IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජනතාව රවටන මොනවාද මේ මූල්‍ය වංචා

මිනිස් අවශ්‍යතා සහ වුවමනා අසීමාන්තික බවත් එක් වුවමනාවක් සපුරාගත් කල්හි තවෙකක් පැන නඟින බවත් නිරායාසයෙන්ම සිදු වන්නකි.  ඒ නිසාවෙන් ම කුමන ආකාරයේ සමාජ/අධ්‍යාපන මට්ටමක්, තනතුරක් හෝ තරාතිරමක් නියෝජනය කළ ද ඔබ ඕනෑම ආකාරයක අවශ්‍යතාවක හෝ වුවමනාවක ගොදුරක් වීමට ඉහළ සම්භාවිතාවක් ඇත. 

මෙම තත්ත්වය, වත්මන් සමාජය තුළ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මූල්‍ය වංචා රැල්ලට මනා තෝතැන්නක් වන බව මොහොතකටවත් සිතුවාද? තුන්වැනි පාර්ශ්වයක් විසින් ඔබගේ විශ්වාසය දිනාගැනීම හරහා ඔබ සතු මුදල් වංචාසහගත අයුරින් ඔවුන් වෙත ලබාගැනීම මූල්‍ය වංචාවල සාමාන්‍ය ස්වභාවයයි.  මෙබඳු තත්ත්වයක් යටතේ දී ක්‍ෂණික මෙන්ම ඉතා ඉහළ වරප්‍රසාද අපේක්‍ෂාවෙන් ඕනෑම පුද්ගලයෙක් මූල්‍ය වංචාකරුවන්ගේ ග්‍රහණයට නතු වීමට බොහෝ ඉඩ ප්‍රස්ථාවන් ඇත. 

විශේෂයෙන්ම, වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථිකමය අර්බුදකාරි තත්ත්වය හමුවේ වංචනිකයන් වඩා ශීඝ්‍රයෙන් මෙන්ම වඩාත් නිර්මාණශීලි අන්දමින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වීමේ නැඹුරුතාවක් දක්නට ඇත.    
මූල්‍ය වංචාකරුවෝ විවිධාකාරයේ ක්‍රමෝපාය  අත්හදා බලති.

ප්‍රධාන වශයෙන්ම මූල්‍ය වංචාවක පාර්ශ්ව දෙකකි.  එනම් වංචාකරු/වංචාකරුවන් සහ ඉලක්කගත පුද්ගලයායි.  ඇතැම් විටෙක වංචාකරුවන් වෙනත් අතරමැදි තුන්වැනි පාර්ශ්වයක් සමග සංවිධාන ගත වෙමින් මෙවැනි වංචාවල නියැලීම ද බහුලව දැකිය හැක. 

මූල්‍ය අපරාධකරුවන් ඉතා සූක්ෂණ වීම සහ ඒ ඔස්සේ සොයාගනු ලබන නව සහ එකිනෙකට පරස්පර වූ විවිධ ක්‍රමෝපාය ඔස්සේ ක්‍රියාත්මක වීම හේතුවෙන් ඔවුන් භාවිතා කරන ක්‍රමවේද නිශ්චිතවම සඳහන් කිරීමට අපොහොසත් වුවත් සාමාන්‍ය ජනතාව ඔවුන් වෙත ආකර්ශනය කරගැනීමට මූල්‍ය වංචාකරුවන් බහුල වශයෙන් යොදා ගනුලබන උපක්‍රම කිහිපයක් පහත පරිදි වෙයි. 

• දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජංගම දුරකථන සේවාවක් විසින් කරනු ලබන ලොතරැයි දිනුමක්’ ඔබට හිමිව ඇතිබව පවසමින් ඔබට දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් ලැබීම මෙහි ආරම්භක පියවරයි.  පසුව මෙම ත්‍යාග මුදල ලබා ගැනීම සඳහා රජයට ගෙවිය යුතු බදු මුදල් වශයෙන් යම් මුදලක් ඔවුන් විසින් ලබා දෙන ගිණුම් අංකයකට ගිණුම්ගත කිරීම හෝ ලබාදෙන දුරකථන අංකයකට මුදල් හෝ වටිනාකම් හුවමාරු කිරීමේ සේවා හරහා බැර කරන මෙන් ඔබට උපදෙස් ලැබෙනු ඇත.  ලැබීමට නියමිත මුදල සමඟ සැසඳීමේ දී ගෙවිය යුතු බදු මුදල අඩු මට්ටමක පැවතීම මේ ආකාරයේ මුදල් වංචාවලට හසුවීමට බලපාන ප්‍රධාන සාධකය වී ඇත. 

