IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඉතිහාසය දෙමළ සෙල්ලිපි අමතක කරලා

සාකච්ඡාව - කැලුම් බණ්ඩාර
(සිංහල පරිවර්තනය - කෝවිද ගුණසේකර)

 

ඉතිහාසය විෂය පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය එස්. පද්මනාදන් ඬේලි මිරර් හා විශේෂ සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් කියාසිටියේ සිංහල හා දෙමළ ජනතා දෙපාර්ශවයටම ඇත්තේ එකම අනන්‍යතාවක් බවයි.

සාකච්ඡාවේ දී ඔහු දෙමළ නිජබිම් සංකල්පය ඉතිහාසඥයකුගේ ඇසින් සාධාරණීකරණය කිරීමට උත්සාහ කළේය. මහාචාර්ය එස්. පද්මනාදන් වර්තමාන යාපනය විශ්වවිද්‍යාලීය කුලපතිවරයා ද වේ.

ප්‍රශ්නය - උතුරේ දෙමළ ජනාවාස වල ආරම්භය ඔබ විශ්ලේෂණය කරන්නේ කෙසේ ද?
සමස්තයක් වශයෙන් සැලකූ විට 19 වැනි ශතවර්ශයේ පටන්ම ශ්‍රී ලංකාවේ ජනතාව සම්බන්ධයෙන් පදනම් විරහිත අදහස්, මත ආදිය පැවත තිබෙනු හඳුනාගන්නට පිළිවන්. සිංහල ජාතිකයන් කතා කරන භාෂාව පදනම් කරගෙන යුරෝපීයයන් ඔවුන්ව හඳුන්වාදුන්නේ ඉන්දියා - ආර්ය සම්භවයක් ඇති ජන කොට්ඨාසයක් හැටියට.

දෙමළ ජාතිකයන්ව ඔවුන් හැඳින්වූයේ ද්‍රවිඩ සම්භවයක් ඇති ජන කොට්ඨාසයක් හැටියට. මේ හැඳින්වීම් සියල්ලකටම එදා පදනම වුණු සිංහල, දෙමළ ජන කොට්ඨාස අතර තිබුණු විවිධ සංස්කෘතික ලක්ෂණ පමණක් බවත්, ජාතිීන් ලෙස බෙදීමක් එදා සිදුනොවුණු බවත් මා සඳහන් කළ යුතුම යි. වර්තමානයේ පවා විද්වතුන් ජාතියක් ගැන කතා කරන්නේ නැහැ. සංස්කෘත භාෂාවෙන්, දෙමළ යැයි උච්ඡාරණය කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා සංස්කෘත භාෂාවෙන් දෙමළ ජනතාව හඳුන්වාදුන්නේ ‘ද්‍රවිඩයන්’ ලෙස. තමිල්නාඩුවේ හෝ වෙනත් ප්‍රාන්ත වල හෝ ජීවත්වුණු දෙමළ ජනතාව තමන්ව ද්‍රවිඩයන් ලෙස හඳුන්වාදුන්නේ නැහැ. ද්‍රවිඩ කියන හැඳින්වීම ඔවුන්ට ලබාදුන්නේ තමිල්නාඩුවට පරිබාහිර ප්‍රාන්තවල වාසය කළ වෙනත් භාෂා කතා කළ පුද්ගලයින්. සංස්කෘත භාෂාවෙන් ලියැවී තිබෙන ලියකියැවිලි වලත් දෙමළ ජනතාව හඳුන්වා දී තිබෙන්නේ ද්‍රවිඩයන් ලෙස.

මහාවංශයට අනුව බුදු දහමේ ආගමනයට පෙර ශ්‍රී ලංකාවේ යක්ෂ සහ නාග යනුවෙන් ජන කොට්ඨාස දෙකක් ජීවත්ව තිබෙනවා. පුරාවිද්‍යාත්මකව බැලූවිට මෙම ජන කොට්ඨාස දෙක පිළිවෙලින්, මෙසොලිතික සංස්කෘතියට සහ මුල් යකඩ යුග සංස්කෘතියට අයත් ජන කොට්ඨාස ලෙස හඳුනාගන්නට පිළිවන්. මෙසොලිතික ජනතාව ක්‍රිස්තු උපතට පෙර වසර 28000 ක කාලයක් තිස්සේ මෙහි ජීවත්ව තිබෙනවා, යාපනය අර්ධද්වීපයේ සහ දූපත් වල හැර.

