IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ආර්ථිකය ගොඩගන්න සත් වැදෑරුම් සැලැස්මක්

කොරෝනා වසංගතයත් සමඟ ලෝක ආර්ථිකය මෙන්ම ලංකාවේ ආර්ථිකයත් බරපතළ අර්බුදවලට මුහුණ දෙමින් තිබේ. මෙවන් ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබ පුවත්පත සමග මා කතා කර තිබෙන්නේ 2002 වසරේ පටන්ය. දැවෙන ආර්ථික ප්‍රශ්න නමින් තීරු ලිපියකින්ද අපි නොයෙක් විග්‍රහ කළෙමු. අඛණ්ඩව වසර  18 ක් මෙවන් විග්‍රහ හරහා ආර්ථිකයට නිවැරැදි මඟ පෙන්වීමට උත්සාහ කළෙමු.

අද වන විට ලෝකයට අලුත් ප්‍රශ්නයකට මුහුණදීමට සිදුව තිබේ. එහි ඇති බලපෑම කොතෙක්ද යන්න දැන් අපට දැනෙමින් තිබේ. ලෝකයේ ඇතිවූ තත්ත්වය හේතුවෙන් පැති කීපයක් ඔස්සේ දැවැන්ත ප්‍රහාරයක් එල්ලවූ කාලයක අපි සිටින්නෙමු. එනිසා සෑම අංශයකින්ම සිතා බලා අවශ්‍ය මෙවලම් පාවිච්චි කර පවතින අභියෝගවලට මුහුණදීම අද දවසේ අවශ්‍යතාව වී තිබේ. ලෝකයේ කර්මාන්ත සහ සේවා රාශියක් දැවැන්ත ලෙස කඩා වැටී අවසන්ය. සංචාරක, ඇඟලුම්, ක්‍රීඩා ආදී අංශ උදාහරණ කීපයකි. මේ දැවැන්ත අර්බුදයේ ප්‍රතිඵලයක් වී ඇත්තේ ලංකාවට ලැබෙන ආදායම් අඩුවීමය. දේශීය කර්මාන්ත සහ සේවා අඩපණවීමට ද එය හේතුවකි. මේ තත්ත්වය කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රශ්න ඇති කරන්නකි. මෙමගින් ඇතිවන දැවැන්ත කම්පනයට මුහුණදීමට කෙටිකාලීනව අපට සිදුවනු ඇත.

විදේශ විනිමය අත්හිටුවීම, ආදායම් අඩුවීම, පොලී ගෙවීමට ඇති අවකාශය වැඩිවීම ආදිය ඒ අතර ප්‍රමුඛය.

ඒ සමඟම ඉදිරියට යනවිට යම් කාලයකදී වෙනස්වන ලෝකයට හැඩගැසීමේ අභියෝගයද අප හමුවේ තිබේ. මේ අභියෝග දෙකටම එකවර සාර්ථකව මුහුණ දුනහොත් ජයගැනීමට හැකිය.

ඇතිවී තිබෙන කම්පනයට සාම්ප්‍රදායික ක්‍රමවේද ඔස්සේ මුහුණදීමට නොහැක. ඒ නිසා අලුත් විධියට සිතීමට පුරුදු විය යුතුය. ලබාගෙන ඇති ණය මේ අවස්ථාවේ ගෙවීමට ගියහොත් නැවත ආර්ථිකය ගොඩනැංවීමට රටේ තිබෙන මුදල් ප්‍රමාණවත් වන්නේ නැත. එය මේ මොහොතේ ඇති බරපතළ ප්‍රශ්නයකි. එනිසා ගෙවීමට ඇති ණයවලින් වසර දෙකකට පමණ නිදහස්වීමට හැකිනම් දැවැන්ත වාසියක් ලබාගත හැකිය. මෙය අපට පමණක් නොව නැගී එන රටවල් රාශියකට මතුවන ප්‍රශ්නයකි.

එවන් රටවල් එක්වී ණය විරාමයක් ලබාදෙන ලෙස මූල්‍ය අරමුදලට, ලෝක බැංකුවට ඉල්ලීම් කළ යුතුය. එවන් ණය විරාමයක් ලබාගත හැකි නම් අපේ සම්පත් රටෙන් පිටට ගලායාම විශාල වශයෙන් අඩුකර ගැනීමට හැකිවනු ඇත. ඇ.ඩො. බිලියන 2500 ක් පමණ මේ හරහා ඉතිරිකර ලංකාවට ඉතිරි කර ගත හැකිය. එම මුදල් මේ රටේ ව්‍යාපාර නැංවීමට, ජන කොටස්වලට සහනදීමට, ඉල්ලුම වැඩිකර ගැනීමට යෙදවීමට පුළුවන. එවිට ආර්ථිකය යළි ගොඩනැඟීම පහසුය. ඒ වගේම ණය ගෙවීමේ හැකියාව ඉහළ තලයකට ගෙනඒමට එය හේතුවනු ඇත.

