IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඩොලර් ඉල්ලමකට යෝජනා 7 ක්


පළමුවෙන්ම කිව යුත්තේ වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැකි බවය. කවුරු කකුලෙන් ඇද්දත් රට ගොඩගත හැකි බව මගේ ස්ථාවරයයි. විශ්වාසයයි. හැබැයි එය කළ හැක්කේ කතාවෙන් සහ සිහින දැකීමෙන් නොව ප්‍රායෝගික ප්‍රතිපත්ති සහ සැලසුම් මගිනි. ප්‍රශ්නයකට තිබෙන්නේ තීරණ ගන්නා සහ ක්‍රියාත්මක වන තැන්වල එවැනි පුද්ගලයන් නොසිටීමය. එය මා පමණක් නොව රටම කියන පිළිගන්නා කරුණකි.

රට ගොඩ ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බව සත්‍යයකි. එහෙත් අප එහි යා යුත්තේ ඔවුන්ගේ කොන්දේසි ඉටු කිරීමට නොව අපගේ අවශ්‍යතා ඉටු කර ගැනීමටය. එය කළ නොහැකි දෙයක් නොවේ. මක් නිසාද යත් අපද මූල්‍ය අරමුදලේ සාමාජිකයකු නිසාය. අප මූල්‍ය අරමුදලේ සාමාජිකයකු වූයේ අද ඊයෙක නොව, 1950 දීය. එහෙයින් අප මූල්‍ය අරමුදල හමුවේ දණ නැවිය යුතු නොවේ. සම මට්ටමක සිට අපට එහි නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ හැකිය. අවශ්‍ය වන්නේ ඒ සඳහා දැනුමින්, බුද්ධිමත්භාවයෙන් උපායශීලිත්වයෙන් සහ විචක්‍ෂණශීලිත්වයෙන් පිරිපුන් මිනිසුන් පිරිසකි. එවැනි පිරිසකට හොඳ ප්‍රතිඵල නෙළාගත හැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ගැන මට කදිම කාරණයක් මතක් වෙයි. 2016 දී එවකට පැවැති රජයද මූල්‍ය අරමුදලට ගියා මට මතකය. එහිදී මූල්‍ය අරමුදල ලංකා ආණ්ඩුවට කියා සිටියේ දෙස් විදෙස් ආයෝජන සඳහා ලබා දෙන බදු විරාම හෙවත් බදු නිදහස් (Tax Holiday) නවතා දමන ලෙසය. රජය ඒ නියමය පිළිගත් නිසා ආයෝජන නැවතිණි. මෙමගින් ලක්‍ෂ හතරකට රැකියා අහිමිවිය. එසේම 2016 දී මූල්‍ය අරමුදල ලංකා රජයට කියා සිටියේ ඩොලරයේ විදේශ විනිමය වටිනාකම පා කරන ලෙසය. ඒ උපදෙස ද එලෙසින්ම පිළිගෙන කටයුතු කළ නිසා එවකට රුපියල් 130 ක් වූ ඇමෙරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 178 දක්වා ඉහළ නැංගේය. එමගින් රට අභ්‍යන්තරයේ නොයෙක් ප්‍රශ්න ඇති විය. 
ඒ නිසාම ඒ රජයට ගෙදර යාමටද සිදුවිය.

මා කියන්නේ මූල්‍ය අරමුදලට නොයා යුතු බවක් නොවේ. එහි යා යුතුය. එහෙත් ඉහත කොන්දේසි දෙක මොනම හේතුවක් නිසාවත් නොපිළිගත යුතුය. වෙන කවර කොන්දේසියකට යටත් වූවත් 2016 දී යටත් වූ කොන්දේසි දෙකට එකඟ නොවිය යුතුමය. ඒ කොන්දේසි දෙකට එකඟ නොවී මූල්‍ය අරමුදලට යාමේ දොසක් මම නොදකිමි.

මූල්‍ය අරමුදලට යන්නැයි දිගින් දිගට බණ කියන්නේ ඩොලර් ණයක් ලබාගැනීම සඳහාය. මා දැන් ඔබට කියන්නට සූදානම් වන්නේ ඇමෙරිකන් ඩොලර් බිලියන 11.25ක් දේශීයව නැතහොත් රට ඇතුළේ නිපදවා ගත හැකි ක්‍රම හතක් පිළිබඳව 2019 දී මා ලියූ පොතකින් උපුටා ගත් කරුණුය.

