රට තුළ මේ වන විට සාකච්ඡාවට බඳුන් වී ඇති ප්‍රමුඛ මාතෘකා බවට පත් වී ඇත්තේ ආර්ථිකයේ මතුවී ඇති අර්බුදවලට පිළියම් සෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු ද? නැද්ද? යන්නයි. විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට අදහස් දක්වමින් සඳහන් කරන්නේ ලංකාවේ වර්තමානයේ ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවයි. තවත් අයගේ අදහස වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගත යුතු බවයි.
ඒ සඳහා ලංකාවට සමීප රටවල සහාය ලබාගෙන පවතින තත්ත්වයට පිළිතුරු ලබාගත යුතු බව ඔවුහු සඳහන් කරති. පසුගිය දිනක මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට සූදානම් වන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගොඩනැගෙන්නේ 1944 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ Woods සමුළුවට සමගාමීව ය. 1929-30 කාල පරිච්ඡේදවල දී ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය කඩා වැටීමත් සමග ලෝකයේ බොහෝ රටවල ආර්ථික කඩා වැටීම ආරම්භ වූ අතර නිෂ්පාදනය කඩා වැටීම, දරිද්‍රතාව, සේවා වියුක්තිය, උද්ධමනය ඉහළ යාම හා ඉඳුම් හිටුම් අහිමිවීමේ ඛේදවාචකයට ලෝකය මුහුණ දුන් අතර ඉන්පසු රටවල් 44ක මූලිකත්වයෙන් ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතාව මුල්කර ගනිමින් මෙම සංවිධානය නිර්මාණය කෙරිණි. අද වන විට මෙම සංවිධානය රටවල් 190 කින් සමන්විත මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත සංවිධානයක් බවට පත් වී තිබේ.
ලෝකයේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, විනිමය පද්ධතියේ ඒකාග්‍රතාව හා ස්ථාවරත්වය ආරක්ෂාව ඇති කිරීම, එක් එක් රටවල සිදුවන මූල්‍ය හුවමාරුවල දී සිදුවන වන අපහසුතා මඟ හැරීමට පහසුකම් සැපයීම ආදී කාර්ය මෙම සංවිධානයෙන් සිදු කෙරේ. එසේම ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම හා සිදුවන්නා වූ කඩා වැටීම් වලින් ආරක්ෂා කිරීම් ද සිදුවේ. තම සාමාජික රටවල මූල්‍ය පද්ධතිවල සිදුවන්නා වූ කඩා වැටීම්වල දී සාමාජික රටවල් සඳහා අවශ්‍ය මූල්‍යමය සහාය ලබා දෙන අතරම අවශ්‍ය උපදේශන සේවා ද ලබා දෙනු ලබයි. ලංකාව 1950 වර්ෂයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබාගෙන ඇති අතර ලංකාවට හිමි කෝටාව ඇමෙරිකන් ඩොලර් මිලියන (SDR) 578.8 ක් පමණ වන බව සඳහන් වේ.
ලංකාවේ විවිධ අර්බුදකාරී අවස්ථාවල දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගෙන ඇති අවස්ථා බොහෝය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්තවලට අනුව ශ්‍රී ලංකාව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය SDR මිලියන 940,966,001 ක් පමණ වේ. වසර2037 වෙන තෙක් මෙය ගෙවා දැමිය යුතුය. 2021 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නිවේදනයකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින රටවල්වලට ලබා දෙන ලද විශේෂ ගැනුම් හිමිකම් (SDR) ඇමරිකන් ඩොලර් මිලියන 787කි. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොවිඩ්වලින් පීඩා විඳි රටවල් 87 සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 117 මුදලක් ප්‍රදානය කොට ඇති බව දත්ත වාර්තා පෙන්නා දෙයි. ඒ අතර සහනදායි රාමුව යටතේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 275ක් ලබා දී තිබේ. ඌණ සංවර්ධිත රටවල් සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 21 ක සහනදායි අරමුදල් ලබා දී ඇත.
