ශ්රී ලංකා ආර්ථිකය එහි ඉතිහාසය ඇතුළත මුහුණ දුන් දැවැන්ත අර්බුදය මෙයයි. එම අර්බුදයෙහි පැතිකඩ ගණනාවක් තිබේ. ශීඝ්‍ර ලෙස ඉහළ යන උද්ධමනය එකකි. වැඩි වන ජීවන වියදම දරා ගත නොහැකිව සිය දිවි නසා ගැනීම් පිළිබඳ පුවත් පවා අසන්නට ලැබෙන කාලයක අපි ජීවත් වෙමු. භාණ්ඩ හිඟය තවත් එකකි.
ඩොලර් හිඟය බුද්ධි ගලනය යනු වත්මන් ආර්ථික අර්බුදයේ අනෙක් පැතිකඩය. එවැනි සන්දර්භයක ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියලේ පාලනය අත්හරිනු ලැබීය. එම තීරණයට බලපෑ පසුබිම විමසා බැලීම වැදගත්ය.
ඊට බලපෑ ප්‍රධාන හේතුව හැටියට බොහෝ දෙනකු දකින්නේ පවතින විනිමය හිඟයයි. එසේවුවත් මගේ නිරීක්ෂණය අනුව මේ තත්ත්වය රෝග ලක්ෂණයකි.
නිදන්ගත රෝගය හඳුනා නොගෙන රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමෙන් ඵලක් නැත. නිදසුනක් ලෙස පවතින ඩොලර් හිඟය උණ රෝගී තත්ත්වයක් හා සමානය.
එය රෝග ලක්ෂණයක් මිස නිදන්ගත රෝගය නොවිය හැකිය. ශරීරයේ තිබෙන විවිධ සංකූලතා නිසා උණ රෝගය වැළඳිය හැකිය. අපේ ආර්ථිකයේ ද මෙවැනි රෝග ලක්ෂණ මතු ව ඇතත් නිදන්ගත රෝගය වෙනත් එකක් විය හැකිය.
එවැනි පසුබිමක ශ්‍රී ලංකා මහ බැංකුව ගත් මේ තීරණය කාලෝචිත එකක් ලෙස මම නොදකිමි. කාලෝචිත තීරණයක් යනු කාලය අනුව ගත යුතු හොඳම තීරණයයි. එහෙත් මේ තීරණය කල් ඉකුත් වූ එකකි.
මෙම තීරණය ගත යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙරය. විවෘත ආර්ථිකය හඳුන්වා දුන් අවධියේ එය කළ යුතුව තිබූ බව මගේ අදහසයි.
රුපියලේ අගය රජයේ පාලනය යටතේ තිබීම යන්නෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව නිශ්චිත විදේශ විනිමය අනුපාතය රුපියලත් සමග තීරණය කර එම අනුපාතය වෙළෙඳපොළේ පවත්වා ගෙන යෑමට අවශ්‍ය ඩොලර් සැපයුම් රජයෙන් ලබා දීමටය. ඩොලරයේ රුපියල් අගය තීරණය වන්නේ ඩොලර් සඳහා තිබෙන ඉල්ලුම හා සැපයුම අනුවය. ඩොලර් සැපයුම අඩු අවස්ථාවලදී වාණිජ බැංකුවලින් රුපියල් ලබා ගෙන මහ බැංකුව මගින් ආර්ථිකයට ඩොලර් නිකුත් කරයි.
1977 සිට විනිමය අනුපාතය පාලනය කළේ එලෙසිනි. එම පාලනය ඇතුළත අපේ විදේශ සංචිත දිනෙන් දින පිරිහිණි. එහෙත් අවසානයේදී අවශ්‍ය ඩොලර් සැපයුම තහවුරු කිරීමට මහ බැංකුවට නොහැකි විය. එබැවින් මහ බැංකුව මේ වන විට රුපියලේ පාලනය නිදහස් කර තිබේ. කෙසේවෙතත් දැන් බොහෝ ප්‍රමාදය. නහයටත් ඉහළින් වතුර දැමූ විට ගත් තීරණයක් හා සමානය.
