IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ආගමික සහජීවනය නොරිස්සීම

“ගෝඨාභය රාජපක්ෂ බලයෙන් ඉවත්විය යුතුයි. ඊළඟට මේ රටේ සිංහල බෞද්ධ බලය එතැනින් ඉවරයි” යන ප්‍රකාශය සිදුකරන්නේ, පසුගිය වසරේ ජූලි 09 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයෙන් පලා ගිය පසු එහි පැමිණි එක්තරා ප්‍රකට බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්, අන්‍යාගමික පූජකයින් හා තවත් පුද්ගලයන් කීප දෙනකු පසුබිමෙහි තබා ගෙන ය. 

ගෝලීය කෝවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් ගෝඨාභය පාලනය, එසේ සාර්ථකව මුහුණ දීම සඳහාම ගත් රට වසා දැමීම වැනි ක්‍රියාමාර්ග නිසා අනෙක් පැත්තෙන් ආර්ථික අර්බුදය පැමිණ, මෙරට තෙල් හා ගෑස් පෝලිම් ඇති වූ බව මේ වන විට හෙළි වී තිබේ.

රාපක්ෂලා විසින් මෙරට ඩොලර් උගන්ඩාවට පටවා ඇතැයි ද එම නිසා ම තෙල් බෙහෙත් ගෙන්වීමට ඩොලර් නැති වී ඇතැයි ද වැනි විවිධ බොරු සමාජගත කරමින් පැනනැගි අර්බුදය විසඳා ගැනීමට නොදී අර්බුදය මතින් දේශපාලන ව්‍යාපාරයක් පටන් ගත්තේ ඒ අතර ය.

එය කෙළවර වූයේ පසුගිය වසරේ ගෝඨාභය රාජපක්ෂ විසින් ස්වකැමැත්තෙන් බලය අතහැරීමෙන් පසු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට ඒමත් සමගයි. 

ආර්ථික අර්බුදය පැමිණි කාලයේ මෙරට පොදු ජනතාවට, විශේෂයෙන්ම නාගරික හා අර්ධ නාගරිකවල ජනතාවට මූලික අවශ්‍යතා වූ ඉන්ධන, ගෑස් හා විදුලිය අවශ්‍ය ප්‍රමාණයට නොමැති වීමෙන් දැඩි පීඩාවට පත් වූ බව නොරහසකි. ඒ නිසා ම බොහෝ පිරිස් පාරට බැස්සෝය. ඔවුන්ගේ එමක්‍රියාමාර්ගය ගැන අපට ගැටලුවක් නැතත්, ඒ මුවාවෙන් වෙනත් පිරිසක් විසින් සිදුකළ දේශපාලන ව්‍යාපාරය ගැන ප්‍රමාණවත් ලෙස රටට හෙළි කර යුතු ව තිබේ. 

මේ වන විට මෙරට බෞද්ධ සංස්කෘතියට හා එහි මූලයන්ට පහර ගසමින් සිටින්නේ ඉහත කී දෙවැනි පිරිස ය. ඔවුන්ට කිසිදා ජනතාවගේ ප්‍රශ්න අදාළ වූයේ නැත. අදාළ වූයේ ඒ මතින් තම දේශපාලන ව්‍යාපෘතිය මුදුන් පමුණුවා ගැනීම පමණකි. විශේෂයෙන් ම මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කර දැමීම ඔවුන්ගේ අරමුණ විය. එදා ගෝල්ෆෙස් පිටියේ සිටි පිරිසගෙන් සියයට 90ක් ම එම අරමුණ සහිත පිරිස් වූ අතර, ඔවුහු විවිධ උපක්‍රම ඔස්සේ තම න්‍යාය පත්‍රය ක්‍රියාවට නැගූහ. එම භුමිය මත සිට වෙසක් කළු කළෝ ඔවුහුය. බුදුන් වහන්සේ තමන්ගේ හිසට වෙඩි තබා ගන්නා සිතුවම් ඇඳ ප්‍රදර්ශනය කළෝ ඔවුහුය. මෙරට ආරක්ෂක හමුදාවන්ට අපහාස වන ලෙස ක්‍රියා කළෝ ඔවුහුය. ඉන් නොනැවතී දෙමළ ජනතාව සමරන මුවාවෙන් මියගිය එල්ටිටීය සැමරුවේ ද ඔවුහුය.

