IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අය වැය කොයිබටද?

අය වැය ලේඛනය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ. මෙවර අය වැය ලේඛනය දෙස මුළු රටේම අවධානය යොමුව ඇත්තේය. රටේ පවතින ආර්ථික අර්බුදය, වැටුප් ගැටලුව හා ජීවන වියදමට සහන ලබා ගැනීම ආදී අපේක්ෂා  ජනතාව තුළ පවතියි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ දෙවැනි අය වැය ලේඛනය මෙය වේ. පළමු අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ  මුදල් අමාත්‍යධුරය හෙබ වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂය. මෙවර අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂය. මෙවර අය වැය බැසිල් රාජපක්ෂගේ මංගල අය වැය ලේඛනය වීමත් අභියෝගාත්මක ආර්ථික වටපිටාවක ඉදිරිපත් කරන්නක් වීමත් විශේෂත්වයකි.

ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙවර අය වැයේ ජනතා ආකර්ෂණය දිනාගන්නා සහන ඇතුළත් නොවන බවය. ජනතාවට කෙටි කාලීන සහන ලබා දීම වෙනුවට රටේ දිගුකාලීන සංවර්ධනය උදෙසා පරිවර්තනීය අයවැයක් ජනතාවට ඉදිරිපත් කරන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. සියයට හයක ආර්ථික වර්ධන වේගයක් 2022 වසරේ අපේක්ෂාව වන අතර ඒ සඳහා වන යෝජනා මෙවර අය වැය ලේඛනයට ඇතුළත්ව ඇතැයි ද වාර්තා වේ.

 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වසර ගණනාවක්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත් භාණ්ඩාගාර ලේකම්වරයා ලෙසත් කටයුතු කළේ ආචාර්ය පී.බී. ජයසුන්දරය. ඔහු සකස් කළ අයවැය ලේඛන ගණනාවක්ම රාජපක්ෂ ආණ්ඩුව තුළ ක්‍රියාත්මක වූයේය. මෙවර අය වැය ලේඛනය සකස් කිරීම සඳහා ද ඔහුගේ උපදෙස් හා විශාල වැඩකොටසක් ඉටුවූ බව ද ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේය.

‘ලංකාවේ ජාතික ආදායමට වඩා හැමදාමත් වියදම ඉහළයි. රටේ වියදම් පියවා ගන්න ණය වෙනවා. හැමදාම සිද්ධ වුණේ ඒක. මෙවර රටේ ණය බරතාව අඩුකිරීමට අයවැය යෝජනා ගේනවා. මෙහි අලුත් යුගයකට යන්න යේජනා තිබෙනවා. කාබනික පොහොර භාවිතය පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල්කරණය වගේ වැඩසටහන් සඳහා මුදල් වෙන්කර තිබෙනවා. රටේ ප්‍රමුඛතා හඳුනාගෙන ඒවාට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කළ යුතුයි. වසංගත තත්ත්වය පාලනය කිරීමට මුදල් වැය කිරීමටම අවශ්‍යයි.’ යැයි ආචාර්ය පී.බී. ජයසුන්දර පැහැදිලි කර තිබේ.

මෙවර අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අද පස්වරු 2ටය. අය වැය විවාදය පසුදින සිටම ආරම්භ වන අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ මෙවර කථික මන්ත්‍රීවරුන්ට වැඩි කාලයක් වෙන්කර දීමටය. අයවැය විවාදය පැවැත්වෙන දිනවල දී මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඇසීම සඳහා ලබා දෙන කාලය කප්පාදු කර තිබේ. ඒ සඳහා වෙන්කර ඇති උපරිම කාලය විනාඩි දහයක් බව ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මාස හතරකට ආසන්න කාලයක් තිස්සේ ඇදී ගිය ගුරු විදුහල්පති වැටුප් ගැටලුව යම් ආකාරයකින් නිරාකරණය කර ගැනීමට ආණ්ඩු සමත් වූයේය. වැටුප් ගැටලුවට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව හා මුදල් ඇමැතිවරයා දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට වෘත්තීය සමිති දිගින් දිගටම චෝදනා කළේය. වැඩි චෝදනාව එල්ල වූයේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂටය. ඔහු වෘත්තීය සමිති නියෝජිතයන්ට සාකච්ඡාවක් ලබානොදෙන බවට වෘත්තීය සමිති චෝදනා කළේය.