• ‘අන්තර්ජාලය සහ විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හඳුනාගනු ලබන මිතුරු මිතුරියන්’ ද ඔබ මූල්‍ය වංචාවකට හසුකරගැන්මේ එක් අදියරක් වීමට ඉඩ ඇත.  මෙසේ ඔබ හඳුනාගනු ලබන නොදුටු මිතුරු මිතුරියන් කල් යත්ම ඔබට වටිනා ත්‍යාග ලබා දීමට පෙළඹෙනු ඇත.  ව්‍යාජත්වය වසන් කිරීම සඳහා ත්‍යාගයේ ඡායාරූප මෙන්ම භාණ්ඩ නැව්ගත කිරීමේදී ලැබෙන ලියකියවිලි පවා ඔබ අතට පත් කෙරෙනු ඇති.  එසේ එවනු ලබන ත්‍යාග රේගුවෙන් නිදහස් කිරීමට අවශ්‍ය මුදල් නො එසේ නම් ප්‍රවාහන ගාස්තු ගිණුමකට තැන්පත් කරන මෙන් තවදුරටත් උපදෙස් ලැබෙනු ඇත. 

මෙය බොහෝ විට බෙදා හැරීමේ නියෝජිතයෙක් යැයි හඳුනාගන්නා තුන්වැනි පාර්ශ්වයක් වීමේ හැකියාව ඉතා ඉහළය.  ත්‍යාගය ලබා ගැන්මට මුදල් ගිණුම්ගත කරන ඔබ විදේශිකයකු මෙන් පෙනී සිටින ශ්‍රී ලාංකිකයකුගේම මූල්‍ය වංචාවක ග්‍රහණයට නතුව ඇති බව අවබෝධ වන විට ඔබ සාධාරණව ඉපැයූ මුදල් මූල්‍ය වංචාකරුවන්ට ප්‍රදානය කොට අවසන්ය. 

• ‘බහු ජාතික සමාගම් ලෙස පෙනී සිටිමින් ඉතා ඉහළ වටිනාකමක් සහිත මෝටර් රථ වැනි වටිනා ත්‍යාග ඔබ විසින් දිනා ඇති බව ඊමේල් පණිවුඩ හරහා ඔබට දැනුම් දීම’ ද මූල්‍ය වංචාකරුවන් විසින් බහුල ලෙස යොදාගනුලබන ක්‍රමෝපායයකි.  බොහෝ විට මෙහිදී ත්‍යාගය ඔබ සතුව ඇතිබව තහවුරු කරගැනීම සඳහා ඔවුන් විසින් යෙදවුමක් (Link) ලබාදෙනුලබන අතර ඒ හරහා ලබාදෙන ඔබගේ පෞද්ගලික තොරතුරු (බැංකු ගිණුම් අංක, මුරපද, කාඞ්පත්වල සථ්‍යාපන අංක ආදිය) ඔස්සේ ඔබේම ගිණුමට අනවසරයෙන් ප්‍රවේශ වී මුදල් ලබා ගැනීම ඔවුනට ඇසිල්ලකින් සිදුකළ හැකි වනු ඇත.