එයට හේතුව එම ප්‍රදේශවල ස්ථීර ජල සැපයුමක් නොතිබීම. ළිං කණින්නට හෝ වැව් තනන්නට හෝ මේ මෙසොලිතික ජනතාවට උපකරණ කිසිවක් තිබුණේ නැහැ. ඔවුන් ආහාර නිශ්පාදකයන් නොවේ. දකුණු ඉන්දියාවේ සිට මුල් යකඩ යුගයට අයත් ජනතාව මෙහි පැමිණ ඇත්තේ ක්‍රි. පූ. 800 පමණ කාලයේ. ඔවුන් පැමිණ දිවයිනේ වාසය කරමින් සිටි ජනතාව යටත් කරගත්තා. සිංහල හා ශ්‍රී ලංකා දෙමළ ජනතාව පැවත එන්නේ මේ කියන යක්ෂ හා නාග ජන කොට්ඨාස වලින්. මේ ජන කොට්ඨාස දෙක කළවම් වීමෙන් තමයි ඔවුන් නිර්මාණය වුණේ. එහෙත් යාපනය අර්ධද්වීපය සැලකීමේ දී, ආරම්භයේ සිටම එහි යක්ෂ ගෝත්‍රයට අයත් ජනතාව නොසිටි නිසා, දකුණු ඉන්දියාවෙන් පැමිණි මුල් යකඩ යුගයට අයත් ජනතාව තමයි එතැන මුල්ම පදිංචිකරුවන් වුණේ. කාලය ක්‍රමයෙන් ගත වෙනකොට නොයක් හේතු නිසා රට අභ්‍යන්තරයේ සිටි ජනතාව කුඩා කණ්ඩායම් විදිහට යාපනයට සංක්‍රමණය වෙන්න ගත්තා. බුදු දහම ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් කාලය වෙන කොටත් යක්ෂ හා නාග ගෝත්‍ර දෙක එකිනෙක හා මිශ්‍රව අවසන්. එහි ප්‍රතිඵලයක් ලෙස නව සංස්කෘතික අනන්‍යතාවක ගොඩනැගීම ඒ වන විටත් ආරම්භව තිබුණා. ජන කොට්ඨාස දෙකට අයත්වුණු ජනතාව අතර තවදුරටත් සංස්කෘතිකමය වෙනස්කම් තිබුණේ නැහැ. මා මේ පවසන්නට උත්සාහ කරන්නේ බුදුදහම හඳුන්වාදීමට පෙර සිටම, ඉන්දියාවේ උසස් සමාජවල පැවතුණු නිෂ්පාදන ක්‍රියාවලිය හා සමාන ක්‍රියාවලියක් ශ්‍රී ලංකාවේ සිටි ජන කොටස් අතරත් තිබුණා කියන එක.

බුදු දහමේ ආගමනයත් එක්ක ප්‍රාකෘත භාෂාවත් දිවයිනට පැමිණියේ මේ අවදියේ. බුදු දහම ජනතාව අතර ප්‍රචාරණය වනවාත් එක්කම ප්‍රාකෘත භාෂාවත් ජනතාව අතරට ගියා. බුදු දහම ගැන ලියවිලා තියෙන මුල් ලියකියැවිලි සියල්ල තිබෙන්නේ ප්‍රාකෘත භාෂාවෙන්. මේ අතරේ මුල් යකඩ යුගයේ ජනතාව ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතානයන් හඳුන්වාදෙන නාග ගෝත්‍රිකයෝ, තමන්ටම කියා නිශ්පාදන ක්‍රියාවලියකුත්, කුඩා දේශපාලන ඒකක වලින් සැදි පාලන ක්‍රමයකුත් නිර්මානය කරගෙන තිබුණා. ඔවුන් කෘෂිකර්මය හා ධීවර කටයුතුවල නියැලුණා. තමන් යටපත් කරගෙන සිටි යක්ෂ ගෝත්‍රිකයෝ සමග එකතුවෙලා කැළෑ එළිපෙහෙළි කරන්න ගත්තා. පළවෙනි සැරේට ඔවුන් තමන්ටම කියා වෙනම ජනාවාසයක් පිහිටුවා ගත්තා. නාග ගෝත්‍රිකයෝ යාපනය අර්ධද්වීපයේ නිශ්පාදන මධ්‍යස්ථාන පිහිටුවන ගමන්ම, විවිධ ආර්ථික කටයුතු වලත් නියැලුණා. ඔවුන් රටේ හිටපු අනෙක් සමාජ කොට්ඨාස සමගත් සම්බන්ධ වුණා. රෝම අධිරාජ්‍ය සමයේ උතුරේ හිටපු නාග ගෝත්‍රිකයන් කලාපය පුරාත්, එයින් පිටතටත් විහිදුණු පුළුල් ආර්ථික සම්බන්ධතා වලින් පොහොසත්ව සිටියා. විවිධ කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිවෙත් ඔවුන් ස්ථාපිත කරගෙන තිබුණා.