මගේ පළමු යෝජනාව මෙයයි. වසරකට මෙරට සිසුහු 25,000ක් පමණ විදෙස් රටවල අධ්‍යාපනය සඳහා පිටව යති. ඒ සිසුවකු සඳහා රටින් පිට වසරකට ඇදී යන මුදල ඇමෙරිකන් ඩොලර් 30,000කි. විසිපන්දහස තිස්දහසකින් වැඩි කළ විට ලැබෙන පිළිතුර (25,000 x 30,000) ඇමෙරිකන් ඩොලර් මිලියන 750කි. පළමු, දෙවැනි හා තෙවැනි ලෙස වසර තුනක සිසුන් විදෙස් රටවල අධ්‍යාපනය ලබන නිසා ඒ ගණන එනම් ඩොලර් මිලියන 750 තුනෙන් වැඩි කළ යුතුය. එවිට ලැබෙන පිළිතුර ඇමෙරිකන් ඩොලර් බිලියන 2.25කි. ඒ අනුව මෙරට සිසුන් 25,000ක් ඔස්සේ අවුරුද්දකදී රටින් පිටට යන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 2.25කි. පිටරටවලට යන සිසුන් සංඛ්‍යාව තවත් ඉහළ නොයා තබා ගැනීමට සුදුසු ක්‍රමයක් ගැන දැන් මම කියමි.

එකවර සිසුන් 30,000කට අධ්‍යාපනය ලැබිය හැකි විශ්වවිද්‍යාල පහකින් (05) යුත් ගම්මානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට විනාඩි 30කින් ළඟා විය හැකි ප්‍රදේශයක රජය මගින් ඉදිකළ යුතුය.

අනතුරුව ඒ විශ්වවිද්‍යාල පහේම කළමනාකාරීත්වය ජාත්‍යන්තරව පිළිගත් හා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතින් ඉහළින්ම තිබෙන ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පහකට පැවරිය යුතුය.
එවිට විදෙස් විශ්වවිද්‍යාලවලට ඇදී යන දරුවන් පිරිස මෙරටෙහි නවතා ගත හැකිය. ඒ දරුවන්ට ඉහත කී විශ්වවිද්‍යාල පහෙන් උපාධි ලබාදිය යුතුය. එමගින් ඔවුනට ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් මෙරටෙහිදීම ලබාගත හැකිය.

මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සමඟ එක්ව ඒ දරුවන්ට සහනදායී අධ්‍යාපන ණය ක්‍රමයක් හඳුන්වාදිය යුතුය. එසේම ඒ විශ්වවිද්‍යාල පහ මගින් වසරකට විදේශීය සිසුන් 25,000ක් ගෙන්වා ගත යුතුය. එසේ කිරීමෙන් අපේ ආර්ථිකයට වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 2.25ක ආදායමක් එක් කළ හැකිය.

දැන් මගේ දෙවැනි යෝජනාව කියමි. තායිලන්තය, වියට්නාමය, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවලට යන සංචාරකයන්ගෙන් සියයට 50ක්ම යන්නේ ගාස්තු අඩු (Budget Air Line) ගුවන් යානවලය. මා කියන්නේ රත්මලාන ගුවන් තොටුපොළ ජාත්‍යන්තර බජට් ගුවන් සේවා මධ්‍යස්ථානයක් (Hub) ලෙස සංවර්ධනය කළ යුතු බවය.

එමගින් දැනට ලංකාවට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන්ට අමතරව තවත් සංචාරකයන් ලක්‍ෂ 10ක් පමණ මෙරටට ආකර්ෂණය කරගත හැකිය. දැන් මෙරට තිබෙන හෝටල් කාමර 80,000 කින් තරු පහේ කාමර තිබෙන්නේ 20,000ක් පමණය. ඉතිරි කාමර 60,000ම තරු පහට පහළ ඒවාය. ඒ නිසා ඒ කාමරත් ඉලක්ක කරගෙන සංචාරක කර්මාන්තයේ ක්‍ෂණික වර්ධනයක් සඳහා හැකි තරම් ඉක්මනින් රත්මලාන ගුවන් තොටුපොළ ගාස්තු අඩු ගුවන් යානා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කළ යුතුය. ඇස් හැර ඉහත කී රටවල් දෙස බලා ඒ වෙනසට ගමන් කළ යුතුය. එසේ කිරීමෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක් උපයාගත හැකිය.