• ඕනෑම පුද්ගලයෙක් මූල්‍ය වංචාකරුවකුගේ ඉලක්කයක් විය හැකිය. ‘නව රැකියා අවස්ථා ලබා දෙන බවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය’ කර අනතුරුව ආකර්ෂණීය වැටුපක් සහිත රැකියාවක් ලබා දීම සඳහා අත්තිකාරම් මුදලක් ලබා දීමට සාමාන්‍ය ප්‍රජාව පෙළඹවීම ද වත්මන් සමාජය තුළ බහුලවම දැකිය හැකිය.  සිය අධ්‍යාපන සුදුසුකම්වලට වඩා ඉතා ඉහළ වූත් ආකර්ශණීය වැටුපක් යටතේ සිය වෘත්තිය දිවිය ඇරඹීම අපෙක්ෂාවෙන් මෙවැනි වූ මූල්‍ය වංචාකරුන්ගේ ආකර්ශණීය කතා විලාශය, දැන්වීම් සහ ප්‍රචාරණයට හසුවන මහජනතාව එක්වරක් පමණක් නොව ඇතැම් අවස්ථාවලදී දෙවතාවක් හෝ තුන්වතාවක් පවා අදාළ ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමට මැලිනොවූ අවස්ථා බොහොමයකි. 

• විකිණීමට යැයි පවසමින් ‘විවිධාකාරයේ වෙබ් අඩවි තුළ එකම භාණ්ඩය ප්‍රචාරණය කරමින් එකම භාණ්ඩය සඳහා බොහෝ පිරිසකගෙන් අත්තිකාරම් මුදල් ලබා ගැනීම’ ද මූල්‍ය වංචාව නවතම ප්‍රවණතාවක් ලෙසින් හඳුනාගෙන ඇත.  තවද, මීට සමගාමීව, අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම සිදුකරන ආයතන/පුද්ගලයන් දින කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබාදෙන බව පවසමින් අදාල මුදල් ලබාගෙන නියමිත පරිදි භාණ්ඩ ලබා නොදීම මෙන්ම කල්යත්ම මේ සම්බන්ධ විමසීමකට පවා ඔවුන්ව සම්බන්ධ කරගැනීමට නොහැකි වීමත් අද සමාජය තුළ බහුලව දැකිය හැකිය. 

මූල්‍ය වංචාවල දැකිය හැකි පොදු ලක්ෂණ

• ඔබට ලබාදෙනවා යැයි පැවසෙන ත්‍යාගය හෝ ප්‍රතිලාභය ඉතා ඉහළ වටිනාකමකින් යුක්තවීම සහ ආකර්ෂණීය වීම.

• ත්‍යාගය ලබා ගැනීම සඳහා ඔබ ඔවුනට ගෙවිය යුතු මුදල ලැබීමට නියමිත මුදලට සාපේක්ෂව අඩු අගයක් වීම.

• ඉතා ඉක්මනින් මුදල් ගිණුම්ගත කළ යුතු බව හෝ තොරතුරු ලබාදිය යුතු බවත් නො එසේ නම් අදාළ ත්‍යාගය හෝ ප්‍රතිලාභය ඔබට අහිමි වී යනු ඇතැයි පවසමින් අනවශ්‍ය බියක් ඔබ තුළ ජනිත කර වීම. 

• ගෙවීම කළ යුතු ආකාරය සහ ඇතැම්විට ගෙවීම් සිදුකළ යුතු වේලාවද ඔවුන් විසින් ලබාදෙනු ඇත. 

• ඔබ හොඳින් දන්නා හඳුනන අයකු/ආයතනයක් බව ඔබට හැඟී යන අයුරින් කටයුතු කරයි (උදාහරණයක් ලෙස ලොව ප්‍රසිද්ධ සමාගම්වල නමට ආසන්න නමකින් පෙනී සිටීමට කටයුතු කරයි)

• එක්වරක් මූල්‍ය වංචාවක ගොදුරක් වූ අයෙක් වෙතොත් ඔහුව/ඇයව දෙවන හෝ තුන්වැනි වතාවටත් ඉලක්ක කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇත. 

• රු. 2,000- රු. 5,000 වැනි කුඩා ගණයේ සිට රු. 100,000-500,000 දක්වා වූ ඉහළ පරාසය දක්වා මෙම මූල්‍ය වංචා සිදු වේ. 

• මූල්‍ය වංචාකරුවන් මෙම වංචා කිරීමට භාවිතා කරනු ලබන ගිණුම් විවෘත කිරීමට සිය අනන්‍යතාව ඉදිරිපත් නොකරන අතර, මේ සඳහා ව්‍යාජ ලෙස සකස් කරන ලද හැඳුනුම්පත් බහුල ලෙස යොදා ගනී. 