අද වන විට ඉහත පිරිස ම බුදුදහමට පහර ගැසීමට හා ඒ හරහා බෞද්ධයන්ගේ සිත් පහරවා ගැටුමක් ඇති කිරීමට ප්‍රයත්න දරමින් සිටිති. එය මෑතක දී පටන් ගත්තේ ජෙරම් ප්‍රනාන්දු නම් පාස්ටර්වරයා විසිනි. ඔහු තම සභාව තුළ දේශනයක් කරමින් හා එම දේශනය සමාජ මාධ්‍යයට ද එක් කරමින් ප්‍රකාශ කරන්නේ බුදුන් වහන්සේ සොයා ගියේ ජේසුස් වහන්සේ බව ය. මෙය හතර බිහිරි කතාවකි. පාස්ටර් තැන එය කීමට පදනම් කරගන්නේ බයිබලයේ එන ජෝන්ගේ සුභාරංචියේ ජේසුස් වහන්සේගේ මුවට නංවා ඇති “මම ලෝකයේ ආලෝකය (light of world) වෙමි” යන කියමනයි.

එම කියමන මත රැක්‍ෂෙමින් ජෙසුස් වහන්සේ ලෝකයේ ආලෝකය බව කියන ජෙරම් දේවගැති තැන, බුදුන් වහන්සේ යන්නට ඉංග්‍රීසි බසින් දී තිබෙන “ආලෝකමත් මිනිසා” (enlightened one) යන වචනය ගෙන, බුදුන් වහන්සේ විසින් සොයා ගියේ ජෙසු නම් ආලෝකය බව කියා සිටියි. ඇත්ත වශයෙන් ම “ආලෝකවත් මිනිසා” යනු බටහිර යෙදුමකි. එය බුද්ධ හෙවත් “අවබෝධකගත් තැනැත්තා” යන්නට දි තිබෙන ඉංග්‍රීසි වචනයේ සිංහල පරිවර්තනයයි.

එම පරිවර්තනය, බයිබලයේ එන ආලෝකය යන්න සමග සසඳමින්, බුදුන් වහන්සේ සොයා ගියේ ජේසුගේ ආලෝකය බව කීම කොතරම් අඳබාල කතාවක් ද? තම අනුගාමිකයන් රැවටීම සඳහා මෙවන් උද්ධච්ඡ හා මුග්ධ ප්‍රකාශ කිරීම අපට කම් නැත. එහෙත් එම මුග්ධ බවට සීමාවක් තිබේ. සෙසු ආගමක ශාස්තෘවරයෙකුට අපහාස කරමින් තම ආගම ගැන බොරු විදීම අනුමත කළ නොහැකි ය. 

මේ පසුබිම තුළ ම පැන නැගි දෙවැනි සිදුවීම නම් විහිළුකාර ශිල්පිනියක් බව කියන තැනැත්තියක විසින් කළ ප්‍රකාශයකි. ඇය එහි දී සිදුහත් චරිතයේ මූලික පිළිගැනීම උපහාසයට ලක් කරනු දැකිය හැකි ය. මුලින් ම කිව යුත්තේ බෞද්ධයන්ගේ ආගමික පද්ධතිය නිර්මාණය වී තිබෙන්නේ ත්‍රිපිටකගත ධර්මය න්‍යෂ්ටිය කරගෙන පසුකාලීනව ඊට එකතු වූ විවිධ සංස්කෘතික අංග ද සහිතව බව ය. රටක ඕනෑම ආගමක් එසේ ය. බුදුදහම යනු ලොව පිළිගත් දියුණු දර්ශනයකි.

එහෙත් එය ජනතාව අතර ජීවත් වන්නේ ආගමක් ලෙස ය. ඕනෑම දහමක් රැකෙන්නේ ආගමක් තුළ නිසා බුදුදහමට ද එය පොදු ය. එම ආගමික අංශය තුළ විවිධ විස්වාස පැවතිය හැකි ය. ඇතැම් විස්වාස වර්තමානයේ සිතා ගැනීමට නොහැකි ඒවා ය. එහෙත් ඒවා ඇත්ත වශයෙන් ම සිදු නොවූ බව ද කිසිවෙකුට ඉඳුරාම කිව නොහැකි ය. ඊජිප්තුවේ තිබෙන පිරමිඩ මතට ඒ තරම් සුවිසල් මහා ගල් කඳන් ගෙන ගියේ කුමන ක්‍රමයකට ද යන්න තාමත් නොවිසඳුණු අබිරහසකි. එහෙත් එය එසේ වී තිබේ.

