IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අවශ්‍යම විකල්පය කුමක්ද

(ආචාර්ය ජෙහාන් පෙරේරා)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමට පෙර පැවැති ආර්ථික හා දේශපාලන අවුල්සහගත තත්ත්වය සහ ඉන් පසුව ඇති වූ ස්ථාවරත්වය අතර නිතර නිතර කෙරුණු සැසඳීම මේ වන විට තුනී වී ඇත. රටේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ආණ්ඩුවේ නායකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රකාශ කරන වත්මන් සන්දර්භය තුළ, කුසගින්නෙන් පෙළෙන මිනිසකුට දේශනා කිරීම ඵලදායී නොවන බවට මහත්මා ගාන්ධි කළ ප්‍රකාශය වඩවඩාත් තහවුරු වෙමින් පවතී. 

මෙම ප්‍රකාශ, මේ මොහොතේ මැතිවරණ පැවැත්වීම, ලබාගෙන ඇති ජයග්‍රහණවලට අනතුරක් විය හැකි බවට සූක්ෂ්ම ලෙස ඉදිරිපත් කෙරෙන තර්කයක් ලෙසින් හඳුනාගත හැකිය. එහෙත් භූමියේ  යථාර්ථය මෙම ප්‍රකාශනවලට පටහැනිය. අරගල යුගයේ සිට අද දක්වා ආර්ථිකය  හැකිළෙමින් පවතී. ආර්ථිකය තවමත් ආපසු හැරවී නැත. පසුගිය කාර්තුවේදී එය සියයට 3කින් හැකිළී ගිය අතර, එය පෙර කාර්තුවේ සියයට 11ක හැකිළීමකට ලක්විය. මෙය පසුගිය වසරේ සිදුවූ සියයට 07ක හැකිළීමට වඩා ඉහළ අගයකි.

භූමියේ යථාර්ථය නම්, ව්‍යාපාර වැසීයෑමත් සමඟ ශ්‍රමිකයන්ට දිගටම රැකියා අහිමි වීමයි. ව්‍යාපාර සීමාකිරීම හෝ වැසීම සහ රැකියා වෙළඳපොළ හැකිළීමත් සමඟ මිනිසුන් සතුව ඇති මුදල් ප්‍රමාණය සීමාසහිත වේ. මෙම අඩු ප්‍රමාණ පවා තවදුරටත් අඩුවෙමින් පවතින අතර, පසුගියදා සිදු වූ සියයට 10 කින් පෙට්‍රල්, ඩීසල් සහ ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම නිසා සමස්ත ආර්ථිකයටම බලපෑමක් එල්ල කර ඇත.

පෙට්‍රල්, ඩීසල්, ගෘහස්ථ ගෑස් මෙන්ම පසුගිය වසරේ සියයට 100ත් 200ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගිය විදුලි මිල නැවතත් සියයට 18 කින් වැඩි කර තිබේ. ආර්ථික අර්බුදයට පෙර සියයට 13ක් වූ මෙරට දරිද්‍රතා මට්ටම අද සියයට 25ක් වන අතර, ඉදිරි වසර තුළ එය සියයට 28 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව ප්‍රකාශ කර තිබේ. ප්‍රබල ප්‍රතික්ෂේප කිරීම්වලින් යටපත් කළ නොහැකි වත්මන් තත්ත්වයෙහි ඛේදවාචකය නම්, රජයේ වියදම් ආදායම් සමඟ සරිලන පරිදි නොගැළපීමේ බර, එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට නොහැකි ජනතාව මත අධික ලෙස පැටවීමයි.

ජනතාව මේ කැපකිරීම් කළ ද ප්‍රමාණවත් ආදායමක් එකතු නොවන බවත් සිය ණය මුදලේ දෙවැනි වාරිකය ලබාගැනීමට තවදුරටත් කැපවීම් සිදුකළ යුතු බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) රජයට දන්වා ඇත. මේ නිසා සෘජු හා වක්‍ර බදු යන දෙක මගින්ම දැනටමත් තම සීමාව ඉක්මවා මිරිකී සිටින ජනතාව තව තවත් මිරිකීමට ඉඩ ඇත. දැන් බදු ගෙවන බහුතරයක් බදු වැඩිකිරීමට පෙර තම වියදම් පියවා ගැනීමට නොහැකි වූ පිරිසකි.

