අන්තර්වාර ආණ්ඩුවක් යනුවෙන් අදහස් වන්නේ රාජ්‍යයක් අභ්‍යන්තරයේ ඇති වන සිවිල් යුද්ධයක් හෝ රාජ්‍ය දෙකක් හෝ කිහිපයක් අතර ඇති වන සංග්‍රාමයක් නිසා කිසියම් රටක පාලන තන්ත්‍රය බිඳ වැටී ඇති විටෙක නව පාලන තන්ත්‍රයක් ගොඩනැගීම අරබයා පිහිටුවන තාවකාලික ආණ්ඩුවකටය. Government Provisional Government යන යෙදුම් මේ අන්තර්වාර ආණ්ඩුව හැඳින්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ ව්‍යවහාර වෙයි. ලංකාවේ වර්තමාන දේශපාලන සන්දර්භය ඇතුළත මෙවැනි අන්තර්වාර ආණ්ඩුවක් පිළිබඳ අදහසක් යෝජනා වන්නේ ඇයිද හා එසේ යෝජනා වන්නේ කිනම් තැනකින්ද යන්න විමසා බැලීම වැදගත්ය.
ලංකාවේ ආර්ථික අර්බුදයක් තිබෙන බව විශේෂයෙන් අවධාරණය කළ යුතු නැත. බලශක්ති, ආහාර, ගමනාගමන ආදී වශයෙන් අංශ බොහොමයක උද්ගතව ඇති අර්බුද නිසා මහජනයා පීඩාවට පත්ව සිටී. ආණ්ඩුව විසින් ගනු ලැබූ ආර්ථික හා දේශපාලන තීරණ නිසා මේ තත්ත්වය නිර්මාණය විය.
ආර්ථික අර්බුදයක් වශයෙන් මේ තත්ත්වය අර්ථකථනය කළද එය නිරුක්තිය ලැබුවේ හුදු ආර්ථිකමය සාධක නිසා නොව දේශපාලනමය කාරණාවලිනි. වෙසෙසින්ම නිදහසින් පසු බලයට පත් වූ ආණ්ඩු අනුගමනය කළ දේශපාලන ප්‍රතිපත්ති හා තීන්දු තීරණ මේ අර්බුදය පසුපස තිබේ. ඒවා උච්ඡස්ථානයට පත් වූයේ වර්තමාන ආණ්ඩුව බලයට පත් වී ගත් අධම තීරණ හේතුවෙනි.
අධි පීඩනයක් හටගත්තේ එබැවිනි. නිදසුනක් ලෙස සහල්, එළවළු මිල ගණන් ඉහළ යෑම හා අස්වනු අඩුවීම සිදු වූයේ ආණ්ඩුව ගත් වැරදි තීන්දු නිසාය. එසේම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වේගයෙන් අවප්‍රමාණ වුණේද ආණ්ඩුවේ වැරදි මුල්‍ය කළමනාකරණය හේතුවෙනි.
මේ අර්බුදය සමග ප්‍රථමයෙන් ආර්ථික සාධක ප්‍රකාශ වුවද මේ වනවිට එයට ආර්ථික සාධකවලට එහා ගිය පළල් කාරණා බද්ධ වී ඇත. විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ පාලකයන් හා බලධාරීන් ගෙන ගිය දූෂිත පාලනය, රාජ්‍ය බලය අවභාවිත කිරීම්, මහජන සම්පත් කොල්ලකෑම්, ජාතික සම්පත් විකිණීම ආදී කාරණා ද කේන්ද්‍රීය අර්බුදය සමග ගැටගැසී තිබේ.
