ආරියදාස ආලෝචනා - 1
කලාකීර්ති විජේතුංග කරුණාරත්න එඩ්වින් ආරියදාස මහතා, දින කිහිපයකට ඉහතදී දිවිගමනින් සමුගෙන නික්ම ගියේය.
ජනමාධ්‍ය ක්ෂේත්‍රය මූලික කරගනිමින් සේවයට බට ආරියදාස මහතා පුවත්පත් කලාවේදියකු, ජනමාධ්‍යවේදියකු, ද්විභාෂික උගතෙකු, විචාරකයෙකු, පරිවර්තකයකු, දේශකයෙකු වශයෙන් සේවයේ නියුතු වූයේය. ආරියදාස මහතා හෙඹවූ විවිධ භූමිකා පිළිබඳව ප්‍රමාණික විද්වතුන්ගේ මත සහ මතක විමසුමකි.
කොළඹ විශ්වවිද්‍යාලයේ, සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා(පුවත්පත් කලාවේදියෙකු වශයෙන් සහ භාෂා භාවිතය සම්බන්ධයෙන්)
පුවත්පත්කලාවේදියකු වශයෙන් එඩ්වින් ආරියදාස මහතාගේ භූමිකාව විමසනවිට පැහැදිලිව පෙනෙන දෙයක් තමයි, ඉංග්‍රීසි සහ සිංහල භාෂා විෂයන් පිළිබඳව එතුමාට තිබුණු හැකියාව. පුවත්පත්කලාවේදියකුට තිබිය යුතු විශිෂ්ටම හැකියාව ලෙස මා හිතන්නේ බස හැසිරවීමේ හැකියාවයි. 1949දී පමණ ලේක්හවුස් ආයතනයට බැඳෙනකොට ලංකාවේ පුවත්පත් කලාවේදීන්ගේ පරපුරත් එක්කයි එතුමා එකතුවෙන්නේ. ඒකාලේ පියසේන නිශ්ශංක වැනි විශිෂ්ට ගණයේ පත්‍රකලාවේදීන් ලේක්හවුස් ආයතනයේ හිටියා. මාර්ටින් වික්‍රමසිංහගේ ඇසුර ලැබූ පත්‍රකලාවේදීන් ඇසුරෙහියි එතුමා තමන්ගේ පුවත්පත් කලාවේදී භූමිකාව ආරම්භ කරන්නේ. ඉංග්‍රීසි සහ සිංහල භාෂා ඉතාම හොඳින් හැසිරවීමට හැකි නිසා ඔහු පත්‍රකලාවේදියකු ලෙස සිංහල භාෂාවට අවශ්‍ය වාග්කෝෂය නිපදවාගන්නවා.
මහාචාර්ය සඳගෝමි කෝපරහේවා |
ලේක්හවුස් ආයතනයෙන් ප්‍රකාශයට පත්කරවූ, ‘නවයුගය’ සඟරාව 60 දශකයේදී විශාල ජනප්‍රියත්වයක් තිබුණු සඟරාවක්. මා පාසල් යන කාලයේ කියෙවූවෙත් ඒ සඟරාව. පසුව එය ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත්පතක් වුණා. එතුමා අලුත් වදන් රාශියක් නිපදවූවා. චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් වැදගත් විද්‍යා ලිපි පළකළා. ඒවායේ විද්‍යාව පමණක් නෙවේ, සාහිත්‍ය, සමාජය, දේශපාලනය, ජාත්‍යන්තර සම්බන්ධතා වැනි විෂය පථයන් ගණනක කරුණු ඇතුළත් වුණා. සාමාන්‍යයෙන් පත්‍රකලාවේදීන් දකින්නෙ එක විෂයක් පමණයි. එඩ්වින් ආරියදාස මහතා සාහිත්‍ය විෂය පමණක් නෙමෙයි සමකාලීන දේශපාලනය, තාක්ෂණය, පරිගණකය වැනි අංශ ගැනත් දැනගෙන හිටියා.