ඔවුන්ට තවදුරටත් ගෙවිය නොහැකි බව ඔවුන් දැනුවත්ව සිටී. අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැඩි බදු අයකළ යුතු බව පවසන්නේ, එම කාණ්ඩය ඉලක්ක කර නොවන බව පෙනේ. ප්‍රශ්නය වන්නේ රජය ජනතාව අතුරින් ධනවත්ම කොටස්වලින් විශාල ප්‍රමාණයකගෙන් බදු අයනොකිරීම සහ දූෂණයට හා බදු වංචාවලට තිත තැබීමට කටයුතු නොකිරීමයි. මේවාට බැංකු සහ ලියාපදිංචි විශාල ව්‍යාපාර පමණක් නොව දේශපාලනඥයන්, කොමිස් නියෝජිතයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ලියාපදිංචි නොකළ ව්‍යාපාර ද ඇතුළත් වේ.

 IMF වාර්තාව

මේ වන විට රජය තුළ පාලනය කළ නොහැකි දූෂණය ඉහළ මට්ටමක පවතින බව පෙන්නුම් කරන දර්ශකයක් සෞඛ්‍ය පද්ධතිය සම්බන්ධයෙන් පවතින කතාන්දරය තුළ දැකිය හැකිය. දැනට මාස කිහිපයක සිට රටේ ඉහළම වෛද්‍ය සහ සෞඛ්‍ය වෘත්තිකයෝ වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලකට මිලදී ගන්නා ප්‍රමිතියෙන් තොර ඖෂධ හා ඖෂධ හිඟය පිළිබඳව මැසිවිලි නැගූහ. එහෙත් පලක්වී නොමැත.

ජනමාධ්‍ය වාර්තා සහ වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ප්‍රකාශවලට අනුව දූෂණ ක්‍රියා දිගටම පවතී. සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව නොබෝදා විශ්වාසභංගයක් පවා ගෙන ආ අතර, එය පාර්ලිමේන්තුවේ බහුතරය භාවිත කරමින් ආණ්ඩුව විසින් පරාජයට  පත් කරනු ලැබීය. රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය භාවිත කරන ජනතාව වෙනුවෙන්, ගැටලු‍ව සමඟ කටයුතු කිරීම සහ එය විසඳීම වෙනුවට පවතින්නේ චෝදනා ප්‍රතික්ෂේප කිරීම් පමණකි.

ආණ්ඩුව පාර්ශවයට හෘද සාක්ෂිය නැති වී ඇති බව පෙනේ. අභ්‍යන්තර පරීක්ෂණයක් සහ සමතුලිතතාවක් නොමැති තැන, එය බාහිරව පැමිණිය යුතු අතර, මෙය සිදුවෙමින් පවතින්නේ ණය පැකේජයක් සඳහා ශ්‍රී ලංකාව වැඩි     වැඩියෙන් යැපෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ අන්තර්ජාතික ප්‍රජාවේ ස්වරූපයෙන් බව පෙනේ.

රාජ්‍ය ක්‍රියාකාරකම් හරහා ක්‍රමානුකූලව සහ දැඩි ලෙස පාලන දුර්වලතා හා ගැඹුරට මුල් බැසගත් දූෂණ අවදානම් ආමන්ත්‍රණය කිරීම සඳහා IMFවිසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑතකදී නිකුත් කරන ලද පාලන රෝග විනිශ්චය තක්සේරු (GDA) හි ප්‍රමුඛතා ක්‍රියාමාර්ග දහසයක් නිර්දේශ කර ඇත.