මගේ තෙවැනි යෝජනාව වන්නේ මෙරට සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල උගන්වන තොරතුරු තාක්‍ෂණ, ඉංජිනේරු සහ පරිගණක භාෂා (Programming) පාඨමාලා ඉගැන්වීමේ කටයුතු පෞද්ගලික අංශයට ද විවර කළ යුතු බවය.

ඒ පෞද්ගලික ආයතනවල ඉගෙන ගන්නා සිසුන්ට විභාග පැවැත්විය යුත්තේ ඒ ඒ රාජ්‍ය විශ්වවිද්‍යාල මගිනි. රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් පවත්වන ඒ විභාගවලින් සමත් වන සිසුන්ට බාහිර උපාධි පිරිනැමිය යුතුය. එමගින් ඉදිරි වසර පහේදී සිසුන් ලක්‍ෂ දෙකකට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලබා ගැනීමට හැකිවෙයි. ඒ පාඨමාලා හැදෑරූ සිසුන් සොයන සමාගම් ලෝකයේ ඕනෑ තරම් තිබේ. එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ ඔවුනට අවශ්‍ය ශ්‍රමිකයන් නැතිකමය. ඉහත ක්‍රමයට අප ඒ ශ්‍රමිකයන් බිහි කළොත් ඔවුන්ට තොරතුරු තාක්‍ෂණ සමාගම්වල රැකියා ලබාගත හැකිය. ඒ රැකියා මෙරටදීම කළ හැකිය. එහෙත් එමගින් වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක ආදායමක් ජාතික ආර්ථිකයට එක් කළ හැකිය. දැනට එවැනි රැකියා කරන්නේ ලක්‍ෂයකි. ඔවුන් උපයන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියනයකි. මා කියන්නේ එයට තවත් ඩොලර් බිලියන දෙකක් එකතු කරන ක්‍රමයකි.

පොල් කර්මාන්තයෙන් කළ හැකි විප්ලවය මගේ හතරවැනි යෝජනාවයි. දැනට අවුරුද්දකට අලුත් පොල් පැළ ලක්ෂ 15 ක් අලුතින් සිටුවන බව කියැවෙයි. එහෙත් එය ඇත්තක් දැයි කිසිවෙක් නොදනිති.

අද ලංකාවේ පොල් සහ පොල් ආශ්‍රිත වටිනාකම එකතු කළ නිෂ්පාදන කරන කර්මාන්තශාලාවලට අවශ්‍ය තරමට පොල් නොලැබෙයි. රටේ පොල් නිෂ්පාදනයෙන් 80% ක්ම නිවාසවල පරිභෝජනයට ගනියි. ඒ නිසා කර්මාන්ත ශාලාවලට තම නිෂ්‍පාදන සඳහා පොල් හිඟය. ඒ නිසා පොල් පැළ සිටුවීමට ඉඩ තිබෙන තැන්වල බලෙන් හෝ පොල් පැළ සිටුවිය යුතුය. එසේ අවුරුද්දකට පොල් පැළ ලක්ෂ 40 ක් සිටුවිය යුතුය. ඒ සඳහා රජයෙන් විශේෂ සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුය. ඒ අනුව අවුරුදු පහකදී පොල් පැළ ලක්ෂ 200ක් සිටුවිය හැකි නම් එමගින් පොල් ගෙඩි බිලියන 1.2 ක් පොල් ආශ්‍රිත කර්මාන්තවලට සැපයිය හැකිය. එක පොල් ගෙඩියක් ඩොලර් ශත 50 ක වටිනාකමකට කර්මාන්තයට එකතු කිරීමෙන් ඒ පස් අවුරුදු සැලැස්ම මගින් අවුරුද්දකට ඇමෙරිකන් ඩොලර් මිලියන 600 ක (120 x 5 = 600) ආදායමක් උපයාගත හැකිය. ඒ පොල් සහ පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීමෙනි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි විප්ලවයක් කළ හැකි ක්‍රමය මගේ පස් වැනි යෝජනාවයි.
ඒ සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් වැනි ජාත්‍යන්තරව පිළිගත් පහසුකම් සහිත රෝහල් දෙකක් රජයේ වියදමින් ඉදි කළ යුතුය.