පත්‍රකලා භූමිකාවේදී ඔහු කළ වැදගත් ලක්ෂණයක් වන්නේ, මුද්‍රිත සන්නිවේදනයට භාෂාවක සකස් කරගැනීමයි. සඟරා, පුවත්පත්, ලිපි රචනයට උචිත භාෂාවක සකසාගන්න එතුමාට පුළුවන් වුණා. 1980 දශකයේදී ලංකාවේ පරිගණක තාක්ෂණය ව්‍යාප්ත නොවූ සමයක පවා ඔහු ‘අන්තර්ජාලය’ වැනි වදන භාවිත කළා. විද්‍යුත් මාධ්‍ය සඳහා අවශ්‍ය කරන ‘සජීවිකරණය’ වැනි වදන් නිපදවා ගැනීමට ඔහුට හැකිවුණා. ජනසන්නිවේදනය කියන විෂය, ජනමාධ්‍ය කලාව සිංහල භාෂාවෙන් ඉගැන්වීම සඳහා අවශ්‍ය කරන අලුත් බස් වහරක්, පාරිභාෂික පද සකසගන්න එතුමාගෙන් විශාල සේවයක් වුණා, කැලණිය, කොළඹ ඇතුළු විශ්වවිද්‍යාල ගණනාවකට. වෘත්තීය පත්‍ර කලාවත්, ශාස්ත්‍රීය විෂයන් ලෙස ජනසන්නිවේදනය ගොඩනැංවෙනකොට එතුමාට තිබුණා, ඒ කෙරේ වූ පුහුණුවක්. ලංකා විශ්වවිද්‍යාලයේදී භාෂා හැදෑරීමෙන් ලද පුහුණුවයි ඒ. සුදුසු වදන් මාලාවක් තමන්ගේ අදහස් සන්නිවේදනයට යොදාගත්ත නිසා හොඳ දේශකයෙකුත් වුණා. 90 විය ඉක්මවා සිටි අවධියක සිටියදී පවා සරලව සහ පැහැදිලිව සිංහල භාෂාව හැසිරවීමට ඔහුට හැකිවුණා. මේ රටේ ජනමාධ්‍ය හා පත්‍රකලාවේ නියැලෙන්නන් විසින් අමතක කරන, නොසලකා හරින සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙහිම ප්‍රවීණතාව පිළිබඳ වර්තමානයට හොඳම ආදර්ශය එඩ්වින් ආරියදාස මහතා. ඔහුට කළ හැකි විශිෂ්ට ම ගෞරවය වන්නේ එම භාෂා දෙකම හැසිරවීමෙහි සමත් ජනමාධ්‍යවේදීන් පිරිසක් බිහිකරලීමයි. ජනමාධ්‍ය පිළිබඳ කෙතරම් කරුණු දැනගෙන හිටියත් මේ භාෂා හසුරුවන්න බැරි නම් ඔහු/ඇය හොඳ සන්නිවේදකයකු වන්නේ නැහැ”
කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ විශ්‍රාමික මහාචාර්ය මාපා තිලකරත්න (මාධ්‍ය භූමිකාව සම්බන්ධයෙන්)
“ එඩ්වින් ආරියදාස මහතා මගේ ගුරුවරයෙක්. තොරතුරු දැනගන්න රූපවාහිනී හෝ අන්තර්ජාල පහසුකම් තිබුණෙ නැති කාලයක ඔහු හිටියෙ. එහෙම වුණත්, ලෝකෙ තොරතුරු ගැන පුදුම දැනුවත්කමක් තිබුණා. මාධ්‍ය ව්‍යාප්තියක් ලංකාවේ නොතිබුණ කාලේ රොයිටර් පුවත් ගැන දැනසිටියා.
විශ්‍රාමික මහාචාර්ය මාපා තිලකරත්න |
ඔහු උගන්වන ශෛලිය හරිම පැහැදිලියි. ආකර්ෂණීයයි. නිතරම වටපිට බලමින් ඉගැන්නුවේ. සිනහව කොයි මොහොතකවත් ඔහුගෙ මුවින් ඉවතට ගියේ නැහැ. සිසුන්ට ඉතාම ආදරය කළා. කිසිදිනක කිසිම කෙනෙකුට ඔහු රවලා, බැණලා නැහැ. ඔහු කෙනෙක්ව අමතන්න පාවිච්චි කළේ, මනුෂ්‍යයා කියන වචනය. ‘කොහොමද මනුෂ්‍යයා’ කියලා කතාකළේ. ඔහු කියූ තවත් වචනයක් තමයි, ‘හිතාලා-මතාලා’. ඒ වගේම ‘තරුණයා කාලේ’ (තරුණ කාලේ කිව්වේ නැහැ) කියන වචනය ඔහු යොදාගත්තා සාමාන්‍ය කතාව්‍යවහාරයේ දී.
