ආණ්ඩුව අභ්‍යන්තරයේ අර්බුදද, ගමන් මාර්ගය නිවැරැදිද, ඇමැති සංශෝධනය, ආණ්ඩුවට ඇති අනතුරු ඇඟවීම්, ඉදිරි මැතිවරණ යනාදී කරුණු සම්බන්ධයෙන් මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් එළිදැක්වෙයි.
ප්‍රශ්නය:- ආණ්ඩුවේ ලොකු අවුලක් වගේ එක්වරම පේන්න ගත්තේ ඇයි? එහෙට මෙහෙට එල්ලවන වාග් ප්‍රහාර හැටියට මතුව ඇත්තේ ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදයද?
පිළිතුර:- කරුණු කීපයක් ඔතන තිබෙනවා. එ.ජා.ප.යත් ශ්‍රී.ල.නි.ප.යත් අතර මේ ජාතික ආණ්ඩුව පිහිටෙව්වේ වසර දෙකකට. ලබන සැප්තැම්බර් මාසෙට ඒ වසර දෙක අවසන් වෙනවා. එහෙත් වසර පහටම මේ ජාතික ආණ්ඩුව පවතින බව පක්‍ෂ දෙකේ නායකයන්ගෙන් ප්‍රකාශ වුණා. ඒ වුණාට වසර දෙකේ ප්‍රශ්නය එක පැත්තකින් මතුව තිබෙනවා. තවත් පැත්තකින් ලබන ජුනි මාසය වනවිට ජනාධිපතිතුමාගේ ධූරකාලයෙන් අඩක් සපිරෙනවා. ඒ කාලය සපිරුනාට පස්සේ අනිවාර්යයෙන්ම රාජ්‍ය නායකයා තමන්ගේ ධූරකාලයේදී කිරීමට හැකි වූයේ සහ කිරීමට නොහැකි වූ දේ මොනවද කියා බලා වෙනසක් කළ යුතු කාලය ඒ පැත්තෙන් උදාවී තිබෙනවා.
තුන්වනුව මේ රජය බලයට පත් කිරීමට පාක්‍ෂිකයන්ට අමතරව මධ්‍යස්ථ විශාල පිරිසකගේ මැදිහත්වීමක් වුණා. දූෂණය සම්බන්ධව අතීතයට දඬුවම්දී අනාගතය සුරක්‍ෂිත කරයි කියා මේ ජනතාව බලාපොරොත්තු වූවා. ඒ වගේම සංවර්ධන හා ආර්ථිකමය වශයෙන් අලුත් කාර්ය සාධන වැඩසටහනක් හඳුන්වා දෙයි කියා ඔවුන් සිතුවා.
ඒත් මේ දෙකම වුණේ නැහැ. පොඩි පොඩි කාරණා කීපයක් දූෂණයට එරෙහිව වුණාට මහ පරිමාණ අපරාධ ගැන මොකුත් වුණේ නැහැ. රට හොල්ලපු තාජුඩීන් ඝාතනය වැනි කරුණු ගැන පැහැදිලි විසඳුමක් ලැබුණේ නැහැ. මේ නිසා මහජන විශ්වාසයේ ලොකු කඩා වැටීමක් වුණා. ඒ වගේම අනාගතයේ මෙවන්දේ වීම වැළැක්වීමට නීති සැකසීමක් වුණෙත් නැහැ.
කාර්ය සාධනය පැත්තෙන් ජනතාව බලාපොරොත්තු වුණේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ව්‍යාපෘති එහෙම්මම ඉදිරියට ගෙනයාම නොවෙයි. ඔහුට නිම කරන්නට බැරිවූ දේ කරන්න නෙමෙයි මේ ආණ්ඩුව ආවේ. හම්බන්තොට වරාය, කොළඹ වරාය, පුත්තලම බලාගාරය, මත්තල ගුවන්තොටුපොළ චීනයට පවරා දෙන්න 2011 දී මහින්ද මහත්තයා උත්සාහ කළා. ජනාධිපතිවරණයෙන් පස්සෙ ඒ දේ කරන්නයි හිටියේ. දැන් ඒක අපේ ආණ්ඩුවත් කරනවා.