අනතුරුව එහි කළමනාකාරීත්වය ජාත්‍යන්තරව පිළිගත් රෝහල් දෙකකට භාර දිය යුතුය. මා එසේ කියන්නේ දැනට වසරකට ඩොලර් මිලියන 100 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා රටින් පිටට ඇදී යන හෙයිනි. මගේ යෝජනාව ක්‍රියාත්මක කළහොත් එසේ රටින් පිටට යන මුදල මහා පරිමාණයෙන් සීමා කළ හැකිය. එසේ පිහිටුවන රෝහලට විදෙස් රටවල රෝගීන් ගෙන්වාගත හැකිය. එමගින් අවුරුද්දකට ඉපයිය හැකි ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ඉක්මවනු නිසැකය. ඊට අමතරව දැනට රටින් පිටට ඇදී යන ඩොලර් මිලියන 100 ද මෙරටෙහිම නවතාගත හැකිය. එසේ වූ විට මවුන්ට් එළිසබෙත් වැනි රෝහලක් මෙරටෙහි ඉදි කිරීමෙන් ජාතික ආදායමට අවුරුද්දකට එක් කරගත හැකි මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 200 කි.

මගේ හයවැනි යෝජනාව ධීවර කර්මාන්තය පිළිබඳවයි. දැනට අපේ රටේ ධීවර වරායවල ඉඩකඩ ප්‍රමාණවත් නොවේ. ඒ නිසා බහුදින යාත්‍රාවලට බලපත්‍ර දීම සීමා කර තිබේ. එක් බහුදින යාත්‍රාවක් තිබෙන අයට තවත් යාත්‍රාවක් සඳහා බලපත්‍රයක් දිය යුතුය. එහෙත් ධීවර වරායේ වරකට නවතා තැබීමට ඉඩ දිය යුත්තේ එක් යාත්‍රාවකට පමණකි. පවතින ක්‍රමය එසේ වෙනස් කිරීමෙන් ගැඹුරු මුහුදේ මසුන් මැරීමෙන් ලබන ආදායම දෙගුණයක් කරගත හැකිය.

ඉන්දියාවේ වර්ග කිලෝමීටරයකින් අවුරුද්දකට ලබන මාළු අස්වැන්න කිලෝ 2000 කි. එහෙත් ලංකාවේ වර්ග කිලෝමීටරයකට අවුරුද්දකට ලබන මාළු අස්වැන්න කිලෝ 900 කි. ඒ නිසා ලංකාවේ කුඩා ධීවර යාත්‍රාවලට සැටලයිට් හතරකින් යුතු ජී.පී.එස්. තාක්ෂණයෙන් සමන්විත ජෙමිනි (Gemini) උපකරණ සවිකිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. එසේ කිරීමෙන් මාළු රංචු පිටින් මුහුදේ සිටින ස්ථාන හඳුනා ගැනීමට හැකිවෙයි. එමගින් අපේ ධීවරයන්ට නෙළාගත හැකි මාළු අස්වැන්න දෙගුණයකින් කරගත හැකිය.

එමගින් අවුරුද්දකට කිලෝග්‍රෑම් මිලියන 500 මාළු අස්වැන්නක් ලැබෙයි. ඉන් උපයාගත හැකි ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන එකකි. ඒ ආදායම ලැබෙන්නේ අල්ලන මාළු අපනයනයෙන් හා අස්වැන්න ඉහළ යාම නිසා ආනයනය අඩු වීමෙනි.

මගේ හත්වැනි යෝජනාව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ආයෝජකයන්ට ලැබෙන බදු නිදහස් (Tax Holiday) පිළිබඳවයි. බදු විරාම සහ අනෙකුත් ප්‍රතිලාභ වැඩිකරමින් ආසියාවේ හොඳම ව්‍යාපාරික ආයෝජන පරිසරය ලංකාවේ ගොඩනැගිය හැකි බව මගේ තක්සේරුවයි.

නව ආයෝජන ව්‍යාපෘතිය ඔස්සේ ඇමෙරිකන් ඩොලර් බිලියනයක ආදායමක් උපයාගත හැකි බව මගේ නිගමනයයි. එසේම ව්‍යාපාර කිරීමේ පහසුව මනින දර්ශකය (Doing Business Index) අතින්ද ලංකාව දැනට වඩා බොහෝ ඉදිරියට රැගෙන ආ යුතුය. එමගින්ද ආයෝජකයන් ආකර්ෂණය කරගත හැකිය. එම ආයතන බඩු සහ සේවාවන් පිටරට යැවීමෙන් අවුරුද්දකට ඩොලර් බිලියන දෙකක ආදායමක් ඉපයිය හැකිය. ඒ දෙකෙහි එකතුව ඩොලර් බිලියන තුනකි.

