IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කෝවිඩ් වලින් පසු සංකූලතා ඇති වෙනවාද?

කොවිඩ් රෝගයට ගොදුරු නොවූ කෙනෙක් නැති තරමට වසර දෙකකට ආසන්න කාලයක පටන් අද දක්වා විවිද ප්‍රභේද එක් කරමින් මෙම රෝගය අපේ රටේ පැතිර යයි. මෙම රෝගයට ගොදුරු වූ හෘද රෝග හන්දි රෝග, පෙනහලු රෝග, දියවැඩියාව වැනි රෝග වලින් පෙළෙන බහුතරයක් දෙනා තමන්ට එදා තිබූ ශක්තිය මෙම රෝගයෙන් පසු බොහෝ දුරට අඩුවී ඇතැයි මැසිවිලි නගති. එය එසේ වනවා ද? ඒ ගැන පහද‌ා ගැනීමයි මේ.

කොවිඩ් ආසාදනයෙන් පසු ඇතිවන සංකූලතා පිළිබඳ බොහෝ රටවල අධ්‍යයනය කර තිබේ. මෙම වයිරසය ශරීරයේ සියලුම ඉන්ද්‍රිය පද්ධතීන්ට බලපාන බව පැවසිය යුතුවේ. එයින් ඇතැම් රෝගීන්ට පසුව සංකූලතා ඇති වේ.

මෙහිදී බොහෝ දෙනා පවසන්නේ ඇඟපත වේදනාව පිළිබඳවය. එහෙත් කොවිඩ් රෝගයට ගොදුරු වූ නිරෝගී පුද්ගලයන්ට රෝගය සුව වූ පසු එවැනි ගැටලු බොහෝ දුරට ඇතිවන්නේ නැත. මෙවැනි ගැටලු ඇතිවන්නේ බෝනොවන රෝගවලින් පෙළෙන අයටය.

මෙම පසු කොවිඩ් සංකූලතා කිසිදු රෝග ලක්ෂයක් නොමැතිව සුළුවෙන් රෝග ලක්ෂණ තිබූ අයටත් එසේම එම රෝගය හේතුවෙන් දැඩි සත්කාරක ඒකකවල සිටි අයටත් ඇතිවිය හැකිය.

රෝගය සුව වූ පසු සෙම්ප්‍රතිශ්‍යා කැස්ස තවදුරටත් තිබී එය ගණන් නොගෙන සිටීමෙන් ද සංකූලතා ඇති විය හැකිය. ඒ නිසා මෙම රෝගයට ගොදුරු වුවහොත් රෝගය සුව වී සති කිහිපයක් අධික ලෙස ඇඟ වෙහෙසීම නොකළ යුතුය.

මේ හැර පොදුවේ කැස්ස දිගටම තිබීම හුස්ම ගැනීමේ දී සුළු අපහසුතා තිබෙන අයට සාමාන්‍ය කටයුතු කරගෙන යා හැකිය. මෙවැනි අය සිතන්නේ මෙම ආසාදනයට ගොදුරු වීමෙන් පෙනහලුවල ගැටලු ඇති වී ඇතැයි කියාය. එහෙත් එවැනි රෝගියකු පරීක්ෂා කළ විට එසේ ගැටලු දක්නට නොලැබේ. එවැනි පුද්ගලයකුට සුළු ප්‍රතිකාරයක් කිරීම ප්‍රමාණවත්ය.

හතිය එනවා

සමහර පුද්ගලයන්ට කොවිඩ් රෝගයට ගොදුරු වීමට පෙර හතිය ඇඳුම තත්ත්වය නොතිබුණත් රෝගයෙන් පසු හතිය ඇතිවේ. එවැනි පුද්ගලයන්ට කෙටි කාලයක් ඉන්හෙලර්ස් පාවිච්චි කිරීමට නියම කරයි. ඒ හුස්ම ගැනීමේ පහසුව සඳහායි. එහෙත් එම ඖෂධ කාලයක් ගැනීමට සිදුනොවේ. එය ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වේ.

ඇඟපත වේඳනාව

කොවිඩ් රෝගයටය ගොදුරු වූ කාලයේ නොතිබුණත් රෝගය සුව වූ පසු සමහරුන්ට සුළු වැඩක නිරත වුවත් ඇඟපත වේඳනා ඇතිවේ. එසේම සමහරු නින්ද නොයන බව පවසති. මෙවැනි ගැටලු දිගු කලක් පවතින්නේ නැත. ක්‍රමයෙන් මඟහැරී යයි.