තෙල් හා ගෑස් ක්ෂේත්‍රයේ සියලු දේ ඉන්දියාව හරහා යෝජනා කර තිබුණා. මන්නාරම් ද්‍රෝණියේ කොටසක් තෙල් ගවේෂනයට කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියාවට ලබා දුන්නා. එල්.එන්.ජී. බලාගාරයක් හා සැපයුම් මධ්‍යස්ථානයක් ඉන්දියාවට දෙන්න ගියා. තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට දෙන්න සූදානම් වුණා.
මේ ආකාරයට රටට හෙළි නොකරපු එකඟතා රාශියක් ඇතිකරගෙන තිබුණා. දැන් අපිත් ඒ ටිකම කරගෙන යනව. මේ නිසා කාර්යසාධනය පැත්තෙනුත් ආණ්ඩුවට බලගතු චෝදනාවක් තිබෙනවා. ජනතාවට අපේක්‍ෂා භංගත්වයක් තිබෙනවා. ජනතාවගේ මේ අපේක්‍ෂා භංගත්වය දේශපාලන ක්ෂේත්‍රයටත් පැතිරිලා.
ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතිලා අස්වෙනවා කියනවා. පරාජයෙන් තැති ගැනීමට ලක්විය යුතු බලවේග ආඩම්බර වී වහසිබස් දොඩන තත්ත්වයට පත්වෙලා. එ.ජා.ප. දෙවැනි පෙළ පිරිස් අතරත් දුක්ගැනවිල්ලක් ඇතිව තිබෙනවා. මොන මතවල සිටියත් තමන්ට ඡන්දය දුන් ජනතාව තමන් ගැන දැන් සිතන්නේ කොහොමද කියා දැනගැනීම දේශපාලනඥයන්ගේ ප්‍රධාන වගකීමක්. ඒ අනුව ප්‍රතිසංස්කරණ කරන්න ඕන. එනිසා හුදු ඇමැති සංශෝධනයකින් ඔළු ගෙඩි මාරුකිරීමෙන් ඔබ්බට ගිය ව්‍යුහාත්මක වෙනසක් ආණ්ඩුවට අවශ්‍යව තිබෙනවා.
එයට වැඩි කාලයක් නැහැ. පළාත් සභා ඡන්ද පටන් ගැනෙනවා. ඊට පසු මහ ඡන්ද එනවා. පළාත් සභා ඡන්දවලින් අනාගත ඡන්දයට අවශ්‍ය සිග්නල් එක වැටෙනවා.
ප්‍රශ්නය:- ආණ්ඩුව තම වගකීම හරිහැටි ඉටු කරන්නේ නැහැ කියලද ඔබ කියන්නේ?
පිළිතුර:- සමහර කාරණා ජනගත කරන්න රජයේ මාධ්‍ය යාන්ත්‍රණයට නොහැකි වී තිබෙනවා. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම කළා. ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කළා. බෙහෙත් මිල පාලනය කළා. මේවා අත්‍යවශ්‍යම කාරණා. සමෘද්ධි දීමනාව හතර ගුණයකින් පමණ වැඩි කර තිබෙනවා. මේවා කරලත් ඒවා ජනගත කරන්න අපට බැරිවුණා. අපිම ඇති කරපු යහ පාලනයේ ප්‍රතිඵලයක් හැටිට හැම තැනම හැමෝම තීරණ ගන්න ගත්තා.
තවත් වෙලාවට ලොකු නිලධාරීන් තීරණ ගැනීමේදී පස්ස ගැසුවා. ඕන බොරුවක්, ඕන මඩක්, ඕනම චරිත ඝාතනයක් අපට කරන්න පුළුවන් කියන වල් බූරු නිදහසක් සමාජ වෙබ් අඩවි ජාල හරහා මුදාහැරුණා. ප්‍රතිරූප විනාශ කිරීම ඉලක්ක කර ඒ හරහා කටයුතු කළා. මේවා නිසා ජනතාවට අරාජික මානසිකත්වයක් ඇති වුණා.