මේ අතර ගුරු සංගම් අනෙකුත් වෘත්තීය සංගම් සමග දැවැන්ත වැඩවර්ජනයකට සැළසුම් සකස් කළේය. ගුරු සංගම් නායකයන් ප්‍රකාශ කළේ 80 ජූලි වර්ජනයට සමාන වැඩවර්ජනයක් දියත් කරන බවය. කටයුතු එසේ සැලසුම් වෙද්දී ආණ්ඩුවට අඩියක් පසුපසට ගැනීමට සිදුවූයේය. ඉකුත් බදාදා පෙරවරුවේ ගුරු සංගම් නියෝජිතයන්ට අගමැතිවරයාගෙන් කැඳවීමක් ලැබුණේය. ගුරු සංගම් 30 ක නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක දී අගමැතිවරයා සමග සාකච්ඡා ආරම්භ කළහ. අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල සහ තවත් ඇමැතිවරු රැසක් එම සාකච්ඡාවට එක්වූහ. සාකච්ඡාව පිළිබඳව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ජනමාධ්‍යයට රහසක් හෙළි කළේය.

‘තනිකරම නාට්‍යයක්. ආණ්ඩුව කලින් පිටපත සකස් කරලා තිබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු වෘත්තීය සමිතියේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ ප්‍රධාන නිළියට රඟපෑවා. හඳපාන්ගොඩ නෝනා තමන්ගේ සංගමය කරන යෝජනාවක් ලෙස වැටුප් වැඩිවීමේ පළමු කොටස එකවර දෙන්න කිව්වා. අගමැතිතුමා ප්‍රමුඛ ඇමැතිවරු සාකච්ඡා කළේ ඒ යෝජනාව. ඇත්ත වශයෙන්ම ඒක අපේ යෝජනාව. හඳපාන්ගොඩ නෝනා මස් රාත්තලම එපා අපට වැටුප් වැඩිවීමේ පළමු කොටස පියවර තුනකින් ලබා දීමේ ආණ්ඩුවේ යෝජනාවට එදා එකඟ වුණා. කොහොම හරි අපේ ඉල්ලීම හඳපාන්ගොඩගෙ ඉල්ලීමක් ලෙස නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරලා ඒක දෙන්න ආණ්ඩුව කැමැත්ත පළ කළා. කොහොම වුණත් වැඩේ වෙනවා නම් එච්චරයි.