කලින් ඇදුම තිබූ අයට වැඩිවෙනව ද?

හතිය තිබී ඉන්හේලර් පාවිච්චි කරන අයට එවැනි ගැටලු ඇතිවන්නේ නැත. එහෙත් එසේ නොතිබුණු අයට ඇතිවිය හැකිය. හතියට නිසි ලෙසට ඖෂධ ගන්නා අය ඒ ගැන බිය විය යුතු නැත.

නියුමෝනියාව හැදෙන්න පුළුවන් ද?

දැඩි සත්කාර ඒකකවල සිටි තදබල ලෙස නියුමෝනියා තත්ත්වයට ගොදුරු වූ රෝගීන්ට ඒ සඳහා යම් කාලයක් ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය. ඒ තදබල ලෙස නියුමෝනියා රෝගයට ගොදුරු වූ අයටය. ඊට හේතුව දුර්වල වූ තත්ත්වය නිසා පසුකාලීන සංකූලතා ලෙස නියුමෝනියාවට ගොදුරු විය හැකි බැවිනි. ඒ හැර සාමාන්‍ය ලෙසට කොවිඩ් රෝගයට ගොදුරු වූ අයට නියුමෝනියා තත්ත්වය ඇතිවන්නේ නැත.

පෙනහලු පරීක්ෂණ අවශ්‍යද?

කොවිඩ් රෝගයට ගොදුරු වූ සැවොම රෝගය සුව වූ පසු පෙනහලුවල තත්ත්වය පරීක්ෂා කර ගැනීම සඳහා පෙනහලු පරීක්ෂාවක් කිරීම අවශ්‍ය නැත. මෙම පරීක්ෂණය කරන විට X  කිරණවලට නිරාවරණය වේ. CT පරීක්ෂණයටත් වඩා X කිරණ විශාල ප්‍රමාණයකට නිරාවරණය වේ. ඒ නිසා මෙවැනි පරීක්ෂණයකට කොවිඩ් ආසාදනය සුව වූ රෝගියකු යොමු කරන්නේ අත්‍යවශ්‍යම නම් පමණි.

අමතක වීම් වෙනවාද?

කොවිඩ් ආසාදනයට ගොදුරු වූ පුද්ගලයකු රෝගය සුව වූ පසුව අතුරු ආබාධ ලෙස අමතක වීම, නින්ද නොයාම, මස්පිඩු වේඳනා වැනි ගැටලු පවසන අවස්ථා ඇත. මෙවැනි අතුරු ආබාධ කෙටි කාලයක් පැවතිය හැකිය. ඒ බොහෝ දුරට මානසික බලපෑම හේතුවෙනි. මෙය පසු කොවිඩ් සංකූලතා ලෙසට හඳුන්වයි. මෙවැනි ගැටලු ඇති වූ විට ඒ සඳහා විශේෂ පරීක්ෂණවලට යොමුවීමක් අවශ්‍ය නැත.

අමතක වීම බරපතළ ද?

හොඳ මතකය තිබූ කෙනකු කොවිඩ් ආසාදනයට ගොදුරු වීමෙන් පසු අමතක වීම දරුණු ලෙස ඇතිවිය හැකිය. මෙය පසු කොවිඩ් සංකූලතා ලෙස හඳුන්වයි. ඒ නිසා එවැනි අය පහත සඳහන් ක්‍රම අනුගමනය කළ යුතුයි. ඒ හැර මේ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය නැත.

iඅධිකව වැඩ කරන කෙනෙක් නම් ජීවන රටාව වෙනස් කළ යුතුය.
ii තමන්ගේ රාජකාරි කටයුතු සටහන් කර තබාගන්න.
iii වගකීම් සහිත කෙනකුට මෙවැනි තත්ත්වයක් ඇති වූයේ නම් ඒ සඳහා සහායකයකු ගත යුතු අතර වගකීම් සියල්ල සටහන් කර තබාගත යුතුයි.
iv කාර්ය බහුල රැකියාවක් කරන්නේ නම් එය කෙටි කාලීනව වෙනස් කරන්න.
 මෙම අමතක වීම කෙටි කාලීනයි. මේ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය නැත.