පසුගියදා ජාත්‍යන්තරය සමග වෙසක් උත්සවය, වෙසක් කලාප සංවිධානය කිරීමෙන් තමයි යම් ජනතා ප්‍රසාදයකට ලක්වන වැඩක් මේ රජයෙන් කෙරුණේ. වැඩකළ හැකි විශාල පිරිසක් රජයේ ඉන්නවා. එහෙත් ඒ හැකියාව රාජ්‍ය යාන්ත්‍රණය හරහා එන්නේ නැහැ.
සමහර බලගතු ආර්ථික කාරණා ගැන විධිමත් ලෙස සෑම පැත්තක් ගැනම කල්පනා කර පියවර නොගෙන හදිසි තීරණවලට එළැඹීම නිසා සහ පසුව ඇතිවන විරෝධතා නිසා ඒවා වෙනස් කිරීමට යාමෙන් ලොකු අපහසුතාවයකට රජය පත්ව සිටිනවා. හම්බන්තොට වරාය හොඳ උදාහරණයක්. හැබැයි පෝර්ට් සිටි ව්‍යාපෘතිය ගැන අපි වගකීමක් ගත්තා. එහි තිබූ ප්‍රශ්න විසඳා විධිමත් ගිවිසුමකට ඇවිත් එය ක්‍රියාත්මක කළා. දැන් එය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ව්‍යාපෘතියක් හැටියට ඉදිරියට ගියේ ඒවා විතරයි.
ශ්‍රීලංකන් ප්‍රකෝටි ගණන් ගිල දමනවා. ලංකා විදුලි බල මණ්ඩලය ආදී ආයතන නැවත මහා පරිමාණයෙන් පාඩු ලබන තත්ත්වයට පත්වෙලා. පාලනය කළ හැකි තැන්වත් අපි පාලනය කර නැහැ. ආර්ථිකයේ ප්‍රධාන සංරචක පසුබෑමට ලක්වෙලා. මේ කාලවදී මහින්ද රාජපක්‍ෂටම දොස් නැගුවට 2015 තිබූ තත්ත්වයම 2016 දී ඇතිකර ගැනීම ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අපේ අමාත්‍යාංශය කළ කාර්යභාරය හැරෙන්න ගිය වසරේ ආර්ථිකය ඍණ වෙන්න තිබුණා. මේ පසුබිම යටතේ නායක දෙපල විප්ලවීය පර්වර්තනයක් කරන්න ඕන. එහෙම නැතුව මේ යන විධියටම ඉදිරියට යන්න අමාරුයි.
ප්‍රශ්නය:- දෝෂය ඇති වී තිබෙන්නේ කොතැනද?
පිළිතුර:- දක්‍ෂ සහ අත්දැකීම් සහිත පිරිසක් පක්‍ෂ දෙකෙන්ම ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. එහෙත් ආර්ථිකයේ ප්‍රමුඛතා හඳුනාගත්තේ නැතිව සහ කළ යුතු දෑ මොනවද කිය ඒවා ඉක්මනට විසඳා ගන්නේ නැතිව අපට මහා පරිමාණ වැඩවලට යන්න බැහැ. ශ්‍රී ලංකන් විකුණ ගන්න හෝ එහි පාඩුව පියවා ගන්නෙ නැතුව අපි කොහොමද කටුනායක ගුවන් නගරයක් හදන්නෙ. වරායේ නැගෙනහිර පර්යන්තය හදන්නෙ නැතුව අපි කොහොමද වරාය නගරයක් ගැන සිතන්නෙ. 2018 බලශක්ති අර්බුදයක් එනවා. ඒ අලුත් බලාගාර නැති නිසයි. ඒව හදන්න කල් තිබුණා. 2015 ඒ තීරණ නොගත් නිසා 2018 දී අර්බුදයක් කැඳවා ගන්නවා. මේවායෙන් ප්‍රයෝජන ගන්නේ ඩීසල් මාෆියාව. මෙතැන තිබෙන්නේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලුවක්. සයිටම් මේකට උදාහරණයක්. වෛද්‍ය මණ්ඩලය සමග ගිය වසරේ මේ ප්‍රශ්නය විසඳගන්න තිබුණා. වෛද්‍ය ශිෂ්‍යයෝත් ආචාර්යවරුන් ආවත් එතනදිත් ප්‍රශ්නය විසඳා ගත්තේ නැහැ. වෘත්තීය සමිති එකක්වත් මේ ප්‍රශ්නය විසඳ ගත්තේ නැහැ. දැන් මෙය වෙනත් තලයකට පත්වෙලා. නියමිත මොහොතේ ප්‍රශ්නය විසඳන්න එඩිතර නොවීම නිසයි අද මේ ප්‍රශ්නය තිබෙන්නේ. අදාළ කාරණ නිසා නිශ්චිත නොවීම නිසා ලිහිල් අරාජිකත්වයකට ගමන් කර තිබෙනවා. මෙහෙම ගියාම ටික දවසකදී ජනතාවට ඒකාධිපතියෙක් අවශ්‍ය වෙනවා. එවැනි තත්ත්වයකට තල්ලු වෙන්න පුළුවන්.