ඇතිවී තිබෙන්නේ ගෝලීය ප්‍රශ්නයකි. එනිසා ඇ.ඩො. මිලියන පනහකින්, සියයකින් එය විසඳිය නොහැක. ලංකාවේ අද ඇත්තේ ඇ.ඩො.මි 84,000 ක ආර්ථිකයකි. එවන් ආර්ථිකයකට මිලියන පහකින් හෝ සියයකින් කළ හැක්කේ ඉතා අඩු බලපෑමකි. දැනෙන බලපෑමක් කිරීමට ඇ.ඩො.මි. 2500 ක පමණ උත්තේජනයක්, වාසියක් රටට ලබාගත යුතුය. මේ සම්බන්ධව ජාත්‍යන්තරය සමග සාකච්ඡා කිරීමට මට හැකිවුණි. නැගී එන රටවල්වලට මේ අවස්ථාවේ උදව් කරන ලෙස ඇමෙරිකාවේ සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් ට්‍රම්ප් ජනපතිගෙන් පසුගියදා ඉල්ලීම් කළේ ද තත්ත්වය වටහාගෙනය.

මෙවන් වැඩපිළිවෙළක වාසිය ලැබෙන්නේ ඉල්ලීම් කරන රටවලට පමණක් නොවේ. දැන් පවතින තත්ත්වයෙන් මිදී ලෝක ආර්ථිකය සන්සුන් වීමට එය බලපානු ඇත. ඒවගේම දැනට පවතින කම්පනවලින් මිදීමට හැකිය. ලෝකය දැඩි කම්පනයක සිරවී ඇති අවස්ථාවක එවන් පියවර අත්‍යවශ්‍යය. ණය ගෙවීමට හැකිවේද නොහැකිවේද යන සාකච්ඡාව ලොව පුරා ඇතිව තිබේ. ණය ගෙවීම් යම් ආකාරයකට පැහැර හරින තත්ත්වයක් ඇතිවුවොත් එහි බලපෑම ලොව බලවත් රටවලටද දැනෙනු ඇත. ජී-අට රටවලට, ලෝක බැංකුවට, මූල්‍ය අරමුදලට එහි බලපෑමෙන් ගැලවීමට නොහැක.

 එවන් තැනකට තල්ලුවීමට පෙර මේ ආයතන සහ බලවත් රටවල් අවශ්‍ය පියවර ගත යුතුය. මුළු ලෝකයටම මෙයින් කෙරෙන බලපෑමෙන් ලංකාවටද විශාල ශක්තියක් ලබාගත හැකිය. මේ මොහොතේ කළයුතු මූලිකම කාරණය එයයි. එනිසා එයට කඩිනමින් යොමුවිය යුතුය.

ඒ වගේම තවත් පියවරක් තිබේ. කොරෝනාවට පෙර ගෙවුණු වසර හතර හමාරක කාලයේදී මෙරට ව්‍යාපාර රැසක් දුර්වල වී තිබුණි. එම කාලයේ මෙරට ආර්ථිකය ක්‍රමයෙන් සංකෝචනය වූවේය. දුර්වල වූ ව්‍යාපාර පාස්කු ප්‍රහාරය හමුවේ කඩාවැටුණි. කොරෝනා හමුවේ එම ආයතන අන්ත අසරණ වී තිබේ. කොරෝනා ප්‍රශ්නයට පෙර ආණ්ඩුව බදු සහන ලබාදුන්නේය. ඒ සමඟ ණය ගෙවීමේ පහසුකම් සැලසීමට ද කටයුතු යොදමින් සිටියේය. එම කටයුතු ඊටත් වඩා වැඩි අගයකින් කිරීමට දැන් සිදුව තිබේ. දැන් ඇතිවී තිබෙන්නේ මේ ආයතනවලට දරාගත නොහැකි ප්‍රශ්නයකි. එනිසා මේ ආයතන බැංකුවලට ගෙවිය යුතු මුදල්වලට යම් කාලයකට විරාමයක් ලබාගත යුතුය. එම විරාමය ප්‍රාග්ධන විරාමයක් මිස පොලී විරාමයක් නොවිය යුතුය. පොලී ගෙවීම යම් කාලයකට අත්හිටවුවොත් බැංකු සහ මූල්‍ය ආයතන කඩාවැටෙන්නට පුළුවන. මේ ආයතන පවතින්නේ ද්‍රවශීලතාව සහ එම ආයතනවල ලාභාංශ මතය. ඒවා දුර්වල කළොත් එම ආයතන දුර්වල විය හැකිය. එය මුළු ආර්ථිකයටම දැඩි බලපෑමක් ඇතිකරන්නකි. මෙතැනදී කළ යුත්තේ තුලනයකි. වසරක පමණ කාලයක් පොලිය පමණක් ගෙවා මූල්‍ය ආයතනද රැකගෙන ව්‍යාපාරවලට යම් සහනයක් දිය යුතුය.

