IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඉන්ධන පිරිමැස්මට ප්‍රාඩෝවලින් පුළුවන්ද

 

රට තුළ බරපතළ ඉන්ධන හිඟයක් ඇති බවට පැතිරුණු කතාවක් සමඟ පසුගිය සතියේ ඉන්ධන පිරවුම්හල් වාහනවලින් පිරී ගියේය. පාරිභෝගික ජනතාව දැඩි පීඩනයකට පත්වූහ. ඉන්ධන හිඟ බවට ප්‍රකාශ කෙරුණු මාධ්‍ය හමුව පැවැත්වූයේ රට ලොක්ඩවුන් කිරීමේ තීන්දුව නිවේදනය වීමත් සමඟම වීම හේතුවෙන් තත්ත්වය තවත් බරපතළ විය.

අදාළ ප්‍රකාශය සිදුකළ ඛනිජ තෙල් සංස්ථා ජාතික සේවක සංගමයේ උප සභාපති ආනන්ද පාලිත මහතා, අසත්‍ය ප්‍රචාරයක් කරමින් ජනතාව නොමඟ යවා මහජන කැළඹීමක් ඇති කළේ යැයි චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබ සිටී.

රට දැන් පවතින්නේ මහජනතාව පීඩනයට පත්කොට දේශපාලන අරමුණු ජය ගැනීමේ තත්ත්වයක නොවන බව සියලු‍ දේශපාලන පක්ෂ විසින් අවබෝධ කරගත යුතුය. වෘත්තීය සමිති නායකයෝ මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතු වෙති. තමන් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛනවල නිරවද්‍යභාවය පිළිබඳ වගකීමෙන් මිදීමට ඔවුන්ට හැකියාවක් නැත. ආනන්ද පාලිත මහතා අධිකරණයට ඉදිරිපත් කළ සී.අයි.ඩීය එහිදී සඳහන් කර තිබුණේ රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට ඔහු කළ ප්‍රකාශය අසත්‍ය බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය කරගත් බවය. මෙම සිද්ධියේ වැඩිදුර තොරතුරු ඉදිරියේදී හෙළිවනු ඇත. කෙසේ වුවද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම මෙහිදී සැලකිල්ලට ගනු  ලැබීය.

එය කෙසේ වුවද රටේ මහජනතාව කැළඹීමට පත්වන ආකාරයේ ප්‍රකාශ සිදුකරමින් ජනතාව පීඩනයට පත් කිරීමට කිසිදු වෘත්තීය සමිතියකට අයිතියක් නැත. තමන් සිදුකරන ප්‍රකාශවලදී ඉදිරිපත් කරන තොරතුරු නිරවද්‍ය බවට සහතිකයක් නොමැතිව ඒවා ඉදිරිපත් කිරීම යුක්ති යුක්ත නොවේ. නැතහොත් අනික් පාර්ශ්වයට අගතියක් සිදුවේ.

මේ අතර රටේ පවතින ඉන්ධන තත්ත්වය පිළිබඳ වටිනා අදහසක් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පසුගියදා අපගේ ‘ලංකාදීප’ පුවත්පතට ලබාදුන් ප්‍රකාශයකින් හෙළි විය. ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා විදේශ විනිමය ආරක්ෂා කරගත යුතු බැවින් ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස ගම්මන්පිල මහතා එහිදී ප්‍රකාශ කර තිබිණි.

ඉන්ධන පිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි යනු මේ රටේ රජයකින් ඉතා කලාතුරකින් කෙරෙන ඉල්ලීමක් බව සඳහන් කළ යුතුය. අඩුම තරමින් යුද්ධයේ බිහිසුණු අවධියේදී වුවද ඉන්ධන පිරිමසින ලෙසට කිසිදු රජයක් ඉල්ලා සිටියේ නැත. එය එසේ වුවත් මේ වනවිට රජය විදේශ විනිමය පරිහරණයේදී ඉන්ධන ආනයනයට වැඩි බර තැබීමක් කරන බැවින් මෙම වසරේ පළමු මාස හයේදී ආනයනය සඳහා කළ වියදමෙන් සියයට 18ක් ඉන්ධන සඳහා වැය කර තිබූ බව ද එම ප්‍රමාණය අවසන් මාස හයේදී සියයට 25ක් පමණ වීම වළක්වාගත යුතු බව ද ඇමැතිවරයා සඳහන් කර තිබිණි. මෙයින් පැහැදිලි වන්නේ පවතින තත්ත්වයේ බරපතළකමය.