මහාවංශය දුට්ඨගාමිණි අභය ගැන කරන විස්තරයේ දෙමළ රජවරුන් 32ක් ගැන කරන සඳහන විශේෂයි. මේ අය ඉඳලා තියෙන්නේ දිවයිනේ නැගෙනහිර කලාපයේ. දෙමළ බ්‍රාහ්මීය අක්ෂරවලින් සටහන් තැබුණු සෙල්ලිපි දිවයිනේ තිබූ බව අවසන් ශතවර්ශය වෙනකන්ම කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. නමුත් පහුගිය අවුරුදු 10ක කාලයේ තත්ත්වය වෙනස් වුණා. දෙමළ බ්‍රාහ්මීය අක්ෂර සටහන් ඇති සෙල්ලිපි බොහොමයක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

එවැනි සෙල්ලිපි දෙකක් මඩකළපුව දිස්ත්‍රික්කයේ තිබී අපට පළමු වතාවට හමුවුණා. එකක තනි වචනයක් පමණයි සටහන්ව තිබෙන්ණේ. අනෙක නම් දිගු විස්තරයක්. එකක බුදු දහම ගැන සඳහන් වෙනවා. අනෙකේ ඇත්තේ ජෛන ආගම ගැන. මෙම සොයාගැනීමට පෙර, සිංහල ජාතික සෙල්ලිපි විශේෂඥයන් වන සද්ධාමංගල කරුණාරත්න සහ අභය ආරියසිංහ වැනි අය දිවයිනේ ඇතැම් ප්‍රාදේශවල තිබූ සෙල්ලිපිවල දෙමළ බ්‍රාහ්මීය අක්ෂර වලින් කළ සටහන් හඳුනාගෙන තිබුණා.


ප්‍රශ්නය- තවත් සාක්කි වල සහයෙන් ඔබ මේ තර්කය ගොඩනගන්නේ කෙසේ ද?
දිවයිනේ දෙමළ බ්‍රාහ්මිීය අක්ෂර වලින් සටහන් තැබුණු සෙල්ලිපි තිබෙන බවක් ඔවුන් දැන සිටියේ නැහැ. එහෙත් අසෝක යුගයේ සම්භවය නිරූපණය කළ, බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියැවී තිබුණු ප්‍රාකෘත සෙල්ලිපි වල අමුතු අක්ෂර කිහිපයක් තිබෙන බව ඔවුන් හඳුනාගෙන තිබුණා. මුල් යුගයේ බුදු දහම ගැන බ්‍රාහ්මීය අක්ෂර වලින් තිබූ සෙල්ලිපි සටහන් සියල්ල ලියැවී තිබුණේ ප්‍රාකෘත භාෂාවෙන්. සිංහල භාෂාව නිර්මාණය වුණේ ප්‍රාකෘත භාෂාවෙන්. සංඝයාට දුන් දානයක් ගැන සඳහන් වන මුල් යුගයේ ප්‍රාක්රිට් භාෂාවෙන් වූ සෙල්ලිපියක සිට සිංහල භාෂාවේ නිර්මානය ආරම්භ වුණා. ක්‍රිස්තු වර්ෂ 300 පමණ වන තෙක් සියලුම සෙල්ලිපි සටහන් තැබුණේ ප්‍රාකෘත භාෂාවෙන්.

