IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ක්‍රමවේදයකින් තොරව සංවර්ධන වැඩ එපා

‘තමන් බංකොලොත්’ යැයි කීම තරම් ලජ්ජා සහගත අවමානයක් තවත් නැත. එහෙත් 2500 වසරක අභිමානවත් ඉතිහාසයක් සහිත පෙරදිග ධාන්‍යාගාරය, ධර්මද්වීපය මෙන්ම ඉන්දීය සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලි ලත්  නයන පිනවන මේ රන් දිවයින ‘අද බංකොලොත්’ යැයි මුළු ලෝකය හමුවේ  පිළිගත්තේය.

නොඑසේ නම් එසේ පිළිගැනීමට සිදුවූ පරිසරයක් නිර්මාණය විය. ආර්ථික අර්බුදය කෙතරම් බලවත් ද යත් ‘අභිමානවත් නිදහස් සැමරුම පවා කිරීමට හැකි වූයේ දහසක් බාධක මැදය. අප රට වැටී තිබෙන තැන සම්බන්ධයෙන් කිසිදු පුරවැසියකුට සතුටක් ඇති කර ගත නොහැකිය. 

අප රට මේ අඳුරු ප්‍රපාතයට වැටීමට හේතු වශයෙන් ජාත්‍යන්තරව ලැබෙන ආධාර අවශ්‍ය ව්‍යාපෘතිවලට යොමු කිරීම මෙන්ම අධික පොලියට ලබා ගන්නා ණය ඵලදායී නොවන සංවර්ධන ව්‍යාපෘතිවලට වැය කිරීම ද දක්වයි.

ඕනෑම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර එහි ඵලදායිතාව සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතුය. ඵලදායිතාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන්නේ නම් පමණක් එය ක්‍රියාත්මක කළ යුතුය.

ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කරන්නේ ද යන්න නිරීක්ෂණය කළ යුතුය. සැබැවින්ම එය ඇමැතිවරයාගේ කාර්ය භාරයක් නොවේ. නිලධාරීන් සිටින්නේ එයටය. මෙම නිලධාරීහු වූ කලි අඟහරු ලොවෙන් පාදූර්බූත වුවෝ නොවෙති.

ඔවුහු මහජනයාගේ බදු මුදලින් ඉගෙන එම බදු මුදලෙන්ම වැටුප් හා අනෙකුත් වරප්‍රසාද ලබන්නෝ වෙති. එහෙයින් තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමේ අත්හළ නොහැකි වගකීමක් ඔවුන්ට තිබේ. එහෙත් එම වගකීම එයට හිමි බරින් ගෙන ක්‍රියාත්මක වන්නේ කීයෙන් කී දෙනාද යන්න ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නය යළිත් අපට  නැගීමට සිදුව තිබෙන්නේ නවතම විගණන වාර්තාවක් හේතුවෙනි. 

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියකට අනුව නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 412ක් වැය කරමින් රට පුරා ක්‍රියාත්මක කළ  ව්‍යාපෘති රැසක් නියමිත කාලසීමාවේදී අවසන් කිරීමට අසමත්ව ඇතැයි විගණන වාර්තාවකින් හෙළිවී තිබේ. මෙම ව්‍යාපෘති අතර රුපියල් කෝටි 212ක් වැය කරමින් අරඹන ලද නගර සංවර්ධන ව්‍යාපෘති 52ක් පවතින අතර එයින් 45ක් නිසි කලට නිමා කිරීමට අසමත්ව ඇති බව ද එම විගණන වාර්තාවේ සඳහන්ය. මෙහි ඇති අනෙක්  විශේෂත්වය වන්නේ මෙම ව්‍යාපෘති 52න් හතරක වැඩ අවසන්ව නැති නමුත් ඒවාට ගෙවි යුතු මුදලටත් වඩා වැඩියෙන් ගෙවා තිබීමය. 

ඇමැතිවරු යති එති. එහෙත් නිලධාරීහු දිගටම සිටිති. අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් නිසි අවබෝධයක් සහිතව නිලධාරීන් කටයුතු කරන්නේ නම් ව්‍යාපෘතිවලට මෙම ඉරණම අත්වන්නේ නැත. ව්‍යාපෘති හතරක වැඩ අවසන් නැතත් ඒවාට ගෙවිය යුතු මුදලටත් වඩා වැඩියෙන් ගෙවා ඇත්නම් ඒ ඉහළින් ආ බලපෑමකට විය යුතුය. එහෙත් එවැනි බලපෑම්වලට යටත් නොවී සිටීමේ කශේරුකාව රාජ්‍ය නිලධාරීන්ට තිබිය යුතුය. සිස්ටම් චේන්ජ් කළ හැකි වන්නේ එබඳු කශේරුකාවක් සහිත නිලධාරීන්ට මිස චෞර වළල්ලේම අනුගාමිකයකු වී උකටලිව සිටින රාජ්‍ය නිලධාරීන්ට නොවේ. 

අප පුවත්පත උපුටා දැක්වූ විගණන වාර්තාවට අනුව ව්‍යාපෘති හතක වැඩ අවසන් කර තිබුණද ඒවාට කිසිදු මුදලක් ගෙවා නැත. එමෙන්ම ව්‍යාපෘති තුනක වැඩ ආරම්භ කිරීමටවත් කටයුතු කර නැතැයි එම වාර්තාවේ සඳහන්ය. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි දෙසීයක ප්‍රතිපාදන යටතේ ඉදි කිරීමට සැලසුම් කළ ඇවිදින මං තීරු තිහකින් විසි හයක ඉදිකිරීම් අවසන් කර නැතැයි ද එම වාර්තාවේ සඳහන්ය.

මෙහි විශේෂත්වය වන්නේ ව්‍යාපෘතිවලින් 27ක් 2021 දෙසැම්බර් 31 දිනට ද ඉතිරි ව්‍යාපෘති තුන 2022 ජූනි 30 දිනට ද අවසන් කළ යුතුව තිබීමය. එම වාර්තාවට අනුව ඇවිදින මං තීරු වෙනුවෙන් 2021 දෙසැම්බර් 31 දින වනවිට වෙන් කළ ප්‍රතිපාදනවලින් රුපියල් කෝටි 138ක් වැය කර ඇත. එහෙත් වැඩ අවසන් කර තිබෙන්නේ ව්‍යාපෘති හතක පමණක් බවත් සඳහන්ය. 

රට මේ ප්‍රපාතයට වැටීමේ හේතු  ඉතාම පැහැදිලිව පෙන්නුම් කිරීමට මෙම විගණන වාර්තා සමත් වේ. එමෙන්ම රාජ්‍ය මුදල් කාබාසිනියා කිරීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වා වැරැදිකරුවන්ට දඬුවම් දීමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක කළ යුතුය. නැතහොත් මෙම විගණන වාර්තා වේයන්ට, කාවුන්ට රස බොජුනක් බවට පමණක් පවත්වනු නියතය.

(***)



අදහස් (0)

ක්‍රමවේදයකින් තොරව සංවර්ධන වැඩ එපා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site