මෙවැනි ප්‍රකාශයක් නිකුත් කළ ද ඉන්ධන ආනයනයේ කිසිදු අඩුවක් කරන බව මෙයින් අදහස් නොවන බවත් ඇමැතිවරයා කියයි. එහෙත් ජනතාව ඉන්ධන අරපිරිමැස්මෙන් යුතුව වගකීමෙන් පාවිච්චි කිරීම ජාතික වගකීමක් බවත් ඔහු පෙන්වා දෙයි.

මෙරට ජනතාවට ඉන්ධන අරපිරිමැස්මෙන් යුතුව භාවිත කළ යුතු බවට කිසිවකුත් විසින් වටහා දිය යුතු යැයි අපි නොසිතමු. පසුගියදා සිදුකෙරුණු ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ වගකීම් විරහිත ලෙස ඉන්ධන භාවිත කරමින් සිටි පිරිසක් සිටියේ නම් ඔවුන්ද එයට තිත තබන්නට ඇති බව සැකයකින් තොරව කිව හැකිය. සියලු‍ ආදායම් මාර්ග අවහිර වී ලැබෙන වැටුප ද ඉතාම අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු තැනකට තල්ලු‍ වී සිටින ජනතාවට ඉන්ධන පිරිමැසීම ජාතික වගකීමක් බවට පෙන්වා දීමට යාමත් තේරුමක් නැත. ඇත්ත වශයෙන්ම ජනතාව අද සිටින්නේ අත්‍යාවශ්‍යම දෙයකට වුවද ඉන්ධන මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක බව රජයේ බලධාරීන් තේරුම් ගත යුතුය.

කෙසේ වුවද ඉන්ධන පිරිමැසීම පිළිබඳ ඉහළම ආදර්ශය සැපයිය යුතු වන්නේ රජයේ බලධාරීන් විසින් බව අපගේ වැටහීමය. එහෙත් එවැන්නක් පෙනෙන්නට නැත. බොහෝ මැති ඇමැතිවරුන් භාවිත කරන්නේ ලීටරයට කිලෝමීටර් 5ක්  6ක් පමණක් ධාවනය කළ හැකි අති සුඛෝපභෝගී වාහන පමණි. ඇතැම් ඇමැතිවරු මෙවැනි වාහන ගණනාවක් භාවිත කරති. සමහර ඇමැතිවරුන් ගමන් බිමන් යන්නේ බැක් අප් වාහන ද පිරිවරාගෙනය. එම ජීප් රථවලට ද අධිකව ඉන්ධන වැය වෙයි.

රජයේ රැස්වීම් පවත්වන අවස්ථාවලදී අප දකින්නේ මේ සුඛෝපභෝගී වාහන දුසිම් ගණනින් එම ස්ථානවලට පැමිණෙන බවය. පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවලදීත් මේ බව දැකිය හැකිය. ඒ සමඟ පැමිණෙන පරිවාර රථ වෙනම නවත්වා තිබේ. අඩුම තරමින් මැති ඇමැතිවරුන් කිහිප දෙනා බැගින් එක් වී එම රැස්වීම්වලට සීමිත වාහන සංඛ්‍යාවකින් පැමිණ ආදර්ශයක් ලබා දී ඉන්ධන පිරිමැසීම ජාතික වගකීමක් බව ප්‍රකාශ කරන්නේ නම් එය හොඳම ආදර්ශය සේ අපි දකිමු.