• ඔබට ලැබෙන ත්‍යාග, දුරකථන ඇමතුම් ආදිය සත්‍ය බැව් හැඟවීම සඳහා අදාළ ත්‍යාගවල ඡායාරූප, භාණ්ඩ නැව්ගත කිරීමේ ලිපි ලේඛන, ප්‍රවාහන ගාස්තු සඳහා අවශ්‍ය රිසිට්පත්, භාණ්ඩ ආනයනය සහ අපනයනයේ දී හුවමාරු වන ලිපි ලේඛන ව්‍යාජ ලෙස සැකසීම. 

මූල්‍ය වංචාවලට හසු නොවී සිටීමට නම් 

මූල්‍ය වංචාකරුවන් ඉතා සූක්ෂම මෙන්ම නිර්මාණශීලී ද වන බැවින් ඔවුන්ගේ එකිනෙකට වෙනස් වූ ක්‍රමවේදවලට හසු නොවීම සිටීම බෙහෙවින් උගහටය.  මේ නිසාවෙන්, සාමාන්‍ය ප්‍රජාව මේ සම්බන්ධයෙන් මනා දැනුමක් මෙන්ම අවබෝධයක් ලබා තිබීම හරහා වංචාවලට හසුවීම අවම කර ගැනීමේ ඉහළ ඉඩ ප්‍රස්ථාවක් ඇත. 

ඔබ අන්තර්ජාලයේ දකින ඕනෑම ආකර්ෂණීය දැන්වීමක්, ඉහළ වටිනාකමකින් යුතු ත්‍යාගයක්, ප්‍රතිලාභයක් ලැබනෙවා යැයි පැවසෙන ඇමතුමක්, කෙටි පණිවුඩයක් ඔබ මූල්‍ය වංචාවට ග්‍රහණය කර ගැනීමේ ප්‍රථම අදියර විය හැකි බැවින් එවැන්නක් සම්බන්ධයෙන් සිය පෞද්ගලික තොරතුරු ලබා දීමේ දී හෝ අමතර මුදලක් ඔවුන් වෙත ලබා දීමේ දී විශ්වාසනීයත්වය සහ සත්‍යතාව පිළිබඳව කිහිපවතාවක්ම සිතා බැලීමට මැලි නොවන්න.  

එසේම ඔබේ විචක්ෂණශීලිත්වය සහ බුද්ධිමත්භාවය ඔබ මහා පරිමාණ මූල්‍ය වංචාවක වින්දිතයෙන් බවට පත්වීම වළක්වාලනු ඇත.  එක් වතාවක් හෝ මූල්‍ය වංචාවට ගොදුරු වූවා යැයි හැඟෙන්නේ නම් තවදුරටත් දිගින් දිගටම මුදල් තැන්පත් කරන මෙන් ලැබෙන උපදෙස්වලට අවනත නොවීමට වගබලා ගැනීම ඔබේ වගකීම වේ. 

තම  සම්පූර්ණ නම, දුරකථන අංක, අනන්‍යතා පත්‍ර අංක වැනි පෞද්ගලික තොරතුරු, විශේෂයෙන්ම බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු, මුරපද, හර කාඞ්පත් (debit card) සහ ණය කාඞ් පත් (debit card) අංක, පෞද්ගලික හැඳුනුම් අංක (PIN), මාර්ගගත ගනුදෙනු කිරීමේ දී ඔබට ලැබෙන CVV, CVCහෝ CVS ලෙස හඳුන්වන කාඞ්පත් සත්‍යාපන අංක, ගනුදෙනු සහතික කිරීමේ දී භාවිතා කරනු ලබන එක්වරක් භාවිතා කළ හැකි මුරපද One Time password (OTP) ආදිය තුන්වැනි පාර්ශවයක් වෙත ලබා නොදීම හරහා මෙම වංචාවල ඉලක්කයක් බවට පත්වීමේ අවදානම අවමකරවා ගත හැකිය.  

ඔබ මූල්‍ය වංචාවකට හසු වුවහොත්...