එම පසුබිමේ රටේ තැනින් තැන පැනනගින මහජන නැගිටීම් අර්ථකථනය කළ හැක්කේ නිදහසින් පසු දෘෂ්‍යමාන නායකත්වයක් නොමැතිව ජනයා ඒකරාශී වී පෙළගැසෙන සමාජ ව්‍යාපාරයක් ලෙසය. එහෙත් මෙහි තිබෙන්නේ හුදු ආණ්ඩු විරෝධයක් හෝ ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන අදහස හෝ පමණක් නොවේ. ක්‍රමයේ පූර්ණ වෙනසක් ඇති කළ යුතුය යන අවධාරණය මෙහි ඇතුළත්ය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම මේ අභිනව සමාජ ව්‍යාපාරයට එක්කර නොගත යුතුය යන තැනට එහි න්‍යායපත්‍රය ප්‍රසාරණය වී තිබේ. මේ සමාජ ව්‍යාපාරයෙහි සටන් පාඨ පළල් වෙමින් තිබේ. සමාජ පරිවර්තනයක් ඉල්ලා සිටින තැනකට එහි අරමුණු තියුණු වී ඇත.
උද්ගතව ඇති මේ ආතතිකාරී තත්ත්වය අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා සමථයකට පත් කරගත හැකි බවට අදහසක් ඉදිරිපත් වී තිබේ. එහිදී අපේ අවධානයට යොමු විය යුතු කරුණු දෙකකි. පළමුවැන්න නම් එම යෝජනාව එන්නේ කොතනින්ද යන්නය. දෙවැන්න පිහිටුවන අන්තර්වාර ආණ්ඩුවක සංයුතිය කුමක්ද යන්නය. තවත් ඉදිරියට යන්නේ නම්, ඇති කරගන්නා අන්තර්වාර පාලනයක ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ කුමක් විය යුතුද යන්නත් විමසා බැලීම වටී.
මගේ නිරීක්ෂණය අනුව ඊට අදාළ යෝජනාව ඉදිරිපත් වන්නේ සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ එම පක්ෂ දෙකටම සම්බන්ධ නැති තරුණ පිරිසකගෙන් හෝ නොව වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වූ කිහිපදෙනකුගෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකගෙනි. එම දෙපිරිසටම බැසිල් රාජපක්ෂ සමග ආරවුලක් තිබේ. පෙනෙන හැටියට යෝජිත අන්තර්වාර ආණ්ඩුවෙන් එම දෙකොට්ඨාසයටම කර ගැනීමට අවශ්‍යව තිබෙන්නේ බැසිල් රාජපක්ෂව ඉවත් කර ගැනීමය. ජනාධිපතිවරයා හා අගමැතිවරයා සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රශ්නයක් නැත. රාජපක්ෂලාගෙන් වෙන් වූ පවතින දූෂිත ක්‍රමයෙන් විතැන් වූ ආණ්ඩුවක් ඔවුහු අපේක්ෂා නොකරති. බැසිල් රාජපක්ෂ නැති ආණ්ඩුවක්, අන්තර්වාර ආණ්ඩුවක් යන්නට ඔවුන් සපයන අර්ථකථනයයි. එම සන්දර්භයේ ඔවුන් යෝජනා කරන අන්තර්වාර ආණ්ඩුවක් මගින් මේ අර්බුදයට විසඳුමක් ලැබෙන්නේද යන්න ප්‍රශ්නසහගතය.
රටේ සැබෑ වෙනසක් ඇති කිරීමට මෙය මහඟු අවස්ථාවකි. පක්ෂ ජාති භේදවලින් තොරව සියලු ප්‍රජාව මේ අරගලය පසුපස සිටින නිසාය. සහන ලබාදීමෙන් මේ සටන නතර කළ හැකි වේ යැයි මම නොසිතමි. බුද්ධිමත් තරුණ කොටස් අතර කාලයක් තිස්සේ කැකෑරෙමින් තිබූ විරෝධයක් මේ අවස්ථාවේ මතු වූ නිසාය. අන්තර්වාර ආණ්ඩු සංකල්පයට මම විරුද්ධ නොවෙමි. එහෙත් එවැන්නක් ගොඩනැගිය යුත්තේ දූෂිත පාලකයන් හා දූෂණවලට සම්බන්ධ කිසිවකු ඇතුළත් කර නොගනිමිනි.
