සාකච්ඡාවලදී සංවාදවලදී පෙනී ගියා යොවුන් කවිය රටටම අමතකවූ දෙයක් බව. එතැන අපේ රටේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ රික්තය තිබෙන බව මට පෙනී ගියා. ‘ස්මාර්ට් කූඹියාගේ වලාකුළු සවාරිය’ සිතුවිලි සිහිනය සැබෑ කරන්නට උනන්දු වුණේ ඒ නිසා.
වසර දහසක පමණ පටන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්‍ඩලයත්, පාසල් පුස්තකාල සංවර්ධන ඒකකයත්, ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයත්, කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන ආයතනයත් (NILES) එක්ව ක්‍රියාත්මක කරන ළමා හා යොවුන් සාහිත්‍ය පුහුණු වැඩසටහන් මාලාවට අඛණ්ඩව සහභාගීවීමට ලද වටිනා අවස්ථාව යොවුන් කවි සාහිත්‍ය ග්‍රන්ථයක් බවට පත් කරගන්න බොහෝ උපකාරී වුණා. මහින්ද කුමාර දළුපොත, සුමින්ද කිත්සිරි ගුණරත්න යන කථිකාචාර්යවරුන් වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරංජලා ගමගේත් මේ කෘතිය ලිවීමේදී ප්‍රමුඛ අත්වැලක් සැපයුවා.
• මේ කාව්‍ය සංග්‍රහයට ඔබ ගෙනෙන තේමා, අත්දැකීම් හරිම අපූරුයි. ඒ වගේම නැවුම්. යොවුන් කවිය තුළ යෞවනයාට ගැලපෙන හැටියට එබ මේ තේමා වර්ණ ගන්වන්නේ කොහොමද?
ඔබට පේනවා ඇති මේ කාතියේ ඇතැම් කවිවල වැඩිහිටි හැඟීම් පවා අන්තර්ගත වෙලා තියෙනවා. ඒත් ඒවා කියැවෙන්නේ යෞවනයාගේ මුවින් සහ ඔවුන්ගේම හැඟීම් අනුසාරයෙන්. ඒ සඳහා මට අවුරුදු 15-19 ත් වගේ වයසට යන්න සිද්ධවුණා. එහිදීත් අපේ කුඩා අවදියට නොවෙයි, අද ඉන්න දරුවන්ගේ වයසට.
අපට කිසිදු පූර්වාදර්ශයක් හෝ නිර්නායකයක් නැති සාහිත්‍ය ශානරයක් ගැනයි අපි මේ සාකච්ඡා කරන්නේ. එවැනි දෙයකට යොමුවීමේ තිබෙන අභියෝගාත්මක ස්වරූපය හොඳින් දැනෙනවා ඇති. ඔබ කී නැවුම් අත්දැකීම් වගේම අපට ඉතා සමීප එදිනෙදා ජීවිතයේදී නිරතුරු අපට අත්දකින්නට ලැබෙන සිදුවිම්වලට අදාළ ප්‍රස්තුත බොහොමයක් පාදක කොටගෙන රචිත කවිත් සෑහෙන ගණනක් මෙහි තිබෙනවා. ඒත් ඒවා තොරා බේරා ගැනීමේදී, අර්ථ ගැන්වීමේදී සහ භාෂාව භාවිතයේදී උපයෝගී කරගත් වෙනස්බවත්, නැවුම් බවත් නිසා අපූර්වත්වයක් ඉස්මතු වෙනවා ඇති.
ඒ වගේම මේවායේ යොවුන් වියට තිබෙන ඍජු ඥාතීත්වය ආරක්ෂා වන ආකාරයට නිර්මාණය කිරීමට මා උත්සාහ ගත්තා. මේ ශානරයේ අපට තිබෙන ආගන්තුක බවත් විශේෂ කාරණයක්. මෙහි ඇතුළත් කවිවල අමුත්තක් සහ අපූර්වත්වයක් ඉස්මතු වන්නට එයද යම් පිටුවහලක් කියා සිතෙනවා. ඔබ කී පරිදි යෞවනයාට ගැලපෙන වර්ණයකින් මේ කවි නිර්මාණය වෙලාතියෙනවා නම් එවැනි කාරණා එයට බලපාන්න ඇති.
• දරුවන් පොත පතින් ඈත්වී ඇතැයි කීම අද ඉතාම ජනප්‍රිය චෝදනාවක්. ඒ චෝදනාවට ඔබ මේ කාතිය හරහා පිළිතුරක් සපයා තිබෙනවා. ඇත්තටම අප කළ යුත්තේ දරුවන්ට චෝදනා කිරීමද? නැත්නම් දරුවන් පොතපතට යොමු කරන්නට සුදුසු මාර්ගයක් සොයා ගැනීමද?
ඔබේ පළමු ප්‍රශ්නයට පිළිතුර ‘නැත’ යන්නයි. ඔබේ දෙවැනි ප්‍රශ්නයට පිළිතුර ’ඔව්’ යන්නයි. කෙටියෙන් විස්තර කළොත් ඔබ කිවා සේ නව ක්‍රමවේද ඔස්සේ දරුවන් පොත පතට යොමු කළ යුතුයි. ඒ වගේම ඔවුන් එතුළ රඳවා තබාගැනීමේ වගකීමත් අපේ පරපුරට පැවරී තිබෙනවා. ඒ සඳහා නොයෙක් අත්හදා බැලීම් පර් යේෂණාත්මක පියවර තැබිම් සිදු කළ යුතුයි. පූර්ණ අධීක්ෂණයෙන් යුතුව නව මාධ්‍යයේ නව ඉසව් කරා දරුවා යොමු කිරිමද කළ යුතුයි. පූර්ණ අධීක්ෂණය යනු වාරණය හෝ තහනම නොවන බව අවධාරණය කරන්න වුවමනායි. කෙසේ වෙතත් පොතක් කියන දේ ඩිජිටල් මාධ්‍යයට වඩා මුද්‍රිතව දරුවා අතට පත්වෙනවා නම් සහ එය කැමැත්තෙන් කියවීමට දරුවා තුළ ආකල්ප ගොඩනඟනවා නම් හොඳයි. දරුවාගේ ශාරීරික හා මානසික නිරෝගීතාව වගේම සමබරතාවත් ආරක්ෂා විමට ඉන් මනා දායකත්වයක් ලැබෙන බව වැඩිහිටියන් වශයෙන් අප දැනගත යුතුයි.
