IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඉන්ධන අර්බුදයට පාර කැපීම

1964 දී ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව හිකන්ලුපර් සංශෝධනය නම් වූ සංශෝධනයක් 1962 විදේශ සහයෝගීතා පනතට ගෙන ආවේය. එම සංශෝධනයට ඒ නම ලැබුණේ ඊට අනුග්‍රහය දැක්වූ බෝර්ක් හිකන්ලුපර් (Bourke Hickenlooper) නම් සෙනෙට්වරයාගේ  නමිනි. 

එම සංශෝධනයේ අරමුණ වූයේ විදේශ රටවල ඇමරිකානු ආයෝජනවලට ආරක්ෂාව සැපයීමයි. එසේ ආරක්ෂාව සැලසීමට බලාපොරොත්තු වූයේ කිසියම් රටක් ඇමරිකානු ව්‍යාපාර වන්දි ගෙවීමකින් තොරව රජයට පවරා ගන්නා අවස්ථාවක් වේ නම් එසේ කළ රටට දෙන ඇමෙරිකානු ආධාර කපා හැරීම සඳහා ඇමරිකානු ආණ්ඩුවට  බලය පවැරීමෙනි. හිකන්ලූපර් සංශෝධනය බල ගැන්වීමෙන් ඇමරිකානු රජය මූලික වශයෙන් බලාපොරොත්තු වූයේ කියුබාව වැනි අසල්වාසී ඇමෙරිකානු රටවලට බලපෑම් කිරීමයි.

පළමු ලෝක යුද්ධය නිමාවූ පසු, රුසියා සීතල යුද්ධය පසුබිමේ ඇමරිකානු ජනාධිපති හැරී ටෲමන්ගේ කාලයේ ඒ වනවිටත් අමෙරිකානු සංවර්ධන සහයෝගීතා පටන්ගෙන තිබිණි. ඒ හැරුණු කොට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජනපද ඒජන්සිය හෙවත් USAIDආයතනයද 1960 මුල් කාලයේ ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයාගේ කාලයේ පිහිටුවා තිබිණි. හිකන්ලූපර් සංශෝධනයෙන් අත්හිටුවනු ලැබූ සහයෝගීතා අතර එයද එක් සහයෝගීතාවකි.

තෙල් වෙළඳාම ජනසතු කිරීම

ඉහත සඳහන් ඇමරිකානු ඓතිහාසික කරුණු ගෙනහැර පාන්නට මට අවශ්‍ය වූයේ එවකට ලංකාවට එරෙහිව හිකන්ලූපර් සංශෝධනය එය සම්මත වූ අවුරුද්දේම ක්‍රියාත්මක වූ නිසයි. එය ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වූ පළමු වාරයත් අවසන් වාරයත් එයම විය. අමෙරිකානු රජය එවකට ලංකාවට දෙනු ලැබූ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ඒ අනුව අත්හිටුවනු ලැබුවේය. ඒ ඇයි.?

 

ශ්‍රී ලංකාණ්ඩුව වන්දි ගෙවීමකින් තොරව, අමෙරිකානු සමාගම්වලට අයත් ඉන්ධන හල් 83ක් ජනසතු කරනු ලැබුවේය. අමෙරිකානු නොවන තවත් සමාගම්ද ජනසතු කිරීමට ලක්වූ අතර මෙම සමාගම් සියල්ල 1960 ගණන්වල මුල් භාගය දක්වා තරගකාරී වෙළෙඳපොළ යාන්ත්‍රණය යටතේ ලංකාවට ඉන්ධන සපයනු ලැබුවේය. ඛනිජ තෙල් වෙළඳාමේ යෝධ බහු ජාතික සමාගම් තුනක් වන ෂෙල්, Esso සහ කැල්ටෙක්ස් ඇතුළු තෙල් සමාගම් කිහිපයක් නිරතව සිටියේය.

නීතිය සම්බන්ධ මහාචාර්යවරයකු සහ නිව් යෝර්ක් නීතිඥ සංගමයේ සාමාජිකයකු වූ රිචඩ් බී ලිලිච් ඔහුගේ ‘‘විදේශ ආයෝජන ආරක්ෂා කිරීම හා හිකන්ලූපර් සංශෝධනය’’ නම් පර් යේෂණ පත්‍රිකාවේ (පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයේ නීති විවරණ (Vol 112No1964) සඳහන් කර ඇත්තේ එවකට ලාංකීය අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක එක්සක් ජනපද රජයට චෝදනා කරමින් බලපෑම් කිරීමට උත්සාහ ගත් බවයි. ‘‘ආධාර ලබාගැනීම සඳහා ධනේෂ්වර රටවල් වයන තාලයට නටන්නට ලංකාව සූදානම් නැත’’ යනුවෙන් එහිදී ඈ කියූ බව ලන්ඩන් ඔබ්සවර් පුවත්පතේ වාර්තා වී තිබුණ බවද එහි සඳහන් වේ.

