IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අයවැය දා කවියෙන් ගැටලු විසඳු ඇමැති දෙකට්ටුව

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අයවැය කතාව පසුගිය 12 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.  ඒ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජන රජයේ වර්තමාන රජයේ දෙවැනි අයවැය ලේඛනයි. මීට වසර 64කට පෙර එනම් 1957 ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ රජයේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට සූදානම් වන අවස්ථාවේ රජයේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු ඉංග්‍රීසි බසින් කවි ලියමින් කළ සංවාදයක් ගැන අසන්නට ලැබිණ.

කවුද මේ ඇමැතිවරු?

ඒ මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසා සහ ගමනාගමන හා ප්‍රසිද්ධ වැඩ ඇමැති මෛත්‍රීපාල සේනානායකය. මුදල් ඇමැතිවරයාගේ කාර්යාලය කම්කරුවන් පිරිසක් විසින් අලුත්වැඩියා කරමින් සිටි නිසා කම්කරුවන්ගේ කලබලය, ඝෝෂාව හා ශබ්ද නිසා පැවතුණේ නොසන්සුන් බවකි. මේ නිසා මුදල් ඇමැතිතුමාටත් අමාත්‍යාංශ ලේකම්වරුන්ටත් මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීන්ටත් බාධා ඇතිවිය. අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට ඇත්තේ තව මාස කිහිපයකි. රජයේ සියලුම ගොඩනැගිලි අලුත්වැඩියාකොට නඩත්තු කිරීමේ කාර්ය තිබුණේ ප්‍රසිද්ධ වැඩ කටයුතු භාර ඇමැති වූ මෛත්‍රීපාල සේනානායක මහතාට අයත් අමාත්‍යාංශයට ය. මේ කාලගෝට්ටිය ගැන ස්ටැන්ලි ද සොයිසා මහතා විසින් මෛත්‍රීපාල සේනානායක මහතාට ඉංග්‍රීසි බසින් කවි පන්තියක් ලියා යැවීය. එහි සිංහල අරුත මෙසේය.

ඇමතිතුමනි ගමනාගමනය  බාර
සැලකුව මැනවි මගෙ සිත වන දුක  ගෝර 
මා මේ සිටින තැන ඇති කලබල  මාර
පෙන්වයි මටත් පිස්සන් කොටුවට  පාර

කලබල මැදම කරනා   සාධාරණය
ලිපිකරුවන් සඳහා අයවැය  ලේඛනය
එල්.ජේ.සෙනෙවි නොසැලෙන අප මත  දෙකය
රාජුත්, ෂර්ලි කලබල පිට  අසරණය 

නතර කර තිබූ ‘හියූ’ රුපියල්  වදය
වේලාසනම එය නැවතුන එක  හොඳය
වෙහෙසෙන්නේ ඔබේ අය දැඩි දුක්  විඳය
දත් මිටි කකා ඉන්නෙමු විඳ දස  වදය

මේ කවි පන්තියට මෛත්‍රිපාල සේනානායක ඇමැතිතුමා ඉංග්‍රීසි බසින් කවියෙන්ම පිළිතුරු යැවීය.

සොහොයුර සිටින  හැම සතයම  සුරකින්න
වදයක් නම් සමාවක් ඒකට  දෙන්න
කරදර විඳින ඔය තැන අද ඔබ   ඉන්න
ඒ වැනි නොවනු ඇත  මින් පසු  සලකන්න

ලියෝ පෝල්ඩ්, ෂර්ලිද, රාජුද,  පිරිස
තට්ට ෂර්ලි වෙහෙසුණු බව ඇසු  විගස
අයවැය ලේඛනය හොඳ විය යුතු පිණිස
සිතුවෙමි කළ යුතුව ඇති බව මෙය   තිදෙස

මෙයින් පසු   කරදර
නොවෙයි හිතවත්  සොහොයුර
අයවැයද මෙම  වර
අපට දිය යුතුව ඇත  සිරිසර 

මේ පුවත 1957 මැයි 6 වැනිදා ‘සිළුමිණ’ පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළවී තිබුණි. ඉංග්‍රීසි කවි සිංහලයට නඟා වාර්තාව ලියා තිබුණේ එවකට එම පත්‍රයේ උපකර්තෘවරයකුව සිටි ධර්මපාල ජයවීර මහතාය. පුවත්පත් කලාව ගැන ලංකාවේ පළ වූ මුල්ම ග්‍රන්ථය වූ ‘පත්‍ර කලාව’ කෘතිය ලියූ ජයවීර මහතා බම්බලපිටියේ  පොලිටෙක්නික් විද්‍යාලයේ පුවත්පත් කලාව ඉගැන්වූ මුල්ම ගුරුවරයාද වෙයි. ඔහුගෙන් පත්‍ර කලාව ඉගෙන ගත් ශිෂ්‍යයකු වූයේ පසු ලකාවේ සම්මානනීය නළුවකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ගාමිණී  ෆොන්සේකාය.

