උපයන විට ගෙවීමේ බද්ද (Pay As You Earn - PAYE) ආදායම් බද්දක් ලෙස සැලකිය හැකිය. එහි ඇති විශේෂත්වය නම් සේවා නියුක්තිකයන් ලබන මාසික වැටුප මත රඳවා ගැනීමේ බද්දක් වශයෙන් ක්‍රියාත්මක වීමය. ඒ අනුව සේවකයකුට මාසික වැටුප ගෙවනු ලබන අවස්ථාවේ දී ඔහු විසින් ගෙවිය යුතු බදු මුදල සේවා යෝජකයා විසින් රඳවාගෙන ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබේ.
මෙම බද්දට අදාළ වත්මන් තත්ත්වය අනුව කිසියම් පුද්ගලයකු මාසිකව රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ලබන්නේ නම් එම පුද්ගලයා විසින් මෙම බද්ද ගෙවනු ලැබිය යුතුය. ඒ අනුව රුපියල් ලක්ෂය ඉක්මවා උපයන පළමු රුපියල් 41664 සඳහා සියයට 6 ක්ද දෙවන රුපියල් 41664 සඳහා සියයට 12 ක් ද වශයෙන් මීළඟ රුපියල් 41664 සඳහා සියයට 18 ක් ද වශයෙන් උපරිම සියයට 36 දක්වා වන පරාසයකට මෙම බද්ද අය කෙරේ. එම බදු මුදල සේවා යෝජකයා විසින් සේවකයාගේ වැටුපෙන් අඩු කර ගන්නා අතර ඉතිරි වන මුදල වැටුප වශයෙන් ගෙවනු ලැබේ.
උපයන විට ගෙවනු ලබන මෙම බද්දට අදාළ වත්මන් තත්ත්වය අනුව මාසිකව රුපියල් ලක්ෂ තුනහමාරක පමණ උපයන පුද්ගලයකු බදු වශයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවිය යුතුය. අප පොදුවේ පිළිගත යුතු කාරණය නම් රජය බදු ආදායම් ලැබිය යුතුය. මේ අවස්ථාවේ රජයට ජාත්‍යන්තර මුල්‍ය වෙළෙඳපොළෙන් හෝ ද්වී පාර්ශවීය හෝ බහු පාර්ශවීය ආධාර ලබා දෙන ආයතනවලින් ණය ගැනීමට නොහැකි හෙයිනි. දේශීය වෙළෙඳපොළෙන් ණය ගන්නේ නම් ඒ සඳහා ඉහළ පොලී අනුපාතිකයක් ගෙවීමට සිදුවේ. එසේ ගන්නා ණයවල පොලිය ගෙවීමට සිදු වන්නේ ද බදු ආදායම් ඉහළ නැංවීමෙනි.
අනෙක් අතට මහ බැංකුව හරහා මුදල් මුද්‍රණය කිරීමේ හැකියාවක්ද රජයට නොමැත. එසේ කළහොත් උද්ධමනය ඉහළ ගොස් රටේ සමස්ත ආර්ථිකයටම එය අහිතකර ලෙස බලපානු ඇත. රජය සෘජු බදු වැඩි වශයෙන් අය කළ යුතු බව අප සියලු දෙනාම පිළිගත යුතුය. එනම් ගෙවීමට හැකියාව ඇති සියලු දෙනාගෙන් බදු අය කළ යුතු වීමය.
උපයන විට ගෙවීමේ බද්දට අදාළව වත්මන් ආණ්ඩුව සිදුකරඇති සංශෝධනවලට එරෙහිව හඬ නගන වෘත්තිකයන් අවධාරණය කරන මූලික කාරණය නම් ඉහළ උද්ධමනයක් හා පොලී අනුපාතිකයක් ක්‍රියාත්මක වන සන්දර්භයක ලක්ෂය ඉක්මවන වැටුපක් ලැබූ පමණින් බද්දකට යටත් කිරීම සාධාරණ නොවන බවය. 2019 ට පෙර මෙම උපයන විට ගෙවීමේ බද්ද අය කරනු ලැබූවේ මාසිකව රුපියල් ලක්ෂ දෙක හමාර ඉක්මවා වැටුප් ලබන්නන්ගෙනි.
එම බද්ද අය කරනු ලබන සීමාව රුපියල් ලක්ෂ දෙකහමාරේ සිට ලක්ෂය දක්වා අඩු කිරීම යුක්ති යුක්ත නොවේය යන්න වෘත්තිකයෝ පවසති. ණය ලබාගෙන තිබේ නම් පොලිය වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදු වන අතර භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගොස් ඇති සන්දර්භයක ඒ වෙනුවෙන් දැරීමට සිදු වන වියදම් ද වැඩි වී තිබේ. එබැවින් ලබන වැටුපෙන් ජීවත් වීම දුෂ්කර බව ඔවුහු කියති.