සමාජවාදීන්ගේ ඉදිරි ගමන සඳහා ධනේෂ්වර ආහාර

ශ්‍රී ලංකාවේ ජාතිකකරණ (ජනසතු කිරීමේ) වැඩ පිළිවෙළ 1950 ගණන්වල ආරම්භ වූ අතර එහි පළමු අදියර 1965 දක්වා පැවතුණි. 1965-70 දක්වා පැවති අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක නායකත්වය දැරූ එජාප රජය යටතේ එම වැඩ පිළිවෙළ නවතා දමා තිබිණි. ජාතිකකරණ වැඩ පිළිවෙළේ දෙවැනි අදියර 1970-77 කාලයේ ශ්‍රීලනිප, ලසසප, කො.ප. සමගි පෙරමුණ ආණ්ඩුව යටතේ නැවත ආරම්භ කොට වේගවත් කෙරිණි.

ජාතිකකරණ වැඩ පිළිවෙළ ආරම්භයේ පටන් වැඩිපුර විවාදයට භාජන නොවූ ගැටලුවක් වූයේ ඒ ඔස්සේ දේශපාලන විරුද්ධවාදීන්ට පහරදීමේ සැඟවුණු අභිප්‍රායක්  කුළුගැන්වී තිබීමයි. එසේ වුවද එම වැඩ පිළිවෙළ ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් ‘‘සමාජවාදී ආර්ථිකයක් දෙසට නැඹුරු කිරීමක් ලෙස සාධාරණීකරණය කරන ලදී. ඒ යටතේ පෞද්ගලික දේපළ සහ ව්‍යාපාර, සමාජවාදයට එරෙහිව මූලිකාංග ලෙස දකින ලදී.

අද වනවිට අපේ ඇතැම් බුද්ධිමත්හු මෙම කලාපයේ  ඉන්දියාව ඇතුළු අනෙක් රටවල මෙන් ශ්‍රී ලංකාවේ ධනේෂ්වර පංතියක් ‘‘නොසිටීම ගැන කම්පා වෙමින් විග්‍රහයක් ඉදිරිපත් කරති. අපට ‘‘ධනේෂ්වර පන්තියක්’’ නැත්තේ අප ආරම්භයේ පටන්ම එය ටිකෙන් ටික විනාශ  කර දැමූ නිසාය.

ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු තෙල් සමාගම් ජනසතු කිරීම ගැන ඇමරිකාව කුමන ප්‍රතිචාරය දැක්වුවත්. ශ්‍රී ලංකාව ඇමරිකාවේ Public Law 480 (PL 480) වැඩසටහන යටතේ අමරිකානු ආහාර නොකඩවා ලබා ගත්තේය. එම නිසා එය සමාජවාදී ආර්ථිකයක් කරා පියමනින රට 1960 සහ 1970 දී ධනවාදී ආහාර ආධාරවලින් ජනතාව පෝෂණය කළා හා සමාන විය.

එම කාලය තුළ පාසල් දරුවන්ට ලැබුණ දිවා ආහාරය සහ කිරි ශ්‍රී ලංකාවේ බහුතර දුප්පත් ජනතාවගේ සාගින්න සහ මන්දපෝෂණය පිටුදැකීම උදෙසා ලැබුණ ද්‍රව්‍යාධාරය. සෑම වසරකම අමෙරිකාව අති විශාල කෘෂිකාර්මික අතිරික්තයක් තිරිඟු සහ කිරි අස්වනුවලින් ලැබූ නිසා  PL 480යටතේ රටවල් 150ක බිලියන 3ක් වූ ජනතාවට ආහාර සැපයිය හැකි වූ බව වාර්තා විය.

පැවැත්ම සඳහා කුඩා වැඩි බව කීම

1960 දශකය ආසියාවේ වැදගත් ආර්ථික හා දේශපාලන වෙනස්කම් සනිටුහන් වූ දශකයක් විය. 1965 දී සිංගප්පූරුව මැලේසියාවෙන් නිදහස ලබා ගත්තේ ඇතැම් විට ජනතාවගේ කැමැත්තට පිටතින් බලෙන් නිදහස ලැබූ ලොව ප්‍රථම රට ලෙස විය හැකිය. 