1950 කාලය වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 89 ක් විය. ජපානයේ එම අගය ඩොලර් 90 ක් විය. සිංගප්පූරුවේ ඩොලර් 30 කි. එවක මෙරට ආර්ථිකය විදේශ විනිමය අතින් ශක්තිමත් එකක් විය. එසේම ආසියානු කලාපයේ පැවති පොහොසත් ආර්ථිකයකි.
ඉන්පසු කාලයේදී ආර්ථිකය මෙහෙයවීමේදී ප්‍රධාන ප්‍රශ්න දෙකකට අපට මුහුණ දීමට සිදු විය. එනම් අභ්‍යන්තර තුලනය හා බාහිර තුලනයයි. අදූරදර්ශී අසාර්ථක ආර්ථික කළමනාකරණය නිසා එම අංශ දෙකම පිරිහිණි. බාහිර තුලනය යනු වෙළෙඳ ගිණුමයි. ආනයන-අපනයන ගිණුම වශයෙන්ද එය හැඳින්විය හැකිය. වර්ෂ දෙකකදී හැරෙන්නට අන් සෑම අවස්ථාවකදීම ලංකාවේ වෙළෙඳ ගිණුමේ හිඟයක් දක්නට ලැබිණි. එනම් අපේ අපනයන ආදායම අවශ්‍ය ආනයන සිදු කිරීමට ප්‍රමාණවත් නොවීමය.
1960 සිට 2020 දක්වා කාලයේදී සෑම වර්ෂයකම සාමාන්‍ය ඩොලර් හිඟය බිලියන 7.61 කි. එනම් රටට අවශ්‍ය ආනයන වෙනුවෙන් අප සෑම වසරකදීම ඩොලර් බිලියන 7.61 ක මුදලක් ලෝකයට ණය වී ඇත.
අඛණ්ඩව ණය වෙමින් ආර්ථිකයේ බාහිර තුලනය පවත්වා ගෙන ගොස් ඇති බව පැහැදිලිය.මීළඟට අභ්‍යන්තර තුලනය ගැන අවධානය යොමු කිරීමේදී අප දන්නා කාරණයක් නම් නිදහසින් පසු අවධියේදී මෙරට ආදායමට වඩා වියදම් පාර්ශවය ඉහළ අගයක් ගත් බවය. එනම් සෑම වර්ෂයකදීම අයවැය හිඟය සියයට 6ක අගයක පැවතිණි.
උපයන ආදායමට වැඩියෙන් රජය සැමදා වියදම් කළේය. අභ්‍යන්තර තුලනයේදීද ලද ආදායම ඉක්මවමින් රාජ්‍ය වැඩියෙන් වියදම් කර තිබෙන්නේ ණයට ගත් මුදල්ය. රාජ්‍ය ආදායමෙන් කරන ලද වංචා දූෂණ සහ අනවශ්‍ය ආයෝජන මේ අර්බුදය තීව්‍ර කළේය. ප්‍රතිලාභ ලබා නොදෙන පරිදි කළ වියදම් ලෙස ඒවා හැඳින්විය හැකිය. උත්සව, දේශපාලන ප්‍රතිරූප නඩත්තු කිරීම්, කුලුනු සෑදීම, කැලෑවල සම්මන්ත්‍රණශාලා ඉදි කිරීම ආදී දේවල් ඊට දැක්විය හැකි උදාහරණ කීපයකි. ඒවා ප්‍රතිලාභ නොලබන වියදම්ය.
මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් 2017 වර්ෂයේ නොවැම්බරයේදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව අදාළ කාලයේදී ශ්‍රී ලංකාව පෙන්නුම් කළ සියයට 7.3 ක් වූ ආර්ථික වර්ධන වේගයෙන් සියයට 70 ක් ආර්ථිකයට ප්‍රතිලාභ නොදෙන ආයෝජනවලින් සමන්විත විණි යැයි එහි සඳහන්ය. තොග හා සිල්ලර වෙළෙඳාම ඉදිකිරීම් පෞද්ගලික සේවා ආදී අංශවල වර්ධනය මගින් එම සියයට 70 නිරූපිත වූ බවද එහි දැක්වෙයි. ඒවා ආර්ථිකයට ප්‍රතිලාභ ගෙන නොදෙන ආයෝජනය.
