IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ජීවිත කාලයේදී දේවත්වයට පත්වූ සත්‍ය සායි බාබා

ශ්‍රී සත්‍ය සායි බාබාතුමාගේ 97 වෙනි ජන්ම දිනය අද 23 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

‘සත්‍ය සායි බාබා’ නමින් අප හඳුන්වන්නේ රත්නාකරම් සත්‍ය නරායන රාජු’ යන නමින් උපතේ දී හඳුන්වන ලද දරුවාය. 1926 නොවැම්බර් 23 වැනිදා ඊස්වරම්මාගේ කුසින් බිහි වූ මේ දරුවාගේ පියා රාජු රත්නාකම් ය. ආන්ද්‍රා ප්‍රදේශයේ දුප්පත් ගම්මානයක් වූ පුට්ටපාර්තියේ දිළිඳු පවුලක හතරවෙනි දරුවා ලෙසින් උපත ලද මේ දරුවාගේ උපත හාස්කම් මධ්‍යයේ සිදුවූවක් වූයෙන් ඒ ආරංචි රට තොට පතළ වීය. 

සත්‍ය සායිතුමන් සතු අසාමාන්‍ය බල මහිමය උපතින් උරුමකරගන පැමිණි දෙයක් විනා ප්‍රගුණ කර භාවනා කර අභ්‍යාස කර ගුරුවරයකුගෙන් උගත් නොවන බව සුවිශේෂව අවධානය කළ යුතුය. විශ්ව ශක්තියෙන් ලද දේව ශක්තියක් ගැන උන්වහන්සේ කුඩා කල සිටම ප්‍රකාශ කළහ. දරුවා ගැබට පිවිසි ප්‍රාතිහාර්ය ගැන ඊස්වර අම්මා විස්තර කර ඇත.

අසාමාන්‍ය බුද්ධි මහිමයක් ඇති දරුවෙකු ලෙස ප්‍රකට වූ අතර ඉතා කෙටි කලක් කළ පාසල් ගමනේ සත්‍ය නරායන රාජු පෑන් පැන්සල් මවා දරුවන්ට දීමෙන්ද එකවර කිහිප තැනක පෙනී සිටීමෙන්ද සුපිරි දැනුමක් හේතුවෙන්ද ගායනයට දැක්වූ කුසලතාව සහ කට පාඩමින් දැක්වූ හාස්කම් නිසා පාසලේ ප්‍රකට වීය.

යක්ෂාරූඪයක් ඇතැයි සිතා දස වද දෙමින් ඔහුට ප්‍රතිකාර කිරීමට ගත් උත්සාහය අවසන් වන්නේ වයස දාහතරේදී 1940 මැයි 23 වෙනිදා ඔහු තමා කවුදැයි ප්‍රථම වතාවට ප්‍රකාශයට පත් කරමින් හාස්කම් සමුදායක් මහජනයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමත් සමඟය. ශිර්ධි බාබාගේ අවතාරය තමා බවත් තමන් සත්‍ය සායි බාබා බවත් ප්‍රකාශ කළ උන්වහන්සේ පූජනීයත්වයට පත්විය.

1944 පුට්ටපාර්තියේ ප්‍රශන්ති නිලායම් නමින් කුඩා පූජනීය ස්ථානයක් ආරම්භ වීය. මුළු මහත් ඉන්දියාව පුරා උන්වහන්සේගේ ඔද තෙද පැතිර ගිය අතර තම බැතිමතුන්ට ප්‍රාතිහාර්ය මගින් සහන සැලසීම නිසා දෙනෝ දහසක් පුට්ටපාර්ති වෙත ඇදෙන්නට වූහ.

එම කීර්තිය 1960 වන විට බාහිර ලෝකයට පැතිර යන්නට වීය. බටහිර ලෝකය සත්‍ය සායි තුමන්ට යොමුවීය. පුට්ටපාර්තිය ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් විය. එය සංචාරක පුරයක් වීය. රාජ්‍ය නායකයන්ගේ කේන්ද්‍රස්ථානයක් වීය. වතිකානුවට පමණක් දෙවෙනි වන ආගමික කේන්ද්‍රස්ථානයක් වීය.

සර්ව ආගමික ලාංඡනය උන්වහන්සේ භාවිත කිරීම තුළත් තමන් පැමිණියේ මිනිසුන්ගේ ලබ්ධිය වෙනස් කිරීමට නොව එහි ස්ථාපිත කිරීමට බව සඳහන් කිරීම නිසාත් උන්වහන්සේට ආකර්ෂණය පහසු වීය. සර්ව ආගමික කෞතුකාගාරයක් ඇති එකම පුදබිම එය බවට පත්වීය. වෙසක් නත්තල් සහ හින්දු උත්සවයන්හි ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට එය පත්වීය. 