එසේ වූයේ එම රට මලයානු ෆෙඩරල් රාජ්‍ය වලින් නෙරපා දැමූ නිසයි. එහෙත් සිංගප්පූරුව එම එළවා දැමීම භාර ගත්තේය. තමන්ටම කියා සම්පත් හිමි නැති දුර්වල රටක් වූ සිංගප්පූරුව, එකල දුටුවේ තනියම පැවතෙන්නට සවියක් නැති, පමණට වඩා කුඩා රටක් ලෙසයි. අද වනවිට ආසියාවේ ධනවත්ම රට බවට පත්ව සිටින එය ඇතැම් විචාරකයන් කියන්නේ හොඳින් කළමනාකරණය කර ගැනීම සඳහා උචිත හුරු බුහුටි බවෙන් යුතු රටක් බවයි. 

මලයානු (මැලේසියානු) ෆෙඩරල් රාජ්‍ය සමූහයෙන් වෙන්වූ පසු සිංගප්පූරුවේ ස්ථානගතව තිබූ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු හකුලාගෙන  රටෙන් පිටව යෑම පටන් ගැනිණි. අගමැති ලී ක්වාන් යූ ඔහුගේ මතකයන්හි වාර්තා කර තිබුණ අන්දමට ඔහු එම තීරණය වෙනස් කරන ලෙස බ්‍රිතාන්‍ය රජයට ආයාචනා කළේය. ශ්‍රී ලංකාව කරනු ලැබුවේ ඊට හාත්පසින් විරුද්ධ දේය. රජය බ්‍රිතාන්‍ය බලසේනා භාරයේ තිබූ කටුනායක ගුවන් කඳවුරත්, ත්‍රිකුණාමලයේ නාවික කඳවුරත් 1957දී අත්පත් කර ගත්තේය. 

ලී ක්වාන් යු කල්තියා දුටුවේ ඔහු කියන පරිදි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු හැරයාම සිංගප්පූරුවේ රැඳී සිටිනා බ්‍රිතාන්‍ය ව්‍යාපාරවලටද බ්‍රිතාන්‍ය හැර යන ලෙස කියන්නා වූ නරක පූර්වාදර්ශයක් ලෙසයි. ඔවුන් සියලු දෙනා හමුදා ඉවත් කර ගැනීමේ ක්‍රියා මාර්ග 1971 වනවිට අවසන් කොට සම්පූර්ණයෙන් නික්ම යාම ලී ක්වාන් යූගේ සිත්තැවුලට හේතුවිය. එයින් සිදු වූයේ සිංගප්පූරුව තවදුරටත් අර්බුදයේ හෙළමින් සම්පත් වලින් තොර දේශයක් බවට පත් කිරීමය. ලී ක්වාන් යූ මෙම අඩුව පියවන්නට ඇමෙරිකානු ආයෝජන දෙසට හැරුණේ ඉන් අනතුරුවය. 

රට විදෙස් ආයෝජනවලට විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකාවෙන් පළවා හරිනු ලැබූ තෙල් සමාගම් ඇතුළුව  ගෝලීය තෙල් සමාගම් සිංගප්පූරුවේ  තෙල් කර්මාන්තය තුළ අයෝජන කරන්නට පටන් ගත්තේය. අද වනවිට අතිවිශාල තෙල් හා ගෑස් සමාගම් සිංගප්පූරුව තුළ මෙහෙයුම් සිදු කරන අතර ඒ සමග විවිධ ඛනිජ තෙල් හා සම්බන්ධ සමාගම් මෙන්ම සිංගප්පූරු පෙට්රෝලියම් සමාගමද ක්‍රියාත්මක වෙයි.

ඒ අතර ප්‍රධාන ඒවා වන්නේ ෂෙල්, හාලිබර්ටුන්, චෙමිරන්, Technip FMC සහ ටෝට්ල් යන සමාගම්ය. සිංගප්පූරුව සතුව තෙල් බිඳුවක් හෝ නැතිවුවද තෙල් ගවේෂණය, නිෂ්පාදනය හා වෙළඳාම අතින් එය ලෝකයේ ඉහළම නිෂ්පාදකයන් අතර සිටින්නේ එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5ක් එයින් දායක කර ගනිමිනි. 