ඒ ලෙස ම විවිධ පුද්ගලයින් විවිධ කාලවල විවිධ හැකියා සහිතව ජීවත් ව සිට ඇත. අපට ඒවා පිළිගැනීම හෝ නොගැනීම ඉඳුරා බැහැර කළ නොහැකි ය. කිසිවෙකුට හානියක් නොවන එම විස්වාස ආගමිකයන් අතර තිබුණ ද ගැටලුවක් නැත. ගැටලුකාරී වන්නේ විනාශකාරී ආගමික විස්වාසයන් ය. සිදුහත් කුමරු ඉපදුන සැණින් පිය මැන්නාය. යන විස්වාසය සත්‍ය හෝ අසත්‍ය විය හැකි ය. එහෙත් ඉන් කිසිවෙකුට හානියක් නැත.

ඇතැම් බෞද්ධයින් ඒවා හුදු සාහිත්‍ය ආලේපන ලෙස ගනී. කෙසේ වෙතත්, එම කරුණ පොදු ආගමික කලාපය තුළ වැදගත් එකකි. එවන් පසුබිමක ඒවා අපහාසයට ලක් කිරිම ශිෂ්ටසම්පන්න නොවේ. ජේසුස් වහන්සේගේ මව වන මරියාතුමිය කන්‍යාවක් බව ක්‍රිස්තියානි භක්තිකයෝ විස්වාස කරති. එහෙත් කන්‍යාවකට දරුවන් ලැබෙන්නේ කෙසේදැයි අප ප්‍රශ්න කරන්නේ නැත.

බුද්ධාගමට අපහාස කිරීම බැලූ බැල්මට එක්තරා සැලසුම්ගත ව්‍යාපෘතියකි. මෙරට එක් ආගමික කණ්ඩායමක සැලසුම වන්නේ 2050 වන විට මේ රට තම ආගමට හරවා ගැනීම ය. ඒ සඳහා පහසුම ක්‍රමය වන්නේ බෞද්ධාගම ජනතාව අතර හෑල්ලු‍වට ලක් කිරිම ය. භික්ෂූන් වහන්සේ හෝ බෞද්ධ සංවිධාන පවා මේ කරුණ අවබෝධ කරගෙන සිටින බවක් නොපෙනේ. ඔවුන්ගේ ක්‍රියා කලාපවල දක්නට ඇත්තේ මිට සංවේදි නොවුණු ස්වරූපයකි.

රාජපක්ෂ පාලනය පෙරලා දැමීමට මූලිකම හේතුව වන්නේ ඉහත ආගමික ව්‍යාපෘතියයි. 2015 දී ද, 2022 දී සිදුවන්නේ එකම දේ ය. ගෝඨාභය රාජපක්ෂ රුවන්වැලි සෑය ළඟ දිවුරුම් දෙමින් තමා පත් වූයේ සිංහල බෞද්ධ ඡන්දවලින් ය යන ප්‍රකාශය, ඔහුට එරෙහිව දේශපාලන ව්‍යාපෘති පටන් ගැනීම ආරම්භ කළේ ය. එම ප්‍රකාශය නොකළ යුතුව තිබූ අපරිණත එකකි.

එහෙත් එහි සත්‍යයක් නැතුවාම නොවේ. කෙසේ වෙතත්, ඉන් සිදුවූයේ ඔහුට එරෙහිව කුමන්ත්‍රණකරුන්ට පැහැදිලි අරමුණක් ලැබීම ය. එම කුමන්ත්‍රණවල දී ඔහු විසින් තම දේශපාලන පතාක යෝධයන් වන මහින්ද හා බැසිල් රාජපක්ෂ පසෙකට දමා කටයුතු කිරිම ඔහුගේ කඩා වැටීම තවත් ඉක්මන් කළේය.

අප තේරුම්ගත යුත්තේ සිංහල බෞද්ධ යනු හුදු වාර්ගික-ආගමික කාරණාවක් නොවන බවයි. එය සභ්‍යත්ව පදනමකි. ආගමික හෝ වාර්ගික වශයෙන් සිංහල බෞද්ධ නොවන අයකු පවා සභ්‍යත්ව අර්ථයෙන් සිංහල බෞද්ධ විය හැකි ය. එසේ ම ආගමිකව හෝ වාර්ගික ව සිංහල බෞද්ධ අයකු සභ්‍යත්ව වශයෙන් සිංහල බෞද්ධ විරෝධී ද විය හැකි ය.