ප්‍රශ්නය:- මේ තරම් ප්‍රශ්න තිබෙද්දී ආණ්ඩුව රාජපක්‍ෂලාට බැණ බැණ ඉන්නවා මිස කරන දෙයක් නැහැ නේද?
පිළිතුර:- රාජපක්‍ෂලාට බනින්න ඕන. ඔවුන් විවේචනය කරන්න ඕන. රාජපක්‍ෂවරු ගියාට ඒ රෙජිමය වෙනස් වෙලා නැහැ. උඩින් බැන්නට යටින් සම්පූර්ණම ඒක බදාගෙනයි ඉන්නේ.
ප්‍රශ්නය:- ඇමැති සංශෝධන අද හෙට කියමින් කල් ඇදෙනවා. මේ සංශෝධන ගැන කියන්නේ මොකක්ද?
පිළිතුර:- මෙතන තිබෙන්නේ ඇමැති සංශෝධනවලින් විසඳගන්න පුළුවන් පුද්ගල ප්‍රශ්නයක් නෙමෙයි. ආර්ථිකයේ ප්‍රශ්නය, බලශක්ති ප්‍රශ්නය ඒ ඒ ඇමැතිලාගේම ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්න විනිවිද දැක ඒවා නිරාකරණය කරන්න බැරි පොඩි ව්‍යාධියක් යහපාලනයේ අපට තිබුණා. ඒ ව්‍යාධිය තමයි මේ ගමන්කර තිබෙන්නේ. මූල්‍ය අරමුදලේ කොන්දේසි සම්පූර්ණයෙන් ඉටු කරන්න ගියොත් රාජ්‍ය ආයෝජන සීමා කරන්න වෙනවා. එහෙම කළොත් අපි ඡන්දවලින් පරදිනවා. මෙතැනදී අපි මහතීර් මොහොමඞ්ගෙන් ආදර්ශය ගන්න ඕන.
මැලේසියාවේ ආර්ථිකය අර්බුදයට ගිය වෙලාවෙ මහතීර් අයි.එම්.එෆ්. බෙහෙත් බිව්වේ නැහැ. රටේම බෙහෙත් සොයාගෙන රටට දුන්නා. ලෙඩ වී තිබෙන ආර්ථිකය ස්ථාවර කරන්න අයි.එම්.එෆ්. බෙහෙත් දීමයි ඡන්දයි දෙකම කරන්න අපට බැහැ. මෙතන තිබෙන්නේ ඒ ප්‍රශ්නයයි. අයි.එම්.එෆ්. හොඳ ප්‍රතිපත්ති අපේ රාමුවක් ඇතුළේ ක්‍රියාත්මක කරනවා මිස අයි.එම්.එෆ්. රාමුවේ ක්‍රියාත්මක කළොත් අපි දේශපාලන පරාජයකට ලක් වෙනවා.