මේ ආයතන දැනටම ණය සීමාවලට ගොදුරු වී තිබේ. තව තවත් මේ ආයතනවලට ණය ලබාදීමකින් වෙන්නේ තවදුරටත් එම ආයතන දුර්වලවීමය. එසේ නොවීමට කළ යුත්තේ මේ ව්‍යාපාර ආයතනවලට අලුත් ප්‍රාග්ධනය එක්කිරීමය. ඒවායෙහි අයිතිය රැකගනිමින් ප්‍රාග්ධන යෙදවීම්වලට මඟ පෑදිය යුතුය.

මෙවන් කටයුතුවලට අරමුදල් ලෝකයේ තිබේ. ඒවා සමඟ සාකච්ඡා කර ලංකාවට පිවිසීමට ඒවාට ඉඩදිය හැකිය. එවන් ක්‍රියාවලියක් ඔස්සේ මෙරට ව්‍යාපාර දහසකට, දෙදහසකට අලුත් ප්‍රාග්ධනය ලබාදීමට කටයුතු කළොත් නව ජීවයක් ලැබිය හැකිය. රුපියල් බිලියන 150 ක 200 ක ප්‍රාග්ධන අරමුදලක් ඇති කිරීම මෙයට ඇති විසඳුම බව මගේ යෝජනාවය. ඒ වගේම මේ අරමුදල පාලනය විය යුත්තේ ඊට සුදුසු පුද්ගලයන්ගෙනි.

මේ යෝජනා දෙකට අමතරව තෙවැන්නක්ද තිබේ. රටපුරා විශාල පිරිසක් මේ වනවිට අසරණ තත්ත්වයට පත්ව සිටිති. මේ අයට ණය ගෙවාගැනීමට නොහැකි වී තිබේ. ණය කාඩ්පත්වල උපරිමයට ගොසිනි. ඇතැම් අයගේ රැකියා, ජීවනෝපාය අහිමිවෙලාය. මේ අයට සහනයක් දීම අත්‍යවශ්‍යය. සේවක අර්ථසාධක අරමුදලේ ඇති ඔවුන්ගේ මුදලින් සියයට විස්සක් ඔවුන්ටම නිදහස් කළයුතු බව මගේ යෝජනාවය. එවිට එම මුදල් ඔවුන්ගේ අත්‍යවශ්‍ය කටයුතුවලට යොදා ගැනීමට පුළුවන. ඉහළ පොලියට ගෙන ඇති ණය ගෙවා යම් සහනයක් ලබාගත හැකිය. සේවක අර්ථසාධක අරමුදලේ දැනට ඇති මුදල රුපියල් බිලියන 2500 ක් පමණය. එයින් බිලියන 500 ක් පමණ මුදාහැරියහොත් එය ලබන සාමාජිකයන්ට ආර්ථික කටයුතුවලට නිරත විය හැකිය. අනවශ්‍ය අයට එය ලබානොගෙන සිටිය හැකිය. එහෙත් අවශ්‍ය අයට මුදල් ලබාගෙන තමන් මුහුණ දෙන උග්‍ර ආර්ථික ප්‍රශ්න විසඳා ගන්නට පුළුවන.

මේ කතාව ඇතැම් අයගේ විවේචනයට බඳුන්වුණි. එසේ කරන අය විකල්ප ඉදිරිපත් කළ යුතුය. අර්බුදයට ලක්ව ඇති ආර්ථිකය ජනජීවිතය යළි ගොඩනඟන ආකාරය පැහැදිලි කළ යුතුය. එසේ නැතිව හුදු විවේචනය පමණක් ඵලක් නැත. ආර්ථික ප්‍රශ්නවලින් පීඩිත ජනතාව අතට යම් මුදලක් ලැබෙන ක්‍රමයක් මේ අය යෝජනා කළ යුතුය. එකක් කිව යුතුය. එනම් මා මේ යෝජනාව කළ පසු ඕස්ට්‍රේලියාව, ඉන්දියාව ඒහා සමාන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවය. දැනටමත් එය ක්‍රියාත්මකය. ඒ මෙවන් ක්‍රියාවලියකින් ආර්ථිකයට සහ ජනතාවට කළ හැකි බලපෑම කොතෙක්දැයි ඔවුන් දන්නා නිසාය.