• මුලින් සඳහන් කළා වගේ ‘යොවුන් කවිය’ වෙන්ව බෙදා දැක්වීමට අපේ සාහිත්‍යයට නුහුරුයි. ලෝක සාහිත්‍ය තුළ ‘යොවුන් කවි’ නමින් වෙනම සාහිත්‍ය ශානරයක් තිබෙනවාද? ඒ සඳහා උදාහරණ මොනවාද?
ලෝකයේ යොවුන් කාව්‍ය සාහිත්‍ය ශානරය ඉතා දියුණු තැනකයි තිබෙන්නේ. ලෝක ප්‍රකට කවි කිවිදියන් ඒ තුළ රොද බඳගෙන ඉන්නවා. විවිධ සාහිත්‍ය උත්සවවලදී ඔවුන්ගේ යොවුන් කාව්‍ය කෘති විශිෂ්ට ලෙස ඇගැයීමට ලක්වෙනවා. විශේෂයෙන්ම ලෝකයේ අනෙකුත් කලාපවලට වඩා බටහිරට වන්නට මේ සාහිත්‍ය ශානරයටදී ඇති තැන ඉතා ඉහළයි.
එවැනි යොවුන් කවියන් පිළිබඳව හෝ යොවුන් කාව්‍ය ග්‍රන්ථ පිළිබඳව හෝ යොවුන් කවි සාහිත්‍ය අන්තර්ජාල වෙබ් අඩවි ගැන හෝ උදාහරණ සපයනවාට වඩා මං කැමැතියි ඔබෙන් ඉල්ලීමක් කරන්න අන්තර්ජාලයට පිවිසිලා බලන්න කියලා. යොවුන් කවියට අන්තර්ජාලයේ තියෙන තැන කොයිතරම්ද කියලා එවිට වැටහේවි. ඔබ පුදුම වෙයි. මටත් පුදුමයි අපට මෙතුවක් කල් එය මඟ හැරුණේ කොහොමද කියලා.
• රටක කවර අර්බුද නිවැරැදි වුණත් සංස්කෘතික අර්බුදය නිවැරදිව විසඳා නොගතහොත් ඒ රටේ නිවැරදි සංවර්ධන මාවතක් හෙළි පෙහෙළි කරගත නොහැකි බවයි විද්වත් මතය. දරුවන් තුළ උසස් රසඥතාව වර්ධනය කිරීම දැඩි සමාජ අවශ්‍යතාවක් ලෙස ඔබ හඳුනාගන්නේ කොහොමද?
කඳුළු උනන තරම් දැනෙන ප්‍රශ්නයක් මේක. සංවර්ධනය කියන වචනෙ උඩින් අල්ලගෙන වැඩ පෙන්වන ජාතියක් අපි. අපේ සංවර්ධනයේ ඔබ කියන ආකාරයේ සංස්කෘතික, අධ්‍යාත්මික, මානසික පාරිසරික හා සොබාදහම් සංවර්ධනය කියා එකක් ගෑවිලාවත් නෑ.
දරුවන් තුළ උසස් රසඥතාව වර්ධනය කිරීම දැඩි සමාජ අවශ්‍යතාවක් ලෙස මා හඳුනාගන්නේ ඉහතකී සමාජ දේශපාලන වාතාවරණයත් එක්කමයි. එහිදී දෘෂ්‍යමාන, ස්පර්ශකමය සහ මූල්‍යමය වශයෙන් ඇස්තමේන්තුගත කළ හැකි භෞතික ඉදිකිරීම්, ආනයනය කිරීම් අලුත් වැඩියා කිරීම් යනාදියෙන් එහාට දෙයක් සංවර්ධනය කරන්නට අප උනන්දු විය යුතුයි. වැඩුණු මිනිසාට වඩා ළමයාගේ ආකල්ප දැනුම, බුද්ධිය, ආධ්‍යාත්මය මනස සංවර්ධනය කිරීම තුළින් ශික්ෂණයවූ උසස් රසඥතාවකින් හෙබි නිර්මාණශීලී පුද්ගලයන් සමාජගත වන්නේ නම් පමණක් ඔබ අදහස් කළ සංස්කෘතික සංවර්ධනය ඇති වේවි.
මේ නිසයි දරුවන් තුළ උසස් රසඥතාව වර්ධනය කිරීම දැඩි සමාජ අවශ්‍යතාවක් වන්නේ. ඒ සඳහා ප්‍රමුඛතම මැදිහත්වීම සහ දායකත්වය දැක්විය හැක්කේ සාහිත්‍යයට පමණයි. එහෙම නැතිව කොන්ක්‍රිට්, කාපට්, යකඩ, ප්ලාස්ටික් සහ තාක්ෂණික මෙවලම්වලින් කෙසේවත් තව හත්මුතු පරම්පරා ගණකටවත් රට සංවර්ධනය කරන්න බෑ.
ප්‍රවීණ ගීත පද රචක නුවන් කුමාර කටුගම්පළ
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපේ සාහිත්‍යයට යොවුන් කවිය මඟහැරුණා