නින්ද යන්නෙ නෑ.

නින්ද නොයාම නිසාත් මතකය අඩුවීමට  හේතු වේ. පැහැදිලි ලෙස දිගටම නින්ද නොයන්නේ නම් ළඟම තිබෙන රජයේ රෝහලේ කායික රෝග සායනයට යාම වැදගත්ය. මේ සඳහා නිදිපෙති වැනි දෑ වෛද්‍ය උපදෙස් නොමැතිව ගැනීම නොකළ යුතුය. එයින් නින්ද නොයාම වැඩි වේ. හෘදයට බලපෑම් ඇති වේ.

කොවිඩ් ආසාදනයෙන් පසු ඇතිවන ඉහත සඳහන් සංකූලතා සඳහා විශේෂ පරීක්ෂණවලට යොමුවීම අවශ්‍ය නැත. උද‌ාහරණ ලෙසට සඳහන් කළොත් කොවිඩ් වැළදීමෙන් පසු කෑම ප්‍රියතාව නැති විය හැකිය. සුව වී මාසයක් පමණ ගත වුවත් සමහරුනට ගඳ සුවද නොදැනේ. කෑම රස නොදැනේ.

එහෙත් මෙවැනි ගැටලු රෝගය සුව වී මාසයක් දෙකක් යන විට මඟ හැරී යයි. එහෙත් කාලයක් එසේ ගඳ සුවඳ නොදැනේ නම් හෝ ආහාර රුචිය නැති නම් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබේ. ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය නැත. රෝගය සුව වී මාස 2 – 3 ක් යන විට එම අතුරු ආබාධ සම්පූර්ණයෙන්ම මඟ හැරී යයි.

මෙම ඉහත ගැටලු බොහෝ විට ඇති වන්නේ කොවිඩ් වයිරස කොටස් කාලයක් පැවතීමෙනි. එහෙත් එය මාස තුනක් පමණ යන විට සම්පූර්ණයෙන්ම මඟ හැරී යයි. එහෙත් ඒ කාලයේ PCR පරීක්ෂණයක් නැවත කිරීම අවශ්‍ය නැත.

පපුවේ කැක්කුම එනව ද?

කොවිඩ් වසංගතයට ගොදුරු වූ කෙනකුට රෝගය සුව වූ පසු පපුවේ කැක්කුමක් වැනි ගැටලු ඇතිවිය හැකිය. මෙම අතුරු ආබාධ ඇතිවන්නේ ඉතා කලාතුරකිනි. එය ක්‍රමයෙන් මඟ හැරී යයි. ඒ හැර ඉතා කලාතුරකින් රුධිර කැටි වැනි ගැටලු ඇතිවේ. ඒ නිසා හෘද රෝගයකින් පෙළෙන ඖෂධ ගන්නා කෙනකුට යම් සැක සහිත බවක් හැඟේ නම් තමා රෝගයට ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයා හෝ සායනයට ගොස් වෛද්‍ය උපදෙස් ගැනීම ඉතාම වැදගත්ය.

එහෙත් යම් පුද්ගලයකුට මෙම රෝගය නිසා රුධිර කැටි සෑදෙන්නේ ඉතාම බරපතළ ලෙස කොවිඩ් රෝගයට ගොදුරු වී කලක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගත් අයටය.

ඇස්පිරින් ගන්න ඕනෑද?

කොවිඩ් රෝගයට ගොදුර වී සුව වීමෙන් පසු ඇස්පිරින් ගත යුතු යැයි බොහෝ දෙනා සිතති.  ඒ රුධිර කැටි ඇතිවීම වළක්වා ගැනීමටය. එහෙත් එය අනවශ්‍ය දෙයකි. පොදුවේ ඇස්පිරින් ගැනීම අවශ්‍ය නැත. එහෙත් බරපතළ තත්ත්වයට පත්ව මීට පෙර හෘදයාබාධයකට ගොදුරු වූ හෝ හදවත් රෝගකින් පෙළෙන හෝ පාලනය නොවූ අධි රුධිර පීඩනයෙන් පෙළෙන කෙනකු වැනි අවද‌ානම් සහිත  කෙනකුට එසේ ඇස්පිරින් ඖෂධය ගැනීමට නියම කරන අවස්ථා තිබේ.