අසම්පූර්ණ පර්යේෂණ

ශ්‍රී ලංකාව ජාතිකකරණය සහ රාජ්‍ය ඒකාධිකාරියෙහි අකාර්යක්ෂමතාව වර්ධනය කිරීම ඔස්සේ අගය කළ යුතු මට්ටමේ ආර්ථික හා ව්‍යාපාරික දියුණුවක් පෙන්නුම් නොකොට 1947 වෙළඳපොළ මූලික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඇති කිරීමත් සමග නිමාවට පත්විය. ජාතිකකරණය කරනු ලැබූ ව්‍යාපාර පෞද්ගලිකරණය 1980 ගණන්වල අග භාගයේදී අරඹනු ලැබ අවුරුදු 15ක් පුරා පැවතිණි. 

ජාතිකකරණ වැඩපිළිවෙළ දේශපාලන විරුද්ධවාදීන් පහර දීමට භාවිතා කරන අතර පෞද්ගලිකරණය දේශපාලන ආධාරකරුවන්ට වාසි සලසා දීමට භාවිත කෙරිණි. පෞද්ගලීකරණය සාර්ථක වූ අවස්ථා තිබුණද බොහෝ පෞද්ගලිකරණ ගනුදෙනු ද දූෂිත වූයෙන් පෞද්ගලිකරණ වැඩසටහන් ද අපකීර්තියට භාජන  වූයේය.  මෙම අපකීර්තිමත් භාවය නිසාම අද වනවිට ශ්‍රී ලංකා රජයට පෞද්ගලිකකරණය අසීරු තොරා ගැනීමක්  වී තිබේ. 

අවුරුදු 40ක් තිස්සේ ඉන්ධන සැපයුම, රාජ්‍ය ඒකාධිකාරියක් ලෙස පර් යේෂණයට ලක්කොට තවත් අවුරුදු 20ක් ව්‍යවසාය දෙකක ද්විධාධිකාරියකට පවරණ ලදුව මේ වනවිට ඉන්ධන සැපයුම ඇණහිටින තත්ත්වයට පත්ව තිබේ. 
එය ආනයන භාණ්ඩයක් බැවින් ආයතන දෙකම විදේශ විනිමය මිලදී ගැනීම පිණිස භාවිතා කරන්නේ එකම දේශීය මූලාශ්‍රයකි. එම නිසා රටේ විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ ඊනියා ද්විධාධිකාරී මොඩලයද අසාර්ථක වී තිබේ. 

මස් රාත්තලම උදුරා ගන්නට කාලය පැමිණ ඇත 

රටේ කිලෝමීටර් ගණන් දිග ඉන්ධන පෝලිම් තිබීමත්, ඊට අදාළ දරුණු ගැටලු පිළිබඳ දිනපතා ලැබෙන පුවත් වලිනුත් පැහැදිලිව දිස්වන්නේ ද්විධාධිකාරියේ අසාර්ථක භාවයයි. ඊනියා ද්විධාධිකාරි ක්‍රමය වෙනස් වීමේ හැකියාවක් පිළිබඳව කතා වටින්පිටින් ඇසෙන මුත් ඉන්ධන සැපයුම ආයතන කිහිපයකට විවෘත කිරීමත් මෙතෙක් දකින්නට නැත. 

2002 දී රාජ්‍ය ඒකාධිකාරය නිමාවන කාලය වනවිටත් චීනයේ සිනොසෙන් ආයතනයට වෙළඳපොළ කොටසක් ලබා  නොදුන්නේ ඇයිද  යන්න තවමත් ප්‍රශ්නයකි. ඒ බව බොහෝ දෙනකුට දැන් අමතකව ගොස් ඇත. අද වනවිට ආර්ථික පැවැත්ම අතින් ශ්‍රී ලංකාව අන්ත පහත්  තත්ත්වයකට ඇද වැටී තිබියදී තැරැව් කිරීමේ ශක්තියක් ඉතිරි වී නැත. 

ඉන්ධන සැපයුම සඳහා තරගකාරී වෙළඳපොළක් මතුවේද යන්න එය සිදුවන තුරුම සැක සහිතය. මෙය බොහෝ දෙනකුට රටෙන් මස්  රාත්තලම උදුරා ගන්නට ලැබුණ කදිම අවස්ථාවකි.

2022/7/10 Sunday Times පත්‍රයේ පළවූ Road to Fuel Crisis ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

ඉන්ධන අර්බුදයට පාර කැපීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 277 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1205 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 588 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1795 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1332 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2049 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site