IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ආර්ථීකයේ අර්බුදයෙන් ඔබ්බට...

මැයි මාසයට අදාල උද්ධමනය පිළිබඳ දත්ත මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව 2023 වර්ෂයේ අප්‍රේල් මාසය හා සන්සන්දනය කරන විට මැයි මාසයේ උද්ධමන අනුපාතය සියයට 35.3 සිට සියයට 25.2 දක්වා පහත වැටී තිබේ. ආහාර උද්ධමනය සියයට 30.6 සිට සියයට 21.5 දක්වා ද ආහාර නොවන උද්ධමනය සියයට 37.6 සිට සියයට 27.0 දක්වා ද පහත වැටී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව වසර මුලදී ප්‍රකාශ කර සිටියේ රටේ උද්ධමන අනුපාතිකය තනි අංකයක් දක්වා පහළ වැටීමට 2024 වර්ෂයේ මුල් භාගයේදී ඉඩ ලැබෙනු ඇතැයි යන්නයි. එහෙත් මහ බැංකුව දැන් ප්‍රකාශ කර සිටින්නේ මෙම වර්ෂයේ තුන්වැනි කාර්තුව (ජූලි-සැප්තැම්බර්) වන විට මෙම ඉලක්කය සපුරා ගැනීමට හැකිවනු ඇති බවයි.

උද්ධමන අනුපාතයේ සිදු වූ මේ වෙනස්කම් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සලකා බලන විට එක්තරා ආකාරයක ජයග්‍රහණයක් ලෙස හැදින්විය හැකි වේ. එයට හේතුව රටේ උද්ධමනය පෙර නොවූ විරූ ආකාරයෙන් 2022 සැප්තැම්බර් මස සියයට 73.7 දක්වා ඉහළ අනුපාතයකට පත් වූවද අද වන විට එය ක්‍රමයෙන් පහළ මට්ටමකට ගෙන ඒමට හැකිව තිබීමයි. කෙසේ වුවද සමහර සමාජ මාධ්‍ය ජාලවල මේ තොරතුරු ප්‍රකාශයට පත්වන විට සමහරු ප්‍රශ්න කර සිටියේ උද්ධමනයේ එවැනි අඩු වීමක් සිදුව තිබේනම් එය බඩු මිල මගින් පැහැදිලි විය යුතුය යන්නයි. එසේ නොවන තාක් උද්ධමනය අඩු වුවද එය සංඛ්‍යාලේඛනවලට පමණක් සීමා වන බවද එය මහජනතාව අත්දකින යථාර්ථයක් නොවන බවත්ය. 

ඇතැම් අය උද්ධමන අනුපාතය අඩු වූ විට සියලු‍ම භාණ්ඩවල මිල ගණන්ද ඒ හා සාපේක්ෂකව අඩු විය යුතු බවට බලාපොරොත්තු වෙති. උද්ධමන අනුපාතයෙන් ප්‍රකාශ වන්නේ පෙර පැවැති මට්ටමට වඩා සමස්ත මිල ගණන්වල වෙනස් වීමක් සිදුව තිබේද යන්නයි. එය සෑම භාණ්ඩයකින්ම පිළිඹිබු වන්නේයැයි ප්‍රකාශ කළ නොහැකිය. පසුගිය මාස කිහිපය තුළම තෙල්, ගෑස්, ඉන්ධන ආදියේ මිල ගණන් දිගටම අඩු විය. සමහර ආහාර වර්ගවල මිල ගණන්ද අඩු විය.

එවැනි තත්ත්වයක් තුළ උද්ධමන අනුපාතය අනිවාර්යයෙන්ම අඩු විය යුතුව ඇත. දර්ශකයේ මැයි මස තොරතුරුවලින් හෙළිවන්නේ එයයි. භාණ්ඩවල මිල ගණන් පොදුවේ සමස්තයක් වශයෙන් සලකා බලන විට සැලකිය යුතු වෙනසකට බඳුන්වී ඇති බව පිළිගැනීමට සිදුවේ. සහල්, අල, ලූනු, පාන් පිටි ආදියෙහි මිල ගණන් විශාල ලෙස අඩුවී ඇති අතර උද්ධමන අනුපාතිකය අඩු වීම සඳහා ඒවා අදාළ විය යුතු බව අමුතුවෙන් සඳහන් නොකළද මහජනතාවට එම මිල අඩු වීම අත්විඳීමට හැකියාව ලැබී ඇත. 