2019 වර්ෂයට අදාළ ආර්ථික පුරෝකථන වාර්තාවක් ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රසිද්ධ කරනු ලැබීය. 2019 දී පාකිස්තානයේ ආර්ථික වර්ධන වේගය සියයට 1.9 ක් විය හැකි බවට එමගින් පුරෝකථනය කර තිබිණි. එම අගය දකුණු ආසියානු කලාපයේ රටවල් අතර අපේක්ෂිත අඩුම ආර්ථික වර්ධන වේගය විය.
ඉහළම ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගනු ඇති බවට එම වාර්තාවෙන් අනාවැකි පළ කර තිබුණේ බංග්ලාදේශයයි. එම අගය සියයට 8.2 කි. මේ කලාපයේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය සියයට 4.3 ක් වනු ඇති බවටද ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කළේය. එහෙත් අදාළ වාර්තාවෙන් ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 2.3 ක අගයක් ගනු ඇති බව සඳහන් විය. 2019 වසරේ ඇෆ්ගනිස්තානයේ අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය සියයට 3 ක් විය.
මෙහිදී මා අවධාරණයෙන් ප්‍රකාශ කරන්නේ අද රටේ ආර්ථිකයේ මතුව ඇති අර්බුදය උද්ගතව තිබෙන්නේ කොවිඩ් වසංගතය නිසා නොවන බවය. මේ අර්බුදය කොවිඩ් වසංගතය නිසා ඇති වූවකැයි පැවසීම මිථ්‍යාවකි. නිදහස ලද දිනයේ පටන් අනුගමනය කළ අදූරදර්ශී ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵල අද රටේ මහජනතාවට භුක්ති විඳීමට සිදුව තිබේ.
මේ පසුබිමේ කොවිඩ් 19 වසංගතය පැමිණි විට මහ බැංකුවට ගත හැකිව තිබුණේ සීමා සහිත ප්‍රතිපත්ති කීපයක් පමණි. ඒ වන විට රටේ පැවති විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 ක් පමණ විය. වාර්ෂික ණය පොලී වාරික ප්‍රමාණය ඩොලර් බිලියන 6ත් 7 ත් අතර අගයක පැවතිණි. දේශීය වත්කම්වල විශාල හිඟයක් තිබිණි. ගහෙන් වැටී තිබුණු අපේ ආර්ථිකයට කොවිඩ් නමැති ගොනා පිම්මේ ඇන ගෙන ගියේය.
ආර්ථිකයේ අභ්‍යන්තර හා බාහිර දෙඅංශයේ අඛණ්ඩව පැවති අසමතුලිතතා නිසා මේ වන විට මහ බැංකුවට ගත හැකි වෙනත් තීරණ නැත. ඉතුරු වී ඇත්තේ මෙවැනි තීන්දු තීරණ පමණි. එවැනි පසුබිමක රුපියලේ පාලනය අත්හැරීමක් නොව ගිලිහීමක් සිදු වූයේ යැයි කිව හැකිය. රුපියලේ අගය පාලනය අත්හරිමින් මහ බැංකුව නිකුත් කළ නිවේදනයෙහි ඇමෙරිකානු ඩොලරයේ රුපියල් අගය 230 මට්ටමේ පවතිනු ඇති බවට අපේක්ෂා කරන බව සඳහන් වුවද එය එසේ නොවුණි.