ක්‍රිස්තු වර්ෂ 300 සිට 700 දක්වා වූ කාලය ප්‍රාකෘත භාෂාවේ සිට සිංහල භාෂාවට සංක්‍රාන්තිය වූ එක් කාලවකවානුවක් ලෙස සලකන්නට පුලුවන්. හත්වන සියවස වෙනකොට මේ සංක්‍රාන්තිය අවසන්ව, සිංහල භාෂාවේ අක්ෂර මනාව ගොඩනැගී අවසන්ව තිබුණා. 2007 දී මඩකළපුවෙන් දෙමළ බ්‍රාහ්මීය අක්ෂර හඳුනාගැනීමේ සිට එවැනි අක්ෂර විශාල ප්‍රමාණයක් හඳුනාගන්නට අපට හැකිවුණා. ආරම්භයේ අපි සංචාරය කළේ නැගෙනහිර පළාතේ, මඩකළපුව දිස්ත්‍රික්කයේ වයඹදිග ප්‍රදේශයේ.

එහිදී අපට නාග ගෝත්‍රිකයන් ගොඩනගා තිබූ ළිඳක් හමුවුණා. එම ළිඳ ගොඩනගා තිබුණේ පස් වළලු සාදා ඒවා පුලුස්සා සවිමත් කර එකමත එක තැබීමෙන්. එවැනි වළලු 24 ක් සොයාගන්න අපට පුලුවන් වුණා. වළලු වලට තට්ටුවට යටින් තිබුණේ ජලය. කෙසේවුවත් අපට ළිඳේ ගැඹුර සොයාගන්නට නොහැකිවුණා. පසුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවත් මෙවැනි ළිං අපට හමුවුණා. නාග ගෝත්‍රිකයන් තනා තිබූ ළිං බොහෝ ගැඹුරු වුවත්, විශ්කම්භයෙන් විශාල වුණේ නැහැ. බොහෝ විට මේ ළිංවල විශ්කම්භය අඩි 10ක සීමාවේ පැවතුණා. ඒ නිසාම එක් වරකට එක් අයෙකුට පමණයි ළිඳට බැසීමට හැකියාව තිබුණේ. මේ ළිඳේ බැම්මෙන් කැඩී ගිය කොටස් මඩකළපුවේ රජයේ කාර්යාලයක තබා තිබුණා. ඒවා පරීක්ෂා කළ අපට හඳුනාගන්නට හැකි වුණේ ළිඳේ බැම්ම වටා නාග බන්ධනයක් නිර්මාණය කර තිබී ඇති බව. එය නිර්මාණය කර තිබුණේ, රළ පහර දෙකක් හා සමානව, එකක් අනෙකට ඉහළින් යන පරිදි. ඉහළ රළ පහරේ අශ්වයකුගේ රූපයක් තිබුණා. මහාවංශයට අනුව අශ්වයාගෙන් නිරූපණය වන්නේ දෙමළ ජනතාව. ඒ මන්ද ඔවුන් අශ්වයන් වෙළදාමේ යෙදුණු නිසා. අපට එහි තිබූ සටහන කියවාගැනීමටත් පිළිවන් වුණා. එහි සඳහන්ව තිබුණේ පරම්පරා තුනකට අයත් වූ නාග ගෝත්‍රයේ නායකයින්ගේ නම් හා ඔවුන්ගේ තනතුරු. මේ වගේ සියගණනක සටහන් අපට නැගෙනහිර පළාතෙන්, වන්නි කලාපයෙන් සහ යාපනය අර්ධද්වීපයෙන් හමුවුණා.