IMF විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ, “පසුගිය සතියේ නිකුත් කරන ලද තාක්ෂණික සහාය වාර්තාවෙන් හෙළිදරව් වූයේ, පුළුල්ව පැතිරුණු දූෂණ අවදානම් හා පාලන දුර්වලතා, තාවකාලික බදු ප්‍රතිපත්ති භාවිතය, මුදල් විශුද්ධිකරණයට එරෙහිව හා ත්‍රස්තවාදයට මූල්‍යකරණයට එරෙහිව සටන් කිරීම සඳහා ඇති ප්‍රවේශය සම්බන්ධයෙන් ශක්තිමත් නෛතික රාමුවක් නොමැතිකම හා රාජ්‍ය සතු සමාගම්වල භාවිත වන දුර්වල ක්‍රියාවලි, රාජ්‍ය ප්‍රසම්පාදන නීති නොමැතිකම, බදු නීති නිතර වෙනස් කරන තාවකාලික බදු ප්‍රතිපත්ති භාවිතය, IMF කළමනාකරණය හා නියාමනය කරන මහ බැංකුවේ උනන්දුව පිළිබඳ ගැටුම්, බදු අධිකාරීන් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ යාන්ත්‍රණයක් නොමැතිකම සහ  සොරකම් කළ අරමුදල් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් බලධාරීන් තවමත් පියවර ගෙන නොමැතිවීම” යනුවෙනි.

රටින් පිටකර ඇති මහජන මුදල් හෝ ඒවා සොරකම් කළ පුද්ගලයන් පසුපස හඹාගොස් කටයුතු කිරීම සඳහා වත්මන් පාලන විධි විධාන මගින් පැහැදිලි ප්‍රමිති ස්ථාපිත කර නොමැති බවද IMF පෙන්වාදී තිබේ. රජයේ ක්‍රියා මාර්ග අධීක්ෂණයට සහ නිරීක්ෂණයට නිත්‍ය සිවිල් සමාජ සහභාගිත්වය සීමාවී ඇත්තේ, සීමිත විනිවිදභාවය හා සහභාගිත්ව පාලනය සඳහා වේදිකා නොමැතිකම සහ ත්‍රස්ත විරෝධී නීති පුළුල් ලෙස භාවිත කිරීම හේතුවෙනි.

නිලධාරීන් භුක්ති විඳින, වැරදි හැසිරීම් සඳහා දඬුවම් නොලැබීමේ වරප්‍රසාදය විසින් දිගටම රාජ්‍ය අංශය කෙරෙහි ඇති විශ්වාසය පළුදු කරන අතර, ආරවුල් විසඳීම සඳහා කාර්යක්ෂම සහ රීති මත පදනම් වූ විනිශ්චය කිරීමේ ක්‍රියාවලියකට ප්‍රවේශය හෝ උනන්දුව නොමැතිකම අධිකරණයේ අඛණ්ඩතාවට හානියක් වන බවද IMF අවධාරණය කරයි.

සහයෝගය නැවත ලබාගන්න

ශ්‍රී ලංකාව අද අන්තර්ජාතික ප්‍රජාවේ සහයෝගය අහිමිවීමේ අවදානමකට ලක්ව සිටී. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහයෝගය තවදුරටත් සුළුකොට තැකිය නොහැක. ඒ සඳහා පාලනයේ විශාල වෙනස්කම් හෝ අවම වශයෙන් එම දිශාවට ආරම්භයක් ලබාගැනීම පිළිබඳ සාක්ෂි අවශ්‍ය වේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එක් අවශ්‍යතාවක් වන්නේ නව දූෂණ විරෝධී නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

නිව් යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව එක්සත් ජනපද ආධාර වැඩසටහනේ පරිපාලක සමන්තා පවර් හමුවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ, දූෂණයට එරෙහිව කටයුතු කිරීමට කාලයක් ගතවන බවයි. විධිමත් පුහුණුවක් සහිත කාර්ය මණ්ඩලයක් බඳවාගැනීමේ කාර්යය සමඟ දූෂණ විරෝධී කොමිසම මේ වන විට පොරබදමින් සිටින බව ඔහු සඳහන් කළේය. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, දූෂණ විරෝධී නීතිය සම්මත කර ගැනීමේ අපේක්ෂිත ප්‍රතිඵල සාක්ෂාත් කරගැනීම සඳහා අමතර වසරක් අවශ්‍ය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අයි.එම්.එෆ් ඉල්ලන වෙනස