 දේශපාලන පක්ෂ සමග පැෆරල් සංවිධානය සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඉකුත් බදාදා පැෆරල් සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට ගොස් සාකච්ඡා පැවැත් වූහ. එම සාකච්ඡාවේ දී මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී තිබූ අතර ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කළ පැෆරල් යෝජනාවලියේ කරුණු ද සාකච්ඡාවට බඳුන් වී තිබූ බව වාර්තා විය.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීමේ දී සියලු පක්ෂවලට සාධාරණයක් හිමිවිය යුතු බවය. ‘මැතිවරණයක දී අපේක්ෂකයන් කරන වියදම් සම්බන්ධයෙන් ද මේ වන විට පුළුල් සමාජ කථිකාවතක් නිර්මාණය වී තිබෙනවා. වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට  අපේක්ෂකයන්ගේ උනන්දුව මදියි. ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් අවශ්‍යයි. දේශපාලනයේ කාන්තා නියෝජනය ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා පැෆරල් සංවිධානය ‘වෙනසකට මගක්’ නැමැති වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා. යැයි රෝහණ හෙට්ටිආරච්චි කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කීවේ නව මැතිවරණ ක්‍රමයක් සකස්වීමේ දී මහජන කැමැත්තට සාධාරණ නියෝජනයක් හිමිවිය යුතු බවයි. පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් තම පක්ෂයට විවේචන තිබුණත් ව්‍යවස්ථානුකූලව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ ස්ථාවරයක සිටින බවය. ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ කල් දමන බවට ජනතාවට හා දේශපාලන පක්ෂවලට සාධාරණ සැකයක් මතුව තිබෙන බව ද ටිල්වින් සිල්වා කියයි. කෙසේ වුවද යහපාලන ආණ්ඩු සමයේ දී ජවිපෙ හෘදය සාක්ෂිය අනුව ක්‍රියා කළේ නම් පළාත් සභා ඡන්ද කල් දැමීමට ඉඩක් ලැබෙන්නේ නැත.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  අතර දුරකතන සංවාදයක් ඉකුත් බදාදා පෙරවරුවේ සිදුවිය. ඉන්දීය විදේශ ඇමැතිවරයා බැසිල් රාජපක්ෂට කතාකර ඔහුගේ මංගල අයවැය ඉදිරිපත් කිරීම වෙනුවෙන් සුබ පැතීය. ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ මුදල් ඇමැතිවරයා සමග ඉතා සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඉන්දීය විදේශ ඇමැතිවරයා බැසිල්ට ප්‍රකාශ කර තිබේ. දෙරටේ ආර්ථිකයට සම්බන්ධ කරුණු කාරණා කීපයක් ද එහිදී සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ ඇමැතිවරයා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේය.
ඉදිරි මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාවෙන් සියයට 50ක් කාන්තාවන්ට ලබා දෙන්නැයි ඇමැති උදය ගම්මන්පිල යෝජනා කර තිබේ.

නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ගම්මන්පිල එම යෝජනාව ඉදිරිපත්කර තිබේ. මීට අමතර මැතිවරණවල දී පෝස්ටර් තහනම තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ද ගම්මන්පිල එම කාරක සභාවට යෝජනා කර ඇත. මැතිවරණවල දී ඒ ඒ අපේක්ෂකයන් වියදම් කරන මුදල් ප්‍රමාණය සීමා කළ යුතු බව ද මැතිවරණයෙන් මාස තුනකට පසුව වියදම් කළ මුදල් ප්‍රමාණය ප්‍රසිද්ධ කළ යුතු අතර මුදල් ලැබුණු ආකාරය සඳහන් කළ යුතු බව ද ගම්මන්පිල මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම සඳහා වන කාරක සභාවට කර ඇති යෝජනාවලියේ සඳහන් කර තිබේ.

එජා නායක රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ වැඩි කාලයක් වෙන්කර තිබුණේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ගත කිරීමටය. ඒ  පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සොයා බැලීමටය. නියෝජ්‍ය නායක රුවන් මෙන්ම මහලේකම් රංගේ බණ්ඩාර ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැඳෙමින් ශාඛා සමිති ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතුවලට සහාය පළ කළේය.

ඉරාන් වික්‍රමරත්න ඉකුත්දා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. ‘කොවිඩ් ස්වභාවික ප්‍රශ්නය හැර රාජ්‍ය ආදායම අඩුවීම ආර්ථිකය කඩා වැටීම, විදේශ සංචිතය අඩුවීම හරහා උද්ධමනය වැඩිවීම වැනි නිර්මාණය කළ ප්‍රශ්න හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. ඒ නිසා ආණ්ඩුව ජනතාව ගැන මීට වඩා උනන්දුවක් දැක්විය යුතුයි. මම බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ රටට සෞභාග්‍ය උපදවන අයවැයක් ඉදිරිපත් කරන්න කියලයි යැයි ඉරාන් කීවේය. 

 

කස්තුරි



අදහස් (0)

අය වැය කොයිබටද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site