මේ වන විට ඩොලරයේ රුපියල් අගය 265 දක්වා ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය සරුංගලයක නූල කැඩුණු අවස්ථාවක් හා සමානය. සුළං ප්‍රවාහ දැඩි වත්ම අප අල්ලාගෙන සිටි සරුංගලයෙහි නූල කැඩී ගියේය. දැන් සරුංගලය ඉබාගාතේ පාවෙමින් තිබෙන්නා සේ රුපියලේ අගය ද පාවෙමින් ඇත. එහෙයින් මේ වෙන විට භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම, හිඟ තත්ත්වයන් ඇති වීම ආදිය සිදු වෙයි. අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
දැන් මහ බැංකුවට කළ හැක්කේ මේ තත්ත්වය ඉතාමත් සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කිරීම පමණි. ඩොලර් ඉල්ලුම සැපයුම තීරණය කරන්නේ වෙළෙඳපොළයි. රජය මේ වන විටත් පවත්වා ගෙන යන ආනයන සීමා තව කොතරම් කලකට ක්‍රියාත්මක කළ හැකිද යන්න ප්‍රශ්නසහගතය. ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳ සංවිධානය සමග ගිවිසුම්ගත වූ රටකි. කොවිඩ් වසංගතය මධ්‍යයේ එම සංවිධානය සිය සාමාජික රටවලට එවැනි ආනයන පාලන සීමා පැනවීමට අවසර දුන්නේය. එහෙත් දැන් කොවිඩ් වසංගතයේ බලපෑම බොහෝදුරට අවම වී තිබේ. ලෝකයේ බොහෝ රටවල ආර්ථික නව සාමාන්‍යකරණ තත්ත්ව සමග ඉදිරියට ගමන් කරමින් සිටියි.
ඉන්දියාව අපට වඩා මේ වසංගතයෙන් පීඩාවට පත් විය. එහෙත් එරටේ ආර්ථික වර්ධන වේගය හොඳ අතට හැරෙමින් තිබේ. ඊට මුහුණ දීම සඳහා ඉන්දියාව ස්ථාවර ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීය. කෙසේවෙතත් අපේ ආර්ථිකය වංසගතය පැමිණෙන විටදීත් කඩා වැටී තිබිණි. අඛණ්ඩ පීඩනය හමුවේ රුපියලේ පාලනය අතහැරීම ඵලක් නොවන තීරණයකි.
ආර්ථිකයේ දැන් උද්ගතව ඇති තත්ත්වය කවර දිශාවකට ගමන් ගනු ඇතිද යන්න ගැන පුරෝකථනය කිරීම අසීරුය. ප්‍රශ්නයක් සංකීර්ණ වන තරමට ඊට ඇති පිළිතුර සරල නොවේ. අපේ ආර්ථික අර්බුදයේ ස්වභාවයත් එපරිදිය.
නැවෙන් කටට ප්‍රතිපත්තියක් අනුගමනය කළා විනා දේශීය සම්පත් යොදාගනිමින් දේශීය ආර්ථිකයක් ගොඩනැගීමට අප කටයුතු කළේ නැත.
නිදහසින් පසු බලය හෙබ වූ සියලු කණ්ඩායම් මේ තත්ත්වයට වගකිවයුතුය.ආර්ථිකය සම්බන්ධ ව්‍යුහාත්මක ප්‍රතිපත්ති තීරණය කිරීමේදී ආර්ථිකයේ විචල්‍යවලට අවම බලපෑමක් ඇති වන පරිදි ක්‍රියා කළ යුතුය යන්න මූලික ආර්ථික විද්‍යා සිද්ධාන්තයකි. එනම් අප ගත යුත්තේ වෙළෙඳපොළට අවම බලපෑමක් ඇති කරන තීන්දු තීරණය. මාස 6 ක් ඇතුළත අපනයන ආදායම් රටට එවිය යුතු බව සඳහන් කරමින් ඉකුත් දිනෙක මහ බැංකුව නිකුත් කළ නිවේදනය සැලකිය හැක්කේ වෙළෙඳපොළට බලහත්කාරී බලපෑමක් ඇති කරන තීරණයක් හැටියටය.
ලංකාවේ වෙළෙඳාම තිබෙන්නේ දැඩි තරගකාරීත්වයකය. සැපයුම්කරුවන් මෙවැනි තීරණවලට අකමැති විය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ලෝකයේ වෙනත් පැතිවලට විචල්‍ය විය හැකිය.
ලංකාවේ ඇතැම් ආයෝජන බංග්ලාදේශය හා දකුණු අප්‍රිකානු රටවලට ගෙන ගොස් තිබෙන බව අප අමතක නොකළ යුතුය. එබැවින් මූල්‍ය ක්‍රමයට අදාළ තීරණ ගැනීමේදී පෞද්ගලික අංශයේ ආයෝජන දුර්වල නොවන පරිදි කටයුතු කිරීම වැදගත්ය.