1954 අල්ලස් පනත 1994 දී සංශෝධනය කරන ලද අතර, එමගින් අල්ලස් හෝ දූෂණ කොමිසම පිහිටුවනු ලැබීය. අවාසනාවකට, පසුගිය වසර 30 තුළ එමගින් සැලකිය යුතු ප්‍රගතියක් ලබා නොමැත. දැනට සභා ගැබේ සිටින අපගේ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විධිමත් හා වෘත්තීය පුහුණුවක් සහිත කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට නොහැකිවීම පුදුමයක් නොවේ.

රටට බලපාන බහුවිධ අර්බුද සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය වන්නේ ඒවා ප්‍රතික්ෂේප කිරීමයි. දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර   ඇති යෝජිත නීති දෙක වන ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත සහ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත මගින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා විරෝධතා දැක්වීමේ අයිතිය යටපත් කිරීමට රජයට වැඩි බලයක් ලබාදෙනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා DW German Televisionනාලිකාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාව රට තුළ සහ අන්තර්ජාතිකව යම් ආන්දෝලනයක් ඇතිකර තිබේ. රට මුහුණ දෙන බරපතළම ප්‍රශ්න ගැන ප්‍රශ්න කළ සම්මුඛ පරීක්ෂකවරයා ජනාධිපතිවරයා අසීරු තත්ත්වයකට පත්කළේය.

ළමා මන්දපෝෂණය, අතීතයේ සිදුවූ මානව හිමිකම් කඩවීම් සහ පාස්කු ප්‍රහාරයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ පරීක්ෂණ ඊට ඇතුළත් විය. ජනාධිපතිවරයාට අනාරක්ෂිත දේ ආරක්ෂා කිරීමට සිදු විය. අවසාන කරුණ නම්, එම ගැටලු‍ ඇති කළ පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ආණ්ඩුවක් සමඟ වැඩකිරීමට ජනාධිපතිවරයා තීරණය කළ නිසා, මෙම ගැටලු‍ විසඳීමට ජනාධිපතිවරයාට කළ හැකි දේ අල්ප බවයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා සිටින පරිදි, ආණ්ඩුව පිහිටුවන ලද පාර්ලිමේන්තු බහුතරයට, ආර්ථික හෝ යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවට කිසිදු මනෝභාවයක් නොමැතිවීම  ජනාධිපතිවරයා මුහුණදෙන ඛේදනීය යථාර්ථයයි.

මෙම තත්ත්වය තුළ, IMF ණයෙහි ඊළඟ වාරික සහ යුරෝපා සංගමයේ GSP ප්ලස් බදු සහනය වෙත ප්‍රවේශ වීම වඩාත් දුෂ්කර වනු ඇති අතර, රටට සහ එහි ජනතාවට තවදුරටත් අවාසිදායක ලෙස ඒවා අහිමිවීමට පවා ඉඩ තිබේ. ජනාධිපතිවරයා  අනුගමනය කළ යුතු ප්‍රතිසංස්කරණවාදී මාවතේ ගමන් කිරීමට පාර්ලිමේන්තුවේ බහුතරයක් අකැමැති නම්, තවදුරටත් ප්‍රමාදයකින් තොරව එවැනි පසුගාමී පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීම ගැන සලකා බැලිය යුතු අතර, එමඟින් ඔහුට වැඩකිරීමට මහජන ඡන්දයෙන් තේරී පත්වූ නව සහ අඩු දූෂිත කණ්ඩායමක් ලැබෙනු ඇත. ශ්‍රී ලංකාව එහි පවතින අඳුරු සිදුරෙන් පිටතට හිරු එළිය වෙත ගෙන යා යුතුව තිබේ.



අදහස් (0)

අවශ්‍යම විකල්පය කුමක්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 357 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1286 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 744 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1087 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1903 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1442 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site