IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඩෙංගු උවදුර අමතක කරනු එපා

අවදානමට වඩා සූදානම වැදගත් යැයි පැවසුව ද අප රට යනු අනතුර පහව ගිය සැණින් අනතුරේ පලවිපාක ඉතා ඉක්මනින්ම අමතක කර දමන රටකි. එමෙන්ම සංරක්ෂණය සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලබන්නේ ද සංහාරයෙන් පසුව ය. එහි ආදීනව පිළිබඳ කොතෙක් පාඩම් තිබුණ ද විනාශය තමා කරා පැමිණෙනතුරු එම පාඩම් ගැඹුරින් ග්‍රහණය කර ගැනීමට අසමත්වීම ද සුලභ අත්දැකීමකි.

පෙරවදන ඩෙංගු සම්බන්ධයෙනි. කොවිඩ් මාරාන්තික වයිරසය අප රට ආක්‍රමණය කරන තුරු රටේ ප්‍රධාන ව්‍යවසනය ලෙස හඳුනාගෙන තිබුණේ ඩෙංගු මාරයා ය. එහෙත් කොවිඩ් පැමිණීමත් සමග ඩෙංගු සම්බන්ධ අවධානය ද බිය ද පහව ගියේය. කොවිඩ් ව්‍යවසනය හමුවේ රට අගුලු ලෑ නිසා ජනතාවට නිවෙස්වල රැඳී සිටීමට සිදුවිය.

එහෙයින් ම වත්ත පිටිය ශුද්ධ පවිත්‍ර කිරීමට ඕනෑතරම් කාලය ඉතිරි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඩෙංගු මදුරුවා පසුබා ගියේ ය. කොවිඩ් මාරාන්තික වයිරසයේ බලපෑම අවමවීමත් සමඟ ජනතාව යළිත් පරණ පුරුදු ජීවිතයටම යොමු වූහ. වත්ත පිටිය, හාත්පස පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීම අමතකව ගියේ ය. නොඑසේනම් එය අත්හැර දැමූහ. එහි ප්‍රතිඵල ලැබෙමින් තිබෙන්නේ දැන් ය.

‘ඩෙංගු බිය සියයට 14 කින් වැඩිවෙලා’ මේ ඉකුත්දා අප පුවත්පත මුල් පිටුවේම වාර්තා කළ ප්‍රවෘත්තියක සිරස්තලය වේ. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ රට පුරා ඩෙංගු උණ රෝගය තදින් පැතිර යමින් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන බව ය.

අප ප්‍රවෘත්තියට අනුව ඉකුත් සතියේ රට පුරා විවිධ ප්‍රදේශවලින් ඩෙංගු උණ රෝගින් 2730 දෙනකු හමුවී ඇති බවත් එය ඊට පෙර සතියට සාපේක්ෂව සියයට 14 ක පමණ වැඩිවීමක් බවත් ය. එමෙන් ම රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 67 ක් අඩංගු ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම්කර තිබෙන බව ය. එසේ හඳුනාගත් ඩෙංගු අධිඅවදානම් කලාප 67 න් 35 ක් ම පවතින්නේ බස්නාහිර පළාතේ බව ද අප පුවත්පත වාර්තා කළේ ය.

දෙමාපියන්ගේ සිත් තිගැස්සවීමට සමත් තවත් ප්‍රවෘත්තියක් අප පුවත්පත වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ඩෙංගු උණ රෝගය වැළඳුණු දරුවන් 35 දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා …රෝහලේ සිටින බව ය.

සියලු වාර්තාවලින් පැවසෙන්නේ නිර්මාණය වෙමින් පවතින තත්ත්වය අතිභයංකාර බව ය. මරණ බියෙන් සලිතව දවස් ගෙවා දැමීමට ජනතාවට සිදුව ඇති බව ය. සැබැවින්ම එසේ මරණ බියෙන් සලිතව සාංකාවෙන් ජීවත්වීමට සිදුව තිබේනම් එසේ ජීවත්වී ප්‍රයෝජනයක් ද නැත.

මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුතු කාරණාවක් ද තිබේ. එනම් ඩෙංගු මාරයා කොතෙක් බලසම්පන්න වුවද භයානක වුවද එම ඩෙංගු මාරයා පරාජය කිරීමේ අසමසම හැකියාවක් ජනතාවට තිබෙන බවය. එසේ ඩෙංගු මාරයා පරාජය කිරීම සඳහා කළ යුත්තේ තම නිවෙස, ගෙවත්ත ඉතා හොඳින් ශුද්ධ පවිත්‍ර කිරීම ය. එසේ සෑම අයකුම ක්‍රියාත්මක වන්නේ නම් මුළු රට ම ශුද්ධභාවයට නිරායාසයෙන්ම පත් වේ.

ඇතැම් ගෙවතු මෙන්ම වතුපිටි ද මදුරු තවාන් බවට පත්ව තිබේ. සමහරු ඉතා නොසැලකිලිමත් ලෙස ද කටයුතු කරති. ඇතැම් වතුපිටි පාළුවට හැර ඒවා ඩෙංගු මදුරු තවාන් බවට පත්වීමට ඉඩ හැර ඇත. එබන්දන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු ය.

ජාතික ව්‍යවසනයක් හමුවේ වගකීම් විරහිතව කටයුතු කිරීමට කිසිවකුට අයිතියක් නැත. මුළු රටම කනත්තක් බවට පත්වීමට ඉඩ හැර නොසැලකිල්ලෙන් කටයුතු කිරීමට ද කිසිවකුට අයිතියක් නැත. රට නිරෝගී සම්පන්නව තබා ගැනීමට දායකවීම සියල්ලන්ගේම වගකීම හා යුතුකම වේ.

ගෙදරදොර, වත්ත පිටිය ශුද්ධ පවිත්‍ර කළ යුත්තේ මහජන පරීක්ෂකවරුන් පැමිණ සොයාබලා අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි යන බියට නොව සියලු දෙනාගේම ජීවත්වීමේ අයිතිය වෙනුවෙනි. ඒ  වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කළ යුතු තීරණාත්මක මොහොතකට රට පත්ව ඇති බව අවධාරණය විය යුතු ය.

(***)



අදහස් (0)

ඩෙංගු උවදුර අමතක කරනු එපා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1285 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24952 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site