IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


උග්‍ර සමාජ අර්බුදයකට පාර කපන මන්දපෝෂණය

තුන්වැනි ලෝකයේ සෑම රටකම මහා ව්‍යාධියක් ලෙස පැතිර පවත්නා දුප්පත්කම විසින් ලෝකයට දායාද කරන ලද අතුරුඵල රාශියකි. ඉන් පළමුවැන්න ආහාර හිඟය සහ මන්දපෝෂණයයි. මේ වන විට ශ්‍රී ලංකාවේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15763ක් සිටන බව සමීක්ෂණයකින් හඳුනාගෙන ඇතැයි පසුගියදා වාර්තා කළේ මෙරට පවුල් සෞඛ්‍ය කාර්යාංශයයි.

අපේ අනාගත පරපුර මේ ආකාරයට අනතුරකට ලක්වීම මහා ඛේදවාචකයක පෙර නිමිත්තක් බව නොකියා බැරිය. රටේ දැයේ අනාගතය බාරගන්නට සිටින දරුවන් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙයි නම් රටේ ජාතියේ අනාගත චිත්‍ර ගැන සැක සංකා ඇතිවීම ස්වාභාවිකය.

ළමා මන්දපෝෂණය ගැන පර් යේෂණ පැවැත් වූ විශේෂඥ වෛද්‍ය කෞශල්‍යා කස්තුරිආරච්චි මහත්මිය සඳහන් කළ තොරතුරු අනුව ළමා මන්දපෝෂණය උග්‍රව ඇත්තේ කොළඹ මහ නගර  සභා බල ප්‍රදේශයෙනි. අධික ජන ගණත්වයක් ඇති කොළඹ නාගරික බල ප්‍රදේශයේ බහුතර දරුවන් මන්දපෝෂණයෙන් පෙළීමට හේතු ගණනාවක් හඳුනාගත හැකිය. නාගරික දුප්පත්කම, මූලික සෞඛ්‍ය  හුරුපුරුදුකම් ගැන ඇති නොදැනුවත්කම, දෙමව්පියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, අධ්‍යාපනයේ ඌනතා ආදිය මෙහිදී ඉදිරිපත් වන ප්‍රධාන හේතු හා සාධකය.

මෙකී සමීක්ෂණ වාර්තාව තවදුරටත් අධ්‍යයනය කරන විට සඳහන් කර ඇත්තේ මෙම තත්ත්වයේ වර්ධනයක් දක්නට ලැබෙන වගය. එසේම මන්දපෝෂණය සහිත අඩු බර දරු උපත් විශාල ගණක් නිතිපතා සිදුවන බවද පවුල් සෞඛ්‍ය කාර්යාංශ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. පසුගිය වසරේ සියයට 15.3 ක් ලෙස පැමිණි අඩු බර දරුවන් සංඛ්‍යාව මෙම වසරේදී සියයට 17ක් දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙයි.

අඩු බර දරුවන් සේම අඩු බර දරු උපත් ගණනද ඉහළ ගොසිනි. 2022 වසරේ සියයට 14.5%ක් වූ අඩු බර දරුවන් ගණන මේ වසරේ සියයට 15ක් දක්වා වර්ධනය වී තිබේ. දරුවන්ගේ පමණක් නොව අඩු බර සහිත දෙමව්පියන්ද නාගරික බල ප්‍රදේශයේ වාසය කරන බවත් එම දෙමව්පියන් රක්තහීනතාව (ලේ අඩුකම) වැනි පෝෂණය සම්බන්ධ රෝගාබාධවලින් පීඩා විඳින්නන් වගත් දැක්වෙයි.

අගනුවර මන්දපෝෂණය වර්ධනයට සාපේක්ෂව ප්‍රාදේශීය වශයෙන් ද මෙම තත්ත්වය දක්නට ලැබෙයි. මෙරට පවුල් ලක්ෂ 47ක් පමණ සමෘද්ධි අස්වැසුම හෝ වෙනත් සහනාධාර ක්‍රමයකින් ජීවිකාව නෙ යයි. ඒ බොහෝ දෙනාගේ ආදායම් මට්ටම අනුව  ඔවුනු සිටින්නේ දරිද්‍රතා රේඛාවෙන්  පහළම මට්ටමේය. එවන් පවුල්වල වැඩිහිටියෝත් මෙන්ම  දරුවෝත් මන්දපෝෂණයේ ගොදුරු බවට පත්ව සිටිති.