උද්ධමන අනුපාතයේ අඩු වීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට පොලී අනුපාත පහළ දැමීමටද හැකියාව ලැබී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු ස්ථාවර තැන්පතු පොලී අනුපාතය සියයට  15.5 සිට සියයට 13 දක්වාද, ණය පොලී අනුපාතය සියයට 16.5 සිට සියයට 14 දක්වාද පහළ දැමුවේය. උද්ධමන අනුපාතයේ විශාල අඩුවීමක් නොවන්නට මේ ආකාරයට පොලී අනුපාත අඩු කිරීම සඳහා අවස්ථාවක් සැලසෙන්නේ නැත.

ආර්ථිකය පිළිබඳව ඍණාකල්ප දරන්නෝ හෙවත්  නිශේධවාදියෝ ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය විසඳීමට කෙසේවත් නොහැකි බවත් ඩොලරයට සාපේක්ෂකව රුපියල අවප්‍රමාණය වීම කිසිවකුට වැළකීමට නොහැකි වන බවත්ය. දිගින් දිගට රුපියලේ අගය පහත වැටී පාන් ගෙඩියක් මිලදී ගැනීමට විල්බැරෝවකින් රුපියල් ගෙන යෑමට සිදුවන අවස්ථාවක් උදාවනු ඇතැයි ඔවුහු අනාවැකි පළ කළහ. එහෙත් අද වන විට ඒ සියල්ල වෙනස් වී ඇත.

ඩොලරයේ අගය ඉහළ ගොස් එය රුපියල් 400ට ආසන්න මට්ටමක් දක්වා ඉහළ ගියද අද වන විට එය රුපියල් 300 මට්ටමටත් වඩා පහළ වැටී ඇත. වරායට පැමිණි තෙල් නැව්වලට සහ ගෑස් නැව්වලට ගෙවීමට ඩොලර් නැතිව ඒවා වරායේ සති ගණන් රඳවා තැබීමට සිදුවූ අවධිය ඉතිහාසයට එකතුවී දැන් රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 03 දක්වා ඉහළ ගොස් තිබේ. 

එයාකාරයේ ධනාත්මක වෙනසක් ආර්ථිකය තුළ සිදුව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් හඳුන්වා දෙනලද ආර්ථික ප්‍රතිපත්ති  නිසාය. එම ආර්ථික ප්‍රතිපත්ති සකස් වී ඇති ආකාරය පිළිබඳව ඔහු කරන ප්‍රකාශ ඔස්සේ හඳුනා ගැනීමට රටට අවස්ථාවක් සැලසී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි මස 25 වැනි දා ජපානයේ පැවැති ‘ආසියාවේ අනාගතය පිළිබඳ 28 වැනි සමුළුවට’ සහභාගී වෙමින් ලොව අනාගතය ආසියාවේ ශක්තිය අනුව තීරණය වන බව සඳහන් කළේය. 2023.06.01 වැනි දින ජාතිය අමතමින් ප්‍රකාශ කළේ 2048 වන විට ශ්‍රී ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට පත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග සකස් කර ඇති බවත් එය ප්‍රධාන කුලුනු 04ක් මත ගොඩනැගීමට බලාපොරොත්තු වන බවත්ය.

නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ ජූනි මස 03වැනි දා පැවැති ජාතික නීතීඥ හමුව අමතමින් ඔහු ප්‍රකාශ කළේ මහජනතාවගෙන් බහුතරයට දේශපාලනය පිළිබඳ විශ්වාසයක් නැති බවත් අද මැතිවරණයකට ගියොත් සියලු‍ම පක්ෂවල එකතුවකට වුවද සියයට 50ක ඡන්ද ලබා ගැනීම දුෂ්කර වන බවත්ය. 

මේ සති දෙකක කාලයක් ඇතුළත පැවැත්වූ එම ප්‍රකාශ තුනේ අන්තර්ගතය එකතු කර අධ්‍යයනය කළොත් රනිල් වික්‍රමසිංහ රජය විසින් රට ගෙන යෑමට බලාපොරොත්තු වන දිසාව පිළිබඳව පැහැදිලි වූත් විස්තරාත්මක වූත් උපාය මාර්ගයක් පිළිබඳව පැහැදිලි කර දීමක් කර ඇති බව පෙනී යයි. 

ජපානයේ පැවැති ආසියාවේ අනාගතය පිළිබඳ සමුළුවේ විශේෂ දේශනය පවත්වමින් රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකා - චීන අර්බුදය පිළිබඳ මෑත කාලයේදී කිසිදු රාජ්‍ය නායකයකු නොකළ අයුරින් විවෘතව අදහස් දැක්වූයේය. එක්සත් ජනපද - චීන එදිරිවාදිකම් පිළිබඳව සඳහන් කරමින් රාජ්‍ය දෙකෙන් එකක් තෝරා ගැනීමට ආසියානු රටවලට බල නොකළ යුතු බවත් සමෘද්ධිමත් සහ සාමකාමී ආසියානු කලාපයක් බිහි කිරීම සඳහා සියලු‍ රටවල් එකතුව කටයුතු කළයුතු බවත් පෙන්වා දුන්නේය. මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව පැහැදිලි කිරීමක් කළ ජනාධිපතිවරයා 2023 වසර අවසන් වීමට පෙර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු අවසන් කිරීමට හැකි වනු ඇතැයි ප්‍රකාශ කළේය.