උපයන විට බදු ගෙවිය යුතු පිරිස ඉතා පහසුවෙන් බද්දට යටත් කිරීමට රජයට පිළිවන. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය හෝ පෞද්ගලික හෝ ආයතන නිසි පරිදි හඳුනාගෙන වැටුප ගෙවන අවස්ථාවේදීම අදාළ බදු මුදල් අය කර ගැනීමේ හැකියාව රජයට ඇති නිසාය. මෙපරිදි ලියාපදිංචි සේවකයන්ට අමතරව සිල්ලර හා තොග වෙළෙඳාම් කටයුතුවල නියුතුවන්නන් ඉදිකිරීම් අංශයේ සේවයේ නිරත වන්නන් උපකාරක පන්ති පවත්වන්නන් ප්‍රවාහන අංශයේ රැකියාවල නිරත වන්නන් නීතිඥයන් පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් විවිධ උපදේශන සේවාවන් පවත්වනු ලබන අය මේ ආදී මාසිකව රුපියල් ලක්ෂය ඉක්මවා උපයන එහෙත් බදු නොගෙවන විශාල පිරිසක් සිටිති.
එවැන්නන් බදු දැලට හසු කර ගැනීමට අදාළ නිසි යාන්ත්‍රණයක් නොමැති නිසා ඔවුහු එසේ බදු ගෙවීමෙන් නිදහස්ව සිටිති. එම පිරිස් බදු දැලට හසු කර ගන්නවා වෙනුවට මාසික වැටුප් ලබන අය මත විශාල අනුපාතයකින් ඉහළ දමන ලද උපයන විට ගෙවීමේ බද්ද රජය අය කරනු ලැබේ. මේ සන්දර්භයේ ඉදිරිපත් වෙන කාරණය නම් බදු ගෙවීමට හසු නොවී සිටින ඉහත සඳහන් කළ පාර්ශවද බද්දට යටත් කරන්නේ නම් වැඩි කරන ලද උපයන විට ගෙවීමේ බද්ද අය කරනු ලබන ප්‍රතිශතය පහළ දැමිය හැකි බවය.
මෙම බද්දට අදාළව පසුගියදාක රජය සංශෝධනයක් කළ අතර එයින් සිදු කර තිබෙන්නේ මුල්‍යමය නොවන දීමනා බද්දට යටත් කිරීමය. එනම් සේවා යෝජක පාර්ශව මගින් සේවකයන්ට නිවාස ප්‍රවාහන දීමනා දුරකථන දීමනා පුද්ගලයන් ලබන ආදායමක් වශයෙන් සලකා ඒවාද අදාළ කරගෙන පුද්ගල වැටුප ගණනය කරමින් බද්ද අය කිරීමට මෙම සංශෝධනයෙන් පියවර ගෙන තිබේ.
මෙයට වැඩි වශයෙන් හසු වන්නෝ මැති ඇමැතිවරුන් සහ රජයේ ඉහළ නිලධාරිහුය. සැබැවින්ම මෙයින් රජය සිදු කළේ මැති ඇමතිවරුන්ට සහ ඉහළ නිලතල හොබවන රාජ්‍ය නිලධාරීන්ට ගෙවීමට සිදු වන බදු මුදල් අඩු කිරීමය. සෙසු වෘත්තිකයන්ට එම සංශෝධනයෙන් සහනයක් නොලැබේ. වෘත්තිකයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන උද්ඝෝෂණය මධ්‍යයේ බදු අඩු කළාය යන්න සන්නිවේදනය වන ආකාරයට රජය කටයුතු කර ඇති බව පෙනේ. එය කල්තියාම කිරීමට සැලසුම් කළ එකකි.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පසුගිය දිනෙක මාධ්‍යයට පවසා තිබුණේ රුපියල් ලක්ෂය ඉක්මවා වැටුප් ලබන්නේ 120965 දෙනකු පමණක් බවය. එය මෙරට මුළු සේවක ප්‍රමාණයෙන් සියයට 2.6 ක් වන බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබුණි. එසේම මිලියන 2.2 ක පිරිසක් ලබන්නේ රුපියල් 30,000 ට අඩු මාසික වැටුපක් බවද ඔහු පවසා තිබුණි. මේ දත්ත අසත්‍ය බව මම වගකීමෙන් කියමි.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව 2019 වසරේදී නිකුත් කළ වාර්තාවට අනුව එවකදී උපයන විට ගෙවීමේ බදු ගෙවනු ලැබූ මුළු සේවක සංඛ්‍යාව 1149883 කි. එම කාලයේදී මෙම බද්ද අය කර ගන්නා ආදායම් සීමාව පැවතියේ රුපියල් ලක්ෂයට වැඩි ආදායම් ලබන්නන්ගෙන් වශයෙනි. ඉන්පසු 2019 දී බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව එම ආදායම් සීමාව රුපියල් ලක්ෂ දෙකහමාර දක්වා ඉහළ දැමුවේය.
