IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කෝනේෂ්වරන් අර්බුදයේ අගමුල

 

දමිල ජාතික සන්ධානයේ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජාවරෝදායම් සම්පන්දන් 2022 සැප්තැම්බර් 14 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දේශපාලනික වශයෙන් වැදගත් ලිපියක් ලිව්වේය.

එහි ප්‍රවීණ දමිල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වර්තමාන රජය යටතේ ක්‍රියාත්මක කරනු ලබන දමිල ජාතිකයන්ට බලපාන සවිස්තරාත්මක කරුණු කිහිපයක් මතු කර පෙන්වූයේය.

මේවා අතර ප්‍රධාන කරුණක් වූයේ ශිව දෙවියන්ට කැප කොට ඇති ත්‍රිකුණාමලයේ තිරුකෝනේස්වරම් දේවාල පරිශ්‍රය ඇතුළත අලුත් මාර්ගයක් ඉදිකිරීමට ගෙන ඇති පියවරයි.
ශ්‍රී ලාංකීය ජනාධිපතිවරයාට යොමු කොට ඇති දමිල නායකයාගේ ලිපියෙන් උපුටාගත් කොටසක් පහත දැක්වේ.
“මෑත දිනවල යෝජනා වී ඇති කරුණු කිහිපයක් මම ඔබේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.

තිරුකෝනේස්වරම් කෝවිල පිහිටා ඇත්තේ ෆෙඩ්රික් කොටුව ඇතුළතය. ඊට ඇතුළු වන්නේ කොටුවේ ඉදිරිපස ඇති ප්‍රධාන ගේට්ටුවෙනි. දශක කිහිපයකට පෙර ෆෙඩ්රික් බලකොටුවේ කොටසක පදිංචිව සිටි යුද හමුදා නිලධාරීහු ඔවුන් පදිංචිව සිටි කොටසේ බුදු පිළියමක් ඉදිකළහ. තිරුකෝනේස්වරම් වැඳ පුදා ගැනීමට එන ජනයාත්, බුදුන් වැඳීමට එන ජනයාත් ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වී වැඳ පුදාගත්තෝය. බුදුන් වැඳීමටත් තිරුකෝනේස්වරම් වැඳීමටත් පිවිසීම සඳහා වූ වෙනත් මගක් නොවීය.

මෑත දිනවල බුදු පිළිමය වන්දනාමාන කරගැනීමටත්, එතැන් සිට තිරුකෝනේස්වරම් වැඳ පුදා ගැනීමටත් අලුත් පාරක් විවෘත කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. එම පාර අනවශ්‍ය වූවක් වන අතර, එය ඉදිකිරීමේ ප්‍රතිඵලයක් ලෙස එම පාරට සමීප ඉඩම් බලෙන් අත්පත් කරගැනීම සිදු විය හැකිය. ඒ හේතුවෙන් තිරුකෝනේස්වරම් කෝවිලේ සහ බුදු පිළිමයේ සැදැහැවත් බව හා පූජනීයත්වය කෙලෙසී යා හැකිය.

වසර කිහිපයකට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් රත්නපුරයේ වෙළෙඳුන් කිහිප දෙනකු ගෙන්වා කෝනේස්වරම් වෙත යන පාරේ කඩ ඉදිකර දීම නිසා මෙම ප්‍රදේශයේ සැදැහැවත් බවටත්, පූජනීයත්වයටත් හානි සිදු වූයේය.

ඒ අය ඔවුන් ඉදිකළ තාවකාලික ඉදිකිරීම් තුළ මස් මාංශ පිසීම සිදු කළහ. මෙම පුද්ගලයන් මේ ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණයක් ගන්නා ලද නමුත් එම තීරණය ක්‍රියාත්මක නොවීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ යැයි කියා ගන්නා පිරිසක් එම ප්‍රදේශයට පැමිණ ඇති බව මට දැනගන්නට ලැබිණි. ඔවුන්ට යම් සැලැසුමක් තිබෙන්නට පිළිවන. මෙයින් සිදු වීමට ඉඩ ඇත්තේ අයහපතක් පමණි.

බුදු පිළිමය දක්වා යොමු වී කෝනේස්වරම් දක්වා පැත්තකින් පිවිසෙන පරිදි ඉදිකිරීමට යෝජිත මාර්ගයේ කටයුතු නවතා දමන ලෙස මම කාරුණිකව ඉල්ලමි.”

ඉහත සඳහන් සම්පන්දන්ගේ අභියාචනයෙන් තර්ක කරනුයේ, කෝවිලේ පූජනීය බව හා පෞරාණිකත්වය ආරක්‍ෂා කළ යුතු බවටයි. මෙම කාරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යම් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබේ.