දිය නෑම කොහොම ද?

දිය නෑම රෝගි වූ අපේ බොහෝ දෙනාට ඇතිවන ගැටලුවකි. රෝගී වී රෝහල් ගතකර තිබෙන රෝගීන්ට පවා දිය නෑමට පහසුකම් දෙන අවස්ථා තිබේ. බොහෝ දෙනා සිතන්නේ දිය නෑමෙන් සෙම වැඩි වේ. නියුමෝනියාව ඇතිවේ යන්නය. සමහරු රෝගය සුව වී මාසයක් පමණ උණුවතුර පාවිච්චි කරති. නාන්නේ උණුවතුරය. එහෙත් දිය නෑමට ඇල්වතුර පාවිච්චි කිරීම කිසිදු වරදක් නැත.

ඇදුම රෝගීන්ට ඇතැම් විට ඇල්වතුර නෑමෙන් ඇඳුම වැඩි විය හැකිය. රෝගය වැළදී සුව වූ පසු මාස ගණන් උණුවතුර නෑම කිසිම විටෙක අවශ්‍ය නැත.

සීතල කෑම නුසුදුසු ද?

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව ආහාරවල සීතල උණුසුම් යැයි වර්ග කෙරෙන්නේ නැත. බණ්ඩක්කා, බිත්තර, ඇබුල් කෙසෙල් වැනි දෑ මේ නිසා රෝගීන්ට නොදෙන අවස්ථා තිබේ. එහෙත් රෝහල් ගතව සිටින රෝගීන්ට මෙවැනි ආහාර ලබා දෙති. බොහෝ විට මෙවැනි රෝගීන්ට දිනපතා බිත්තරයක් ලබා දෙයි. ඒ හැර ඕනෑම එළවළුවක් ලබා දෙයි. සීතල ජලය ඇඳුම රෝගියාට අහිතකර බව හැඟේ නම් එය නොගත යුතුය. උණුවතුර පාවිච්චි කළ යුතුය.

මේ හැර සමහරුනට අයිස් ක්‍රීම් ආදියට ඇදුම වැඩි වේ. ඒ අය කොවිඩ් රෝගයෙන් පසුව පමණක් නොව තමන්ට අහිතකර එම ආහාර නොගැනීමට මතක තබාගත යුතුය. මෙම රෝගයට ගොදුරු වූ සැවොම අයිස්ක්‍රීම්, යෝගට්, සීතල යැයි සම්මත එළවළු නොගෙන සිටීම කිසිසේත්ම අවශ්‍ය නැත.

විටමින් කලක් ගත යුතු ද?

කොවිඩ් රෝගයට ගොදුරු වී ශරීරය දුබල තත්ත්වයකට පත් වූවා කියා විටමින් හෝ විශේෂ කිරිපිටි ගැනීම අවශ්‍ය නැත. බරපතළ වූ සමහර රෝගීන්ට එනම් දැඩි සත්කාර ඒකකයක හෝ මැෂින්වල සිටි රෝගීන්ට කෑම නොගෙන සිටීම නිසා විශේෂ විටමින් දෙන අවස්ථා තිබේ. ඒ හැර මෙම රෝගයට  ගොදුරු වී සුව වූ පසු විශේෂයෙන් විටමින් ගැනීම, කිරිපිටි ගැනීම අවශ්‍ය නැත. මෙම රෝගය සුව වූ පසු ක්‍රමයෙන් අපහසුතා මග හැරී පෙර සේ නිරෝගී බව ක්‍රමයෙන් උද‌ාවෙනු ඇත.

සටහන- ශිරානි ගල්ලෑල්ල

දකුණු කොළඹ (කළුබෝවිල) ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥ නන්දන දික්මාදුගොඩ



අදහස් (1)

කෝවිඩ් වලින් පසු සංකූලතා ඇති වෙනවාද?

nimal Monday, 21 March 2022 10:22 PM

කෝවිඩ් නිසා නිවසේ සිට සේවය කළ බොහෝදෙනාට නැවත ඔෆිස් සේවය සඳහා දින නියම වූ පසු මෙවැනි අසනීප ඇතිවීම ගෝලීය අසනීපයක් ලෙස මේ දිනවල පැතිර යමින් තිබේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 277 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1206 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 588 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1795 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1333 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site