මා ඉහත සඳහන් කළ යෝජනා හත ක්‍රියාත්මක කිරීමෙන් අවුරුදු පහක් ඇතුළතදී අපේ රටේ ජාතික ආර්ථිකයට ඇමෙරිකන් ඩොලර් බිලියන 11.25 ක ආදායමක් උපයාගත හැකිය. එසේම ඉහත කී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඇරැඹීමත් සමග ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන අතර දැනට ලංකාව සම්බන්ධයෙන් පවතින අවිශ්වාසය දුරු වී විශ්වාසය ඉහළ යයි. එමගින් ණය ශ්‍රේණිගත කිරීම අතින් දැනට පහළ වැටී සිටින අපට රටක් ලෙස ඉහළ යාමටද හැකි වෙයි. එසේ වීමෙන් පහසුවෙන් ණය ලබාගත හැකි වෙයි.

ඔබ මගෙන් අහන්නේ ඩොලර් ඉපයීමෙන් පමණක් රටක් ගොඩ දැමිය හැකිද කියලයි. ඊට මගේ පිළිතුර බැහැ යන්නය. ලංකාවේ පවතින්නේ ඩොලර් බිලියන 80ක ආර්ථීකයකි. ඩොලර් ඉපයීම ආර්ථිකයේ එක කොටසක් පමණකි. සංචාරක කර්මාන්තය, විදේශ රැකියා, අපනයන යනාදියෙන් අප අවුරුද්දකට උපයන්නේ ඩොලර් බිලියන 25 කි. ඉතිරි ඩොලර් බිලියන 55ම දේශීය වශයෙන් සපයන දායකත්වයයි. ඒ නිසා රටේ සමස්ත ආර්ථික වර්ධනය ඩොලර් ඉපයීමෙන් පමණක් ඉහළ නැංවිය නොහැකිය. රජයට බලපා තිබෙන ඩොලර් ප්‍රශ්නය ආනයන අපනයන වෙළඳාමේ නියුතු අපට බලපා නැති දැයි ඔබ මගෙන් අසයි.

මගේ ඍජු හා කෙටි පිළිතුර නැත යන්නයි. මට ඒ පිළිතුර දීමට හැකි වී තිබෙන්නේ අපේ සමාගම් සමූහයේ හේලීස් හා වැලිබල් සමාගම් ඔස්සේ කළ මෙහෙයුම් නිසාය. වසර 2010 දී අප තීන්දු කළේ ආනයනය කරන සෑම ඩොලරයකටම එක් ඩොලරයක් වටිනා දෙයක් අපනයනය කළ යුතු බවටය. ඒ ඉලක්කය අවුරුදු 10 කින් සපුරා ගැනීමට අපි සැලසුම් කළෙමු. එහෙත් අවුරුදු අටකදී එනම් 2018 දී ඒ ඉලක්කය සපුරා ගැනීමට අපට හැකි විය. ඒ නිසා අපට ඩොලර් ප්‍රශ්නයක් ඇත්තේම නැත. ආණ්‍ඩුවකට එසේ කළ නොහැකි දැයි දැන් ඔබ මගෙන් අසයි. මගේ පිළිතුර පුළුවන් යන්නය. එහෙත් එය කතාවෙන් සහ සිහින දැකීමෙන් සපුරාගත හැකි ඉලක්කයක් නොවේ. නිරවුල් ප්‍රතිපත්ති මත සැලසුම් විධිමත්ව ක්‍රියාත්මක කිරීමෙන් අත්කර ගත යුත්තකි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරික ධම්මික පෙරේරා

සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්



අදහස් (30)

ඩොලර් ඉල්ලමකට යෝජනා 7 ක්

jaya Thursday, 06 January 2022 12:45 PM

IT කතාව නම් හරි. රට ගිහින් ඉගෙන ගන්න ගෙවන ගාන ගැන කිව්වාම නම් ලංකාවේ ලොකුම සල්ලිකාරයා වුණේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා.