නිල විනිමය අනුපාතය හා වෙළෙඳපොළ විනිමය අනුපාතය අතර විශාල පරතරයක් තිබුණෙන් විදෙස් ශ්‍රමිකයෝ බොහෝ දෙනෙක් නීත්‍යනුකූල නොවන මාර්ග ඔස්සේ විනිමය එවීමට කටයුතු කළහ. මහ බැංකුවේ මේ තීරණයත් සමග ඔවුන් ඉදිරියේදී නීත්‍යනුකූල ක්‍රම හරහා විනිමය ලංකාවට එවීමට ඉඩ ඇත.
එහෙත් ආර්ථිකයේ පවතින කුණාටු ස්වභාවය නිසා ඩොලරයේ රුපියල් අගය තවදුරටත් ඉහළ යනු ඇති බවට වන අපේක්ෂාවෙන් විනිමය එවීම ප්‍රමාද කිරීමට ද ඉඩ තිබේ.
පවතින තත්ත්වය හමුවේ සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑම් එල්ල විය හැකිය. වෙසෙසින්ම අත්‍යවශ්‍ය භාණ්ඩවල ඇතිව තිබෙන හිඟය බලශක්ති අර්බුදය සහ පනවා ඇති ඇතැම් සීමා හේතුවෙන් එවැනි තත්ත්වයක් උද්ගත විය හැකිය. මහ බැංකුව පුරෝකථනය කරන පරිදි දේවල් සිදු වන්නේ නම් හොඳය. එහෙත් ගැටලුව තිබෙන්නේ මෙතෙක් අනාවැනි පළ කළ දේවල් සිදු නොවීමෙහිය.
මේ අර්බුදයෙන් ගොඩ එන්නට කළ යුතු ප්‍රතිකර්ම කීපයක් ඇත. අනවශ්‍ය නාස්තිකාර වියදම් අහෝසි කළ යුතුය. එසේම ආර්ථිකය සම්බන්ධයෙන් ගන්නා ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැන ජනතාව දැනුම්වත් කළ යුතුය. මෙතෙක් එවැන්නක් සිදු වූයේ නැත.
ආනයන ආදේශන වෙනුවට අපේ නිෂ්පාදන ලෝකයට ගෙන යා හැකි පරිදි ව්‍යවසායකයන් ශක්තිමත් කළ යුතුය. ඒ අරබයා ස්ථිරසාර වැඩපිළිවෙළක් තිබිය යුතුය.
සිව්වැනුව දේශපාලන ස්ථායීභාවය සහතික කළ යුතුය. එසේ නොකර ආර්ථික ස්ථාවරභාවය ඇති කළ නොහැකි නිසාය. එබැවින් සියලු දේශපාලන කණ්ඩායම් එකතු වී අවම වශයෙන් ඉදිරි වසර 10 ක කාලය සඳහා ක්‍රියාවට නංවන නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව එකඟතාවකට පැමිණිය යුතුය.
එය ආයෝජකයන් ආකර්ෂණය කිරීම පහසු කරනු ඇත. වෙනත් රටවල් සමග තාක්ෂණික සහයෝගීතා ගිවිසුම්වලට එළැඹීමද වැදගත්ය. මේ ආර්ථික අර්බුදයෙන් දුක් විඳින්නේ පොදු මහජනතාවය. ඇතැම් දේශපාලනඥයන්ගේ ආර්ථික කටයුතු සිදු වන්නේ වෙනත් රටවලය. ඔවුන්ගේ දූ දරුවන් ජීවත් වන්නේ ද පිට රටවලය. එබැවින් යම් දවසක ඔවුන් මේ රට හැර යනු ඇත. එහෙත් ඔබ මා ඇතුළු පොදු ජනතාවට පයගසා ජීවත් වීමට මේ රටේ ආර්ථිකය ආරක්ෂා විය යුතුය. එසේ වන්නට නම් ඉහත කී දේවල් ඉටු විය යුතුය.
සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ අධ්‍යයන පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජනක් කුමාරසිංහ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අර්බුදයට විසඳුම එක්සත් වෑයමක්
සිල්වා Thursday, 17 March 2022 01:40 PM
යහපාලන ආණ්ඩුවත් එක්සත් වෑයමක් නොවේද?