නැවත අලුත් මාවතකට පිවිසිය යුතු බව හතරවැනි කරුණ වශයෙන් අප තේරුම් ගත යුතුය. සංචාරක, ඇඟලුම් ආදී ක්ෂේත්‍ර මේ කාලයේ අඩපණ වී තිබේ. කෙටි කාලයකදී මේ ක්ෂේත්‍ර ගොඩනඟන්නේ කෙසේද? සංචාරකයන් යළි ගෙන්වා ගන්නේ කෙසේද? ඇඟලුම් කම්හල් සිය ගණනකි. මේවාට නැවත වැඩ සොයාගන්නේ කෙසේද? ඇතැම් ආයතන මුඛ ආවරණ ආදිය නිපදවීමට යොමුවී තිබේ.

ලෝකයට අත්‍යවශ්‍ය දේ නිපදවීමට යොමුවීම හොඳ ප්‍රවණතාවකි. උනන්දු විය යුත්තේ එවන් අවස්ථා හැකි තරම් සොයා ගැනීමටය. අනෙක් රටවල්ද එවන් උනන්දුවකින් කටයුතු කරන බව මේ මොහොතේ වටහාගත යුතු ප්‍රමුඛතම කරුණකි. එනිසා අනෙක් රටවල් විසඳුම් සොයන පසුබිමක හැකි ඉක්මනින් විසඳුම් සොයා ගැනීමට අප යොමුවිය යුතුය. ‘නොට්ටු බී බිග් බට් ටු බී ෆාස්ට්’ යන්න අද ලෝකයේ ඇති මූලික කරුණකි. ඉක්මන් විය යුතු බව මෙයින් ප්‍රකට වන්නකි. මේ පදනම මත පිහිටා අලුත් නිපැයුම්, අලුත් වෙළෙඳපොළ වෙත ඉක්මනින් යොමුවිය යුතුය.

සංචාරයට බොහෝ දෙනෙකු අකැමැති නිසා ගුවන් සේවා නැව් සේවා අඩාල විය හැකිය. සංචාරක කර්මාන්තයට මෙය බරපතළ කරුණකි. සංචාරයට ඇති බිය දුරුකිරීම මෙයට පිළියමකි. මේ හරහා අපට කළ හැක්කේ කුමක්ද? කොරෝනා වසංගතයට උග්‍ර ලෙස ගොදුරු වූයේ යුරෝපය, ඇමෙරිකාව, චීනය ආදී බලවත් රටවල වයස්ගත පිරිස්ය. එහෙත් ලංකාවේ එවැන්නක් පෙන්නුම් කළේ නැත. මෙරට පවතින උෂ්ණත්වය සහ වාතයේ තිබෙන ජල වාෂ්පවල ප්‍රතිශතය එයට හේතුවූවා විය හැකිය. එයින් අපට ප්‍රයෝජනගත නොහැකිද? සාමාන්‍ය සංචාරකයකු මෙරට රැඳෙන්නේ දින දහයකි. දිනකට සාමාන්‍යයෙන් වියදම් කරන්නේ ඇ.ඩො. 180 ක් පමණය. බලවත් රටවල සිටින වත්කම් ඇති, පොහොසත් වයස්ගත පිරිස් මෙරටට ආකර්ෂණය කරගත හැකි නම් එළැඹෙන ශීත කාලයම ඔවුන්ට මේ රටේ සිටීමට පුළුවන. ලංකාව කොරෝනාවෙන් තොර රටක් බවට විශ්වාසය ගොඩනැගිය හැකි නම් සහ වයස්ගත අයට මේ රට සුරක්ෂිත බව තහවුරු කළ හැකි නම් සංචාරක කර්මාන්තයට විශාල ශක්තියක් ලබාගත හැකිය. සංචාරකයකු දින 90 ක් මේ රටේ තබාගැනීමට හැකි ක්‍රම ගැන අලුතෙන් සිතිය යුතුය. බලවත් රටවල්වල බලධාරීන් සමඟ සාකච්ඡා කර වැඩිහිටියන් මේ රටට ආකර්ෂණය කර ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළොත් මෙරට සංචාරක කර්මාන්තය සහ ඒ ආශ්‍රිත අනෙක් සියලු අංශ පිබිදීමකට ලක්කළ හැකිය.

