IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගෞරවනීය වෘත්තියක් හෑල්ලු කරන අඳබාල වැඩ

‘‘දන්ත වෛද්‍ය සිසුට පහර දී පෙම්වතිය අරන් ගිහින් කොතලාවල සිසුවා අල්ලන්න සොයයි’’ මේ ඉකුත් දිනෙක අප පුවත්පතේ මුල් පිටුවේ පළවූ ප්‍රවෘත්තියක සිරස්තලයකි. බැලු බැල්මට එය හුදු පෞද්ගලික සිදුවීමක් ලෙස පෙනුණද එය එසේ නොවන බව අපගේ අදහසය. අප සමාජ අභ්‍යන්තරයේ ඇත්ත තත්ත්වය මෙබඳු සිදුවීම්වලින් මනාව හෙළි පෙහෙළිවන බව ඉතාම පැහැදිලිව පෙනෙන්නකි.

අප ප්‍රවෘත්තියට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ රාමනාදන් ශාලාවට කඩා වැදි ඇති කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ සිසුවකු එහි පාඩම් කරමින් සිටි දන්ත වෛද්‍ය සිසුවකුට පහර දී එම සිසුවා සමග පාඩම් කරමින් සිටි දන්ත වෛද්‍ය සිසුවියක රැගෙන ගොස් ඇත. පහර කෑමට ලක්වූ සිසුවා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් දන්ත වෛද්‍ය සිසුවිය රැගෙන ගිය කොතලාවල ආරක්ෂක පීඨයේ සිසුවා ඇයගේ පරණ පෙම්වතා බවත් පොලිසිය පවසන්නේ යැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

මෙය හුදෙකලා තුන්කොන් ප්‍රේම කතාවක් නොවේ. ශුද්ධ වූ සියල්ලම කෙළෙසෙමින් තිබෙන පවුකාර භීම සමයක් රටට උදාවී තිබේ. තරාතිරම් බේදයකින් තොරව සෑම කේෂ්ත්‍රයක් තුළින් ඇදහිය නොහැකි තරමේ විමතිය දනවන තරමේ මහා පිරිහීමක් පෙන්නුම් කෙරෙමින් තිබේ.

දාහතර හැවිරිදි දියණියක අපයෝජනය කළ පනස් හැවිරිදි බැංකු නිලධාරියකු අත්අඩංගුවට ගත් පුවත මෙයට දෙතුන් දිනකට ඉහත දී වාර්තා වූවකි. මෙම බැංකු නිලධාරියාට වයස අවුරුදු 13 ක හා 17ක දියණියන් දෙදෙනකු සිටින බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. බැංකු නිලධාරියකු වීම පහසු නැත. ඒ සඳහා ඉහළ අධ්‍යාපනයක් ලබා තිබිය යුතුය. එබඳු අධ්‍යාපනයක් ලද පුද්ගලයකුගෙන් වාර්තාවන්නේ ද මෙබඳු අවරගණයේ හැසිරීම්ය. සමාජයේ ඉදිරි ගමන් මග කෙබඳු විය හැකි දැයි වටහා ගැනීමට අසීරු නැත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ රාමනාදන් ශාලාවට කඩා පැන දන්ත වෛද්‍ය සිසුවකුට පහර දී සිය පැරැණි පෙම්වතිය පැහැරගෙන ගොස් තිබෙන්නේ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ශිෂ්‍යයෙකි. ‘‘විශේෂිතය සමස්තය නොවේ’’ යන්න ඒකාන්ත සත්‍යයකි.  එහෙත් එසේ යැයි කියා විශේෂිතය නොසලකා හැරිය යුතු නැත. ආරක්ෂක විද්‍යා පීඨයක ඉගෙන ගන්නා සිසුවකු සතුව වෙනත් විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා සිසුවකුට වඩා ඉහළ විනයක් අපේක්ෂා කිරීම සාධාරණය. සාමාන්‍ය පාසල් සිසුවකුට වඩා විශ්වවිද්‍යාල සිසුවකුගෙන් ඉහළ චර්යාවක් බලාපොරොත්තු වීම ද සාධාරණය. 