එඩ්වින් ආරියදාස සර්ගේ ඇඳුම ගැනත් යමක් කියන්න ඕනෙ. එකම රෙද්දෙන් මැසූ කබායක් සහ කලිසමක් ඔහුට තිබුණා. එය හැර වෙන ඇඳුමක් ඇන්දේම නැතිතරම්. තමන් ඇඳ පැළඳ එන ස්වාභාවික ආකාරය පිළිබඳව නිශ්චිත තීරණයක් ඔහුගේ හිතේ තිබුණා.
1976 ගණන්වලදි විතර කැලණිය විශ්වවිද්‍යාලයේදී දේශනවලට එන ඔහු, සිසුන් එක්ක පවා ආපනශාලාවේදී ආහාර ගත්තා. සිසුන් තුළ ඔහු ගැන ගෞරවයක් තිබුණා. මාධ්‍ය හැදෑරුවෙ නැති සිසුන් පවා ඔහුව ඇසුරු කළා. වර්තමානයේ වගේ තමාට අයත් විෂය පමණක් දැනගෙන පැත්තකට වෙලා ඒකාලේ සිසුන් හිටියෙ නැහැ. අදාළ නොවන විෂයන්වල ආචාර්යවරුන් පවා ඇසුරු කළා. විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ පාඨමාලා සැකසීමේ සිට විෂය නිර්දේශ සැකසීම් දක්වා සහ ඉන් එහා විශාල කොටසක් ආරියරත්න මහතාගෙන් සිදුවුණා.
අනාගත සන්නිවේදන ඉසව් පිළිබඳව ඔහුට ඉතාම පුළුල් දැක්මක් සහ විශ්වාසයක් තිබුණා. ඔහු ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධවුණා. අනාගතය, විද්‍යා දැනුම සම්බන්ධයෙන් ආරියදාස මහතා පළ කළ අදහස් ඉතා වැදගත් වුණා. ඔහු ලියූ එක්තරා ලිපියකදී සඳහන් කර තිබෙනවා බයිසිකලයෙන් ගොස් පත්තර බෙදාහැරියත් අනාගතයේදී, ගෙවල්වලට හෙලිකොප්ටරයෙන් පත්තර ගෙනත් දෙන තැනක් දක්වා තාක්ෂණය අනාගතයේ දියුණු වෙයි කියල. ඔස්ට්‍රියාවෙදි මට මේ ස්වරූපය දැකගන්න පුලුවන් වුණා. පත්තර බෙදීම නොවුණත්, ඒ රටේ අසනීපයකදි හදිසියකදි අදාළ නිලධාරින්ට කතාකළාම ඔවුන් හෙලිකොප්ටරයක් නිවසට එවලා, රෝගීන්ව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකරන සේවාවක් ක්‍රියාත්මක කරනවා.
මිනිසුන් අතරට පුවත්පත් යන්නේ කොහොමද, පුවත්පතකින් වුණු කාර්යභාර්ය සහ මුල්පිටුවේ වැදගත්කම පිළිබඳව ඔහුට වැටහීමක් තිබුණා. පාඨකයාගේ ඇස මුලින්ම යන්නෙ කොතනටද කියලා, ශීර්ෂපාඨවල වර්ණය, අකුරු ප්‍රමාණය, පින්තූරය යෙදිය යුතු තැන්, ප්‍රවෘත්තියේ වැදගත්කම අනුව අකුරු ප්‍රමාණය ලොකු පොඩි වන විදිය ආදිය ගැන ඔහු අධ්‍යයනය කරමින් ලබාගත් දැනුමක් තිබුණා.
