ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 48 වැනි උපාධි ප්‍රදානෝත්සවයේ ඉංජිනේරු හා තාක්ෂණ පීඨ උපාධි ප්‍රදාන සැසියේ මුල් දේශනය පැවැත්වූයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාය. රටක දියුණුවට ඉංජිනේරු හා තාක්ෂණික අධ්‍යාපනයේ වැදගත්කම පෙන්නා දෙමින් කළ එම දේශනය ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
තාක්‍ෂණය කිසි විටෙකත් විශිෂ්ට ගුරුවරුන් වෙනුවෙන් ආදේශ කළ නොහැකිය. එහෙත් විශිෂ්ට ගුරුවරුන් අත ඇති එය පරිවර්තනය කළ හැකිය.
ජෝර්ජ් කුරෝස්
ශ්‍රී ලංකාව තාක්‍ෂණික අධ්‍යාපනයේ ප්‍රතිලාභ ප්‍රයෝජනයට ගැනීමට නව සහස්‍රයේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නව අභියෝගවලට මුහුණ දීමට සිය අධ්‍යාපන ක්‍රමය හැඩගැස්වීමත්, 21වැනි සියවසයේ අවශ්‍යතාවලට සරිලන පරිදි ඉංජිනේරු හා තාක්‍ෂණික අධ්‍යාපනය පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියේ දී උසස් අධ්‍යාපනයේ ඇති වැදගත්කමත් එකිනෙකට සම්බන්ධ වී ඇති අරමුණු දෙකකි. තාක්‍ෂණික අධ්‍යාපනය, තාක්‍ෂණයේ ප්‍රධාන කොටස් වන ඉංජිනේරු විද්‍යාව, ජෛව තාක්‍ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යන ප්‍රධාන ධාරාව වර්ධනය මත පදනම් වී ඇති බව වර්තමාන ලෝකය දෙස පුළුල්ව බැලීමේ දී ඉතා හොඳින් දැකගත හැකි කරුණකි.
18 වැනි සියවසේ දී ආරම්භ වූ තාක්‍ෂණික විප්ලවයේ බලපෑම ඍජුවම ලබාගත් යුරෝපීය ජාතිකයන්, එම විප්ලවීය සංකල්ප මත ඔවුන්ගේ තාක්‍ෂණික හා විද්‍යාත්මක අධ්‍යාපනය හා පර් යේෂණ පරිචය සකසා ගෙන ඇති ආකාරය නොරහසකි. වර්තමානය දක්වා අඛණ්ඩව සංවර්ධනය වෙමින් පවතින තාක්‍ෂණික දියුණුවත්, ඒ මත ඇතිවන වෙනස්කම් සමඟ ඍජුව සම්බන්ධ වෙමින් අවිච්ඡින්නව පවත්වාගෙන එන බටහිර ඉංජිනේරු හා තාක්‍ෂණික අධ්‍යාපන සම්ප්‍රදාය මෙයට කදිම නිදසුනකි. විශේෂයෙන්ම බටහිර උසස් අධ්‍යාපන ආයතනවලින් මුළු මහත් ලෝකයට දක්වන සුවිශේෂී දායකත්වය හා ඒ නිසා ඇතිවන විශේෂත්වය මේ බව පසක් කරයි.
බටහිර ඉංජිනේරු හා තාක්‍ෂණික අධ්‍යාපන සම්ප්‍රදාය ඇමෙරිකානු හා ආසියානු බොහෝ දියුණු රටවල් කෙරෙහි සුබදායී ලෙස බලපෑම් කර ඇති ආකාරය එකී රටවල වර්තමාන තාක්‍ෂණික දියුණුවෙන් මැනවින් අවබෝධකර ගැනීමට හැකිය. ඒ අනුව වර්තමානයේ උසස් අධ්‍යාපන ආයතන පිළිබඳ සලකා බැලීමේ දී තාක්‍ෂණය අතින් දියුණු රටවල අධ්‍යාපන ආයතන තාක්‍ෂණික හා ඉංජිනේරු අධ්‍යාපනයට ලබාදී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. එය එම රටවල් ඉහළ තාක්‍ෂණික මට්ටමක් ළඟාකර ගැනීමට ප්‍රබල සාධකයක් වී ඇති බව ඉතා පැහැදිලිය.