ප්‍රශ්නය - සරලව කියනවානම් ඔබ උත්සාහ කරන්නේ සිංහල හා දෙමළ ජනතාව පැවත එන්නේ එකම ආදි මුතුන්මිත්තන්ගෙන් බව යැයි මතය ස්ථාපිත කරන්න ද?
පිළිතුර- ඔව්.
ප්‍රශ්නය- එසේ නම් දෙමළ ජාතිකයන් උතුරු හා නැගෙනහිර පළාත්වලටත්, සිංහල ජාතිකයන් දිවයිනේ අනෙක් පළාත්වලටත් සිීමාවුණේ කොහොම ද?
පිළිතුර- මේක ඇත්තටම සිත්ඇදගන්නාසුළු කාරණයක්. මම ඔබට පැවසූ අයුරින්, සිංහල භාෂාව ගොඩනැගුනේ ප්‍රාකෘත භාෂෘවෙන්. උතුරු පළාතෙන් දැනට හමුව තිබෙන්නේ ප්‍රාකෘත භාෂාවෙන් ලියැවුණු සෙල්ලිපි තුනක් පමණයි. නමුත් දිවයිනේ අනෙක් ප්‍රදේශ වල ප්‍රාකෘත භාෂාවෙන් ලියැවුණු සෙල්ලිපි රාශියක් තිබෙනවා. මෙම සෙල්ලිපි භාවිතා කර තිබෙන්නේ ප්‍රාකෘත භාෂාව කතා කළ පුද්ගලයන් නොව ප්‍රාකෘත භාෂාව අනෙක් අය හා සම්බන්ධවීමේ භාෂාවක් ලෙස භාවිතා කළ පුද්ගලයන්. බටහිර ඉන්දීය දූපත් වල, ඔවුන් කතා කළේ කැඩුණු ප්‍රංශ භාෂාවෙන්. ඒ මන්ද, බි්‍රතාන්‍යයන් යටත් කරගැනීමට පෙර ඔවුන් සිටියේ ප්‍රංශයේ ආධිපත්‍ය යටතේ නිසා.

 එම පදනමේ ඉඳන් බටහිර ඉන්දීය දූපත් වැසියන්ගේ භාෂාව ප්‍රංශ භාෂාව යැයි ඔබට කියන්නට පුලුවන් ද? ඔවුන් අප්‍රිකා සම්භවයක් ඇති ජනතාවක්. ඉන්දියාවෙත් වුණේ ඒ සමාන දෙයක්.

ඉන්දියාවේ කර්ණාටක සහ ආන්ද්‍රා ප්‍රාන්ත වලින් හමුව තිබෙන ආදිතම සෙල්ලිපි වලත් සටහන් තබා තිබෙන්නේ ප්‍රාකෘත භාෂාවෙන්. ශ්‍රී ලංකාව සැලකුවහොත්, නාග ගෝත්‍රිකයෝ වැඩි වශයෙන් වාසය කළ ප්‍රදේශවල දෙමළ භාෂාවට මුල් තැන ලැබුණා. තවත් අමතර කාරණයක් වන්නේ දකුණු ඉන්දියා වෙරළ හා උතුර අතර නොබිදුණු සම්බන්ධතාවය. ඒ නිසාවෙන්ම තව තවත් ජනතාව දිවයිනට පැමිණියා. අනෙක් පළාත්වල, විශේෂයෙන් යක්ෂ ගෝත්‍රිකයන් වැඩි වශයෙන් වාසය කළ පළාත්වල, දෙමළ භාෂාවට තැනක් තිබුණේ නැහැ. කෙසේවුවත් ඔවුන් දෙමළ භාෂාවේ යම් ආභාෂයක් ලැබුවා. ඔවුන් භාවිතයට ගත්තේ ප්‍රාකෘත භාෂාව. සිංහල භාෂාව සැළකුවහොත් එහි වචන මාලාව ඉන්දු - ආර්ය සම්භවයකින් යුතුයි. ව්‍යුහමය වශයෙන් එයට ඇත්තේ ද්‍රවිඩමය සම්භවයක්. දිවයිනේ භාෂණයට හෝ භාවිතයට ගැනුණු භාෂා සම්බන්ධයෙන් සැළකිල්ලට ගත යුතු කරුණු තුනක් තිබෙනවා. ඉන්දු - ආර්ය සම්භවයකින් යුතු ප්‍රාකෘත භාෂාව බුදු දහමේ ආගමනයෙන් පසුව දිවයිනට පැමිණි භාෂාවක්. එය භාවිතයට ගැනුණේ සම්බන්ධවීමේ භාෂාවක් ලෙස. කාලයත් එක්ක ප්‍රාකෘත භාෂාව දිවයිනේ වැඩි ප්‍රදේශයක පැතිරුණේ එම ප්‍රදේශවල භාවිතයේ තිබුණු අනෙක් භාෂාවල තැන ගනිමින්. ඇතැම් ස්ථානවලට ලබා දී තිබෙන සිංහල හා දෙමළ නම්, මෙසේ වැළලී ගිය භාෂාවලින් උපන් බව හඳුනාගන්නට පිළිවන්.