සෑම වසරකදීම අසන්නට ලැබෙන මූල්‍ය වංචා සංඛ්‍යාව ඉතා ඉහළ වුවද, නීතිය බලාත්මක කරනු ලබන ආයතන වෙත වාර්තා වන මූල්‍ය වංචාවල සංඛ්‍යාත්මක වශයෙන් සැලකීමේ දී ඉතා අඩු අගයක් ගනී.  මූල්‍ය වංචාවලට හසුවීමෙන් ඇතිවන අපහසුතාව, ලඡ්ඡාශීලිත්වය සහ වෙනත් විවිධාකාරයේ හේතු මූලික කරගෙන මූල්‍ය වංචාවලට ලක්වූවන් මේ පිළිබඳව ආදළ ආයතනය වෙත වාර්තා කිරීමට මැලිකමක් දැක්වීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.  මේ හේතුවෙන්, මූල්‍ය වංචාකරුවන් විසින් මේ සඳහා යොදා ලනුලබන නව ක්‍රමවේද මෙන්ම විවිධ වූ උපක්‍රම හඳුනාගැනීමේ අපහසුතාවක් පැන නැගී ඇත.  මේ පිළිබඳව පැමිණිලි  කිරීමට ඔබ වංචාවට හසු වූ අයෙක්ම විය යුතු නැත.  

ඔබ මූල්‍ය වංචාවක තවත් එක් ඉලක්කයක් ඔබට හැඟේනම්, නොඑසේ නම් දැනටමත් වංචාවකට හසු වී ඇති බව ඔබට හැඟේ නම් නොපමාව ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කිරීම ඔබේ යුතුකම සහ වගකීමයි.  මක්නිසාද යත් ඔබගේ ඉක්මන් පියවර එවැනිම මූල්‍ය වංචාවලට හසුවිමට නියමිත හෝ දැනටමත් හසුවුණු තවත් වින්දිතයන් ගණනාවකගේ මහත් පරිශ්‍රමයකින් සාධාරණව ඉපැයුනු මුදල් වංචනිකයන් සතු වීම වළක්වනු ඇත.

සෑම විටම නවතම මුහුණවරකින් එළි දකින විවිධාකාරයේ මූල්‍ය වංචාවලට හසුනොවන අයුරින්, සෑම විටම විචක්ෂණශීලිව කටයුතු කිරීම ඔබේ වගකීමයි. යම් හෙයකින් ඔබ වින්දිතයකු වුවහොත් හෝ නොඑසේ නම් ඔබ, ඔබේ හිතෛෂීයෙක්, ඥාතියෙක් හෝ මිතුරෙක්, මූල්‍ය වංචාවක වින්දිතයෙක් වේ නම් හෝ මූල්‍ය වංචාවකට ඉලක්ක ගත වී සිටී නම් ඒ සම්බන්ධයෙන් ඔබ සතුව ඇති සියලු‍ තොරතුරු අදාල නීතිය ක්‍රියාමත්ක කරන ආයතන හෝ ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම වැළැක්වීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරිමේ අඛණ්ඩ සේවාවක නියුතු ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සමග තොරතුරු ඔස්සේ සම්බන්ධ වීමෙන් මෙම මූල්‍ය වංචා අවම කිරීමේ ප්‍රයත්නයේ කොටස්කරුවකු විය හැකිය.

ලිපිනය: අධ්‍යක්‍ෂ, මූල්‍ය බුද්ධි ඒකකය, ශ්‍රි ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01
දුරකථන අංක: 011 2 477 125/ 011 2 477 509
වට්ස්ඇප් අංකය: 076 5 200 290
විද්‍යුත් ලිපනය: [email protected]

(***)



අදහස් (2)

ජනතාව රවටන මොනවාද මේ මූල්‍ය වංචා

J,A,S,G, වනිගසේකර Sunday, 09 June 2024 07:54 AM

මූල්‍යමය වංචාවක් පිලිබඳ තොරතුරු දැනුම්දීම

:       0       1

J,A,S,G, වනිගසේකර Friday, 28 June 2024 10:03 AM

මූල්‍ය වංචාවක් ගෙන දැනුම් දීම , ගරු අධ්‍යක්ෂ තුමණි , වාහනයක් සම්බන්ධවයි, මේ ගැන ඔබතුමාට දැනුම් දීමට (ලියකියවිලි )සමග හැකියාවක් ඇතිද බව දැනගැනීමට කැමැත්තෙමි ,

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1285 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site