එන්නේ එවැනි පිරිසුදු පාලනයක් නම් අපි ඊට පක්ෂ පාට භේදයකින් තොරව ඉඩ දිය යුතු වෙමු. නිර්පාක්ෂික ආණ්ඩුකරණය පිළිබඳ දැනුමක් ඇති සියලු දෙනාටම පිළිගත හැකි පිරිසක් විසින් රට කෙටි කාලයකට පාලනය කරනු ලබන්නේ නම් එය ඉතා හොඳය. නිදසුනක් ලෙස දූෂණයට වංචාවට එරෙහිව පෙනීසිටින හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා වැන්නකු අභිනවයෙන් පිහිටුවන අන්තර්වාර ආණ්ඩුවක නියෝජනය වුවහොත් එය කිසිවකු විසින් ප්‍රශ්න කරනු ලබතියි මම නොසිතමි. දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ නැති මහජන විශ්වාසය සහිත එවැනි පිරිසක් අන්තර්වාර ආණ්ඩුවක නියෝජනය විය යුතුය.
රට ඉදිරියට ගෙනයන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අන්තර්වාර ආණ්ඩුවක බලය හොබවන පිරිසට දැක්මක් තිබිය යුතුය. එවැනි දැක්මක් සහිත පිරිසකට ජාත්‍යන්තර ප්‍රජාවේ මෙන්ම අන්තර්ජාතික මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතනවල සහාය වුව ලබාගැනීම අසීරු නොවේ. යළි මැතිවරණයක් පවත්වා අලුත් ආණ්ඩුවක් පත් වන තෙක් අන්තර්වාර ආණ්ඩුවට පාලන බලතල හෙබවිය හැකිය. ව්‍යවස්ථානුකූලව නව ආණ්ඩුවක් පත්වන තුරු ජනතා ප්‍රශ්න සඳහා කඩිනම් විසඳුම් සැපයීමට අන්තර්වාර ආණ්ඩුවට සිදු වේ.
ඒ අතර දීර්ඝකාලීන විසඳුම් සපයන වැඩපිළිවෙළකට ද අත්‍යවශ්‍යයෙන්ම යා යුතුය. ඩොලර් ඉපැයීම් වර්ධනය කිරීම, කෘෂිකර්මාන්තය නගා සිටුවීම, කර්මාන්ත අංශය ශක්තිමත් කිරීම, තරුණයන්ගේ විරැකියා ප්‍රශ්නය විසඳීම, දූෂිත පාලකයන් රටින් කොල්ලකෑ ජාතික ධනය යළි අත්පත් කර ගැනීම ආදී තේමා රැසකට අදාළ වැඩපිළිවෙළින් ආමන්ත්‍රණය කළ යුතුය. එබැවින් යෝජිත අන්තර්වාර ආණ්ඩුවේ දූෂිතයන් නොසිටිය යුතුය.
මෙවැනි අන්තර්වාර ආණ්ඩුවක් පිහිටු වූ පසු පවතින බල තුලනයෙහි වෙනසක් සිදු වන්නේද යන්න වැදගත් පැනයකි. වත්මන් ආණ්ඩුක්‍රම ආකෘතිය ඇතුළත නියත බහුතරයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයෙක් සිටියි. ව්‍යවස්ථානුකූලව වසර 5ක් ජනාධිපතිට ධුරය දැරිය හැකිය. ජනාධිපතිවරයා ගෙදර යනු යනුවෙන් මතුව ඇති ජනතා හඬ දේශපාලන රැල්ලකි.
