IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අයි.එම්.එෆ්.තාවකාලික පැලැස්තරයක්

අයි.එම්.එෆ්. ණය මුදලින් කොටසක් අනුමත වීම උදම් ඇනිය යුතු කාරණයක් විදියට ඔබ විශ්වාස කරනවද? 

ඇත්තටම නැහැ. අපි ට්‍රිලියන 25කට වැඩිය දැන් ණයයි. අපේ ණය ගොඩට තවත් ණය ගොඩක් එකතු වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක ණයක් දීමට  එකඟතාව පළ කර තිබෙනවා. එය වාර කීපයකින් ලැබුණත් අපි මේ ගන්නේ පොලිය ගෙවන ආකාරයට ගන්න ණයක්.

මේ අය අපිත් නොදන්න කොන්දේසි 15ක් දාලා තියෙනවා. රටේ සම්පත් විකුණමින් යන්නේ මේ කොන්දේසිවලටද කියලා අපට සැකයක් තියෙනවා. විදුලි බිල වැඩි කිරීම ඇතුළු ජනතාව  පීඩාවට පත් කිරීමේ ක්‍රියාමාර්ගවලට එළඹෙමින්  තිබෙනවා. මේක ගිනි පොලියට ගන්න ණයක් නිසා අපට  සතුටු වෙන්න නෙමෙයි තියෙන්නේ. මේකෙන් වෙන්නේ අපි තවත් හිර වෙන එක. මේ  සල්ලි වලින් කාලා බීලා ඉවර වුණාට පස්සේ දිරව ගන්න බැරි වෙනවා. 

මේක උඩ පැන පැන සතුටු වෙන්න කාරණයක් නොවේ. තාවකාලික පැලැස්තරයක්, බෙර ගහලා ජනපති ජාතිය අමතලා කියන්න දෙයක් නෙමෙයි. 

♦ රටේ ගෑස්  පෝලිම්, තෙල් පෝලිම් ඇතුළු අර්බුද ගණනාවක් තිබුණා. තාවකාලික විකල්පයක් ලෙස හරි අයි. එම්. එෆ්. යෑම ජාතික ජන බලවේගය අනුමත කරන්නේ නැද්ද? 

මේ සඳහා ගන්න යන ක්‍රියාමාර්ග කීපයක් අතරේ ණය ගැනීමත් එක්ක දැවැන්ත කොන්දේසිවලට යටත් වෙලා රටේ ජනතාව අපහසුතාවට පත්  කරලා ණය මුදලක හිර කිරීම නෙමෙයි පාලකයන්ගේ වගකීම. 50%කින් පරිභෝජනය  අඩු වෙලා තියෙන්නේ ඇයි? මේ රටේ දූෂණය, වංචාව, නාස්තිය ඉහවහා ගිහින් තිබෙනවා. විගණන වාර්තාවලට අනුව අපි රුපියල් කෝටි ට්‍රිලියන 18ක් ණය අරන්  තිබෙනවා. එයින් වත්කම් හැටියට තිබෙන්නේ ට්‍රිලියන 03යි. ඉතුරු 15ක් අතුරුදහන්. ර​ටේ සාගත තත්ත්වයක් ඇතිවන පසුබිම නිර්මාණය කළෙත් ඔය කියන පාලකයොම තමයි.

ලෝකෙන් ණය අරගෙන අරගෙන අපිට හිර කරලා ඒකෙන් ගැලවෙන්න කියලා අපිව අයේම හිර කරනවා. අපි ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලට 16 වතාවක් ගිහින් තියෙනවා. ඒ 16 වතාවෙම අපිට  ගොඩ යාගන්න බැරිවුණානේ. ණය අරගත්තට කරන වැඩක් ගැන ආණ්ඩුවට සැලැස්මක් තියෙනවද? කාල බීලා චූන් එකක් ගන්න හදන්නේ. නාස්ති කරලා හොරකම් කරපු ධනය නැවත අයකර ගන්න ක්‍රියාවලිය මේ අය කරනවද? 

♦ දූෂණය වංචාව නිසා තමයි මේ රට කඩා වැටු​ණේ කියලා ජවිපෙ හැමදාම චෝදනා කරනවා. එකම හේතුව එය පමණක්ද? 

හේතු කීපයක්ම තිබෙනවා. එයින් එකක් තමයි අද පවතින නරක දේශපාලන සංස්කෘතිය. මේක වෙනස් කරන්න ඕන පාලක පංතිය හා ජනතාව අතර සහසම්බන්ධයක් ගොඩනැගිය යුතුයි. ගත්තු ණය නිසි ආකාරව කළමනාකරණය කරලා රටට ඩොලර් එන විදියට වැඩපිළිවෙළක් හදන්න ඕන. 