එදා අමාත්‍යවරුන් දෙදෙනාගේ කවිවලින් කී මුදල් අමාත්‍යාංශයේ අය-වැය ලේඛනය සකස් කිරීමට සහය වූ උසස් නිලධාරීන් වූයේ මහා භාණ්ඩාගාරයේ ලේකම් එල්.ජේ.සෙනෙවිරත්න (ඔහු  විවාහව සිටියේ ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායක සර් ෆ්‍රැන්සිස් මොලමුරේගේ දියණියක් සමගය). ෂර්ලි, රාජු, ලියෝ පෝල්ඩ් යනු මුදල් අමාත්‍යාංශයේ ඉහළ තනතුරු  දැරුවෝය.
මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසා මහතා එකල දක්ෂ නීතිඥයකු වූ අභාවප්‍රාප්ත රාජනීතිඥ ෆ්‍රැන්සිස් සොයිසා මහතාගේ පුත්‍රයෙකි. කොළඹ රාජකීය විද්‍යාලයේ හා ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා එංගලන්තයට ගොස් ප්‍රිවි කවුන්සිලයේ නිරිතදිග මණ්ඩලයේ සාමාජිකයෙකි. 1956 මහා මැතිවරණයෙන් ජාඇල ආසනය දිනා පාර්ලිමේන්තුවට තේරී  ප්‍රථම වාරයේම ඇමැතිවරයකු වීමේ භාග්‍යය ඔහුට උදාවිය. 

ගමනාගමන හා රජයේ වැඩ කටයුතු භාර ඇමැතිවරයා වූ  මෛත්‍රීපාල සේනානායක මහතා 1947 හා 1952 මහා මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයෙන් මැදවච්චිය ආසනය දිනා එවකට තිබූ  රජයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. අනුරාධපුරයේ ශාන්ත ජෝෂප් විද්‍යාලය, යාපනේ  ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය අවසන් කොට වැවිලි නිලධාරියකු වූ සේනානායක මහතා ද්‍රවිඩ භාෂාව කතා කළ එම භෂාවෙන් ලියූ ඉංග්‍රීසි මෙන්ම සිංහල භාෂාව කතා කළ ලියූ ‘ත්‍රිභාෂා’ ප්‍රවීණයෙකි. ඔහු විවාහ වූයේ ලේක්හවුස් හි ඉංග්‍රීසි භාෂා මාධ්‍යවේදිනී රංජි හැන්ඩි නම් දමිළ කාන්තාව සමඟය.

 ගද්‍යයෙන් මෙන් නොව මුහුණ නරක් නොකර ගෙන සිනා මුසු මුහුණින් ප්‍රශ්න  විසඳා අවසන් කළ හැකි විස්මිත බලයක් කවිය සතු වන බව බටහිර  විචාරකයෙක් කියා තිබුණි. මේ අනුව පෙනී යන්නේ වාද කිරීමට හොඳම මාධ්‍යය කවිය බව ය.

ඒ.ඩී. රන්ජිත් කුමාර



අදහස් (1)

අයවැය දා කවියෙන් ගැටලු විසඳු ඇමැති දෙකට්ටුව

Royfedricks Friday, 19 November 2021 04:00 PM

කවිකම කෙසේ වෙතත් එතුමා අවන්ක දේශපාලකයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ශය අන්ත පරාජයක් ලැබූ 1977 දී පවා මැදවච්චිය ආසනය ජයග්‍රහණය කලේය. කිසිවිටකවත් සොරකම් මැරකම් පිලිබද චෝදනා එල්ල නොවීය. එහෙත් අවාසනාවට 1977න් පසු අදර්මිශ්ට ජේ. ආර්.ජයවර්දනට ගැති කම් කලේය.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site