“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත්‍යයකි. එහෙයින්ම ගුරුවරුන් රහසින්වත් පවක් නොකරන්නේ යැයි සිතීම පෙර කී පිළිගැනීමට යටත් වූවකි.
කරුණු කාරණා එපරිදි වුවද වර්තමානය වනවිට ගුරු භූමිකාව දැඩි සමාජ සංවාදයට බඳුන් වී තිබේ. ගුරුවරුන්ට ලිංගික අපයෝජන චෝදනා එල්ලවීම බහුලය. සාම්ප්‍රදායික පිළිගැනීම් අභියෝගයට ලක් කරමින් ගුරුවරියන්ට සාරිය වෙනුවට සැහැල්ලු ඇඳුමක් නිර්දේශ වීම් තුළ සමාජ මාධ්‍ය ජාලය තුළ ගුරු ගෞරවය බරපතළ අභියෝගයට ලක්වී තිබේ.
එසේ සැහැල්ලු ඇඳුමින් සැරසී පාසලට පැමිණි ගුරුවරියකට මවුපියන් පිරිසක් ‘‘“හූ’’ කීමේ පුවත දිවුලපිටියෙනි. ජාතියක අනාගත ඥානය නිර්මාණය කරන ගුරුවරයා මෙසේ පරිභවයට පත්විය යුතු නැත. එහෙත් ජාතියේ අවාසනාවට එම තත්ත්වය ඇති වෙමින් පවතී.
මුළු මහත් සමාජයම සංස්කෘතික කාන්තාරයක් බවට පත්ව සාර ධර්ම බරපතළ සෝදාපාළුවට ලක් වෙමින් පවතින මොහොතක ගුරුවරයාගෙන් පමණක් ශුද්ධත්වය අපේක්ෂා කළ නොහැකිය. එහෙත් නායයන සමාජයක එසේ නාය නොයමින් ආධ්‍යත්මික වැහැරීම්වලට ලක් නොවමින් මෙම ව්‍යාජ සැඩ රළ ප්‍රවාහයේ උඩුගම් බලා පිහිනීමේ නිපුණතාව වන්දනීය පූජනීය ගුරුවරයා සතු විය යුතුය. මන්දයත් සිදුවෙමින් පවත්නා විනාශය අවම කර ගැනීමේ උපරිම හැකියාව ඇති වගකීම් සහිත පුරවැසියන් අතර ගුරුවරයා පෙරමුණේම සිටින හෙයිනි.
ගුරු භූමිකාව සම්බන්ධ තියුණු සංවාදයක් පවතින මොහොතක අප පුවත්පත වාර්තා කර තිබුණේ ගාල්ල, අක්මීමන රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඉකුත් 27 වැනිදා අලුයම ඇති වූ ගුටි බැට හුවමාරුවකින් විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් 12 දෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවය.
රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සීමාවාසික පුහුණුව අවසන්වීමට නියමිත සිසුන් කණ්ඩායමක් ඒ වෙනුවෙන් පිටත ස්ථානයක සාදයක් පවත්වා පළමු වසර සිසුන් සිටින නේවාසිකාගාරයට කඩා පැන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
ප්‍රහාරක කණ්ඩායමට 40ක් පමණ පිරිසක් සිට ඇති බවත් ඔවුන් බීමත්ව සිට ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්ය. නේවාසිකාගාරයක් සම්බන්ධ මත ගැටුමක් මෙසේ ඇඟමස ඉල්ලන වියරු ප්‍රහාරයකට පෙරැළී තිබේ. ප්‍රහාරක කණ්ඩායමේ ගුරු සිසුන් 6 දෙනකු රිමාන්ඩ් බාරයට පත් කර ඇත.
මෙම පිරිස හඳුන්වනු ලබන්නේ “ගුරු සිසුන්’’ ලෙසය. එහෙත් මෙසේ මදාවි ලෙස හැසිරෙන්නේ නම් ඔවුන් කිසි ලෙසකින් හෝ ගුරුවරුන් ලෙස හෝ සිසුන් ලෙස හැඳින්විය නොහැක. ඒ අනුව මෙම මොළකාර ගුරු සිසුන් සමස්ත ගුරු ප්‍රජාවටම අත්කර දී තිබෙන්නේ නින්දාසහගත කැළලකි.
විද්‍යා පීඨයකට ඇතුළුවීම මේ රටේ දරුවන්ට තවමත් සිහිනයකි. උසස් පෙළ විභාගය උසස් ලෙස සමත් වුවද ඒ සියල්ලන්ටම විද්‍යා පීඨ වරම් හිමි නොවේ. එය එසේ නම් විද්‍යා පීඨ වරම් ලත් දරුවකු තුළ එයට සාධාරණත්වය ඉටු කෙරෙණ ආධ්‍යත්මයක්, පෞරුෂයක් වර්ධනය විය යුතුය. තමන් රටේ සෙසු පුරවැසියන්ට වඩා වෙනස් එමෙන්ම බලගතු වගකීමක් බාර ගන්නට සිටින පිරිසක් බව තේරුම් ගත යුතුය. හොඳටම බී පදම් වී සහෝදර සිසුන්ගේ ඇඟමස ඉල්ලන වියරු හා මදාවි මනසක් ඇති පුද්ගලයන්ට ජාතියේ නැණස පෑදීමේ වගකීම බාර දීම අතිභයානකය.
නිරුක්ති විද්‍යාවට අනුව ගුරුවරයා යනු නොදැනීම නැමැති අන්ධකාරය දුරු කරන්නාය. ගුරුවරයාගේ පෞරුෂය රැඳී ඇත්තේ එනිසාය. එම වගකීම සියල්ලන්ටම ඉටු කළ නොහැකිය. ගුරුවරයා වන්දනීය, පූජනීය වන්නේ එහෙයිනි. එමෙන්ම අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ අන් කිසිවක් නොව විනයයි.
“විද්‍යා දදාති විනයං’’ යනුවෙන් හැඳින්වෙන්නේ එයය. අධ්‍යාපනයෙන් විනය නිර්මාණය නොවන්නේ නම් එය අධ්‍යාපන ක්‍රමයේ වරදකට වඩා පුද්ගල වරදකි. මෙම මොළකාර මැර ගුරු සිසුන් විද්‍යා පීඨයේදී ඉගෙන ගත්තේ මොනවාදැයි අපි නොදනිමු. එහෙත් පත්වීම් ලබා පාසල්වලට පැමිණෙන මොවුන් දරුවන්ට උගන්වන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් වඩාත් විමසිල්ලෙන් පසුවීම නුවණට හුරුය.
(***)
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