IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජීවන බරින් මිරිකුණු මිනිහාට විදුලි බිලෙනුත් මරු පහරක්

සමාජය බරපතළ ලෙස කම්පනයට පත් කළ විදුලි ගාස්තු සංශෝධනය දැන් ක්‍රියාත්මකය. රජය ප්‍රකාශ කරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල අනුමත කරවා ගැනීම සඳහා පනවා තිබූ පූර්ව කොන්දේසියක් හේතුවෙන් විදුලි ගාස්තු ඉහළ දැමූ බවය. මෙම ගාස්තු ඉහළ දැමුණේ සියයට 66ක ප්‍රතිශතයකින් යැයි රජය ප්‍රකාශ කර තිබේ.

එහෙත්, ඇතැම් පහළම ස්ථරවල විදුලි පාරිභෝගිකයන්ගේ ගාස්තුව ඉහළ යාමේ ප්‍රතිශතය සියයට 265, සියයට 228, සියයට 184 තරම් ඉහළ ප්‍රතිශතවලින් සිදුව තිබේ.

සියයට 66කින් විදුලිය බිල ඉහළ නංවන බව ප්‍රකාශ කර, පහළම ස්ථරයේ විදුලි පාරිභෝගිකයන් වෙත අති දැවැන්ත විදුලි ගාස්තුවක බර පැටවීම කිසිසේත්ම සාධාරණ හෝ යුක්ති සහගත නොවේ.

මෙහිදී තවත් අමතක නොකළ යුතු කරුණක් වෙයි. එනම්, පසුගිය 2022 අගෝස්තු මාසයේදීත් විදුලි බිල සියයට 76කින් ඉහළ දැමූ බවය.

ඉන් මාස 6ක් ඇවෑමෙන් නැවත වරක් සියයට 66කින් විදුලිය ගාස්තු වැඩි විය. ඒ අනුව, මාස 6ක කාලයක් තුළ විදුලිය බිල වැඩි වීම සියයට 142කි. මෙය දරිද්‍රතාවෙන් පීඩිත සමාජය දරාගන්නේ කෙසේ දැයි සිතීම පවා අපහසුය.

මෙලෙස රජය සියයට 66කින් විදුලිය ගාස්තු ඉහළ දැමිය යුතු යැයි යෝජනා කළේ, මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ දැඩි විරෝධය මධ්‍යයේය. ඔහු ඉදිරිපත් කළ විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවෙහි සඳහන් වූයේ, සියයට 36ක මිල ඉහළ දැමීමකි. එහෙත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය පරිදි වසරකට රුපියල් බිලියන 287ක් සපයා ගැනීම සඳහා මේ ආකාරයට සියයට 66කින් විදුලිය ගාස්තු වැඩි කෙරුණි.

මෙරට විදුලිය පාරිභෝගිකයන් ලක්ෂ 77කින් පාරිභෝගිකයන් ලක්ෂ 15ක්ම භාවිත කරන්නේ මසකට විදුලිය ඒකක 30ට අඩුවෙනි. එය රටේ සමස්ත විදුලිය පාරිභෝගිකයන්ගෙන් පහෙන් එකක් පමණය. සමාජයේ ඉතාමත් අඩු ආදායම්ලාභීන් ලෙස විදුලිය ඒකක 30ට අඩුවෙන් භාවිත කරන්නන් වෙත පටවන ලද සියයට 250කට අධික විදුලිය ගාස්තු වැඩි කිරීම දරාගන්නේ කෙසේ දැයි මේ ගැන තීන්දු ගත් දේශපාලන බලධරයන් කල්පනා කළ යුතුය.

මෙම කාණ්ඩයට අයත් විදුලිය පාරිභෝගිකයන් නව ගාස්තු සංශෝධනය හඳුන්වන්නේ හිතක් පපුවක් නොමැතිව ගන්නා ලද තීරණයක් හැටියටයි. කිසිදාක නොසිතූ විරූ ලෙස සියයට 50 ඉක්ම වූ උද්ධමන අනුපාතයක් (භාණ්ඩ මිල ඉහළ යාමක්) දරා නොසිටින පීඩිත සමාජයට මෙකී විදුලිය ගාස්තු සංශෝධනය මරු පහරක් බව කියනවා හැර වෙනත් කිව හැක්කක් නැත.