♦ ඇත්තටම කිවුවොත් මීට මාස 08, 09කට කලින් තිබුණු රට නෙමෙයි දැන් තියෙන්නේ. රටේ ගෑස්, තෙල් පෝලිම් නැහැ. යහපත් පැත්තට රටේ වෙනසක් සිදුවෙලා නැද්ද? 

ඔය තත්ත්වයට රට ඇදලා දැම්මෙත් ඒ අයනේ. දැන් ජනාධිපති මීට පෙර 06 වතාවක් අගමැති වුණානේ. ඒ කාලේ රට ගොඩනැගුවා නම් මෙහෙම තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැනේ. රනිල් දැන් අමුතු දෙයක් කරලා නැහැ. ණය ගෙවන එක නතර කර තිබෙනවා. ඒ ඉතුරු වුණු මුදල් ටිකෙන් බඩු ටිකක් ගෙනාවා. ඒත් අර ණය එහෙමයි. ණය දුන්නු රටවල් පසුගිය කාලේ අපිත් එක්ක තරහා වුණා. දැන් මිනිස්සුන්ගේ පරිභෝජනය අඩු වෙලා තියෙනවා. මේක සතුටු වෙන්න කාරණයක් නෙමෙයි. රනිල් යටතේ හොඳ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා සමහරු විග්‍රහ කරන්නේ ව්‍යාජ කාරණාවක්. 

♦ වෘත්තිය සමිති හරහා රටපුරා වර්ජන රැල්ලක් ඇති කරලා රට කඩා වට්ටන්න උත්සාහ කරනවා කියලා ආණ්ඩුව චෝදනා කරනවා

ආණ්ඩුව එහෙම චෝදනා කරනව නම් ආණ්ඩුවෙන් අපට අහන්න තියෙන්නේ වෘත්තීය සමිති ඉල්ලන්නේ මොනවද කියලා හොයලා  බලන්න කියලා. වැඩවර්ජන යන්න කලින් විවිධාකාර විදියට ඒ අයගේ ඉල්ලීම් ආණ්ඩුවට කියලා තියෙනවා. සම්පූර්ණ ඉල්ලීම ඉටු කරන්න බැරිනම් භාගයක් හරි ඉටු කරන්න තිබුණා.

ලක්ෂයකට ගහපු බද්ද ලක්ෂ 2කට ගැහුවා නම් කුමක් හෝ එකඟතාවකට එන්න තිබුණා. ආණ්ඩුව ඊට සවන් දෙන්නේ නැතිව මුග්ධ විදියට කඳුළු ගෑස් පාවිච්චි කරලා නීතිය අවභාවිත කරලා කටයුතු නොකළා නම් මෙහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. 

වෘත්තීය සමිතිවලට මේ රට වට්ටන්න කිසිම වුවමනාවක් නැහැ. ඒ අය තමන් වැඩ කරන තැනට ආදරෙයි, වෘත්තීය සමිති වැඩ වර්ජනයට යන්නේ ඇයි කියන කාරණයට ආණ්ඩුව උත්තර සැපයුවා නම් ප්‍රශ්නයක්  වෙන්නේ නැහැ. 

♦ ඡන්දය දිනෙන් දින කල් යන බවක් තමයි පෙන්නුම් කරන්නේ. එහෙම වුණොත් ඔබ පක්ෂය ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද? 

ඡන්දය නීත්‍යානුකූලව අයින් කරන්න බැහැ. මැතිවරණ කොමිසමට තිබෙන බලය අනුව ආපු එකක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගහලා කඩිප්පුලිකම් කරලා මේ විදියට අත්තනෝමතිකව හැසිරෙන්න පුළුවන් නම් ඊට එරෙහිව නැගී සිටින්න ජනතාවට හැකිවිය යුතුයි. ඡන්දය කල් දාලා මුළු ලෝකයටම පෙන්වා දෙන්නේ නරක පූර්වාදර්ශයක්. ඡන්දය  ජනතාවගේ පරම අයිතියක්. මේකට වංගු දාන්න දෙන්න බැහැ. ජනතාව ඡන්ද අයිතිය වෙනුවෙන් පෙළගස්වමින් සිටිනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා. ජාත්‍යන්තරය දැනුවත් කිරීම සිදු කරනවා. ඡන්දය දිනා ගැනීමට කළ හැකි උපරිම දේ අපි කරනවා. අපි මේක අතඅරින්නේ නැහැ. 

♦ ජාතික ජන බලවේගයට තිබෙන ජනරැල්ල ව්‍යාජයක් බවත් ජනතාව එක රැස්වීමකින් තව රැස්වීමකට යන බවත් කියනවා. එය ඇත්තක් ද? 