මහා බ්‍රිතාන්‍ය තුළ දී ඉංජිනේරු හා තාක්‍ෂණික අධ්‍යයන සම්ප්‍රදාය ඉංජිනේරු හා තාක්‍ෂණ නොහොත් තාක්‍ෂණික අධ්‍යයන විද්‍යාල (Collages) වශයෙන් පවත්වාගෙන යනු ලබන්නේ ඉංජිනේරු හා භෞතික විද්‍යා අධ්‍යයන නිකේතනවලට සම්බන්ධ කර ගෙනය. බ්‍රිතාන්‍ය අධ්‍යාපන සම්ප්‍රදායෙන් වියුක්තව වෙනස් සම්ප්‍රදායක් අනුගමනය කරමින් මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් ඉංජිනේරු හා තාක්‍ෂණික අධ්‍යාපනය සඳහා වෙන්වූ වෙනමම විශ්වවිද්‍යාල පද්ධතියක් ඉදිරිපත් කර ඇති ආකාරය දැකගත හැකිය. ඒ අනුව ජර්මනිය හා ප්‍රංශය වැනි රටවල් මේ ක්‍රමය ඉතාමත් හොඳින් හා සාර්ථකව පවත්වාගෙන යමින් දියුණු කාර්මික හා තාක්‍ෂණික ඥානයක් හා තාක්‍ෂණික සංස්කෘතියක් හිමිකරගෙන සිටියි.
මෙම සම්ප්‍රදාය සාර්ථකව ක්‍රියාත්මක වන ආසියානු රටවල් කිහිපයක් ද දැකගත හැකිය. ජපානය, තායිලන්තය හා චීනය වැනි රටවල ඉංජිනේරු හා තාක්‍ෂණය වෙනුවෙන් වෙනමම විශ්වවිද්‍යාල දැකගත හැකිය. මෙහිදී ජපානය හුදු ඉංජිනේරු හා තාක්‍ෂණික උසස් අධ්‍යාපන ආයතන පමණක්ම ලෙසට නොව විවිධ විෂය ධාරාවලට විශේෂිත වූ ඉංජිනේරු හා තාක්‍ෂණික අධ්‍යයන ඒකක පිහිටුවා තිබේ. ජපානයේ වර්තමාන දියුණුවේ පදනම එවැනි පරිචයකින් ඉංජිනේරු හා තාක්‍ෂණික අධ්‍යාපනය ලබාදීමම විය හැකිය.
විසිවැනි සියවසේ මැද භාගය වන විට සංවර්ධනයේ ගෝලීය දර්ශකවලින් ඉතා පහළ මට්ටමක සිටි නැගෙනහිර හා අග්නිදිග ආසියානු රටවල් සිය සංවර්ධනීය දර්ශක ඉහළ නංවා ගැනීමටත්, විසි එක් වන සියවසේ ආරම්භයේ දී ස්වකීය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමටත්, පදනම්කර ගත්තේ ක්‍රමානුකූලව ආරම්භ කළ තාක්‍ෂණික අධ්‍යාපනයත්, ඒ හා බැඳුනු පර් යේෂණ පරිචයත් එය 2010 වර්ෂයේ කොරියාවේ සෝල් අගනුවර පැවති ජී-20 (G-20) සමුළුවේ දී රාජ්‍ය නායකයන් විසින් ප්‍රකාශ කරනු ලැබූ මුඛ්‍ය අදහසකි. විශේෂයෙන් දකුණු කොරියාව තුළ විවිධ ක්‍ෂේත්‍ර කරා පැතිර ගිය තාක්‍ෂණික පර් යේෂණ සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට ඉහළ දායකත්වයක් ලබාදී ඇත.
රටක අනාගත දියුණුව රඳා පවතිනුයේ ඉංජිනේරු හා තාක්‍ෂණය මතින් ගොඩනැගෙන නිර්මාණකරණයෙන් බව තාක්‍ෂණික පරිණාමය හා රටක සංවර්ධන පරිචය අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වන කරුණකි. ලංකාව තාක්‍ෂණික දියුණුව අපේක්‍ෂා නොකළ ජාතියක් හිමි රටක් දැයි විටෙක සිතන්නට පුළුවන.
නව නිර්මාණයක් අර්ථ නිරූපනයේ දී නව නිර්මාණයක් යනු හුදෙක් ආර්ථිකමය හෝ සංවර්ධනීය වටිනාකමක් නොලබන්නක් නොවිය යුතුය. නව නිර්මාණ තිරසාර වූත්, වර්තමාන තාක්‍ෂණය අබිබවා ගිය නව්‍යතාවේ ලක්‍ෂණවලිනුත් යුතු නිර්මාණයක් විය යුතුය. නොඑසේනම්, එය හුදෙක් ආර්ථික ලාබයක් නැති සමාජ ප්‍රගමනයක් නොමැති අදහස් සමූහයක් පමණකි. නව නිර්මාණයක් තිරසාර වීමටත්, වර්තමාන තාක්‍ෂණය අබිබවා ගිය නව්‍යතාවෙන් යුක්ත වීමටත්, ඒ සඳහා වූ විධිමත් පර් යේෂණ පැවතිය යුතුය. පවතින විද්‍යාත්මක ඥානය සහ ඉංජිනේරු හා තාක්‍ෂණික දැනුම මෙකී පර් යේෂණවල පදනම ලෙසට භාවිත කිරීමට අපට හැකියාවක් පවතී.