ජනාධිපතිවරයා මුලසුන දරන සංහිඳියාව සම්බන්ධ කැබිනට් අනු කමිටුව මෙම කාරණය සාකච්ඡාවට ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස කෝනේස්වරම් කෝවිලට සම්බන්ධ විවාදාත්මක පියවර අත්හිටුවා තිබේ.

කෝනේස්වරම් කෝවිලේ මෙන්ම උතුරු නැගෙහිර පළාත්වල වන්දනාමාන කරන ස්ථාන සම්බන්ධයෙන් පවතින වෙනත් ගැටලු විසඳීමේ කාර්යභාරය හා වගකීම කැබිනට් අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ සහ ඩග්ලස් දේවානන්ද හට පැවැරීම ද එහිදී සිදු විය.
මේ වන විට ඒ සම්බන්ධයෙන් නිහඬතාවක් පැවැතිය ද එහි ප්‍රතිඵලය කෙසේ වේ දෝයි මේ අවස්ථාවේ මැන බැලිය හැකි නොවේ.

ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය

කෙසේ වුව ද කෝනේස්වරම් කෝවිල පිළිබඳ ප්‍රශ්නයෙන් අතීතයේ හටගත් මතභේදාත්මක තත්ත්වය සිහියට නැගේ. කෝවිල පිහිටි පරිශ්‍රය පූජනීය ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රශ්නය එකල ද කැපී පෙනෙන අයුරින් මතු වූයේය.
එකී මතභේදයේ ප්‍රතිඵලයක් ලෙස දමිල කැබිනට් අමාත්‍යවරයෙක් ආණ්ඩුවෙන් ඉල්ලා අස් වූයේය. එම ප්‍රශ්නයට මැදි වූ අමාත්‍යවරයා නම්, හිටපු සොලිසිටර් ජනරාල්වරයකු හා සෙනෙට් මන්ත්‍රීවරයකු වූ මුරුගේසන් තිරුචෙල්වම්ය. 
එවකට 1965 සිට 1968 දක්වා ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වූයේ ඔහුය.
සුප්‍රසිද්ධ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ (TULF) හිටපු මන්ත්‍රීවරයා වූත්, කෘතහස්ත ව්‍යවස්ථාමය නීතිඥවරයකු වූත් ආචාර්ය නීලන් තිරුචෙල්වම් මුරුගේසන් තිරුචෙල්වම්ගේ වැඩිමල් පුත්‍රයාය.

1967 උපත ලද ඔහු 1976 නොවැම්බර් 23 දින අභාවප්‍රාප්ත වූයේය.1965-70 ඩඩ්ලි සේනානායක නායකත්වය දැරූ රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය ඉහත කී ලෙස 1968 දක්වා දැරුවේ එම්. තිරුචෙල්වම් හෙවත්, එම්. තිරු හෙවත්, මුරුගේසන් තිරුචෙල්වම්ය. විධායක ජනාධිපති පදවිය නොතිබූ එම කාලයේ රජයේ ප්‍රබලතම නායකයා වූයේ අගමැතිවරයාය. අග්‍රාණ්ඩුකාරවරයා එළිසබෙත් මහරැජින නියෝජනය කළ බාරකරුවා විය.

එවකට ශ්‍රී ලංකාව ජනරජයක් නොවේ

නිදහසින් පසු අවධියේ, ඉතිහාසයේ පළමු වතාවට ඉලංගෙයි තමිල් අරසුකච්චි (ITAK) පාලක පක්‍ෂය සමග සභාගත විය. ඉංග්‍රීසියෙන් එම පක්‍ෂය හැඳීන්වූයේ ෆෙඩරල් පක්‍ෂය ලෙසයි.

ඩඩිලිගේ ජාතික රජයේ ෆෙප/ ITAK නියෝජනය කළේ තිරුචෙල්වම්ය. තිරුචෙල්වම් සෙනෙට් මන්ත්‍රීවරයකු ලෙස ද නම් කෙරිණි. සෙනෙට් මන්ත්‍රීවරයකුට කැබිනට් අමාත්‍යවරයකුගේ වරප්‍රසාද හිමි වූ අතර, ඔහු ඡන්දයෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවේ.

තිරුගේ පාර්ලිමේන්තු ලේකම් නැතහොත් කනිෂ්ඨ/ නියෝජ්‍ය අමාත්‍යවරයා ව‌ූයේ පසු කලෙක ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය දැරූ රණසිංහ ප්‍රේමදාසය. 