මෙවන් කටයුතු කරන බව ලෝකයට පෙන්වීමට කටයුතු කළයුතුය. එය පස්වැනි කාරණාවය. මේ මොහොතේ ආයෝජකයන්ගේ ඇස ලෝකයේ සෑම රටකටම යොමු වී තිබේ. ඉක්මනින්ම කොරෝනා පරාජය කරන්නේ කවුදැයි ජාත්‍යන්තරයේ ප්‍රචාරය වෙමින් තිබේ. ලංකාවද එහි ප්‍රමුඛස්ථානයක සිටීම අපට ආඩම්බරයකි. ඒ වගේම ජාත්‍යන්තරව අපට හොඳ අවස්ථා උදාවීමකි.

ආර්ථිකමය වශයෙන් පිබිදීමක් ඇතිකරන රටවල් සම්බන්ධයෙන්ද ආයෝජකයෝ නෙත් යොමති. එවන් පරිසරයකදී වචනයට සීමා නොවී ප්‍රායෝගිකව අපගේ වැඩසටහන් ක්‍රියාත්මක කළොත් ජාත්‍යන්තරව යම් මතයක් ඇතිකළ හැකිය. ලංකාවේ ආර්ථිකය පිබිදීමකට ලක්ව ඇති බව ජාත්‍යන්තරයට ප්‍රකට කළ හැකිය. අප රට කෙරෙහි විශ්වාසය ගොඩනැඟීමට එය බෙහෙවින් උපකාරීවනු ඇත. මේ වනවිට රට තිබෙන්නේ යම් පීඩනයකය. යම් යම් ආනයන සීමා කර තිබේ. තවත් දැඩි පියවරවලට දැනටමත් යොමුවී තිබේ. මෙවන් දැඩි පියවර දිගටම පවත්වාගෙන ගියහොත් ආර්ථිකයට හානියක් වන්නට පුළුවන. එනිසා ඒවායෙන් මිදීමට ඉක්මනින්ම කටයුතු කළ යුතුය. මෙරට ආයෝජනය කළොත් ඒ අයට කිසිදු ප්‍රශ්නයකින් තොරව එම කටයුතු කරගෙන යාමට හැකි වාතාවරණය සකසා ඇති බව ලෝකයට පෙන්නුම් කළ යුතුය. නැවත වරක් ගෝලීය වශයෙන් ලෝකයට සම්බන්ධ වී අපේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගොඩනැඟිය හැක්කේ එවැනි ක්‍රියාවලියකිනි. එනිසා එම කාරණය කෙරෙහිද අවධානය යොමුකළ යුතුය. මෙය තරමක් අසීරු කටයුත්තක් වුවද ආර්ථිකය ගොඩනැඟීමට එය අත්‍යවශ්‍යය.

වත්මන් ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩඒමට අනුගමනය කළ යුතු හයවැනි කාරණයක්ද තිබේ. මේ වනවිට මෙරට පාර්ලිමේන්තුව විසුරුවා තිබේ. දැන් ගෙවන්නේ නොනගත කාලයකි. පවතින ආණ්ඩුවට ඇත්තේ තාවකාලික පැවැත්මක් බව සැවොම දන්නා කරුණකි. එනිසා මැතිවරණය පවත්වා තිරසාර සහ ස්ථිර ආණ්ඩුවක් බිහිකර ගැනීම මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී අත්‍යවශ්‍යය. විදේශ හෝ දේශීය ව්‍යාපාරිකයන්ට, ආයෝජකයන්ට කතා කිරීමේදී පසුපසින් ශක්තිමත් බලවේගයක් තිබිය යුතුය. දැන් එම තත්ත්වය නැත. එම බලය ශක්තිය ලැබෙන්නේ තිරසාර ආණ්ඩුවක් හරහාය. දේශපාලනික ස්ථාවරත්වයක් මගිනි. එම තත්ත්වය ඇතිකර ගැනීමට නම් ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතුය.

පෝලිම්වල ගොස්, මත්පැන්, අනෙක් භාණ්ඩ මිලදීගත හැකි නම් ජලය, විදුලිය අඛණ්ඩව දිය හැකි නම් රුපියල් 5000 දීමනාව විනීතව ලබාගත හැකි නම් ඡන්දය ගණන් කිරීමට පමණක් නොහැකි වන්නේ ඇයි දැයි ප්‍රශ්නයකි. ඇතැම් අයට අවශ්‍ය වී ඇත්තේ රටේ ස්ථාවරත්වයට බාධා කිරීමට මැතිවරණය කල් දැමීමටය. මේ කතා කරන්නේ ආර්ථිකමය කෝණයෙන් මිස දේශපාලන කෝණයෙන් නොවේ. මේ මොහොතේ කුමන හෝ ආර්ථික කටයුත්තකට යොමුවීමට නම් ශක්තිමත් ආණ්ඩුවක් පසුබිමේ තිබිය යුතුය. එය සැවොම අවබෝධ කරගත යුත්තකි.