අර්බුදය හඳුනා ගැනීම
ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැංවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පෙර ලංකාවේ ආර්ථිකය අද වන විට මුහුණ දී ඇති අර්බුද හඳුනා ගැනීම හා ඒ අනුව කිනම් ක්ෂේත්‍ර, අංශ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත යුතු ද යන්න පිළිබඳව සලකා බැලිය යුතුය. 2020 වර්ෂයේ මුල් භාගයේ සිට ලංකාවේ නිෂ්පාදනය බිඳ වැටුණු අතර ආර්ථිකයේ සියලු අංශ කඩා වැටීම සිදුවිය. ආර්ථීකයට සෘජුවම විදේශ විනිමය ලබා දෙන අංශ වන සංචාරක කර්මාන්තය,ඇඟලුම් කර්මාන්තය, අපනයන බෝග, විදේශීය ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය ප්‍රේෂණ අඩුවීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන විස්සකට වැඩි මුදල් ප්‍රමාණයක් ආර්ථිකයට අහිමි විය. 2019 වර්ෂය වන විට දී ඇමෙරිකන් ඩොලර් බිලියන හතක්ව පැවැති විදේශ සංචිත ක්‍රමයෙන් අඩුවීම හේතුවෙන් විදේශ විනිමය අර්බුදයක් ඇතිවීම පටන්ගෙන තිබිණි. ඒ අනුව ආර්ථිකයේ ආදායම් ලැබිය යුතු සෑම අංශයක්ම කඩා වැටීම හේතුවෙන් ආර්ථිකය තුළ අර්බුද ගණනාවක් ගොඩනැඟිණි.
කෙසේ නමුත් 2021 වර්ෂය අවසාන වන විට අපනයන ආදායම සියයට 23 කින් වර්ධනය වී ඇති අතර එයින් ලබාගත් ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 15.1ලෙස වාර්තා කර තිබේ. මේ වන විට අපනයන ක්ෂේත්‍රයේ සෑම අංශයකම පාහේ කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකි අතර සංචාරක කර්මාන්තය ද නැවත වතාවක් වර්ධනය වෙමින් පවතින බව පෙනේ.
2021 ජනවාරියට සාපේක්ෂව සංචාරකයන්ගේ පැමිණීම 82,381පමණ වන අතර 2020 ජනවාරිය සමග සැසඳීමේ දී මෙය පහළ අගයක් ලෙස පෙන්නුම් කරයි. කෙසේ වෙතත් මෙම වසර දෙකක කාලපරිච්ඡේදය තුළදී පමණක් ඇමරිකන් ඩොලර් බිලියන 8 ක විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වී තිබී ඇති බව පෙනේ. 2021 වර්ෂය සැප්තැම්බර් මාසය වන විට ඇඟලුම් කර්මාන්තයෙන් ලැබූ විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 3.1 ලෙස සටහන් වන අතර එය පෙර වර්ෂයට සාපේක්ෂව සියයට5 ක වර්ධනයක් පෙන්නුම් කරයි.
අද වන විට ලංකාවේ ආර්ථිකයේ හඳුනාගත හැකි ප්‍රධාන ප්‍රශ්න කිහිපයකි. එම ප්‍රශ්න නිසා ගොඩනැගුණු අනෙකුත් ප්‍රශ්න නිසාවෙන් ආර්ථීකයේ විවිධ අංශවල අර්බුද හටගෙන තිබේ. මෙයට හේතු වී ඇත්තේ මේ සියලු අර්බුද එකිනෙකට සහසම්බන්ධ වන නිසාවෙනි. අද ලංකාවේ ආර්ථිකය මුහුණ දී ඇති හඳුනාගත හැකි ප්‍රධාන අර්බුද හතරක් දැකිය හැකිය. 1. විදේශ විනිමය අර්බුදය 2. විදේශ ණය අර්බුදය 3. විදේශ සංචිත පහළ යාම4. උද්ධමනය ඉහළ යාම.
අවස්ථා හඳුනාගැනීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සමාජය තුළ ඇත්තේ අනියත බියකි. බොහෝ ආයතන ණය ලබා දීමේ දී කොන්දේසි දැමීම පොදු වූ කාරණයකි. විශේෂයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම හෝ ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, රාජ්‍ය අංශය සීමා කිරීම, රාජ්‍ය අංශයේ රැකියා අඩු කොට එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යනාදී කාරණා මෙන්ම උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගැනීම, රාජ්‍ය වියදම් සීමා කොට අයවැය පරතරය අඩු කිරීම වැනි රටක ආර්ථිකයට වැඩියෙන් බලපෑම් කරන අංශ ප්‍රතිසංස්කරණය කළ යුතු බව ඔවුන් ලබාදෙන උපදෙස් ලෙස සැලකිය හැකිය.
