IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගෑස් අවුල විසඳීමට ආණ්ඩුවට බැරිද?

‘ආණ්ඩු මට්ටු’ කිරීම යනු පාලනය කිරීම යන්නය. ආණ්ඩුවක වගකීම වන්නේද ඒ අර්ථයෙන්ම රට පාලනය කිරීමය. රටක මතුවන ඕනෑම අර්බුදයකදී එම අර්බුදයේ වගකීම පළමුවෙන්ම බාරගත යුතු වන්නේ ආණ්ඩුවය. එබඳු අර්බුදයක් නොසලකා හැරීම හා අඳුරේ අතපතගෑම ආණ්ඩුවක වගකීම නොවේ. එහෙත් එබඳු ආණ්ඩු මෙරට තිබී ඇත. දැන් තිබෙන්නේද එබඳු ආණ්ඩුවක්දැයි සැකයකි. ගෑස් ප්‍රශ්නය ඉදිරිපිට ආණ්ඩුවේ හැසිරීම අතිශයින්ම ප්‍රශ්නකාරීය. 

ගෑස් ප්‍රශ්නයට දෙතුන් මසකි. මුලින්ම ගෑස් හිඟයක් ආවේය. ඊට පසු වෙළෙඳපොළට පැමිණි ගෑස් කාන්දු වන්නට පටන් ගත්තේය. ඒ කාන්දු වූ ගෑස් පුපුරා යාමෙන් මේ වනවිට පුරවැසියන් හත් දෙනකු  අකාලයේ මිය ගොස්ය. දේපොළ හානි තවමත් ගණනය කර නැත. දැන් යළිත් ගෑස් හිඟයකි. ගෑස් රැගත් නැව් වරායට පැමිණ ඇති බව කීවද වෙළඳපොළේ ගෑස් නැත. 

අප පුවත්පත ඊයේ පළකළ වාර්තාවක සඳහන් වූයේ පොලිස් ආරක්ෂාව යටතේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී බෙදා හැරි ගෑස් සිලින්ඩර ගැනීමට පැමිණ සිටි පාරිභෝගිකයකු හදිසියේ අසනීප වී රෝහල් ගත කිරීමට සිදුවූ බවය. ගෑස් සිලින්ඩර 400ක් සඳහා දහසකට අධික ජනතාවක් ඉකුත් 5 වැනිදා අලුයම 2.30ට පෝලිමේ සිටි බවත් ගෑස් රැගත් ලොරිය පොලිසිය ඇතුළට ගත් අවස්ථාවේ ජනතාව හූ තබන්නට වූ බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය. එසේ ජනතාව හූ තැබීම සිදු කර තිබෙන්නේ ගෑස් ලොරිය පොලිසිය තුළට ගෙන තිබෙන්නේ ගෑස් ප්‍රමාණයක් හොරෙන් බාගැනීමට යැයි චෝදනා කරමිනි. පුද්ගලයකු හදිසියේ රෝහල් ගත කර තිබෙන්නේ මෙම තදබදය මැද ඔහු අසනීප වී ඇති හෙයිනි. 

අම්බලන්ගොඩ ගෑස් ප්‍රවෘත්තිය මුළු රටේම අද තත්ත්වය නිරූපණය කරන්නකි. සෑම තැනකම තිබෙන්නේ මෙබඳු තත්ත්වයක්ය.  අම්බලන්ගොඩ ජනතාව ගෑස් මිලදී ගැනීමට පෝලිම් ගැසී සිට ඇත්තේ අලුයම දෙකේ සිටය. එතරම්ම වද විඳ විඳ ජීවත් වීමේ අරුතක් තිබේද යන්න අමතර ප්‍රශ්නයක් නොවේ. රැකියාවට නොයා ගෑස් පෝලිම්වල, කිරිපිටි පෝලිම්වල වරු ගණන් ගත කිරීමට ජනතාවට සිදුවේ නම් එය බරපතළ තත්ත්වයකි. සමාජයේ සන්සුන් සංහිඳියාව බිඳ දැමීමට හේතුවකි. 

අප පුවත්පත ඊයේ පළකළ තවත් වාර්තාවක සඳහන් වූයේ ගෑස් පිපිරීම් හා කාන්දුවීම් සිද්ධි හතක් ඉකුත් 5 වැනිදා වාර්තා වූ බවය. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ගෑස් ළිපක් පිපිරීමෙන් එහි සේවකයකු තුවාල ලබා ඇති බවට තවත් ප්‍රවෘත්තියකි. ගෑස් පිපිරීම් නිසා ඇතැම් සේවකයන් ගෑස් ලිප් ළඟ සිටීමට බිය වී සිටින අතර ආප්ප සහ කොත්තු සෑදීම අඩපණ වීමට එය ප්‍රධාන හේතුවක් වී ඇතැයි අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතාය. ආප්ප සහ කොත්තු වැනි කෑම වර්ග සෑදීම මෙලෙස අඩපණවීම නිසා ඒවා ආහාරයට ගත් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවද එහි වැඩිදුරටත් සඳහන්ය. 