කතා කර කර, තැවි තැවී සිටිමින් මේවා කළ නොහැක. අපට ඇත්තේ දැවෙන ප්‍රශ්නයකි. දැවෙන ප්‍රශ්නවලට ඉතා ඉක්මනින් විසඳුම් සෙවිය යුතුය. අනතුරක් වූ අයකු හදිසි අනතුරු අංශයට ගෙනාවිට ඔහුට ප්‍රතිකාර නොකර දින ගණන් සිටින්නේ නැත. වෛද්‍යවරු හතර පස්දෙනෙක්වත් එක්ව රෝගියා පරීක්ෂා කරති. එක් වෛද්‍යවරයකු පමණක් පරීක්ෂා කිරීමෙන් ලෙඩා සුවවන්නේ නැත. ඒ සඳහා කණ්ඩායමක් සිටිය යුතුය. ඒ කණ්ඩායම එක් එක් අංශ පරීක්ෂා කරමින් ප්‍රතිකාර කළ යුතුය. පරීක්ෂා කරති. අසාධ්‍ය ලෙඩකු සුව කිරීමට වෛද්‍යවරුන් කිහිපදෙනකු අවශ්‍යය. අසාධ්‍ය රෝගීන් හතරපස් දෙනකු සිටින විට එක් වෛද්‍යවරයකුට සියල්ල කළ නොහැක. එනිසා ආර්ථිකය ගොඩනැගීමටත් විශේෂඥ කණ්ඩායමක් යෙදවිය යුතුය. වැඩේ හරියට කළ හැක්කේ එවිටය. එක් වෛද්‍යවරයකුට පමණක් ආර්ථික ලෙඩා සුවකළ නොහැක. අවසන් වශයෙන් එම කරුණ අවධානයට ගතයුතුය.

(***සාකච්ඡා කළේ චමින්ද මුණසිංහ)



අදහස් (26)

ආර්ථිකය ගොඩගන්න සත් වැදෑරුම් සැලැස්මක්

sena Thursday, 21 May 2020 06:32 AM

තාම හාමුපුතුන්ට කඩේ යාම හැර වෙනත් ගත යුත්තක් මෙතන නැහැ. චීන ණය ගැන මුකුත් කියන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩා පිටි සහ අධිවේගී මාර්ග ගැන මොකුත්ම කතා නැහැ.

:       19       870

edison silva Thursday, 21 May 2020 07:59 AM

පට්ට හොරෙක්.

:       3       1365

jonanaThursday, 21 May 2020 12:26 PM

සත් වැදෑරුම් නෙවෙයි, මෙයාගෙන් බැඳුම්කර සල්ලි ටික කෝ කියලා අහන්න...

:       28       474

KoralageFriday, 22 May 2020 02:50 AM

සත් වැදෑරුම් නෙවෙයි... ගිය රෙජීමයේ මෙයාගේ කෙරුවාව කිව්වොත් ග්‍රීක බැඳුම්කර... හෙජින් ගනුදෙනුව... එකී නොකී තව කොච්චර ප්‍රකෝටි ගණන් හොරකම් තියෙනවද? නැවත වරක් මේ වගේ දුසිරිතෙන් ආර්ථික මර්මස්ථාන පාලනයට පත්කිරීමෙන් අපේ රට තව තව අගාධයකට යන බව මොනවට පැහැදිලි වෙනවද...? අපේ රටට දෙයියන්ගේම පිහිටයි...

:       1       312

yaha Thursday, 21 May 2020 08:21 AM

හත් වැදෑරුම් කෙසේවෙතත්, රට ගිලලා වමාරන බව නම් දන්නවා. ඔයගොල්ලෝ උපන් රටට කරන අපරාධය දැක්කාම නුඹලාට හෙණ ඉල්ලනවා ඇරෙන්න කිසි දෙයක් නැහැ.

:       3       825

rohana kumara mendis Thursday, 21 May 2020 08:41 AM

අර පිරමිඩ වගේ මිනිසුන්ගෙන් ගසාකාපු වගේ එකක් හොඳයි..

:       3       382

rocky Thursday, 21 May 2020 10:44 AM

ඔබ මගේ රටේ ආර්ථිකය විනාශ කිරීමට කරපු අපරාධ අපට මතකයි. ඒ හැරත් ඔබ යූ.එන්.පී. එකෙන් කොළඹ නගර සභාවට ඉල්ලලා පස්සේ අනිත් පැත්තට පැනපු වවුලෙක් බවත් අපට මතකයි... ඊලඟට ජේ.ආර්. ගේ කාලේදී කොටින්ට ආයුධ සැපයීම පිළිබඳ ජාවාරම් ගැන ඔබේ මස්සිනා කෙනෙකුට චෝදනා තිබුණු බවත් අපට මතකයි. කොටි සම්බන්ධයක් ඔබට නැහැ කියලා කියන්න පුළුවන්දැයි ඔබේම පපුවට තට්ටුකර බලන්න...!