විදුලිය ගාස්තු ඉහළ නැංවූ ආකාරය ගැන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පමණක් නොව විදුලි ඉංජිනේරු සංගමය හා විදුලිය පාරිභෝගිකයන්ගේ සංගමය ද දැඩි විරෝධය පළ කර ඇත. විදුලිය ගාස්තු ඉහළ නැංවීමත් සමග ඒ හා ඈඳුණු භාණ්ඩ හා සේවා ගණනාවක ගණන් හා ගාස්තු ද ඉහළ යමින් පවතී.

බත් පැකට්, කෙටි කෑම, කොත්තු ආදියේ මිල ගණන් දැනටමත් සියයට 10කින් ඉහළ නංවා ඇත. දේශීය කර්මාන්තකරුවන් ප්‍රකාශ කරන්නේ, ඔවුන්ගේ කම්හල්වල නිපදවන ඇඳුම් හා සෙසු ඇඟලු‍ම් වර්ගවල මිල සියයට 20කින් ඉහළ දමන බවයි. ඉදිකිරීම්කරුවන්ගේ ගාස්තු ඉහළ නංවන වග ද නිවේදනය කර තිබේ. ඡායාරූප පිටපත් ආදියේ මිල ගණන් ද ඉහළ දැමීය. බේකරි කෑම පමණක් නොව තේ කෝප්පයක මිල ගණන් පවා ඉහළ යනු ඇති බව මේ වන විට වාර්තා වෙමින් පවතී.

මේ සියලු‍ මිල ගණන් හා ගාස්තු ගෙවන අතර, රජය විසින් පසුගියදා සිට ක්‍රියාත්මක කරන ලද අලු‍ත් බදු ක්‍රමය අනුව බදු ගෙවීමට ද ජනතාවට සිදුව ඇත. රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවය කරන්නන් බහුතරයකට වසර 3කින් පමණ කිසිදු වැටුප් හෝ දීමනා වැඩි වීමක් කර නොමැත.

අතිකාල ඇතුළු දීමනා ද ප්‍රසාද දීමනා ආදිය ද කපා දමා තිබේ. එසේ තිබියදී ජනතාව අතේ ඉතිරිව පවත්නා සොච්චම ද සහමුලින් රජය වෙත ඇදගන්නට තැත් කිරීමෙන් ජනතා අසහනය සහ කෝපය ඇවිලී තිබේ. පීඩිත සමාජයට තමන්ගේ මේ අවනඩුව කියන්නට කෙනෙක් නැත. එම අවනඩුව අසන්නට ද කෙනෙක් නැත. මෙවන් තත්ත්වයක් තුළ ආණ්ඩුව කියන සුබදායක අනාගත අපේක්ෂා ඉටුවන දවසක් ගැන ද ඇත්තේ බලාපොරොත්තුවක් පමණි.

(***)



අදහස් (1)

ජීවන බරින් මිරිකුණු මිනිහාට විදුලි බිලෙනුත් මරු පහරක්

udj Friday, 24 February 2023 04:34 PM

සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කළමනාකාරීත්වය යෝජනා කිරීමත් සියලු කොටස්කරුවන්ගේ කැමැත්තෙන් තීන්දු කිරීමත්ය. ඊසොට් සමාගමට එකී සමාගම් නීති අදාළ නොවන බවද පෙනී යයි. ලාභාංශ ගෙවීම කෙසේ වෙතත් යූ.ඩී. ජයවර්ධන ඇතුළු පිරිස නම් තමනට රිසි සේ බෙදාගෙන ඇති බව පෙනෙයි. 2014 දෙසැම්බර් 23 එල්. ටී. එල්. ඊසොට් සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනකු වන යූ.ඩී. ජයවර්ධන සහ රවින්ද්‍ර පිටිගලගේ අත්සනින් යුතුව හැටන් නැෂනල් බැංකුවේ කුරුඳුවත්ත ශාඛාවේ කළමනාකාරවරයාට ලිපියක් යවා ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site