:       0       12

විනිවිද Saturday, 08 January 2022 06:39 AM

ඩොලර් ඉල්ලමකට යෝජනා 7න් තෙවැනි යෝජනාව මෙරට සියලු රාජ්‍ය විශ්ව විද්‍යාලවල උගන්වන තොරතුරු තාක්‍ෂණ, ඉංජිනේරු සහ පරිගණක භාෂා (Programming) පාඨමාලා ඉගැන්වීමේ කටයුතු පෞද්ගලික අංශයටද විවර කළ යුතු බව සත්‍යයකි. මේ වනවිටත් ලංකාවේ පුද්ගලික අධ්‍යාපන ආයතන මගින් ව්‍යාපෘති කරගෙන යනු ලැබේ. වර්තමාන ලෝකයේ බොහෝදෙනෙකු පරිගණක සම්බන්ධ කර ඇති නිසා රටේ සිටින ඕනෑම පුරවැසියකු හට පරිගණක දැනුම තිබෙන්නේ නම් වැදගත් වේ. රටේ සියලුම පාසල් තුල 10 වැනි ශ්‍රේණියේ සිට පරිගණක අධ්‍යාපනය ඇතුළත් කර ලබාදිය යුතුබව 2014 සිට රජයට බලපෑම් කර සිටියද කෙතරම් දුරට එය සාර්ථකව සිදුවන්නේද කියා කිසිවකු නොදන්නේය...

:       1       5

විනිවිද Saturday, 08 January 2022 07:26 AM

රට ගොඩ ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුබව ඔබ කියා සිටියද වෙන කවර කොන්දේසියකට යටත් වූවත් 2016දී යටත් වූ කොන්දේසි දෙකට එකඟ නොවිය යුතු බව ඔබ කියා සිටී. යම් හෙයකින් රජයේ සේවකයින්ගේ වැටුපෙන් % ප්‍රමාණයක කප්පාදුවක් සිදුකිරීමට හෝ වෙනත් ඕනෑම කොන්දේසි ඉදිරිපත් කිරීමට හැකියාව ඔවුන් සතුව පවතී. IMF ආයතනය යනු ඕනෑම රටක තිබෙන්නා වූ ආර්ථික අර්බුද විසඳාගැනීම සඳහා විසඳුම් ලබාදෙන ආයතනයකි. IMF ආයතනයට මුදල් ලැබෙනුයේ ලෝකයේ ධනවත් රටවල් සහ සමාගම්වල පරිත්‍යාග මත නිසා එම ආයතනය ක්‍රියාකරනුයේ ඉතාමා ප්‍රවේසමෙනි. IMF ආයතනය සමග ගනුදෙනු කර ඔවුන්ගේ කොන්දේසි මත ආර්ථික අර්බුදයට සාර්ථකව විසඳුම් ඉන්දියාව ලබාදුනි. IMF ආයතනය සමග ගනුදෙනුව ගමේ පොලියට මුදල් ලබාදෙන පුද්ගලයා සමග කරන ගනුදෙනුවක් නොවන බව අවබෝධකර ගතයුතුවේ.

:       2       7

විනිවිද Saturday, 08 January 2022 08:13 AM

වසරකට මෙරට සිසුහු විශාල ප්‍රමාණයක් විදේශගත වේ. වසරකට ඩොලර් 30.000ක මුදලක් වැයකරමින් වසර 3ක විදේශ අධ්‍යාපනය ලබා බොහෝ දෙනෙකු යලි ලංකාවට නොපැමිණේ... විදේශ රටක වසර 3ක කාල පරාසය තුළ කිහිප දෙනෙකු එක අපාර්ට්මන්ට් ශෙයාර් කරමින් හෝ පාර්ට් ටයිම් රැකියාවන් වල නිරත වී හෝ අධ්‍යාපනයට මුදල් උපයා ගනී... එම වසර 3ක් අධ්‍යාපන කාලය තුළ ඔවුන් එම රටේ සමාජ පරිසරයට අනුගතවේ. තෙවන වසර අවසාන වීමට පෙර ඔවුන් එම රටවල පදිංචිය සඳහා අවස්ථාවන් තෝරා ගනියි. විදේශ අධ්‍යාපනය ලද සිසුන් ලංකාවට පැමිණ රැකියාවන් සඳහා දරන උත්සාහය ඉතාම අඩුයි... ලංකාව තුළ ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල සමග අනුබද්ධව විශ්වවිද්‍යාල කිහිපයක් ඇති කිරීම සුදුසු වේ. ලෝකයේ වෙනත් රටවල අධ්‍යාපනය ලබන සිසුන්ට විශ්වවිද්‍යාල තුළ අරගල නොමැත. අන්තවාදී දේශපාලන කණඩායම් නැත... ලංකාවේ අධ්‍යාපනය ලබා උපාධිය ලබාගත් සිසුවෙකුට රට තුළ රැකියා අවස්ථාවන් තිබේද? අවසානයේ ඔවුන්ට සිදුවන්නේ උපාධිය ගෙදර තබා දූෂිත දේශපාලකයින් පසුපස යාමට වේ... කුමන යෝජනා ඉදිරිපත් වුවද ලංකාවේ පවතින දේශපාලන ක්‍රමය වෙනස්කර ස්තවර පැහැදිලි දේශපාලන ක්‍රමයක් බිහිවනතුරු රටේ දියුණුවක් පිළිබඳව පවතිනුයේ සිහිනයක්ම පමණි.