ප්‍රශ්නය - දශක තුනක් පුරා දිවූ සිවිල් යුද්දයේ ඉස්මතුවුණු ප්‍රධාන කාරණයක් වුණේ මෙම ජන කොට්ඨාස දෙක අතර භාෂාමය වශයෙන් තිබෙන වෙනස. ඔබ දැන් එකම ආදි මුතුන්මිත්තෙක් ගැන අදහස් දක්වනවා. සිංහල සහ දෙමළ ජන කොටස් අතර ඇතිවුණු මේ අර්බුදයට හේතුව ඉතිහාසමය කෝණයකින් ඔබ විශ්ලේෂණය කරන්නේ කෙසේ ද?

පිළිතුර - හොඳයි, ඔබ දන්නවා 1950 වනතෙක් සිංහල හා දෙමළ ජාතීන් අතර කිසිදු ගැටුමක් නොතිබුණු බව. ඔවුන් සාමකාමීව, සහයෝගයෙන් අවුරුදු 2000 කට වඩා වැඩි කාලයක් ජීවත්වුණා. සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වුණු ප්‍රදේශවල පදිංචි වුණු දෙමළ ජාතිකයන් සහ ඉන්දියා සම්භවයක් ඇති පුද්ගලයින් ක්‍රමයෙන් සිංහල සමාජයටම එකතුවුණා. උතුරු හා නැගෙනහිර පළාත්වල තත්ත්වය වුණෙත් මෙයමයි.

 

 



අදහස් (14)

ඉතිහාසය දෙමළ සෙල්ලිපි අමතක කරලා

kumar (galf) Monday, 08 May 2017 06:11 AM

මේවායින් වැඩක් නෑ.... ඉස්සෙල්ලා තමිල්නාඩුව දෙමළ ජනයාගේ නිදහස් රාජ්‍යය කරලා... ලංකාවේ ඉන්න රාජ්‍යයක් ඉල්ලන අය එහෙට යන්න කියන්න,... සමගියෙන් මේ රටේ ඉන්න කැමති අය ලංකාව තම සමගි රට කරගෙන සමගියෙන් මෙහෙ නවතින්න.

:       89       217

kukdepra,paris Monday, 08 May 2017 06:22 AM

ඉතා හොඳ ආරම්භයක් ... එයට අප උනන්දු විය යුතුය.

:       127       201

shan saudi Monday, 08 May 2017 12:13 PM

මේවා කෙටුවේ ප්‍රභාකරන්ද දන්නෑ. යාපනේ පුස්තකාලෙට ඉතිහාස පොත් ලියල දලා දමිල ඉතිහාසය සිංහලයට වඩා වැඩී කීවා වගේ...

:       14       72

lal Monday, 08 May 2017 12:20 PM

ඉස්සෙල්ලම මෙතුමා ඇවිත් තියෙන්නේ කොහෙන්ද කියල හොයා බලමු...

:       42       58

LAKMAL SU Monday, 08 May 2017 01:22 PM

ඉතා හොඳ විස්තරයක්, සමහර තැන් වැඩිය ප්‍රකාශ නොකිරීමට එතුමා වගබලාගත්තා. (උදා: ඉන්දීය ජාතිකයන් රාමේශ්වරම් හරහා ලංකාවට පැමිණීම) අවසානයට ඔහු නොකියා කියන්නේ ඉංග්‍රීසින්ගේ ජාතින් අතර කලා වූ කෙටවිමක් ගැන...

:       61       9

jayantha Monday, 08 May 2017 02:06 PM

මහත්තයෝ 1682 ට කලින් දෙමළ ජනතාවක් ලංකාවේ හිටිය නෑ. තව ටිකක් කියවලා බලන්න.

:       23       77

PansiluMonday, 08 May 2017 03:55 PM

එතකොට එළාර සිංහලද මල්ලි

:       0       3

DilshanFriday, 28 August 2020 03:19 AM

එළාර ආක්‍රමණිකයෙක්නේ... ජනතාව විදිහට ගන්න මෙහෙ හිටපු කෙනෙක් නෙවෙයිනේ. රට අල්ලන්න ආව කෙනෙක්නේ..

