IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඇමැති මාරුවෙන් පමණක් ගැටලු විසඳිය හැකිද?

අමාත්‍යංශ ගණනාවක විෂයයන් පසුගියදා වෙනස් කරනු ලැබීය. ඒ අතර සෞඛ්‍ය අමාත්‍යංශ භාරව කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පරිසර අමාත්‍යංශය භාරවිය. වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ධුරය හෙබවූ වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කෙහෙළියගෙන් හිස් වූ සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්කරනු ලැබ සිටී. අමාත්‍යංශවල විෂයයන් කිහිපයක්ද ඒකාබද්ධ කිරීමද ඒ සමඟ සිදුවිය. ඉදිරියේදී ද මෙවැනිම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවිය හැකි බවටත් අලු‍තින් ඇමැතිවරුන් පත් කෙරෙනු ඇති බවත් සඳහන් වෙයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමාත්‍ය ධුර සඳහා යෝජනා කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මේ වනතුරු ඇමැතිකම් නොලැබීමත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා තනි තීරණ ගැනීමත් හේතුවෙන් ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අර්බුදය උග්‍ර වී ඇතැයිද අපගේ ලංකාදීපය පසුගියදා වාර්තා කර තිබිණි. අමාත්‍ය ධුර සංශෝධනය සහ විෂයයන් ඒකාබද්ධ කිරීම ආණ්ඩුව අභ්‍යන්තරයේ උග්‍ර බෙදීම් ඇති කිරීමට හේතු වී ඇතැයිද මේ අනුව පෙනී යයි. එය දේශපාලන කාරණයකි. එහෙත් අපගේ අවධානයට වඩාත් යොමු වී ඇත්තේ මේ දේශපාලන කාරණා නොව අමාත්‍යංශ මාරු කිරීම සහ අලු‍තින් ඇමැතිවරුන් පත් කිරීමෙන් පමණක් මෙරට මුහුණදී සිටින උග්‍ර සංකීර්ණ ගැටලු‍ විසඳිය හැකිවේද යන්න සම්බන්ධයෙනි. අමාත්‍යවරුන් මාරු කිරීම සහ අලු‍තින් අමාත්‍යවරුන් පත් කිරීම රටේ ආර්ථික වර්ධනයට සහ ජනතාව මුහුණදෙන ගැටලු‍ විසඳීමට උපකාරී වූවා නම් අපේ රට මේ වනවිට ආර්ථික වශයෙන් බංකොළොත් වීමට ඉඩක් නැත. පසුගිය කාලය තුළදී විවිධ ආණ්ඩු මගින් අමාත්‍ය මණ්ඩල සංශෝධන සහ විෂයයන් මාරු කිරීම් ඒ තරමට සිදුකර ඇත. එහෙත් එයින් රටට අත්වූ සෙතක් නැත.

මෙහිදී අප මතුකර පෙන්වන්නේ මේ රටේ විවිධ අමාත්‍යවරුන්ටත් එම අමාත්‍යංශවල ඇතැම් ඉහළ නිලධාරීන්ටත් බරපතළ දූෂණ චෝදනා එල්ල වී තිබෙන බවය. ශ්‍රී ලංකාවේ නිර්මාණය කළයුතු ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අයි.එම්.එෆ්. මගින් ලබාදුන් වාර්තාවේ සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකාව දූෂණය ඉහවහා ගිය රටක් වශයෙන් බවද මෙහිදී සිහිපත් කළ යුතුය. රටේ ආර්ථිකය වර්ධනය කර ගැනීම සඳහා දූෂණය සහ වංචාව වැළැක්වීමට විධිමත් සහ ශක්තිමත් යාන්ත්‍රණයක් තිබීමේ අවශ්‍යතාවද එයින් දැඩිව අවධාරණය කර තිබේ. එහෙත් ඒ සඳහා අමාත්‍යවරුන් සංඛ්‍යාව ඉහළ දැමීම හෝ විෂයයන් මාරු කිරීම හෝ සිදුකළ යුතු බවත් එම වාර්තාවේ සඳහන්ව නැත.

අප මේ කරුණු සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් මෑත කාලීනව වාර්තා වූ බරපතළ දූෂණ චෝදනා සැලකිල්ලට ගනිමිනි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉහවහා ගොස් ඇති දූෂණයේ තරම කෙතරම්දැයි කිවහොත් 2019ත් 2022ත් අතර කාලය තුළදී ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ සිදුකර ඇති ගනුදෙනු 286 ම දූෂිත බවද හෙළි වී තිබේ. මේ කරුණු හෙළිකරගෙන තිබුණේ වෛද්‍ය සැපයුම් සහ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීම් සඳහා පත්කළ පාර්ලිමේන්තු අනුකමිටුව මගිනි. රුපියල් 400කට මිලදී ගත හැකි ඖෂධ හදිසි මිලදී ගැනීම යටතේ මිලදී ගෙන ඇත්තේ රුපියල් 4000ක් වැය කරමින් බවද එම වාර්තාවේ සඳහන්ය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණයේ තරම ගැන වෙනත් අටුවා ටීකා අවශ්‍ය නැත.

සියලු‍ම අමාත්‍යංශවලට සිදුකෙරෙන මිලදී ගැනීම් සඳහා විනිවිදභාවයක් පවත්වාගෙන යන්නේ නම් දූෂණ ක්‍රියා බොහෝදුරට මැඩ පැවැත්විය හැකිය. එහෙත් මෙයින් ගැලවීම සඳහා බොහොමයක් බලධාරීන් සිදුකරන විවිධ ඇස්බැන්දුම් ක්‍රියා තිබෙන බවද සත්‍යයකි.

ලොකුම කරුමය නම් එම ක්‍රමය යටතේ මෙරටට ගෙන්වූ ඖෂධයක් ව්‍යාජ ඖෂධයක් බවට හෙළි වූ පසුත් ඊට වගකිවයුතු කිසිදු පුද්ගලයකු අධිකරණය හමුවට නොපැමිණවීමයි. මේ ඖෂධය ගෙන්වූ සමාගමද හෙළිදරව් විය. එහෙත් මේ වනතුරු මේ භයානක ගනුදෙනුවට අදාළ කිසිවකුටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක නැත.

අමාත්‍යවරුන් මාරුකිරීම් හෝ අමාත්‍යවරුන් වැඩි කිරීම දේශපාලකයන්ගේ ගැටලු‍ විසඳා ගැනීමක් මිස ජනතාවගේ ගැටලු‍ විසඳීමක් නොවේ.

 



අදහස් (0)

ඇමැති මාරුවෙන් පමණක් ගැටලු විසඳිය හැකිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 357 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1286 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 744 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1087 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1903 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1442 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 499 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site