:       2       520

viividaThursday, 21 May 2020 10:20 PM

මේ මනුස්සයා රාජපක්ෂලා නියමෙට අන්දවනවා... මෙයා කලාවට සම්බන්ධ නළුවෙක් නොවුණාට ආර්ථිකයට සම්බන්ධව හොඳින් රඟපෑම් කරන්න පුළුවන් ජනප්‍රිය නළුවෙක්... අර ග්‍රීක් බොන්ඩ් අරගෙන ලංකාවට කෝටි ගණනක් පාඩු කරලා තවත් ප්‍රකාශ නිකුත් කරනවා මම සුදනා කියලා. රටේ බහුතරයක් ආර්ථිකය නොදන්නා නිසාත් රටේ පාලකයන් ආර්ථිකය පිළිබඳව කිසියම් වූ අවබෝධයක් නොමැති නිසා මේවගේ කට්ටියට පහසුවෙන්ම පුළුවන් රටම අන්දවන්න. මේ රජයේ ආර්ථිකය සම්බන්ධව තීන්දු තීරණ ගන්නේ මෙතරම් දක්ෂයන් නම් සේවකයින්ගේ වැටුප ඉල්ලන්නේ කුමක් නිසාද? මාසයක් සේවය කරලා රජ්‍ය සේවකයාට ලැබෙන්නේ එක සුළු වැටුපකි. නමුත් රජ්‍ය සේවකයාගේ වැටුප් ඉල්ලන ඉහළ නිලදරුවන්ට වැටුප් කීයක් ලැබෙනවද? එම වැටුප් සුළු වැටුප්ද? කොමිසන් වගේ දේවලුත් ලැබෙනවා නේද?

:       164       297

කපුරු හාමි Thursday, 21 May 2020 12:19 PM

තමුන් ආර්ථිකය ගොඩ දාගන්න පවුල් පාලනේ උදවියට කරපු දේවල් අපි නොදන්නවා නෙවෙයි... පච කෙළින්නේ නැතුව තමුන්ගේ වැඩක් බලාගත්තොත් හොඳ නැද්ද?

:       1       572

Asanga Thursday, 21 May 2020 01:29 PM

හොර නාමය ගාගත්තට පස්සේ මොන සැලැස්මද මහත්තයෝ? කලින් හොරුන්ට කඩේ ගියා... දැන්වත් ඕක නවත්වන්න.

:       0       652

Ravi Thursday, 21 May 2020 04:12 PM

මහබැංකු ක‍ොල්ලකාපු මුදල් සත‍ොස කොල්ල කාපු මුදල් සහ රටේ මුදල් අයථා පරිහරණය කල අයට නඩුදමා සියලු දේපල රාජ සන්තක කරන්න. රට ඉබේ දියුණු වෙනවා. ඊට අමතරව රජයට පුලුවන්...

:       0       79

Damayanthi Peiris Thursday, 21 May 2020 09:45 PM

කරුණාකර TFC ප්‍රශ්නයට වහාම ඉක්මණින්ම හොඳ විසඳුමක් ලබාදෙන්න...

:       0       66

rana Friday, 22 May 2020 02:34 AM

හත් වැදෑරුම් මක්ක වෙතත් හත්මුතු පරම්පරාවටම කොළනේ? නොදකින් මෙහෙමත් ඈයෝ...

:       0       327

sapumal Friday, 22 May 2020 03:24 AM

හොරු ගොඩනැගු රටවල් නොමැත. මේ අයට දඬුවම් කරන්න කෙනෙක් නැද්ද ඇත්තටම..?

:       0       531

නන්නාදුනන හාදයාFriday, 22 May 2020 12:28 PM

තියෙනවා... නන්නාඳුනන තුවක්කුකරු...!!!

:       1       508

නන්නාදුනන හාදයා Friday, 22 May 2020 12:27 PM

මේ මොලේ අමාරුකාරයා අපේ සල්ලි ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කරලා රටට කෝටි ගණනක් නැතිකළා.