දීර්ඝ කාලයක් පුරාවට රට තුළ ගොඩනඟා ඇති මතවාද හේතුවෙන් පොදු මහජන මනස තුළ මූල්‍ය අරමුදල රකුසෙකු යන අදහස ගොඩ නැගී තිබේ. සාම්ප්‍රදායික මතවාදවල එල්බ සිටිනවාට වඩා විවෘතව සිතමින් රට ගොඩ ගොඩ නැගීමට අලුත් මතවාද සමාජය තුළ ගොඩ නැගිය යුතුය. අද අපගේ පොදු සතුරා බවට පත් වී ඇත්තේ අප විසින්ම ගොඩනගා ගන්නා ලද දුර්වලතා හේතුවෙන් ඇතිවුණු අර්බුදය.
ඉදිරියේ දී මුහුණ දෙන විදේශ ණය පියවීමේ අර්බුදයට (ඇමරිකන් ඩොලර් බිලියන 6 කට අධික) විසඳුම් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුවේ සහාය ලබාගත හැකි වේ නම් එය වඩාත් වැදගත්ය. මක්නිසාදයත් දැනටමත් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මගින් රට ඉතාමත් පහළ මට්ටමක ඇති නිසා වෙනත් අංශවලින් ණය ලබා ගැනීමේ දී ඉහළ පොලි ප්‍රතිශතයක් ගෙවීමට අනාගතයේ දී සිදුවන බැවිනි.
දැනටමත් ස්වෛරී බැඳුම්කර නිකුතු ආකර්ෂණීය ණය ලබාගැනීමේ ක්‍රමවේදයක් නොවී ඇති බව පෙනේ. පසුගිය 2015-2020 වර්ෂ කිහිපය තුළ දී විවිධ ආයතනවලින් ණය ලබා ගැනීමේ දී සියයට6 ඉක්ම වූ පොලි අනුපාතිකවලින් ණය ලබා ගැනීම් හේතුවෙන් අනාගතයේ දී රටේ ආර්ථිකයට තව තවත් පීඩනයක් ලබා දී තිබේ. අපට පෙනෙන ආකාරයට මුදල් අමාත්‍යංශයේ අදහස් වී ඇත්තේ මේ අවස්ථාවේ දී රට තුළ ගොඩනැඟී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් ලබා ගැනීම සඳහා විවිධ පාර්ශ්වවල අදහස් ලබා ගැනීමයි.
විශේෂයෙන් ලබාගත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඔවුන්ගේ විශේෂඥ දැනුම මේ අවස්ථාවේ දී ඉතා වැදගත් වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබාදෙන උපදෙස් ඒ අයුරින්ම ක්‍රියාත්මක කළ යුතු යැයි කොන්දේසියක් නොමැත. ලංකාවට අවශ්‍ය පරිදි එය සකස් කරගත හැකිය. ලබාගත් ණය කළමනාකරණය කිරීම හා ලබා ගන්නා ණය ඉදිරියේ දී කෙසේ කළමනාකරණය කළ යුතුද යන්න විවිධ කෝණවලින් බලා උපායික සැලැස්මක් ඔවුන් සමග එක්තු වී සකස් කළ යුතුය. මෙය ඔවුන්ට පමණක් කිරීමට ඉඩ නොදිය යුතු අතර ලංකාවේ මේ සම්බන්ධයෙන් දැනුම ඇති විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් සාමුහිකව එය සකස් කිරීම ප්‍රායෝගික ය.
විදේශ විනිමය අර්බුදය කෙසේ කළමනාකරණය කර ගත යුතුද යන්න පිළිබඳව විදේශීය විශේෂඥ දැනුම් ලබා ගැනීමේ වරදක් නැත. මෙම ආයතන ලංකාවේ විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා දැනටමත් උපදෙස් ලබා දෙයි. මූල්‍ය ප්‍රතිපත්ති සැකසීමේ දී, විනිමය අනුපාතිකය ස්ථාවරව පවත්වාගෙන යාම, පොලී අනුපාතික ස්ථාවරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බොහෝ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විටින් විට මැදිහත්වීම හා උපදෙස් ලබා දෙනු ලබයි. අපට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී ඔවුන් ලබාදෙන විශේෂඥ දැනුම අවශ්‍ය ආකාරයට පමණක් ලබා ගැනීම නුවණට හුරුය. බොහෝ නිලධාරීන් සිදුකර ඇත්තේ විදේශීය විශේෂඥයන් ලබාදුන් උපදෙස් ඉස්මුදුනින් පිළිගෙන ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීමයි. අපට වැරදී ගිය එක් අවස්ථාවක් ලෙස එය සඳහන් කළ හැකිය.
තිරසාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම
රටක් වශයෙන් අද අප මුහුණ දෙන ගැටලුවලට ස්ථිරසාර විසඳුම් සෙවීම සඳහා තිරසාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතුය. අද මුහුණ දෙන්නේ දීර්ඝ කාලීනව අප ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිවල දුර්වලතාවල ප්‍රතිඵලවලටය. ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය සැලකීමේ දීත් අපනයන ප්‍රතිපත්ති සැලකීමේදීත් විටින් විට වෙනස් වූ සැලසුම් ක්‍රියාත්මක වීමට යාමේ දී සිදු වූ දුර්වලතා හේතුවෙන් ආර්ථිකය වශයෙන් රට කඩා වැටීමට පිළියම් යෙදීම මහත් දුෂ්කර වී තිබේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කෙරෙහි අප තවදුරටත් සෘණාත්මකව නොසිතිය යුතුය.
මේ අවස්ථාවේ දී ඔවුන්ගෙන් ලබා ගත යුතුදේ ලබා ගැනීම ක්‍රමෝපායිකව ඉතා වැදගත් වේ. අපට සිදුවී ඇත්තේ රටේ සෑම ප්‍රශ්නයක්ම දෙසම දේශපාලන කෝණයකින් බැලීමයි. යම් යම් පාර්ශ්ව ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට යාමේ දී රටවල්වල ආර්ථික කඩා වැටී ඇති බවයි. රටවල් එසේ කඩා වැටෙන්නේ ඔවුන්ගේ උපදෙස් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට යාමෙනි. අපට ගැළපෙන රටට ගැළපෙන මොඩලයක් සකස් කිරීම උපදෙස් ලබාගන්නා පාර්ශ්වයවල වගකීමකි.
අද රට තුළ පවතින මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට කෙටි කාලීන හා මධ්‍ය කාලීන වශයෙන් අවශ්‍ය වන්නේ ඇමෙරිකන් ඩොලර් බිලියන 15-20 අතර අරමුදල් සම්පාදනය කර ගැනීමය. පසුගිය කාලය තුළ දී මහ බැංකු අධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සය මසක ක්‍රමෝපායික සැලැස්මේ යම් යම් අඩුපාඩු තිබුණත් එය ඉලක්කගත වැඩසටහනක් වශයෙන් හඳුනාගත හැකිය. එම සැලසුමේ පවතින ඉලක්කගත වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කර ඉන් එකිනෙක සපුරා ගැනීම ඉතා වැදගත්ය. රටක් අයාලේ යෑමට වඩා රටකට සැලස්මක් තිබීම ඉතා වැදගත්ය.
විශේෂයෙන් මේ වසර තුළ දී ඉලක්කගත ආයෝජන අවස්ථා සපුරා ගැනීම සඳහා පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. පෝට් සිටි ව්‍යාපෘතිය, නාගරික සංවර්ධන අධිකාරිය හා අනිකුත් විදේශ ආයෝජකයන්ට ආයෝජන අවස්ථා විවර කළ යුතුය. විදේශ ආයෝජන අවස්ථා සඳහා දිරිමත් කළ යුතුය. ඒ සඳහා ඇති නීතිමය බාධා ඉවත් කිරීම රජයේ වගකීමයි.
මේ වසරේ ඉලක්කගත අපනයන ආදායම් ඉහළ නැංවීම සඳහා ඒ ඒ අමාත්‍යාංශවලට ඉලක්කගත වැඩසටහන් ලබා දිය යුතුය. ඒ අනුව අමාත්‍යවරුන් හා ආයතන ප්‍රධානීන්ගේ ප්‍රගතිය අධ්‍යයනය කළ යුතුය. මෙම වැඩසටහන්වල ඵලදායිතාව අධ්‍යයනය සඳහා ප්‍රතිපත්ති මිනුම්දඬු සැකසීමට අවශ්‍ය සහාය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥයන්ගෙන් ලබාගත හැකිය.
රටක ආණ්ඩුවකට ජනතාව බලය ලබා දී ඇත්තේ අවශ්‍ය අවස්ථාවල දී රටට හිතැති නිවැරදි තීන්දු තීරණ ගැනීමටය. අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට ප්‍රතිපත්ති සැකසීමේ දී අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ගොස් නැවතත් ජනතා නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගත හැකිය. අවශ්‍ය අවස්ථාවල දී නිවැරදි තීන්දු තීරණ නොගැනීම තවදුරටත් රට ඇදවැටීමට හේතු වනු ඇත. එම නිසා ජනතා හිතසුව පිණිස නිවැරැදි තීරණය ගැනීමට කිසිවෙක් පසුබට නොවිය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමි.
ආර්ථික විශ්ලේෂක සහ ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ සාමාජික චිත්‍රාල් ජයවර්ණ විසිනි
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයි.එම්.එෆ් නොගොස් බැරිද..?