ව්‍යවස්ථාවේ කවරක් සඳහන් වුවද වැදගත් වන්නේ මේ මහජන රැල්ලයි. එහෙත් දැන් ජනාධිපතිවරයා බිත්තියටම හේත්තු කර ඇති ස්වාභාවයක් දිස්වෙයි. ව්‍යවස්ථාවෙන් තමන්ට නියම වී ඇති නිල කාලය හා හමුදාව යොදා ගනිමින් ඔහු දිගටම ධුරයේ කටයුතු කිරීමට ඉඩ තිබේ. එවිට මතුවන ප්‍රශ්නය නම් යෝජිත අන්තර්වාර රජය බිහිවන්නේ වත්මන් ජනාධිපතිවරයා යටතේද යන්නය.
ලංකාවේ තිබෙන්නේ මිශ්‍ර ආණ්ඩුක්‍රමයකි. එනම් පූර්ණ ජනාධිපති ආණ්ඩුක්‍රමයකුත් නොවන පූර්ණ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකුත් නොවන එම ආකෘති දෙකෙහිම අංග ලක්ෂණ මිශ්‍ර කරගත් ආණ්ඩුක්‍රමයකි. දේශපාලන විද්‍යාත්මකව එය හඳුන්වන්නේ අර්ධ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක් ලෙසය. ප්‍රංශය ඇතුළු රටවල් 54ක මිශ්‍ර ආණ්ඩුක්‍රම දැකිය හැකිය. මෙවැනි ආණ්ඩුක්‍රමවල ආණ්ඩුවේ නායකයෝ දෙදෙනෙක් සිටිති. ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයෙක් ද මහා මැතිවරණයකදී ව්‍යවස්ථාදායකයේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂයෙන් පත් වූ අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයක් ද සිටිති.
රට පාලනය කරනු ලබන්නේ මේ දෙපිරිස විසිනි. මේ සන්දර්භයේ පිහිටුවන අන්තර්වාර ආණ්ඩුවෙන් ජනාධිපතිවරයා ඉවත් වන්නේ ද යන ප්‍රශ්නය මතු වෙයි. මගේ අදහස අනුව ඔහු එයින් ඉවත් වන්නේ නැත. ලද ජනවරම හා ඡන්දය වෙනුවට හමුදාව කෙරෙහි ඇති ඔහුගේ විශ්වාසය ආදී තත්ත්ව හුවා දක්වමින් ජනාධිපතිවරයා අඛණ්ඩව බලයේ රැඳී සිටීමට ඉඩ තිබේ.
මේ අන්තර්වාර ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ශ්‍රීලනිපයේ කණ්ඩායම ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු යැයි මෙතෙක් පවසා නැත. ඔවුහු බැසිල් රාජපක්ෂ නොමැති ආණ්ඩුවක් අන්තර්වාර ආණ්ඩුවක් වන්නේය යන මෝඩ තකතීරු අදහසෙහි එල්බගෙන සිටිති. එය අන්තර්වාර ආණ්ඩුවක් පිළිබඳ අප ඉහතදී දැක්වූ අර්ථනිරූපණයට සපුරා පටහැණි තත්ත්වයකි. මේ උදා වී ඇත්තේ ගඳ ගසන සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය පරිවර්තනීය වෙනසකට බඳුන් කිරීමට ඓතිහාසිකව ලැබුණු ස්වර්ණමය අවස්ථාවකි. අර්ථාන්විත අන්තර්වාර ආණ්ඩුවක් බලයට පත් කර නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක වුවහොත් එහි ඵල නෙළා ගැනීම අසීරු නොවේ.