ප්‍රශ්නය:- ඇමැති සංශෝධනයක් කළොත් එ.ජා.ප. ප්‍රබලයන් කීප දෙනෙක් ඉවත්වන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුර:- ඒක තමයි මම මුලින් කිව්වෙත්. ඇමැති සංශෝධනය කට ඔබ්බෙන් ගිය ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. එහෙම නැතුව මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.
ප්‍රශ්නය:- ඇමැති සංශෝධන කළ ආණ්ඩු කඩා වැටුණා. මේ ඇරැඹෙන්නේ මේ ආණ්ඩුවේ කඩා වැටීමද?
පිළිතුර:- මේ ආණ්ඩුවේ ගමනක අවසානය, කඩා වැටීම ගැන සමහරු කතා කළාට ඒක එහෙම වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ගැන අපටත් විවේචනයක් දුක්ගැනවිල්ලක් තිබෙනවා. ආණ්ඩුව කඩා වැටෙන්නේ නැහැ. දැන්වත් ප්‍රමුඛතා හඳුනාගෙන කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍යයි. ඉදිරි පළාත් සභා ඡන්දයට පෙර ඒ පියවර ගත යුතුමයි.
ප්‍රශ්නය:- එහෙම නම් මේ මතුව තිබෙන්නේ දෙපාර්ශවයේ බල අරගලයද?
පිළිතුර:- මහ පක්‍ෂ දෙකේ එදා ඉඳන්ම විරෝධතාවක් තිබුණා. මට නම් ඔය දක්‍ෂිණාංශික වාමාංශික කියා දෙයක් නැහැ. රටේ ධනපතියන්ට පවුල්වාදීන්ට ලොකුම සහන ලැබුණේ රාජපක්‍ෂ පාලන කාලයේ. තිබුණේ බොරු රතු සාටකයක් විතරයි. සමහර එ.ජා.ප. ආණ්ඩුවලින් සාමාන්‍ය ජනතාවට සමාජවාදි ආණ්ඩුවලට වඩා සේවය වී තිබෙනවා. දක්‍ෂිණාංශික වාමාංශික කතා දැන් ලෝකයේ වලංගු නෑ. ලෝකයේ ලොකුම කොමියුනිස්ට් රාජ්‍යය වන චීනය අද ධනවාදී වෙළෙඳපොළ ක්‍රමයේ නායකයා වී සිටිනවා. ධනවාදී වෙළෙඳපොළ ක්‍රමයේ නායකයා වූ ඇමෙරිකාව රාජ්‍ය ධනවාදයේ ප්‍රධානියා බවට අද පත්වෙලා. අද ට්‍රම්ප් කරගෙන යන්නේ සිරිමාවෝගේ ප්‍රතිපත්තියයි. ජේ.ආර්.ගේ ප්‍රතිපත්ති අද කරගෙන යන්නේ චීනයේ ෂී ජින් පින්. එනිසා වාමාංශික දක්‍ෂිණාංශික කතා විහිළු පමණයි. අලුත් තත්ත්වයක් තිබෙන්නේ. අපිත් ඒ අනුව හැසිරෙන්න අවශ්‍යයි. ජාත්‍යන්තර වශයෙන් අපි ජයග්‍රහණ ලැබුවා. ජී.එස්.පී. ප්ලස් ගත්තා. අපේ එක චූටි වැරැදි පියවරක් අපි භයානක අගාධයකට වට්ටන්න පුළුවන් බව මතක තියාගන්න ඕන. ලෝකයේ බල කඳවුරු දෙකක් ඇතිවන බව අමතක කරන්න හොඳ නැහැ.
ප්‍රශ්නය:- ආණ්ඩුවෙ වැරැදි නිවැරැදි කර නොගත්තොත් මේ වසරෙදිම බරපතළ ව්‍යසනයකට රට යා හැකි බවට පුරවැසි බලය අනතුරු අගවනවා. මෙම ආණ්ඩුවට දැනෙන්නේ නැතිද?