මානව ගුණධර්ම අධ්‍යාපනය පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් ඉන්දියාවට හඳුන්වාදීමට, උන්වහන්සේ පාසල් සහ විශ්වවිද්‍යාල ආරම්භ කළහ. ඉන්දියානු ජනපතිවරුන්, අගමැතිවරුන් මේ ස්ථානයට පැමිණ උන්වහන්සේගේ ආශිර්වාද ප්‍රාර්ථනා කළහ. ඉන්දිරා ගාන්ධි මහත්මිය පුට්ටපාර්ති ගිය ප්‍රථම අගමැතිනියයි.

එතුමා සමාජයේ පුණ්‍ය කටයුතු සඳහා අවතීර්ණව, දිළිඳු පවුල්වලට විශාල අනුග්‍රහයක් දුන් අතර විශාල ජල සැපයුම් ව්‍යාපාරයක් දියත් කළේය. නොමිලේ සේවය සපයන සුපිරි රෝහල් පද්ධතියක් නිර්මාණය කළේය. පුට්ටපාර්තිය ජාත්‍යන්තරව කීර්තිමත් කරමින් එහි ගුවන් තොටුපළක්ද ඉදිවීය.

2011 අප්‍රේල් 24 වෙනිදා අසූවෙනි වියෙහිදී උන්වහන්සේ සමාධිගතවන අවස්ථාවෙහි සත්‍ය සායි පණිවිඩය ලෝකය පුරාම ව්‍යාප්තව තිබුණි. රටවල් එකසිය දාහතරක සත්‍ය සායි මධ්‍යස්ථාන 1200ක් අදත් පවතින්නේය. නිශ්චිතව උන්වහන්සේ අනුගාමික ජනගහනය මැනිය හැකි මගක් නැතත් එය මිලියන සියයක් ඉකුත්ව ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

උන්වහන්සේගේ අභාවප්‍රාප්තවීමෙන් පසුවද උන්වහන්සේගේ උපකාරය එදා මෙන්ම අදත් ලැබිය හැකි බව අත්දැක ඇති අනන්ත පිරිස අතර මමද සිටිමි.

ආචාර්ය නිමල් සේදර



අදහස් (16)

ජීවිත කාලයේදී දේවත්වයට පත්වූ සත්‍ය සායි බාබා

Samantha Tuesday, 23 November 2021 11:59 AM

බොහෝ කලකින් දුර්ලභ මනුසත් ආත්මයක් ලැබු අපට ඒ නිර්මල උතුම් සත්‍ය ධර්මය ලැබුණේ අප සරණ ගිය භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නිසාමයි. මා හට ඒ උතුම් ත්‍රිවිධ රත්නයේ සරණ හැර අන් සරණක් නැත්තේමය

:       0       16

කෝලිත Tuesday, 23 November 2021 01:12 PM

ඔය යකා පට්ට හොරෙක්, මිනිහගෙ හාස්කම් මොනවද කියල බල්න්න පුලුවන් විස්තර යූ ටියුබ් එකේ තියෙනව...

:       7       46

Royfedricks Tuesday, 23 November 2021 03:40 PM

මොහු චින්තන ශක්තිය මද නූගතුන් බහුල ඉන්දියාවේත්, ලංකාවේත්, අධි සුඛෝපභෝගි දිවියෙන් කාන්සියට පත්වී නව අත්දැකීම් සොයන යුරෝපීය ජාතීන් අතරත් ජනප්‍රිය වූ ඉතාමත් ශූර, ඉතාමත් කපටි, ඉතාමත් දක්ෂ විජ්ජා කරුවෙකි. මොහුවටා රැස්වූ අනුගාමිකයෝ එමගින් විශාල ධනයක් සහ කීර්තියක් අත්පත්කොට ගත්හ. වරක් නෙදර්ලන්ත රූපවාහිනි වැඩසටහනක් මගින් සායි බාබා කුඩා පිරිමි දරුවන් විවිධ අතවරවලට ලක්කරන්නෙක් බව හෙළිකලේය. ඒ පිළිබඳව ඔහු හෝ ඔහුගේ අනුගාමිකයින් අද වෙනතුරු කිසිවක් පවසා නොමැත.