ඇමරිකාවේ බැරක් ඔබාමා වාර්ගික ලෙස සුදු ජාතිකයකු නොවේ. එහෙත් ඔහු ඇමරිකානු සභ්‍යත්ව මනස නියෝජනය කළ හෙයින් ඔහුට එරට ජනාධිපති වීමට හැකි විය. ලක්ෂ්මන් කදිරගාමර් වැනි දමිළ නායකයන්ට සිංහල බෞද්ධයා අතිශයින් ගරු කරන්නේ ද එම පදනමින් ය. අප මෙය පැහැදිලිව අවබෝධකරගත යුතුව තිබේ. සිංහල බෞද්ධ යන්න ආගමික-වාර්ගිකත්වයෙන් ඔබ්බට සිතීම මෙරට දේශපාලන හා ආගමික අනාගතය සඳහා ඉතා වැදගත් පදනමක් වනු ඇත. 

එම තත්ත්වය සැලකිල්ලට නොගෙන, මුලින් ම මෙහි උපුටා දැක් වූ බෞද්ධ භික්ෂුව කියන ආකාරයට “මේ රටේ සිංහල බෞද්ධ බලය ඉවරයි” වැනි මනසකින් කටයුතු කරමින් එම වටිනාකම්වලට පහර ගැසීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ මෙරට තිබූ සහනශීලිබව තුරන්ව ආගමික ගැටුම් ඇතිවීමට පසුබිම නිර්මාණය වීමයි. එය අප කිසිවෙකුත් විසින් ප්‍රාර්ථනා කරන තත්ත්වයක් නොවේ. 

සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ



අදහස් (4)

ආගමික සහජීවනය නොරිස්සීම

Yogananda D.N. Saturday, 10 June 2023 06:54 AM

කතාව සහතික ඇත්ත, ඒත් මෙතුමා අරගලයට පෙර ගෝඨාභය හිටපු ජනාධීපතිතුමා මේ ගැන දැනුවත් නො කළේ ඇයි කියන එක නම් ප්‍රශ්නාර්ථයක්. මමත් ගෙදර බුදුන් වඳිනවා, මල් පහන් පූජා කරනවා, පෝයට සිල් සමාදන් වෙනවා. ඒත්... ඒත් රැකියාවට ගියත් එතන තිබෙන බුදු මැඳුර දිහා වැරදිලාවත් බැලෙන්නෙ නැහැ. අනිත් අය නම් එතැන මල්, පහන් පූජා කරලා තියනවා. මොකද රැකියා දම් පින් මේ කොයිකත් කරන්න කලින් අපි සමාජයේ ස්ථාවරය පවත්වා ගත යුතුයි කියලා අපිට හැඟීමක් තිබුණා. මේ ගැන නොදැන හෝ දැන හෝ කාගේ ලණුවක් කාලා ගෝඨාශය හිටපු ජනාධීපතිතුමා තම රාජකාරිය ප්‍රසිද්ධියේ ඇරඹුවේ රුවන්වැලි සෑය අභියස. මුළු ලෝකයාටම ප්‍රදර්ශනය කළා තමන් කවුරුද කියලා. ඉතින් ඔහොම බේරුණා ඇති. අහෝ දෙව්දත් නො දුටු මොක්පුර...?

:       3       11

ගයාන් Saturday, 10 June 2023 11:02 AM

මේ මහින්ද පතිරණ මහතාගේ දේශපාලන හැසිරවීම රාජපක්ෂවාදී සහ මෙයත් ඔය කියන දෙවන කාණ්ඩයකට අයත් අයකු බව ඔප්පු වේ..

:       7       8

fairoos Tuesday, 13 June 2023 03:39 PM

නන්දසේන රට කෑවා. මෙතුමා කියනවා කෝවිඩ් පාලනය සාර්ථකව කළාලු... බම්බුව තමයි.

:       5       0

කිරිපුතා Saturday, 17 June 2023 10:10 AM

කිසිදු දේශපාලනමය පක්ෂයක නොහිටගෙන ලියන ලද මෙ⁣ම ලිපිය කාලීන අවශ්‍යතාවයකි. එහි ගැබ්ව ඇති දෙය තම මුග්ධ, හීන දේශපාලන මතවලින් විමසන පටුු, මුග්ධ ක්ෂීරපායින් සිටින වගද පැහැදිලිව පෙනේ. ඔවුන්ට ඇත්තේ තමා කැමැති පක්ෂයේ පාට නම් අසූචි වුවද සුවඳයි කියන දීන මානසිකත්වයකි. ඔවුන් රටට විනයකි. හෙට දවසේ රටේ නායකත්වය වැරැදි ලෙස තෝරා ගැනීමට ඔවුන් ඡන්දය භාවිතා කරනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site