පිළිතුර:- පුරවැසි බලයේ ඇත්තන් ව්‍යවස්ථාව, සයිටම් ආදී කරුණු ගැන දරන මතක ගැන අපි එකඟ නොවූවත් දූෂණය, වංචාව, රාජ්‍ය පාලනය, යහ පාලනය, ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ඔවුන් කියා තිබෙන දේවල් සමග බොහෝ දුරට අපිත් එකඟ වෙනවා.
ප්‍රශ්නය:- ජනාධිපතිවරයාට පවා මුලතිව් එන්න එපා කියා සිවාජිලිංගම් කියා තිබෙනවා. මේවා හරහා පෙන්නුම් කරන්නේ වෙනත් ප්‍රවණතාවක්ද?
පිළිතුර:- සිවාජිලිංගම්ල වගේ පඟර නැට්ටන්ට ඒ තරම් දෙවල් කරන්න පුළුවන්ද? කොටි සංවිධානයේ මරණ වරෙන්තුව ඔය පුද්ගලයාටත් තිබුණා. ඒ අය දැන් ප්‍රභාකරන්ගේ අවතාර හදාගෙන දඟලනවා. ඕවායෙන් අනාථ වෙන්නේ දෙමළ ජනයාමයි. උතුරට එන්න සිටි ආයෝජකයන් උතුරේ තිබූ හර්තාල් නිසා අදහස් වෙනස් කර ගත්තා. උතුර කියන්නේ ඉදිරීයේදී ක්‍රමයෙන් හුදකලා වන තැනක්. දකුණේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල කරනවා වගේ අන්තවාදය වපුරන උතුරේ පිරිස්වලටත් දැඩිව, ඍජුව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.
ප්‍රශ්නය:- රාජපක්‍ෂලා නැවත නැගිටින්නේ නැති බව ඔබ මුලින් සඳහන් කළා. හැබැයි මැයි දිනයේදී ඔවුන් රටට දුන්නේ වෙනත් පණිවිඩයක් නේද?
පිළිතුර:- මහින්ද මහත්තය 2014 ජනාධිපතිවරණය පටන් ගත්තේ අනුරාධපුරයේ රැලියකින්. මෛත්‍රීපාල මහත්තය පටන් ගත්තෙ නුවරින්. නුවර රැස්වීමේ වගේ කීගුණයක සෙනඟ අනුරාධපුරයේ සිටියාද? අවසානයට දිනුවෙ කවුද? මහින්ද මහත්තය 2010 දී එයට ලැබුණු ඡන්ද හැට එක් ලක්‍ෂය පනස් හත් ලක්‍ෂයට බස්සගෙන පනස් අට ලක්‍ෂයක් කියා නුගේගොඩ මහා හමුවක් තිබ්බා. මහ මැතිවරණය දිනන බව කිව්වා. සාටකයේ එල්ලුනු අය දිනූ බව ඇත්ත. හැබැයි මහින්ද මහත්තයාගෙ පනස් අට හතළිස් හතට බැස්සා. එනිසා මහින්ද මහතත්තයට, බැසිල්ට චූන් වෙන්න පුළුවන්. හැබැයි රට එහෙම චූන් වෙලා නැහැ. කොතැන තිබුණත් පවුල්වාදය පරාජය කරන්න ඕන. මේ රටට ඕන කුසලතාවාදයක්. එහෙම නැතිව පවුල් වන්දනාවක් හෝ පුද්ගල වන්දනාවක් නෙමෙයි. ගජ මිතුරු වාදයත් පරාජය කරන්න ඕන.
ප්‍රශ්නය:- ආණ්ඩුවේ තරම ඉදිරි මැතිවරණයෙන් පෙනේවි කියා ඔබ අනාවැකි කිව්වේ මොන පදනමෙන්ද?
පිළිතුර:- අවසාන වශයෙන් පරීක්‍ෂාවට ලක්වෙන්නේ ඡන්දවලින් නේ. එනිසා ඉදිරි ඡන්දවලින් ඒක පෙනේවි.
(සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනතා අපේක්‍ෂා භංගවෙලා
Sunil Abeyratne Monday, 29 May 2017 10:37 AM
නිසි පුද්ගලයින් තනතුරු වල නැතිවුණහම එ්ක රටට ලොකු හානියක්....