විදේශ බුද්ධි අංශයක් මගින් අනූ වරකට වැඩියෙන් දැනුම්දී තිබියදීත් එය නොසලකා හැරීමේ තාර්කික ප්‍රතිඵලය වූයේ පාස්කුදා ප්‍රහාරකයන්ට තම පටු හා පවිටු අරමුණු මුදුන්පමුණුවා ගැනීමට පහසු ඉඩකඩක් නිර්මාණය වීමය. නිසි වේලාවට ක්‍රියාත්මක වී නිසි ක්‍රියාමාර්ග ගත්තේ නම් පාස්කුදා ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබුණ බවද ඒකාන්ත සත්‍යයකි. වගකීම් විරහිත බවට අවසානයේදී ජනතාවට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය. සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීම ජාතික සිරිතක් ලෙස ප්‍රගුණ කරන්නේද යන ප්‍රශ්නය මතුවන්නේ ගෑස් ප්‍රශ්නයේදී ද බලධාරීන් හැසිරෙන ආකාරය අනුවය. 

රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පරමාධිපත්‍යයේ බලය පවරාදී තිබෙන්නේ ජනතාවටය. එයින් කියැවෙන්නේ සියල්ලන්ටම ඉහළින් ජනතාව සිටින බවය. සියල්ල සිදුවිය යුත්තේ ජනතාව වෙනුවෙන් බවය. ව්‍යවස්ථාපිත අක්ෂරවල එසේ සඳහන් වුවද යථාර්ථය වන්නේ සියල්ලටම පහළින් ජනතාව සිටින බවය. සෑම අකරතැබ්බයක්ම ජනතාවට බවය. ගෑස් ප්‍රශ්නයේදී එය කදිමට නිරූපණය වෙමින් තිබේ. 

ගෑස් අත්‍යවශ්‍ය නොවන්නේ යැයි යමකුට තර්ක කළ හැකිය. එහෙත් මෙරට ජනගහනයෙන් සියයට 40ක් ගෑස් ප්‍රයෝජනයට ගනිති. නාගරික සංකීර්ණ ජීවිත ගත කරන ජනයාට මෙන්ම මහල් නිවාසවල ජීවත් වන ජනයාට ගෑස් අත්‍යවශ්‍ය වූවකි. එම ජනයාට දර ලිපක් බැඳ ගැනීමටද තැනක් නැත. ගෑස් පාවිච්චියට  හුරුවී ඇති ජනයා එය පහසුකමක් ලෙස දකිති. අද අසරණ වී සිටින්නේ ඒ ජනී ජනයාය. 

ගෑස් වැනි ප්‍රශ්නයක් විසඳීමට කල් ගැනීම සුදුසු නැත. එසේ කල්ගත කිරීමද සුදුසු නැත. එහෙත් දැන් සිදුවෙමින් තිබෙන්නේම එම නුසුදුසු දේය. රටක් පාලනය කිරීම යනු එය නොවන බව තේරුම් ගැනීමට තව කොතෙක් කලක් බලා සිටීමට සිදුවේද යන්න අමතර ප්‍රශ්නයක් නොවන බව අවධාරණය කළ යුතුය. 



අදහස් (4)

ගෑස් අවුල විසඳීමට ආණ්ඩුවට බැරිද?

Sanga Friday, 07 January 2022 01:14 PM

ආණ්ඩුවට පුළුවන් දැන් බම්බු ගහන්න... කයිවාරු කාරයෝ.. බුද්ධියක් ඇති එකෙක් නැහැ ආර්ථික මර්මස්ථානවල.. ඔක්කොම පරණ නිලඇඳුම් කාරයින්ට දීලා රට විකෘති කරලා...

:       0       3

Hashan Sachinthana Friday, 07 January 2022 02:22 PM

සෞභාග්‍යයේ දැක්ම නම් පට්ට

:       0       2

Eranga perera Friday, 07 January 2022 02:30 PM

මිනිස්සුන්ට මොකද වෙන්නේ?

:       0       1

Kasun Friday, 07 January 2022 09:51 PM

අද මගේ යහළුවෙකුට වූ දෙයක්: අද හවස පානදුර රන්කොත් විහාරය ළඟ තැනින් අළුත් ප්‍රමිතිය ලෙසින් විකුණන ලිට්රෝ ටැංකියක් ගෙනාවා. ලිපට සම්බන්ධ කරලා පැය 2 කින් විතර ටිකක් ගෑස් ගඳ එන නිසා රෙගුලේටර් එකේ ලොක් එක නිදහස් කළාම රෙගුලේටර් එක සුදු වාෂ්පයකුත් එක්ක විසි වුණා (ඉස්සර ගෑස් ප්‍රශ්ණය නැති කාලේ එහෙම වුණේ නැහැ). පස්සේ සබන් වතුර දැම්මහම ටික ටික ලීක් වෙනවා. පැය දෙකට ඔහොම නම්, සති මාස පාවිච්චි කරන විට හොඳ රෙගුලේටර් එකකට වුණත් ඔරොත්තු දෙන එකක් නැහැ. දැන් ඉතින් හෙටත් කාලය නාස්ති කරගන්න ඕනේ ටැංකිය මාරු කරගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site