:       0       0

chandana Monday, 08 May 2017 08:08 PM

1682 කලින් දෙමල මිනිස්සු හිටියේ නැත්නම් පොලොන්නරරුවේ දෙමලෙන් ලියපු සෙල්ලිපි තියෙන්නේ කොහොමද ???

:       0       1

bandula Tuesday, 09 May 2017 01:50 AM

මේ තවත් වෙස්මුනක් ද දන්නේ නැ, තව ටික කලකින් තව එක්කෙනෙක් කියයි නැගෙනහිර පළාතේ අරාබි බ්‍රාහ්මීය අක්ෂර සෙල් ලිපි තියෙනවා කියල , නරක නෑ එන පොට , හැබැයි මේක හෙළ බූමිය බව මතක තියාගන්න එක ඇගට ගුණයි

:       0       3

ama Tuesday, 09 May 2017 03:45 AM

අනේ අම්මප සෙල් ලිපි විතරයි අඩු වෙලා තිබුනේ

:       0       0

Niyama buwa Tuesday, 09 May 2017 01:23 PM

රොබට් නොක්ස්ගේ පොත පුස්තකාලයේ ඇති... එය කියවා බලා නිවැරදි ඉතිහාසය සොයා බලන්න...

:       0       1

Rajaa Wednesday, 10 May 2017 06:37 AM

මොවුන් මේ කරන්න හදන දේවල් වලට සමගාමීවම දෙමල බෙදුම්වාදය සාධාරණීකරණය කරන්න. දෙමල නිජබිම සාධාරණීකරණයට හෙමිහිට ප්‍රවිශ්ඨ වන හැටි බලන්න. දෙමල බෙදුම්වාදීන්ගේ අලුත්ම උපක්‍රමය වන්නේ ඔවුන් සිංහලුන්ගේම කොටසක් බව ඔප්පු කිරීමයි. එහි නොකියන අර්ථයනම් සිංහලුන් යනු ප්‍රාකෘත බස මුල් කරගත් ජනවර්ගයක් බවයි. අපේ ඉතිහාසය ලෝකයෙන් අතුගා දැමිය හැකි හොඳම ක්‍රමය ඔවුන් තෝරාගෙන. අපේ මිනිසුන්ම පත් කරගත් රජය ලවාම සිංහල ජාතිය, සිංහල භාෂාව ද විනාශ කිරීම මෙම බෙදුම්වාදී ඉලක්කය බව වටහාගන්න. 1682 සිට ජන සංඛ්‍යා ලේඛණ අනුව යාපනේ දෙමල මිනිසුන් පදිංචි කරවීම මගින් මෙය ඔප්පු වෙනවා.

:       0       24

Gutaman Saturday, 15 October 2022 10:42 PM

කුමරිකණ්ඩම් ඉතිහාසයේ පටන් මෙය ද්‍රවිඩ නිජබිමක් මහා රාවණයන්ගෙ කාලයේ සිට මෙහි ජීවත් වුනෙ දෙමල ජන කොටසක් ද්‍රවිඩ බ්‍රහ්මි අක්ෂර ඕනෑ තරම් මේ ලංකාවේ සොයා ගත හැකිය. ක්‍රිපූ 02 වන සියවසේ පටන් සිංහලයන්ගෙ ඉතිහාසය විජයාගමනයෙන් පටන් ගන්නෙ. මීට අමතරව මේ රටේ සිංහල භාශාවක් බුදු දහම මුල්කරගෙනයි නිර්මාණය වෙන්නෙ. ප්‍රාකුත සංස්කෘත දෙමල කන්නඩ මලයාලම් මේ සියලු භාශාවන් එකතුවෙලයි සිංහල යන  භාශාවක් මෙහි නිර්මාණය වෙන්නෙ. දැන් සිංහල ජනතාවට තිබෙන්නේ දෙමල ඉතිහාසය පිලි ගැනීමටයි තම දරැවන්ට ව්‍යාජ ඉතිහාසයන් උගන්වා දෙමල ජනතාවට විරුද්දව උසි ගන්වනවාට වඩා එය හොදයි. 1956 පටන් සිංහලයන් කලේ එවැනි කරැණු කාරනයි. ඒවා දැන් වෙනස් විය යුතුයි

:       3       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 143 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1145 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38807 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site