:       1       186

athula Saturday, 23 May 2020 05:49 PM

හා... කොහොමද වී.අයි.පී ලොක්කා...? අනේ මේ තමුන්ගේ කෙරුවාව කලිනුත් පෙන්නුවනේ... අපේ මහා ධනස්කන්ධයක් විනාශ කළා... රට ගැන අබමල් රේණුවක ආදරයක් නැති, තක්කඩි අපි වී.අයි.පී. අපිට පහසුකම් මදි... එ්කෙන්ම පේනවා නියම ස්වරූපය...

:       0       53

lalithm Saturday, 23 May 2020 08:00 PM

අර පෙරේද කතා වුන ඩොලර් මිලියන 40 ණයෙන් හදන්න හදන හෝමාගම වයිමාගේ ක්‍රිකට් පිට්ටනියත් ආර්ථිකේ නංවන වැඩ පිළිවෙලේ කොටසක්ද? එතකොට අර විරිත්තන කෙනා කියපු විදියට ඒකට දෙන ඔක්කොම සල්ලි ප්‍රධානයක්. දැන් ණය වලට අලුත්ම නම ප්‍රධානයද ? ඒ අයගේ සාක්කුවලට...

:       0       60

mahinda Sunday, 24 May 2020 02:12 AM

මේ අය ඉස්සරහට ගන්නේ ඕවට තමා. අලුත් පරම්පරාවට ධනය උපයන්න න්‍යාය පත්තරේ දීලා ඇති.

:       0       51

duminda Sunday, 24 May 2020 04:42 AM

2009-2015 බැඳුම්කර වෝහාරික වාර්තාව බලපුවම මේ අයත් අනිත් අයත් එකම බෝට්ටුවේ.. නිකන් බයිලා ගහන්න එපා...

:       0       64

sanjeevaSunday, 24 May 2020 04:25 PM

දෙගොල්ලන්ටම නන්නාඳුනන තුවක්කුකරු බෙහෙත් දියයුතු කාලය ඇවිත්...

:       0       0

Chathuri Monday, 25 May 2020 12:59 AM

ආර්ථිකය ගොඩගන්න දැන්ද මතක් වුනේ? කොරෝනා එන්න කලින් දන්නා දවසේ ඉඳලා මේ සුරංගනා කතා කියන අයයි, 225 නඩෙයි කෙරුවේ ලෝකවටේ ගිහින් හිගකානවා. අසරණ ජනතාව බිලිදෙමින් ඒ ලැබෙන මුදල් සේරම අය වටවෙලා හොරා කනවා. රට විතරක් නෙමේ ,තවත් රටක් මිලට ගන්න තරම් ණය ගත්තු මෝඩ හිවල්ලු ටිකක්. මුළු ලෝකෙම මාරාන්තික වසංගතයෙන් පෙලෙන කොට මෝඩයෝ රට ගොඩගන්න පෙරුම් පුරනවා. දැන් රට සවාරි යන්න බයයි මේ අයට කොරෝනා හැදෙයි කියන බයට.

:       0       0

Don Monday, 25 May 2020 01:16 PM

මෙයාගේ කෙනෙක් පපෙචුවල් සමාගමේ තනතුරු අරගෙන බැංකු විකුණාගත්තා... හත් වැදෑරුම් තියා එකක් වත් දැන් බැහැ.

:       0       0

Rohana Tuesday, 26 May 2020 02:33 AM

මීලග පාර්ලිමේන්තු මැතිවරණයෙන් පිං මන්ත්‍රීකම ලැබුණාට පස්සේ සත් වැදෑරුම් වැඩපිලිවෙලට මොකක් වේදැයි කියන්න පුලුවන්ද?

:       0       0

silva Tuesday, 26 May 2020 09:14 AM

මේ බයියන් දන්නේ නැහැ පෙට්‍රල් හා ඩීසල් අඩු වුණා කියන්නේ සමස්ත බඩුමිලම අඩුවන බව, එය අපේ සමස්ත ආර්ථිකයටම බලපාන බව....

:       0       1

බන්දු සමරසිංහ Wednesday, 27 May 2020 03:54 AM

ගෙදරින් දොට්ට වීසිකරන ගෙම්බගේ පැත්තටම හැරෙනවා වගේ මේක හැමතිස්සෙම හැරෙන්නේ සේවක අර්ථසාධක අරමුදලටම තමයි. බැසිල් සමෘර්ධි අරමුදලට බැල්මදාලා මෙය EPF හා ETF එකේ එකතුවෙලා තියෙන සල්ලි වලට කෙලින විදිහ හිතන්නේ. කලින් රාජපක්ෂ බහිරව ගැන්සිය එක්ක කොටස් වෙළඳපොල හරහා විද්දා. දැන් කොරෝනා -19 විපත්... මේ අයටම සැපතක් කරගන්නයි හදන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 279 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1209 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 589 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1797 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1337 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2157 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site