ආණ්ඩුවේ මැති ඇමැතින් එම ආදර්ශය ලබා දෙන්නේ නම් විපක්ෂ මන්ත්‍රීවරුන්ට ද සිදුවන්නේ එම ක්‍රමයම අනුගමනය කිරීමටය. මෙවැනි ආදර්ශයක් හරහා රටේ ජනතාව තුළට ද ඉන්ධන අරපිරිමැස්මේ වටිනාකම පිළිබඳව ගැඹුරු අදහසක් ඇති කළ හැකි බව පෙන්වාදීමට කැමැත්තෙමු.

(***)



අදහස් (4)

ඉන්ධන පිරිමැස්මට ප්‍රාඩෝවලින් පුළුවන්ද

සිසිර Thursday, 26 August 2021 11:26 AM

මෙවැනි අවස්ථාවක ඉල්ලීම වලින් පලක් නැත.අනිවාර්ය කිරීම හෝ පාලනය කල යුතුය.. සෑම වාහන හිමියෙකුටම උපරිම ඉන්ධන සලාකයක් ලබාදීමට රජය කටයුතු කල යුතුයි,සතොස වැනි ආයතන හැදුනුම්පත අනුව සහන මිලට පවුලකට දිය හැකි උපරිම බඩු ප්‍රමාණයක් දිය යුතුය... මෙම වසංගතය යට මුහුණ දීම සඳහා රටේ සියලු පවුල් ඒකක වහාම හඳුනාගෙන ආර්ථික සමාජ තත්ත්වය අනුව වර්ග කර කාඩ්පතක් දී අවශ්‍ය වන උපකාර බඩුබාහිරාදිය පමණක් ලබාදීමට වැඩපිලිවෙලක් සැකසිය යුතුවේ....

:       7       3

rukmaFriday, 27 August 2021 10:06 PM

අනිවාර්යයෙන් ඔබ කියන දේ කල යුතුයි .මේ ක්‍රමයට කැමති නැත්තේ මේ දේවල් උපරිමයෙන් ලබන කට්ටිය .මේකට කියන්නේ 'ආර්ථික කප්පාදුව' .මේ ක්‍රමයෙන් විතරයි ගොඩ යන්න පුළුවන් .සෑහෙන්න දුක් විඳින්න වෙනවා .කරන්න දෙයක් නැහැ

:       1       4

kapila Thursday, 26 August 2021 10:23 PM

අද දේශපාලනයේ සිටින බහුතරයක් මුලින් එතරම් ධනවත්ව සිටි අය නොවේ. එවැනි උදවිය දේශපාලනයට පැමිණි විට කරන්නේ, තමන්ට මුලින් නොතිබූ සමාජ මට්ටම ඉහලට නංවා ගැනීමට තැත් කිරීමයි. "සුපිරි" යයි පිළිගත් වාහන පැදීම මේ සමාජ මට්ටම ඉහලට නංවා ගැනීමේ එක් අංගයක් පමණි. තමන් ගමන් බිමන් යනවිට, සෙනග පිරිවරාගෙන යාම තවත් අංගයකි.

:       0       7

සෙනෙවිරත්න Friday, 27 August 2021 08:07 AM

හීනමානය යනු මෙයයි. පෙර කල සිටි දේශපාලකයන් ඉහළ පවුල් වලින් පැමිණි වැදගත් අයයි. දැන් සිටිනුයේ තම ඉහළ දේශපාලඤයන් ගේ රථ පෙරහැරවල් වලට අප්පුඩි ගසා ගමේ මළ ගෙවල් මගුල් ගෙවල් ල නිදිමරා මිනිසුන් රවටා ඡන්දය ගත් නූගතුන්ය. ඔවුන් පොතක් පතක් කියවා ලෝකය ගැන දැනීමක් නැත. ලංකාව ලෝකය බවත් සිංහල ජාතිය බුද්ධාගම ඉස්තරම් බවත් අදහා ජාතිය කිතිකවා බලයට පැමිණ ඇතත් හීනමානය ඉවත්ව නැත. ෂෝ දමා පාරේ යෑම මොවුනගේ තනතුරේ රාජකාරිය බව සිතයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1721 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site