ප්‍රශ්නය තිබෙන්නේ සහන ලබා දී විසඳිය හැකි තත්ත්වයක නොවේ. ප්‍රශ්නය ඊට එහා ගිය ගැඹුරු එකකි. පාරට බැස සිටින මිනිසුන් ඉල්ලන්නේ මේ දූෂිත ක්‍රමයම වෙනස් කරන ලෙසය. විවිධ රාජ්‍යයන්හි වෙසෙන සිංහල ඩයස්පෝරාවන් (ප්‍රජාවන්) ද දැන් කරළියට පැමිණ තිබේ. මෙතෙක් අප ඇසුවේ දුටුවේ දෙමළ ඩයස්පෝරාව පමණක් ගැන නිසාය. සිංහල - දෙමළ ඩයස්පෝරා අතර ඇති පරතරය අවම කරගැනීමට ද මෙය අවස්ථාවක් කරගත හැකිය. ඇඳිරි නීතිය හෝ වෙන යම් නීති හෝ බලාත්මක කරමින් මෙම තත්ත්වය පාලනය කළ නොහැකි බව පාලකයන් තේරුම් ගත යුතුය. ප්‍රශ්නය ජාත්‍යන්තරයට ද ගොස් තිබේ.
යෝජිත අන්තර්වාර ආණ්ඩු සංකල්පය ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීම පිණිස කළ යුතු යැයි මා යෝජනා කරන අදහස් කිහිපයක් තිබේ. ප්‍රථමයෙන් සඳහන් කළ යුත්තේ මේ සංකල්පය ඉතා හොඳ එකක් බවය. වත්මන් ආණ්ඩුවට මේ අර්බුදය විසඳිය නොහැකිය. පෙර පැවති ආණ්ඩු පිළිබඳවද මහජනයාට දැන් විශ්වාසයක් නැත. ගොඩනැගෙන අන්තර්වාර ආණ්ඩුවක් ඇතුළත ජනාධිපතිවරයා ඉවත් නොවන්නේ නම් ඔහුගේ බලය අඩු කළ යුතුය. එවැන්නක් සිදු විය හැකිද යන සැකය තිබේ. ජනතාවගේ විශ්වාසය දිනාගත් උගත් බුද්ධිමත් සහ ආණ්ඩුකරණය ගැන යම් මට්ටමක අවබෝධයක් ඇති පිරිසකගෙන් අභිනව අන්තර්වාර ආණ්ඩුවේ සංයුතිය සකස් කර ගත යුතුය.
ඉහළ අධිකරණවල විශ්‍රාමලත් විනිශ්චයකාරවරයන් හා මා කලින් කී පරිද්දෙන් දූෂණයට විරුද්ධ හිටපු විගණකාධිපති වැනි අයට එහි අවස්ථාව හිමි වීම වැදගත්ය. දේශපාලන පක්ෂවල නායකයන් නොවන චෝදනා නැති අයද මෙවැනි අන්තර්වාර ආණ්ඩුවක පාර්ශ්වකරුවන් වීමෙහි ගැටලුවක් ද නැත. එසේම එය දේශපාලන පක්ෂයක න්‍යාය පත්‍රය ඉටු කරගන්නා ආණ්ඩුවක් නොවිය යුතුය. එසේ වුවහොත් මේ සංකල්පය යථාර්ථයක් බවට පත් නොවේ. මහ පොළොවේ පැළ කළ නොහැකිය.
වත්මන් පාලන තන්ත්‍රයට තවදුරටත් රටේ පාලනය ගෙන යා නොහැකිය යන පණිවුඩය බලයෙන් ඉවත් වන ලෙස ඉල්ලමින් මේ අන්තර්වාර ආණ්ඩුව පිහිටුවිය යුතුය. මහ මැතිවරණයක් පවත්වා මීළඟ ආණ්ඩුව බලයට පත් වෙන තෙක් අන්තර්වාර ආණ්ඩුව රටේ පාලනය ගෙන යා යුතුය. එහිදී අර්බුදය විසඳීම සඳහා කඩිනමින් කළ යුතු දේවල් හා දිගු කාලීනව කළ යුතු දේවල් ඇතුළත් වැඩපිළිවෙළක් සහිතව ඉදිරියට යා යුතුය. ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ද ගත යුතුය.
සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය අතුල විතානවසම්
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අර්බුදයට අන්තර්වාර විසඳුමක්