ජූනි මස 01වැනි දින ජාතික මාර්ග සිතියම රටට ඉදිරිපත් කරමින් විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා රටේ ආර්ථික අර්බුදය විසඳා සංවර්ධිත රටක් බිහි කිරීම පිළිබඳව ගමන් මග පැහැදිලි කළේය. ඉදිරි වසර 05 තුළ රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර භාවයට පත් කෙරේ. ඊළග වසර 25 තුළ ඉහළ අදායම් ලබන දියුණු රටක් බවට පත්කරනු ඇත. රාජ්‍ය මූල්‍ය හා ප්‍රතිසංස්තරණ, ආයෝජන ප්‍රවර්ධනය, සමාජ ආරක්ෂණ ජාලය සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය යන කුලුනු සතර මත රටේ ඉදිරි ආර්ථික ක්‍රමෝපාය ගොඩනගන බව ද ප්‍රකාශ කළේය. 

නුවරඑළියේ පැවැති ජාතික නීතීඥ සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු මහජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ සහ දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩවී ඇති බවත් ජනතාවට අවශ්‍යව ඇත්තේ අර්බුදයෙන් රට ගොඩගැනීම බවත්ය. එබැවින් රට තුළ වෙනස්කම් ඇති කිරීම සඳහා ධනාත්මක ආකල්පයකින් සහ සාර්ථකතත්වය සඳහා දැඩි කැපවීමකින් ඉදිරියට යා යුතු බව ද අවධාරණය කළේය. 

මැතිවරණයක් හෝ ඡන්දයක් ඉලක්ක කර නොගත්, රට මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පැහැදිලි ගමන මගක් විවෘත කර ඒ ඔස්සේ අධිෂ්ඨානශීලීව ගමන් කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි දැක්මක් මෙම ප්‍රකාශ තුළ අඩංගුව පවතී.

බංකොළොත් බව ප්‍රකාශයට පත්කර විදේශ ණය ගෙවීම අත්හිටුවීමෙන් පසු මුහුණ දුන් තත්ත්වය බොහෝ කල් යන තුරු කිසිවකුටත් අමතක නොවනු ඇතැයි සිතමි. ජීවත්වීම සඳහා හිමිකරගත යුත්තේ කුමක්ද යන්න පිළිබඳව අවබෝධ කර ගැනීමට නොහැකි යුගයක් පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට සිදු විය.

මුදල් ඇත්නම් සියල්ල ලබාගත හැකිය යන අදහස එම යුගයේදී මිථ්‍යාවක් බවට පත්විය. මුදල් තිබුණද, සුඛෝපභෝගී වාහන පැවතුනද ඒවා ධාවනය කිරීමට නොහැකි විය. විවිධාකාරයේ ක්‍රියාකාරකම්වලින් යුතු ගෑස් උදුන් පැවතියද ඒවා භාවිතා කිරීම කෙසේවෙතත් ගෙදර දොර එදාවේල සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ගෑස් ලබාගැනීමට නොහැකි විය. විදුලි උපකරණ, විදුලි හිගය හේතුවෙන් භාවිතා කිරීමට නොහැකි විය. අද සියල්ල වෙනස් වී ඇත. පෙට්‍රල් කෝටාව අවසානය වෙත ළගාවෙන බවක් පෙනෙන්නට තිබේ.

තවමත් සම්පූර්ණයෙන් විසඳී නැති ඖෂධ හිගය හැරුණු විට අනෙක් බොහෝ ප්‍රශ්න විසඳී ඇත. එහෙත් ආර්ථිකය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි හෝ ස්ථාවර වී ඇතැයි ප්‍රකාශ කළ හැකි තත්ත්වයකට පත්වී නැත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත්කර ඇති ආර්ථික ක්‍රමෝපාය තුළ පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව ක්‍රමයෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන මුලින්ම ස්ථාවරත්වය ගොඩනගා ඉන්පසු දියුණු ආර්ථිකයක් ඇති කිරීම සඳහා වූ වැඩපිළිවෙළය.


කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

ආර්ථීකයේ අර්බුදයෙන් ඔබ්බට...

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site