මේ රැල්ල ව්‍යාජයක් නම් ඒක දිගටම පවත්වා ගන්න බැහැනේ. ඇඹිලිපිටියේ  කරන රැස්වීමට හම්බන්තොටින් සෙනඟ ගේන්නේ නැහැ. ඒ රැස්වීමට එන්නේ ඇඹිලිපිටියේ ජනතාව පමණයි. එහෙම නම් එන වාහන බලලා කාට හරි ඔප්පු කරන්න පුළුවන්. අපිට රැල්ලක් නැති කාළේ එහෙම ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගියත් දැන් එහෙම වුවමනාවක් නැහැ. රටේ සියලු පරීක්ෂණවලින් උඩටම ඇවිත් තිබෙන්නේ ජාතික ජනබලවේගය. සමුපාකාර ඡන්දෙනුත් ඉහළින්ම ජයග්‍රහණය කළේ අපි. ජනතා ආදරය ප්‍රායෝගිකව අත්විඳිනවා. ජනතාව පාට පක්ෂ භේදයෙන් තොරව මාලිමාව වටා එකතු වෙනවා. රටේ පාලකයන් ඒක දන්නවා. 

♦ ජාතික ජන බලවේගයේ ​අපේක්ෂක ලැයිස්තුව අතර පොහොට්ටුවේ අය වගේම විවිධ චෝදනා ලබපු අයත් ඉන්න බව කියනවා. 

අපිට ඉස්සර කිවුවේ සියයට තුනයි තියෙන්නේ කියලා. දැන් අපිට එකතු වෙන අයත් කලින් වෙන පක්ෂවල සිටි ජනතාව. සමහර අය අපිත් එක්ක එකතු වෙන්න කැමැතියි කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා. සමහර දේශපාලකයන් පක්ෂයට ගන්න නොවේ හමුවෙන්නත් අප්පිරියයි. ගමේ ඉන්න සාමාන්‍ය ජනතාව අපට එහෙම ප්‍රතික්ෂේප කරන්න බැහැ. එහෙම සමහර අය ඡන්දය ඉල්ලනවා. ඒ ඉල්ලන අය පොදු ප්‍රතිපත්ති රාමුවට එකඟ විය යුතුයි. රටේ දැවැන්ත විනාශ කරපු අය තමයි බොරුවට අපට චෝදනා කරන්නේ. 

♦ ජවිපේ කතා අහන්න මිනිස්සු හිටියට ඡන්දේ දෙන්න මිනිස්සු නැහැ කියලා සමහරු කිවුවා. ඒ කතාව මෙවරවත් වෙනස් වෙයිද? 

ඒ කතාව ඇත්ත. කතා ඇහුවට ඡන්දේ දුන්නේ නැහැ. එදා ජවිපෙ දිනනවා කියන මානසිකත්වය තිබුණේ නැහැ. ඒත් අපට කැමැතියි. සන්ධානෙන් එනකොට මනාප ලැයිස්තුවේ ඉහළින්ම අපි තිබ්බා. අපි දිනනවා කියන සංඥාම යනකොට ජනතාව අපට ඡන්දය දෙනවා. දැන් මාලිමාව දිනනවා කිය එක රටේ තහවුරු වෙලා ඉවරයි. මේ රැල්ල නවත්වන්න බැහැ. 

- අමිල චින්තක ගමගේ 

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික - නාමල් කරුණාරත්න



අදහස් (4)

අයි.එම්.එෆ්.තාවකාලික පැලැස්තරයක්

prasanna Thursday, 30 March 2023 08:55 PM

දන්න දෙයක් ගැන කතා කරන්න.

:       3       12

sam Friday, 31 March 2023 07:57 AM

ඒ කතාව ඇත්ත... අපේ කතා වෙන පක්ෂවල කතා වගේ නොවේ. හරිම රසවත්... හරිම හරවත්... ජනතාව හුරේ දානවා... කතා ඇහුවාට ඡන්දේ නම් දුන්නේ නැහැ. එදත් එහෙමයි... අදත් එහෙමයි... ඉදිරියටත් එහෙම වෙයිද කියලත් පොඩි සැකයකුත් තියෙනවා.

:       3       10

SL Friday, 31 March 2023 08:48 AM

අයියෝ සාමි එනක්ක වේන්ඩාම්... පොඩ්ඩක් ඔය නෙගටිව් මයින්ඩ් එක අයින් කරගෙන වරෙන් කොහාට හරි ගිහින්. පන්ති පහට වඩා අංගොඩ තමා හොඳ...

:       3       15

Menaka Friday, 07 April 2023 10:39 AM

මේ තවත් පිළිලයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site