IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගෞරවය හානි කරගන්නා පොලිසියේම නිලධාරීහු

පොලිස් දෙපාර්තමේන්තුව තුළ අසූපන්දහසකට ආසන්න නිලධාරීහු පිරිසක් සේවය කරති. නිල ඇඳුමෙන් සැරසී සිටින හෙයින් ද පැවරී ඇති රාජකාරියේ ස්වභාවය අනුව ද ඔවුහු වෙසෙසින් කැපී පෙනෙති. නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපරාධ මර්දනය ඔවුන්ගේ රාජකාරියට යටත්ය. එහෙයින්ම ඔවුහු ජනතාවට අතිශයින්ම සමීප වෙති. ජනතාවගේ ආරක්ෂාව ඇත්තේ ද ඔවුන් අතමය.

මෙතරම් ජනතාවට සමීප පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් හොඳක් අසන්නට ලැබෙන්නේ ඉඳහිටය.

තම ජීවිත ආරක්ෂාව පසෙකලා සන්නද්ධ මංකොල්ලකරුවන් සමග ගැටී එම මංකොල්ලකරුවන් තම ග්‍රහණයට ගෙන මංකොල්ලය වැළකූ අනුරාධපුර ප්‍රදේශයේ පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් මෙන්ම දිවි නසා ගැනීමට ගඟට පැන්න තරුණියකගේ ජීවිතය බේරා ගැනීම සඳහා නිල ඇඳුම පිටින්ම ගඟට පැන එම තරුණිය බේරාගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සම්බන්ධ ප්‍රවෘත්තිය ආසන්න මෑත අතීතයේ පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ඉහළට ඔසොවා තැබීමට සමත්වූ ප්‍රවෘත්තිවේ.

කරුණු කාරණා එපරිදි වුවද දිගින් දිගටම වාර්තාවන්නේ දහසක් නොපනත්කම් කරන පොලිස් නිලධාරින් සම්බන්ධයෙනි. තමන් යටතේ සේවය කරන පොලිස් නිලධාරින්ට අයුතු බලපෑම් කරන එපමණින් නතර නොවී ලිංගික හිංසන සිදු කරන උසස් පොලිස් නිලධාරින් සම්බන්ධ ප්‍රවෘත්ති එකක් පසුපස එකක් වශයෙනි. පාතාලයේ කෙරුමන්ට රැකවරණය සපයන ඒ වෙනුවෙන් මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් මෙන්ම ප්‍රිය සම්භාෂණ හිරිකිතයකින් තොරව භුක්ති විඳින පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් ද ප්‍රවෘත්ති අපමණය.

පොලිස් නිලධාරින් රංචු පිටින් ගොස් මහ මග රැක මාල කඩන, මුදල් පසුම්බි පැහැරගන්නා පුවත් මෙන්ම පොලිස් ස්ථානයේ වැසිකිළියේ සිට මත්ද්‍රව්‍ය පානය කරන පොලිස් නිලධාරීන් ගැන ද වාර්තාවේ. මෙහි ඇති බරපතළකම වන්නේ මෙම චෝදනා එල්ල වන්නේ ආධුනික පොලිස් නිලධාරීන්ට මෙන්ම පොලිස් සේවයේ දිගු ඉතිහාසයක් ඇති නිලධාරීන්ට ද වීමය.

අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කිවැයුණේ ගංජා අඩංගු පාර්සල් තොගයක් සිය නිල නිවසේ සිවිලිම අස්සේ සඟවා ගෙන ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.එස්. සිසිර කුමාර ලබන 13 වැනිදා දක්වා රඳවාගෙන, ප්‍රශ්න කිරීමට මොනරාගල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ඒ.එල්. සජිනි අමරවික්‍රම මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන් බවය.

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ එම දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථාන පාලනය වෙයි. එබඳු වැදගත් හා බරසාර වගකීමක් ඇති ඉහළම පොලිස් නිලධාරියාට එරෙහිව චෝදනා එල්ලවන්නේ ගංජා ජාවාරමේ නියැලෙන බවටය.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව මාර්ගයේ රැක සිට සිදු කරන ලද මෙහෙයුමක දී මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. ඒ ඔහුගේ රියැදුරා හා තවත් පස් දෙනකු සමගින්ය. එසේ අත්අඩංගුවට ගත් එක් පුද්ගලයකු ප්‍රදේශයේ නමගිය මත්ද්‍රවය ජාවාරම්කරුවකු බවත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ගමන් කරමින් සිටි අධි සුඛෝපභෝගී වාහනය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

අප පුවත්පත වාර්තාකළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ දකුණු පළාතේ රාජ්‍ය බැංකු තුනක ඒ.ටී.එම්. යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදලක් සූක්ෂම අන්දමින් සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ බව කියන මීගහතැන්න පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති, විදේශිකයන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය පවසන බවය. මාධ්‍ය වාර්තාවට අනුව ඒ.ටී.එම්. සොරුන්ට ප්‍රවාහන සේවාව සපයා තිබෙන්නේ ඉහත පොලිස් නිලධාරියාය. පොලිස් නිල ඇඳුම් හා පොලිස් දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත ඔහුට ඒ සඳහා සෑහෙන වශයෙන් උපකාර වන්නට ඇතුවාට සැක නැත.

දේශපාලනඥයන්ගේ රෙකමදාරුවට උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදය තිබෙනතුරු මෙවැනි පල් හොරුන්ට පොලිසියේ ඉහළ තනතුරු ලබාගැනීමට විශේෂ බාධාවක් නැත. පොලිසිය සම්බන්ධ මහජන විශ්වාසය බිඳවැටීම තරම් අපරාධයක් රටකට නොමැති බව ද විශේෂයෙන් අවධාරණය කළ යුතුය.

(***)



අදහස් (1)

ගෞරවය හානි කරගන්නා පොලිසියේම නිලධාරීහු

CC Thursday, 12 January 2023 02:46 PM

මේ රට හදන්නම් නිවැරැදි කළයුතුම ස්ථානය පොලිසිය වෙයි. නීතිය හා සාමය රකින ප්‍රධානතම ආයතනය වන පොලීසිය ස්වාධීන හා අපක්ෂපාතී ආයතනයක් කර නිසි ඇගයීම් ක්‍රමවේදයක් සකස්කර නවීකරණය කළයුතු ආයතනයකි. එමගින් මහජනතාවට, රටට හිතකර පොලිසියක් නිර්මාණය වනු ඇත. ඒ සඳහා සියළු සම්පත් හා හැකියාවන් රටතුළ ඇත.

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site