අපේ දේශය ගොඩනැගීමේ දී ඉංජිනේරු හා තාක්‍ෂණික විෂය පථය හා සම්බන්ධ නව නිර්මාණකරණය ඉහත නිර්නායක මත පදනම්ව ස්වදේශීය අවශ්‍යතාව හා ස්වදේශීය සම්පත් හා එහි ස්වභාවය කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමුකළ යුතුය. විශේෂයෙන්ම නව නිර්මාණයකින් වර්තමාන ගැටලු විසඳීම මෙන්ම දශක ගණනාවක් වූ අනාගතයක් කෙරෙහි අවධානය යොමු කළ හැකි දැක්මකින් ඉදිරිපත් කිරීම වැදගත්ය. වර්තමානයේ බොහෝ දියුණු පෙරදිග මෙන්ම බටහිර රටවල් තම ආර්ථික හා සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ පරිචය මෙකී සාධක සැලකිල්ලට ගනිමින් ආරම්භ කරනු ලැබුවේ මීට දශක පහකට හෝ හයකට පමණ පෙර දීය.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව ද මේ පිළිබඳව විසිවැනි සියවසේ මැද සහ අගභාගයේ දී යම්කිසි සාධනීය පියවර කිහිපයක් ගත්තේය. මෙරට අධ්‍යාපන පද්ධතියට විද්‍යාව හා තාක්‍ෂණවේදය වැනි විෂය මාලා හඳුන්වාදීමත්, ඉංජිනේරු විෂය ධාරාව මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට එක් කළේත් ඒ අනුවය.
මෙකී පරිශ්‍රමයෙන් නිසි ඵලයක් ලද්දේ දැයි සැක සහිතය. තාක්‍ෂණික ක්‍ෂේත්‍රය දියුණු කිරීමට ගත් මෙකී පියවර අධ්‍යාපන සන්ධර්භයෙන් ඔබ්බට ගොස් දේශීය තාක්‍ෂණික අවශ්‍යතා ඉටුකර ගැනීමට දායකත්වයක් ලබා දී ඇති ද යන්න සැක සහිතය. මීට අමතරව ස්වාධීන තාක්‍ෂණික පර් යේෂණ ආයතන කිහිපයක්ම, විශේෂයෙන්ම කාර්මික හා කෘෂිකාර්මික අංශ කේන්ද්‍ර කර ගනිමින් බිහිවී තිබුණි. සමස්තයෙන් දේශීය තාක්‍ෂණික සංවර්ධනයට ලද අධ්‍යාපනික හා පර්යේෂණාත්මක දායකත්වය නොසැලකිය හැකි තරම්ය.
ලංකාවේ තාක්‍ෂණික ප්‍රබෝධය වෙනුවෙන් ඉදිරිපත් කළ ඉහත උපක්‍රමය හුදෙක් අසාර්ථකවීමට ප්‍රධාන හේතුවක් වූයේ මෙකී ආයතනවලින් බහුවිෂයීය අන්තර් සම්බන්ධතාවක් නොතිබීමය. ඒ ඒ විෂය පථයට අදාළ ප්‍රවීණයන් ආයතන තුළ හුදකලා වී පර් යේෂණ සිදුකිරීමත්ය. ඒ නිසාම යම් යම් අවස්ථාවලදී මෙකී පර් යේෂණවල ගුණත්වය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්ව දැකගත හැකිවිය. ඊට අමතරව මෙකී පර් යේෂණ ක්ෂේත්‍ර මට්ටමේ දී ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමත්, යම් යම් අවස්ථාවලදී ක්‍රියාත්මක කිරීමට හැකියාවක් පැවතියත් ව්‍යවසායකත්ව මූලිකාංගවලින් ගිලිහී තිබීමත් නිසා එම පර් යේෂණවල ශක්‍යතාව ශූන්‍ය අගයක් ගෙන තිබුණි.
මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු ලබන කරුණක් තිබේ. එය ඉංජිනේරු හා තාක්‍ෂණික දියුණුවක් ලද බොහෝ රටවල දක්නට ලැබෙන එහෙත් මෑතක් වන තුරු ශ්‍රී ලංකාවේ දක්නට නොලැබුණු ලක්‍ෂණයකි. එනම් ඉංජිනේරු හා තාක්‍ෂණික අධ්‍යාපන විෂයමාලා තුළ මෙන්ම පර් යේෂණ පරිචය තුළ බහුවිෂයයික අන්තර් සම්බන්ධතාවයි. සාර්ථක නිමැවුමක් පසුපස ඇති ප්‍රබල සාධකය වනුයේ මෙකී බහුවිෂයයික ප්‍රවේශය යි. මෙම ප්‍රවේශය දශක ගණනාවකට පෙර අවබෝධ කරගත් බටහිර හා දියුණු පෙරදිග රටවල් ඒ වෙනුවෙන් උසස් අධ්‍යාපන ආයතන හා පර් යේෂණ ආයතන දිරිගැන්වීම සිදුකළේය. ඒ තුළින් සමාජ සන්ධර්භයට හා ආර්ථික සංවර්ධනය ප්‍රමුඛ වූ නව නිර්මාණ ඉදිරිපත් කිරීමට සමත්වූවේය. මෙම ප්‍රවේශයෙන් අසාර්ථකත්වය අවම සංවිධිත ප්‍රතිඵල ලබාගැනීම අපේක්‍ෂා කරනු ලබයි. මෙහි දී පර් යේෂකයන්ගේ මතය වන්නේ සමාජීය ගැටලු පර් යේෂණ කිරීමේ දී එය වාස්තවිකව (Objectively) ගෙන විග්‍රහ කිරීම අතිශය අසාර්ථක ක්‍රමයක් වන බවය. එයට හේතුව ඕනෑම පර් යේෂණයක් අවසානයේ ක්‍රියාත්මක වනුයේ සමාජ හා සංස්කෘතික සන්දර්භයක් තුළ බවත් ය.
ශ්‍රී ලංකාව තුළ විසිවැනි සියවසයේ මැද භාගයේ සිට හඳුන්වාදුන් ඉංජිනේරු හා තාක්ෂණික අධ්‍යාපනයේ පැවති දුර්වලතා විසිඑක් වැනි සියවසයෙන් පසු පැහැදිලිව හඳුනාගෙන විවිධ නිර්දේශ ඉදිරිපත් කළේය. එතෙක් උසස් අධ්‍යාපනයට පමණක් සීමා වී තිබූ ඉංජිනේරු හා තාක්‍ෂණික අධ්‍යාපනය පුළුල් කිරීම, තාක්‍ෂණික විෂය ධාරාව සඳහා උසස් අධ්‍යාපන ආයතන බිහිකළේය. එපමණක් නොව පාසල් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට තාක්‍ෂණික විෂය ධාරාව එකතු කළේය. ආරම්භක අවදියේ විවිධ ගැටලු සහගත තත්ත්වයක් පැවතිය ද, බහුවිෂයීය ප්‍රවේශයක් යටතේ නිපුණතාවෙන් යුතු නව ක්‍ෂේත්‍ර කරා යොමුවීම නිසා දේශීය අවශ්‍යතාවලට මෙන්ම ගෝලීය අවශ්‍යතාවලට ගැළපෙන ශ්‍රම බලකායක් බිහි කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලැබීය.
ගෝලීයකරණයේ සහ නව තාක්‍ෂණික දියුණුවේ අත්‍යවශ්‍ය දිශානතීන් පදනම් කරගෙන ජාතික විෂයමාලාවක් ඉදිරිපත් කිරීමෙන් සිසුන්ට නූතන ලෝකයේ පවතින යාවත්කාලීන දැනුම ලබාගැනීමටත්, නිරන්තරයෙන් දියුණුවන නිපුණතා ලබාගැනීමටත් හැකි වන පරිදි ඉංජිනේරු හා තාක්‍ෂණික අධ්‍යාපනය පුළුල් කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත්විය.
විසිඑක් වැනි සියවසයේ ලොව ප්‍රකට තාක්‍ෂණ හා ඉංජිනේරු අධ්‍යයන ආයතනවල අධ්‍යාපන සම්ප්‍රදාය වූයේ විද්‍යාත්මක දර්ශනය නැතහොත් දාර්ශනික පදනමින් වර්ධනය වූ විද්‍යාත්මක සංදර්භය අධ්‍යයනය කිරීම හා බෙදාහැරීමය. ඉංජිනේරු හා තාක්‍ෂණික උපාධි පාඨමාලා තුළින් මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ තාක්‍ෂණික අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් තුළ නවෝත්පාදන හැකියාව සඳහා අවශ්‍ය පරිකල්පන ඥානය වර්ධනය කිරීමය. එසේම සියලු පාඨමාලා කේන්ද්‍ර කොටගත් වෘත්තීමය පුහුණුව සඳහා අවශ්‍ය සියලු සම්පත් හා අදාළ කර්මාන්ත අතර මනා සම්බන්ධතාවක් සහිත සංවිධිත ක්‍රියාදාමයකින් මෙම අධ්‍යාපන සම්ප්‍රදායන් දෙකම වර්ධනය කිරීම විශ්වවිද්‍යාලයේ දැක්ම විය යුතුය.