ඉතිහාසඥ සර් පෝල් ඊ. පීරිස්ට අනුව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ශිව දෙවියන්ට කැප කරන ලද පුරාණ කෝවිල් 5ක් තිබිණි. කෝනේස්වරම් නැතහොත් තිරුකෝනේස්වරම් යනුවෙන් නම් කළ සුප්‍රසිද්ධ හින්දු කෝවිල් පූජනීය ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කොට තිබිණි. ඒවා පංච ඊශ්වරම් නැතහොත් ඊශ්වරන් වාසස්ථාන 5ක් ලෙස නම් කෙරිණි. (ඊශ්වරන් යනු ශිව දෙවියාය.) ඒවා නම් නගුලේස්වරම්, කෙතීස්වරම්, කොන්ඩීස්වරම්, මුනීස්වරම් සහ කෝනේස්වරම්ය. අගමැති ඩඩ්ලි සේනානායක හා තිරුචෙල්වම් අමාත්‍යවරයා අතර ගැටුම හටගත්තේ කෝනේස්වරම් නැතහොත් තිරුකෝනේස්වරම් හින්දුන් උදෙසා පූජනීය ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙනි. එම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස තිරුචෙල්වම් අමාත්‍යවරයා ඉල්ලා අස්වූයේය.

ත්‍රිකුණාමලයේ කෝනේස්වරම් කෝවිල ඇත්තේ එම නගර මධ්‍යයේ පිහිටා ඇති කඳු ගැටයකයි. එම කෝවිල පෘතුගීසි ආණ්ඩුකාර කොන්ස්තන්තිනෝ දිසා නොරොඤ්ෙCoA විසින් 1623 දී විනාශ කරන ලදුව 20 වැනි සියවසේ නැවත ඉදිකරන ලදී. මුලින් පැවැති කෝනේස්වරම් කෝවිල කුලුනු 1000කින් සමන්විත වූවකි. එහි මුහුද ඇති දෙපැත්තේත්, මැදත් රාජගෝපුරම් 3ක් ඉදිකොට තිබුණු බව කියැවේ.

ශිව භක්තික, සාන්තුවර තිරු ඥානසම්පන්තර් කෝනේස්වරම් කෝවිලට බුහුමන් පිණිස ක්‍රි.ව. හයවැනි සියවසේදී දේවස්තෝත්‍ර ගීතිකා පද බැඳි බව සඳහන් වීමෙන් පෙනී යන්නේ එම දේව කෝවිලේ පෞරාණික බවයි. ටිබෙට් දේශයේ කෛලාසකූඨ පර්වතයේ ශිව දෙවියන් හා පාර්වතී දේවිය එම ප්‍රදේශය වාසභූමිය කොට වැඩ වසන බව හින්දුවරු විශ්වාස කරති. ඇතැම්හු දක්‍ෂිණ කෛලාසකූඨය ලෙස කෝනේස්වරම් හඳුන්වති.

පෘතුගීසිහු කෝවිල වනසා දැමූ පසු කෝවිලේ නශ්ඨාවශේෂ පැවැති පර්වතයේ බලකොටුවක් ඉදිකළහ. පසු කලෙක බලකොටුවේ පාලනය ඕලන්දක්කාරයන් අතටත්, ඉන් පසු බ්‍රිතාන්‍යයන් අතටත් පත්වූයේය. එය ෆෙඩ්රික් බලකොටුව යනුවෙන් නම් කළේ බ්‍රිතාන්‍යයන්ය.

1968 අගොස්තු මාසයේ මුල හරියේදී හින්දු සංවිධාන නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ හින්දුවරු කිහිපදෙනෙක් අගමැති ඩඩ්ලි සේනානායකට හා රජයේ හින්දු අමාත්‍යවර තිරුචෙල්වම්ට කෝනේස්වරම් කෝවිල සම්බන්ධයෙන් ලිපියක් යොමු කළහ. කෝනේස්වරම් කෝවිල ෆෙඩ්රික් බලකොටුව පරිශ්‍රයේ පිහිටි නිසා එම ප්‍රදේශය පූජනීය ප්‍රදේශයක් වශයෙන් නම් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. යම් විශේෂිත ප්‍රදේශයක් පූජා භූමි ප්‍රදේශයක් ලෙස හඳුනා ගැනීම හා ප්‍රකාශයට පත් කිරීමේ විෂය පථය අයත්ව තිබුණේ එවකට ස්වදේශ කටයුතු බාර අමාත්‍යාංශයටයි.

ආර්. ප්‍රේමදාස මුලසුන දරන කමිටුව

සුහදශීලි බව පෙන්නුම් කළ අගමැති ඩඩ්ලි සේනානායක තමාගේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය. එම නිසා තිරුචෙල්වම් අමාත්‍යවරයා ඔහුගේ නියෝජ්‍ය ආමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මුලසුන දරන ත්‍රිපුද්ගල කමිටුවක් ඒ සඳහා පත්කළේ එම කාරණය පිළිබඳව සොයා බලා නිසි නිර්දේශ සහිත වාර්තාවක් තමා වෙත ඉදිරිපත් කරන ලෙස දන්වමිනි.