:       3       37

අකලන්ක දිසානයක. Tuesday, 23 November 2021 04:52 PM

ඔහුගේ සමාජ මෙහෙවර ගැන කතා කිරීම පසෙක තබමු. නොයෙක් ආර්ථික හා මානසික ගැටලුවලින් යුතු වූවන්ගෙන් කඩාවඩා ගන්නෙක් ලෙස හැඳින්විය හැක. මොහු දෙවියෙක් නම් ලොව සියලු මැජික්කරුවන් දෙවිවරු වේ. වරෙක මොහු ඝාතනය සඳහා පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයින්ගෙන් දිවි රැකගැනීමට තම ආශ්‍රමය වටා දිවගිය අයුරු මතක් වී, ආචාර්ය නිමල් සේදර මහතා ගැන අනුකම්පාවක් ඇතිවුණි...

:       1       32

Janaka Tuesday, 23 November 2021 05:46 PM

නොම්මර එකේ කපටියෙක් තමයි...

:       2       30

නිහාල් Tuesday, 23 November 2021 06:36 PM

මේ වගේ අංක එකේ කපටියෙක් ගැන අනුකම්පා හිතෙනවා. අන්තර්ජාලයේ තියන වීඩියෝ පෙන්වන්න...

:       2       23

ටිකිරි Tuesday, 23 November 2021 07:53 PM

මේ හෑල්ල ලියල තියෙන විදිහට උගත්කමයි, බුද්ධියයි කියන්නේ දෙකක් කියන කථාවට හොඳ උදාහරණයක්...

:       1       36

Jagath Tuesday, 23 November 2021 10:14 PM

මේක ජාත්‍යන්තර ඇදහිල්ලක් වුණා.

:       6       3

නන්දන​ Tuesday, 23 November 2021 11:27 PM

සත්‍ය සායි තුමාණන්ට මාගේ නමස්කාරය පූජා වේවා. මා බිහිරන්ට වීනාවාදනය නොකරමි...

:       22       8

අනිමල් Wednesday, 24 November 2021 02:14 AM

නිමල් සේදර ට ඇත්තේ පිනාචාර්ය උපාධියක්ද ? (මර්වින් සිල්වා ට මෙන්), එසේ නැතිනම් ඔහුට ආචාර්ය උපාධියක් දුන් විශ්ව විද්‍යාලයේ ගුණාත්මක භාවය ගැන ප්‍රශ්නයක් ඇත :ඩී

:       2       16

Sanath Wednesday, 24 November 2021 05:06 AM

මොලේ නැති ගොන් හරක්ට නම් මොහු දෙවියෙක්. නමුත් ඇත්ත...මොහු පට්ට හොරෙක්...ඉන්දියාව ලංකාව වගේ රටක නෙවීනම් මොහු හිරේ... කරපු හොරකම් අපචාර වලට....

:       4       15

Bunny Preena Wednesday, 24 November 2021 08:49 AM

ඇයි හොඳ හාස්කම් තියනවා වරදින්නේ නැහැයි කියන තැන්වලට ගිහින් ඒවා අසාර්ථක වුණු තැන් ඕනේ තරම් තියනවා ,සාර්ථක නොවුණු මිනිසුන් ඕනේ තරම් ඉන්නවා .ඇයි සායි බබාට විතරක් ගරහන්නේ..එතුමා ලඟට ගිහින් හරි ගිය අයත් ඉන්නවා.හරි නොගිය අයත් ඉන්නවා .ඔය යතාර්ථය කවුරු කවුරුත් හිතට එකඟව,අවංකව පිළිගත්තොත් හොඳයි

:       19       4

priyantha Wednesday, 24 November 2021 09:43 AM

මූ පට්ට හොරෙක්නේ. මූ වගේම පට්ට හොරුන්ට මූ දෙවියෙක් තමයි .

:       4       14

Kandepola Wednesday, 24 November 2021 11:31 AM

ඊබ්‍රහම් ටී. කොවුර් ගේ දෙවියෝ සහ බූතයෝ පොත කියවන්න.එකේ තියනවා විස්තර.ආචාර්යතුමා පව්

:       2       16

වීරවිජේ Thursday, 25 November 2021 02:34 PM

ආචාර්ය නිමල් සේදර තවුසෙට ආචාරිය පට්ටම කවුරුහරි හරක් වවන්සේ කෙනෙක් ද දුන්නෙ.. සමාජ ආශ්‍රයක් නැද්ද ඔහෙට .යූ ටියුබ් එක බලනවා මෝඩයා...

:       4       13

leel gunawardena Friday, 26 November 2021 01:44 AM

මොහු අහිංසක ජනතාව රැවටුවා

:       1       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site