පසුගිය  කාලයේ පැවති ආර්ථික අර්බුදය හා කෝරෝනා වසංගතය නිසාද රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නය ඔඩු දිව්වේය. විශේෂයෙන් ජනතාවට පෝෂ්‍යදායි ආහාර සපයා ගැනීම දුෂ්කර තත්ත්වයට පත්ව ඇත. මෑතකදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය එක්ව පැවැත්වූ ලෝක ව්‍යාප්ත සමීක්ෂණයේදී අනාවරණය වූයේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 55ක් හෙවත්  ලක්ෂ 123ක් පමණ ක්ෂේත්‍ර ගණනාවකින් බරපතළ අවදානමකට ලක්ව සිටින වගය.

මෙම ජන සංඛ්‍යාවෙන් ලක්ෂ 60ක් පමණ දැඩි ආහාර අනාරක්ෂිත බවකින් පෙළෙන්නේ යැයි ද අදාළ වාර්තාව කියයි. මෙලෙස ආහාර අනාරක්ෂිතතාවට ආර්ථිකමය වශයෙන් රට තුළ පවතින අධික උද්ධමනකාරී තත්ත්වය ද බලපා තිබේ. පුත්තලම දිස්ත්‍රික්කය ලංකාවේ ආහාර අවදානම අධික දිස්ත්‍රික්කය බව ඔක්ස්ෆර්ඩ් වාර්තාව පවසයි. එහි ප්‍රතිශතය සියයට 71.8ක් මඩකපුව, නුවරඑළිය, වව්නියාව, කිලිනොච්චි, අම්පාර දිස්ත්‍රික්කයන්ද ආහාර අවදානම සහිත සෙසු දිස්ත්‍රික්කයෝය. මෙම ප්‍රදේශවල අවදානම සියයට 63කි. ඒ අතර ආහාර හා සෙසු අවදානම් අඩුම දිස්ත්‍රික්කය ලෙස ඔක්ස්ෆර්ඩ් වාර්තාව පෙන්වා දෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයයි. එහි  අවදානම් ප්‍රතිශතය සියයට 41.5කි.

විශේෂයෙන් ආහාර අනාරක්ෂිත බව මන්දපෝෂණය අඩු බර දරු  උපත් ආදිය වැඩිපුර වාර්තා වන්නේ ග්‍රාමීය ප්‍රාදේශවලිනි. ග්‍රාමිය ණයගැති භාවය හා දුප්පත්කම විසින් මෙම තත්ත්වය නිර්මාණය කරන ලද බව කීම වඩාත් නිවැරැදිය. ආහාරපාන සපයා ැනීම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම හා අධ්‍යයන අවශ්‍යතා ඉටුකර ගැනීම යන හේතු සඳහා ණය වී සිටින්නන් සංඛ්‍යාව සියයට 33.4කි. එසේම පිරිසුදු පානීය ජලය සපයා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින්නන් සංඛ්‍යාත්මකව ගත් කළ රටේ සමස්ත ජනහනයෙන් සියයට 35.6ක් නියෝජනය කරන වග ඔක්ස්ෆර්ඩ් සමීක්ෂණ වාර්තාව වැඩිදුරටත් කියයි. මන්දපෝෂණය සෘජුව සමාජයට දැනෙන පෙනෙන ප්‍රශ්නයක් නොවේ.

එහෙත් දරුවන් අතර පැතිර පවත්නා උග්‍ර මන්දපෝෂණ තත්ත්වයට  වහා පිළියම් යෙදීම අත්‍යවශ්‍ය කරුණකි. දරු පරපුරට රටේ අනාගතය බාර දෙන්නට සුදානමින් කල් බලන වැඩිහිටි පරපුරටත් වඩා මේ අර්බුදයට විසඳුම් ලබාදිය හැක්කේ රාජ්‍ය ප්‍රතිපත්තිසමය තීරණ මගිනි. ඒ සඳහා ප්‍රතිපත්ති හා සැලසුම් කොපමණ තිබුණත්  ඒවා නිසි ලෙස ක්‍රියාවට නැංවීම වගකිවයුත්තන්ගේ යුතුකමකි. වගකීමකි. නොඑසේනම් මන්දපෝෂණය ගැන කතා සාප්පු පැවැත්වීමෙන් පමණක් මෙම උග්‍ර සමාජ අර්බුදය නොවිසඳෙන බව සඳහන් කරනු වටී.

(***)



අදහස් (0)

උග්‍ර සමාජ අර්බුදයකට පාර කපන මන්දපෝෂණය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 276 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1204 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 586 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1790 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1332 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site