ඒකාලේ දැනුම ලබාගන්න තරුණයන්ට විවිධ අවස්ථා, ස්ථාන තිබුණා. ආරියදාස මහතා ලේක්හවුස් ආයතනයේ සේවය කරන කාලය වනවිට, ලංකාවේ ගුවන් විදුලි අභ්‍යාස ආයතනයක්, මහජන පුස්තකාලය, සරසවි චිත්‍රාගාරය, චිත්‍රපට සංස්ථාව ආදිය තිබුණා. ලේක්හවුස් ආයතනයට පාසල් සිසුන් ආවම සර් මට පැවරුවා ඔවුන්ට කියාදෙන්න කියලා. එලෙසින් තමන්ගේ සිසුන්ව ක්‍රමයෙන් ඉලක්කගතව යොමුකළා. මට හොඳටම විශ්වාසයි සන්නිවේදන සහ තොරතුරු සම්බන්ධයෙන් ඔහු සිටි අවධිය වනවිට ඔහුව පරාජය කරන්න තරම් කිසිවෙක් ලංකාවේ හිටියෙ නැති බව. ”
කොළඹ විශ්වවිද්‍යාලයේ, සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා (දේශකයකු සහ ආචාර්යවරයෙකු ලෙස)
“එඩ්වින් ආරියදාස මහතාව මම දැනහඳුනාගත්තේ සමීපව ආශ්‍රය කිරීමට වාසනාව ලැබුවේ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකු හැටියට සිටි කාලයේ. ඒකාලයේ ලේක්හවුස් ආයතනයෙන් ධර්මසිරි ගමගේ මහතාගේ කතෘත්වයෙන් පළකෙරුණා ‘යොවුන් ජනතා’ කියලා පුවත්පතක්. ගමගේ මහත්තයා වටා හිටපු ඒ තරුණ කණ්ඩායමේ මමත් ඉදිරියෙන් හිටි කෙනෙක්. එතකොට ගමගේ මහත්තයාගේ මේ ‘පහන්වැට’ සංවිධානය දීප ව්‍යාප්ත වශයෙන් සාහිත්‍ය සම්මන්ත්‍රණ සංවිධානය කරලා, පවත්වාගෙන ගියා. සතියකට දෙකක්, මාසෙකට පහක් හයක් වශයෙන් ලංකාවේ විවිධ විද්වතුන් එක්කාසු කරගත්තා මේ වෙනුවෙන්. ඒ හැම සම්මන්ත්‍රණයක ම සමාප්ති දේශනය ගමගේ මහත්තයා හැමදාම බාරදුන්නේ එඩ්වින් ආරියදාස මහතාට. සරච්චන්ද්‍ර මහතා පවා ‘ආරියදාස මහත්තයා දැන් කතාකරයිනේ අපේ අඩුපාඩුත් නැතිවෙලා යන්න’ කියලා කිව්වා. ඔහු හැමෝගෙම ගෞරවය දිනාගෙන අවසාන කතාව පැවැත්වුවෙ.
මහාචාර්ය සරත් විජේසූරිය |
තරුණ ප්‍රජාව අමතද්දි නිතරම අලුත යමක් කියන්න ඔහු උත්සාහ කළා. කලාව ගැන, සාහිත්‍ය ගැන, සන්නිවේදනය ගැන අලුත් දෙයක් කියන්න එතුමා සමත් වුණා. එතුමාගේ කතා කලාව ප්‍රසන්නයි. ආකර්ෂණීයයි. වචන පැකිලුණේ නැහැ. ‘ඒ... මේ... ආ... ඇත්ත වශයෙන් ම’ වැනි වචන ආරියදාස මහතාගේ කතා ශෛලියේ තිබුණේ නැහැ. කරාමයක් ඇරියා වගේ නිරවුල්ව, නිවැරදිව, ව්‍යක්තව, පැහැදිලිව දිගහැරුණු එතුමාගේ කතා විලාසය ඇසිපිය නොහෙළා බලා ඉන්න තරම් ප්‍රියමනාපයි. එතුමා කතාකරනවිට, උත්ප්‍රාසනීයව අදහසක් ඉදිරිපත් කරනවා. ප්‍රසන්න සිනහවක් පානවා. එනිසා එතුමා කාටත් ප්‍රියමනාප දේශකයෙකු වුණා.
එඩ්වින් ආරියදාස මහතා සමඟ ලංකාවේ හුඟක් තැන්වල මට ඇවිදින්න ලැබුණා. මොකද එතුමාව කැඳවාගෙන යනකොට, ගමගේ මහත්තයා කොහොමහරි විශේෂ වාහනයක් පිළියෙළ කරනවා එතුමාව එක්කගෙන එන්න, ඇරළන්න. මට තමයි පැවරුණේ එතුමාව එක්කගෙන ඒම සහ ඇරළීමේ කටයුත්ත. මගේ ජීවිතේ මම අසාමාන්‍ය දේවල් මම එතුමාගෙන් ඉගෙනගත්තා. විශ්ව දැනුම ඇතුළු ඥානයටත් වඩා මම එතුමාගෙන් ඉගෙනගත්ත දේ තමයි නිහතමානීව මනුස්සයෙක් තවත් මනුස්සයෙකුට වයස, තරාතිරම, මට්ටම නොබලා ගෞරවණීය ලෙස සලකන ආකාරය, ලෙන්ගතු වන ආකාරය. ඒක තමයි එතුමාගේ චරිතයේ තිබුණු ප්‍රසන්න, වැදගත් ලක්ෂණය. මං හිතන්නෙ ඒ ගුණය නිසාම තමයි එතුමා දීර්ඝායුෂ වින්දේ.
විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් එතුමා අද්විතීය සේවාවක් ඉටුකළා. මොකද ජනසන්නිවේදනය කියන විෂය හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූයේ එතුමා. ඔහුගේ සේවය, සම්පත් දායකත්වය, ඒ විෂය උගන්වන විශ්වවිද්‍යාලවලට අනිවාර්යෙන් ම අවශ්‍ය වුණා. එතුමාට තරම් න්‍යායාත්මක කාරණා පොතක් පතක් බලන්නැතිව, පිටු පෙරළන්නෙ නැතිව බුද්ධියෙන් පැය දෙක තුනක් වුණත් දේශනයක් පැවැත්වීම ගැන පරිචයක් ඒ ඒ විෂය ගැන කිසිවෙකුට තිබුණේ නැහැ. එතුමා සන්නිවේදනය ගැන පවත්වපු දේශනයේ තිබුණා විශ්වදැනුම. සන්නිවේදකයකු හැටියට නිතරම අලුත් දැනුම හොයාගන්නෙ කොහොමද කියන එක, ඒ දැනුම මොන ආකාරයටද ජනතාවට ප්‍රසන්න විදියට ඉදිරිපත් කරන්නෙ කියන එක. ඒ විදියට එතුමා විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් පරම්පරා ගණනාවකට තමන්ගේ ශාස්ත්‍රීය දැනුම ලබාදුන්නා. එතුමාගෙ සරසවි පන්ති සගයා තමයි ආචාර්ය සිරිගුණසිංහ. එතුමා මොනවිදියෙ තැනකින්ද ජීවිතය පටන්ගත්තෙ කියලා ඒකෙන් හිතාගන්න පුලුවන්.
ආරියදාස මහතා ද්විභාෂික උගතෙකු පමණක් නෙවේ, පාලි, සංස්කෘත පවා ඉගෙනගෙන තියෙනවා. ඒවයින් තමයි ඔහුගේ ව්‍යක්ත බව සැකසුණේ. අවසාන දවස්වල පවා විශ්වවිද්‍යාලවල සම්පත් දායකයෙකු හැටියට සහභාගී වුණා. මොකද එතුමාට විකල්පයක් තිබුණේ නැහැ. එතුමාගේ ගුරු භූමිකාව සදා අනුස්මරණ, අසමසම භූමිකාවකුයි සිසුන්ට දැනුම ලබාදෙද්දි පෙන්නුම් කළේ. කිසියම් සිසුවෙකු ශාස්ත්‍රීය කටයුත්තක යෙදෙමින් සිටියදී ආරියදාස මහතාගේ උපදෙස් ඉල්ලගෙන පැමිණියොත් ඒ උපදෙස් එහෙං මෙහෙං අතපත ගාලා දුන්නෙ නැහැ. පතුලටම කිමිදිලා අවශ්‍ය මූලාශ්‍ර සඳහන් කරලා, ලියල දීල, ඒවා හොයාගන්න පුලුවන් තැන් කියා දීලා, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති දේවල් සිංහල බසට පරිවර්තනය කරලා, ළමුන්ට උදව් පදව් කරපු ගුරුවරයෙක්. යම්කිසි විද්‍යාර්ථියෙක් යමක් ලියලා දුන්නොත්, බලන්න වෙලාව නෑ කියල කිසිදාක කියල නැහැ. පළවෙනි අකුරෙ සිට අවසාන අකුර දක්වා සියලු දේවල් බලල නිවැරදි කරල දෙනවා. එනිසා ඔහු පුවත්පත් ආයතනයක නෙමෙයි සේවය කරන්න තිබුණේ විශ්වවිද්‍යාලයක. විශ්වවිද්‍යාලයකට මානව සම්පතක් ලෙස වටිනා චරිතයක් ලෙසයි මම එඩ්වින් ආරියදාස චරිතය දකින්නේ. ”
(මතු සම්බන්ධයි)
සංවාදය - ඩිල්ෂානි චතුරිකා දාබරේ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ඔහු ඉන්න තිබුණේ විශ්වවිද්‍යාලයක’
සංඛ මෙවන් හේරත් Thursday, 28 January 2021 02:14 AM
මෙය සතිපතා පළවෙනවා දැයි දැනගන්නට කැමැත්තෙමි. මෑත කාලයේ ඔහු කළ කී දෑ දැනගැනීමට අවැසිනම්, මා සම්බන්ධ කරගන්න..