එයින් පැහැදිලි වන්නේ එම ආණ්ඩුව උපයන විට ගෙවීමේ බද්දට යටත් වන ආදායම් සීමාව සංශෝධනය කිරීමට පෙර සිටම එකොළොස් ලක්ෂයකට වැඩි පිරිසක් එම බද්ද ගෙවමින් සිට ඇති බවය. එහි අර්ථය නම්, රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලැබූ 1100000 කට වැඩි පිරිසක් සිට ඇති බවය. එසේනම් රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබන්නන් රටේ සිටින්නේ එක් ලක්ෂ විසි දහසක් යැයි රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය අසත්‍යයක් බව පැහැදිලි වේ.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2018 වසර වන විට උපයන විට බද්ද ගෙවන ලද මුළු පිරිස 664828 කි. එම පිරිස 2019 වර්ෂය වන විට 1149883 දක්වා වැඩි වී තිබේ. එසේ බලන විට 2023 වසර වන විට රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබන පිරිස ලක්ෂ 20 ඉක්මවා සිටිය යුතුය. කෙනකුට අවශ්‍ය නම් මේ තොරතුරු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කර ගත හැකිය. අමාත්‍යවරයා මේ සංඛ්‍යාව දත්ත ගණනය කර තිබෙන්නේ ශ්‍රම බළකා සමීක්ෂණයේ දත්ත පදනම් කරගෙනය. ශ්‍රම බළකා සමීක්ෂණයේ දත්ත පදනම් කරගෙන මෙම ගණනය කිරීම් සිදු කිරීම නිවැරදි නැත.
එම සමීක්ෂණයේම දත්ත පදනම් කර ගනිමින් මම ද ගණනය කිරීමක් කළෙමි. එහිදී මාසිකව රුපියල් ලක්ෂය ඉක්මවා වැටුප් ලබන්නන්ගේ මුළු සංඛ්‍යාව හැටියට මට ලැබුණේ 90700 ගණනක පිරිසකි. එහෙත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන්නේ 2019 වන විට මාසිකව රුපියල් ලක්ෂයකට වඩා ආදායමක් ලද පිරිස එකොළොස් ලක්ෂය ඉක්මවා සිටි බවය. මෙයින් පැහැදිලි වන්නේ රාජ්‍ය අමාත්‍යවරයා අමූලික අසත්‍යයක් සමාජගත කර ඇති බවය.
වෘත්තිකයන් මේ බදු අය කිරීම අසාධාරණ යැයි පැවසුවද මේ අවස්ථාවේ වෙනත් විකල්පයක් නැත්නම් අප සියලු දෙනා කැපකිරීම් සිදු කළ යුතුය. එහෙත් රජයේ යුතුකම විය යුත්තේ මෙම බද්දට හසු විය යුතු සියලු දෙනා ඊට හසු කර ගැනීමය. එය වහාම කළ යුතුය. එසේ කළ හොත් බද්දට යටත් වන ආදායම් සීමාව නැවත රුපියල් ලක්ෂ දෙකහමාර දක්වා ඉහළ නැංවීමටත් බදු අය කෙරෙන ප්‍රතිශතය සියයට 36 සිට සියයට 20 දක්වා ගෙන ඒමටත් හැකි වනු ඇත.
ඒ සඳහා හැකියාව තිබියදී කටයුතු නොකරන්නේ ඇයිද යන්න විමසුමට ලක් කළ යුතුය. ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමහර ඉහළ නිලධාරීන් සහ බදු තක්සේරු කරන්නන් විසින් බදු ගෙවීම පැහැර හරිනු ලබන්නන්ගෙන් අයථා ලෙස කරනු ලබන ඉපැයීම්වලට එමගින් හානි සිදු වෙන නිසාය. රජයට ලැබිය යුතු බදු මුදල් මෙම පාර්ශ්ව වෙත ගලා යයි. මා සිතන හැටියට බදු ගෙවිය යුතු පිරිස් නිවැරැදිව හඳුනා ගෙන ඔවුන් බදු දැලට හසු කරගැනීමේ කර්තව්‍යයේ ප්‍රමුඛ වගකීමක් පැවරෙන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවටය. එහිදී නූතන තාක්ෂණය මෙන්ම ප්‍රාදේශීය රාජ්‍ය යාන්ත්‍රණය ද උපයෝගී කර ගත හැකිය.
සටහන - උපුල් වික්‍රමසිංහ
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආදායම ලක්ෂය ඉක්මවූ නිසාම බදු සාධාරණද?