සමාජයක පැවැත්ම තීරණය කරන බලගතු සාධක අතර ‘‘ආදර්ශ’ ඉදිරියෙන්ම තිබේ. දරුවන්ගේ වර්ධනයට, හැසිරීමට දෙමාපියන්ගේ ආදර්ශ ඍජුවම බලපානු ලබයි. මෙරට සමාජ සංස්කෘතික පරිසරය තුළ ඒ ඒ සමාජ තීරු වෙත වෙන් වෙන්ව ඇගයීම් ලබා දී ඇත. ගුරුවරුයකුට ඇති ඇගයීමට වඩා වෙනත් ඇගයීමක් ආරක්ෂක අංශ නිලධාරියකුට තිබේ. කලාකරුවන්ට ඇති ඇගයීම තවත් එකකි. එකී ඇගයීම්වලට තරම් නොවන ක්‍රියා සිදුවන විට ඒ සම්බන්ධයෙන් සමාජ විරෝධයක් මතු වීම ස්වාභාවිකය. ගමේ සාමාන්‍ය මිනිසකු කරන වැරැද්දකට වඩා පොලිසියේ රාලහාමි කෙනකු කරන වැරැද්ද සමාජයේ අවධානයට ලක්වන්නේ ඒ අනුවය.

මෙම සමාජය තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට අනන්‍ය වූ වෙනම පිළිගැනීමක් තිබේ. විශේෂයෙන්ම අතිශයින්ම තරගකාරී විභාගයක් වූ උසස් පෙළ විභාගය උසස් ලෙස සමත්ව විශ්වවිද්‍යාලයට පිවිසෙන ශිෂ්‍යයාගෙන් උසස් පෙළ උසස් ලෙස සමත්වීමට අදාළ ගරු කටයුතු හැසිරීමක් ප්‍රදර්ශනය විය යුතුය. එම සිසුවාගෙන් කිසිදා පාසල් නොගිය මිනිසකුගෙන් පළවන හැසිරීම් ප්‍රදර්ශනය වන්නේ නම් එය සමාජය තුළ ‘‘කැපී පෙනෙන්නක්’’ බවට පත් වේ.

ආරක්ෂක විද්‍යා පීඨයේ සිසුවකුගෙන් ප්‍රද්ශනය විය යුත්තේ එකී නාමකරණයට සාධාරණය ඉටුවන පන්නයේ සිදුවීම්ය. මේ සියල්ලෙන්ම අවධාරණය වන්නේ අධ්‍යාපනය පුද්ගලයකුගේ චරිතය සකස් කරන බවය. සමාජයේ හොඳ හා නරක වශයෙන් මිනිසුන් බෙදා ගන්නා ප්‍රධාන නිර්ණායකයක් බවට අධ්‍යාපනය පත්වන්නේ ද එහෙයිනි. එය එසේ නම් ඉහළ අධ්‍යාපනයක් ලබන අයකුගෙන් අපේක්ෂා කළ යුත්තේ ඉහළ හැසිරීම් විනා පාතාල පන්නයේ හැසිරීම් නොවන බව අවධාරණය විය යුතුය.



අදහස් (3)

ගෞරවනීය වෘත්තියක් හෑල්ලු කරන අඳබාල වැඩ

sampath Monday, 12 December 2022 05:40 PM

පේරාදෙණිය වගේ තැනක ඕක කරලා බේරිලා ආවා ඇති... සරසවියකට ගියා නම් ඒකෙ ගරුත්වය රැකගන්නවත් පුළුවන් වෙන්න ඕනේ...

:       2       6

hemantha Tuesday, 13 December 2022 07:55 AM

පේරාදෙණියේ මේ තරම් දෙයක් කරලා යනකල් එකේ ශිෂ්‍යයෝ පොල් ගෑවද.?

:       2       3

බද්රානි Saturday, 17 December 2022 03:55 PM

යමක් ඉගෙන ගත් පමණින් වැදගත් වෙන්නේ නැහැනේ.. අනික ආරේ ගති නෑරේ කියලා කතාවටත් කියනවනේ.. කොහොමත් ඉතින් උගතා නූගතා කියලා නැහැ. සමස්ත ලාංකික සමාජයේම හැසිරීම ඉතාම නොවැදගත්, ගෝත්‍රික, වනචාරී මට්ටමකයි තියෙන්නේ... ලංකාවේ පූජකයින්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, නීතිඥවරුන්, රජයේ උසස් නිලධාරීන්, රියැදුරන් හා සාමාන්‍ය ජනතාව සමාජයේ හැසිරීමේදී කිසිඳු වෙනසක් නැහැ. ඔක්කොම එක වල්ලේ පොල්... තිරිසන්නු බහුල සමාජයක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site