වර්තමානයේ සමාජ ප්‍රශ්න ගැන කථිකා කිරීමේ නිදහස පවතී. ඒ සඳහා බොහෝ වේදිකාවන් ඇත. දේශපාලනික නිවැරැදි දිසානතිය ගැන බෙහෙවින් අවධානය යොමුකරනු ලබන අප දේශපාලනඥයන්ට ඇඟිල්ල දිගුකර චෝදනා කිරීමේ පුරුද්දක් ඇතිකරගෙන තිබේ.
ජපානය වැනි දියුණු ආසියාතික රටක ජනතාව පිළිගත් මතය වන්නේ රටවල් තැනිය හැකි වනුයේ ඒ රටේ ජනතාවට බවයි. මා විශ්වාස කරන මතය ද එයම වේ.
තමන්ගේ පඩිපත වැඩිකර ගැනීමේ අරමුණෙන් ඉංජිනේරුවන් විදුලි කප්පාදු කරන්නේ නම්, වෛද්‍යවරු රෝගීන් බැලීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඖෂධ නියම නොකරන්නේ නම්, ගුරුවරු ඉගැන්වීම අත්හරින්නේ නම්, එවැනි රටක දියුණුව සිහිනයක් පමණි. රටක් දියුණු කිරීම හෝ විනාශ කිරීම දේශපාලනඥයන්ට පමණක් සිදුකළ හැකි දෙයක් නොවේ. එම දෙකම සිදුකළ හැකි වනුයේ රටක ජනතාවට පමණි. එමනිසා මම ඔබෙන් ඉල්ලා සිටිනුයේ ආනන්තරිය පාපකර්මයට ආසන්නයෙන් යන එම පවට දායක නොවන ලෙසයි. ලෝකයේ බොහෝ රටවලට පෙර ජල කළමනාකරණයේ තාක්‍ෂණික ඥානය භාවිත කළ අපේ රට තවමත් දියුණුවෙමින් පවතින තත්ත්වයක පවතිනුයේ මිනිසා තුළින් ගිලිහී ගිය අපේ උරුමයේ පැවති මනුෂ්‍යත්වය නොමැතිවීම නිසා නොවේද?
පරිගණකය නමැති මෙවලමෙන් ලෝකය ඉදිරියට ගිය යුගය අවසන් වෙමින් පවතී. නව ලෝකය වෙනස් කිරීමේ නවෝත්පාදන සොයා ගත යුතුව ඇත.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අර්බුදයට අධ්‍යාපනික පිළිතුරක්
vikum Thursday, 10 November 2022 01:08 PM
ඔබතුමාලා වැනි අය ඔය පුටුවල ඉඳගෙන කරන්න හදන්නේ විශ්ව විද්‍යාලවලට ආචාර්යවරු විදියට බඳවාගන්න ඕනෑ සුදුසුකම් සහිත මහජන නිල අවකාශය යොදාගනිමින් තම තමන්ගේ හිතවතුන්ට පමණක් අවස්ථා ලබාදීමට කූටලෙස කටයුතු කිරීමයි. මේවාට හවුල් කාරයින් විදියට විවිධ පාර්ශව නියෝජනය කරන ඇතැම් චීවර ධාරියෝද සම්බන්ධ වේ. ඔබතුමාගේ ඔය කොමිටියෙත් ඉන්නේ එහෙම පිරිස් ගෙන් යුක්තවී ඇති බව අමතක කරන්න එපා. අධ්‍යාපනයෙන් අර්බුදයට පිළිතුරු දෙනවා නම් සුදුසුකම් ඇති මිනිස්සුන්ට අධ්‍යාපනික අයිතීන් ලබාදීමටත්, අධ්‍යාපනික ආයතනවලට ඒමටත් අවකාශය තිබිය යුතුයි. කුලපතිවරු, උපකුලපතිවරු, ඔය ආයතනවල සභාපතිවරු, පාලක මණ්ඩලවල පිරිස් කරන වැඩ දන්නේ ඔවුන් තමයි. මහත්තයෝ අපි දන්නවා බලි මොනාද? තොවිල් මොනාද? කියලා...