ත්‍රිකුණාමලයේ ෆෙඩ්රික් බලකොටුව පූජා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ කමිටුව 1968 අගෝස්තු 27 ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබූයේය.

දින තුනකට පසුව අගොස්තු 30 වැනිදා තමන්කඩුවේ පූජ්‍ය මාන්ගල්ලේ ධර්මකීර්ති ශ්‍රී දඹගසාරේ සුමේධංකර නායක තෙර ඊට විරෝධතාවක් අගමැති ඩඩ්ලි සේනානයක වෙත ඉදිරිපත් කළහ. තිරුචෙල්වම් අමාත්‍යවරයාගේ හිටපු පෞද්ගලික ලේකම් රාම් සුබ්‍රමනියම් පවසන පරිදි එම බෞද්ධ භික්‍ෂුව බෞද්ධයන් වන්දනාමාන කරන පුරාණ භූමියක් සිංහල හෝ බෞද්ධ නොවන අය අතට පත්වන්නට යන බව කියා සිටියේ එකී කමිටුව කෝනේස්වරම් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා පත්කර තිබූ බැවිනි. එම ව්‍යාපෘතිය වහාම නතර නොකළහොත් විරෝධය පතුරුවා හරින බවට ද තර්ජනය කෙරිණි.

බෞද්ධ භික්‍ෂුවගේ තර්ජනය නිසා අගමැති ඩඩ්ලි සේනානයක කලබලයට පත්විය. වහාම කමිටුව අත්හිටුවන ලෙස ඔහු තිරුචෙල්වම්ට කීවේය. ඒ සඳහා හදිසි නොවන ලෙස අගමැතිවරයාට කියා සිටි ඔහු කාරණය තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා සුදුසු වේලාවක් ඉල්ලා සිටියේය.

දඹදෙණියේ ආර්.ජී. සේනානායක

මෙසේ කටයුතු සිදු වෙන අතර ඩඩ්ලි සේනානායකගේ පළමු ඥාති සොයුරා වූ දඹදෙණිය පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ජී. සේනානායක මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ මතු කළේය.

දමිලයන් හට කරදර කරන ආර්.ජී. එම දිනවල ත්‍රිකුණාමලයේ ක්‍රියාකාරීව රැඳෙමින් කියා සිටියේ ඔහු දිස්ත්‍රික්කය දෙමළුන්ගෙන් නිදහස් කර ගන්නා බවයි. ඔහු 1970 ත්‍රිකුණාමලයටත් ඊට අමතරව ඔහුගේ ආසයන වූ දඹදෙනියටත් එකවර තරඟ කළ අතර ආසන දෙකම පරාජයට පත් වූයේය.

ආර්.ජී. තම ඥති සොයුරු අගමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ෆෙඩ්රික් බල කොටුව හින්දු පූජනීය ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නට යන්නේ දැයි අසමින් දොස් පැවරුවේය. ඩඩ්ලි සිටියේ එසේ නොවේ යයි පවසන ස්ථාවරයේය. ඔහු එක හෙළා එය ප්‍රතික්‍ෂ්ප කළේය. ආර්.ජී. කමිටුව සම්බන්ධයෙන් විමසන විට ඩඩ්ලි කීවේ ඔහු කමිටුවේ ක්‍රියාකාරීත්වය අත්හිටු වූ බවත් එම කමිටුව ඇමැතිවරයා පිහිටුවන ලද්දේ තමා නොදැනුවත්ව බවත්ය. තමා වෙනුවෙන් කතා කරන්නට සෙනට් මන්ත්‍රීවරයකු වූ තිරුචෙල්වම් එවේලේ පාර්ලිමේන්තුවේ නොසිටියේය.


2022/11/22 Daily Mirror පත්‍ර​ෙය් පළවූ Murugeysen Tiruchelvam and Koneswarm Issue ලිපියේ පරිවර්තනය 
-
සමන් පුෂ්ප ලියනගේ

ඩී.බී.එස්. ජෙයරාජ් විසිනි



අදහස් (1)

කෝනේෂ්වරන් අර්බුදයේ අගමුල

මැක්ස් Friday, 30 December 2022 03:24 PM

කෝනේෂ්වරම් ඉතිහාසය හාරා අවුස්සන මෙම ලේඛකයාට ඊට ගොකණ්ණ විහාරයේ ඇති සබඳතාව මඟ හැරීම අහම්බයක්ද?

:       1       12

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37952 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site