:       0       16

jayaSaturday, 08 January 2022 04:15 PM

මට කියන්න ඕනෑ වුණේ වසරකට ඩොලර් 30000 බැගින් වියදම් කරමින් පිටරට ඉගෙන ගන්න යන පුද්ගලයින් 25000ක් නොමැති බවයි. ලංකාවේ උඩම 10%ක් පමණ මේ විදිහට වියදමු කරන්න පුළුවන්.. ඒත් අවුරුදු 10ක් මෙහෙම යන්න ළමයි 250,000 නේ... ගොඩක් අය ඩොලර් 10000-15000 වගේ තමයි වියදම් කරන්නේ...

:       2       3

විනිවිද Saturday, 08 January 2022 08:30 AM

ලංකාවේ පවතින දූෂිත දේශපාලන ක්‍රමවේදය ඉවත්කර අධ්‍යාපනයේ සිට රජයේ සියලු ආයතන දේශපාලනයෙන් මුදවා ගන්නාතුරු ලංකාව දියුණු කළ නොහැකිය. රටේ දේශපාලන කණ්ඩායම් රටේ දියුණුව සඳහා එක මතයකට පැමිණිය යුතුවේ. ජනතාව දේශපාලකයා පසුපස යාම නවතා දැමීමද කළයුතුවේ. රට දශක 7ක කාලය තුළ සිදුවී ඇත්තේ කුමක්දැයි කියා බලය වෙනුවෙන් සටන් වදින සියලු දෙනා අවබෝධ කරගත යුතුවේ. රටේ ජනතාවට බලය බෙදා හැරීම පිළිබඳව කිසිඳු අවශ්‍යතාවයක් නොමැති වුවද ජාතීන් වෙනුවෙන් බලය ඉල්ලා සිටින කුඩා දේශපාලන කණ්ඩායම් නිසා ඔවුන්ගේ ජනතාවද අසරණව සිටියි. ජාතීන් වෙනුවෙන් බිහිවූ පක්ෂ බලාසිටින්නේ ඔවුන්ට බලය ලැබුණු පසු ඔවුන්ගේ ජනතාවට සේවය කිරීමට නිසා පසුගිය දශක 7ක කාලය තුළ ජනතාව අසරණ වීම හැර ලැබුණු බලයකුත් නැත. රටට දියුණුවක් ද නැත. තවදුරටත් මේ ආකාරයටම ඉදිරියට යනවද කියා වර්තමානයේ බලයේ සිටින සියලු දෙනා සහ දේශපාලන පක්ෂ තීරණය කළයුතු වේ. බුද්ධිමත්ව සිතා සියලු රටවැසියන් වෙනුවෙන්, රටේ දියුණුව වෙනුවෙන් අවංකව කැපවෙනවාද කියා තීන්දු කිරීමට කාලය පැමිණ තිබේ. වෙනස් වන ලෝකයේ වෙනස් නොවන මිනිසුන් සිටින රටකට ලෝකයේ කිසිඳු රටකින් හෝ ආයතනය සහයෝගය ලබාගැනීමට පවා ඉදිරියේදී අසීරුවනු ඇත..

:       1       4

විනිවිද Sunday, 09 January 2022 05:36 AM

උතුරේ හෝ නැගෙනහිර හෝ ලංකාවේ කුමන ප්‍රදේශයක වුවද අසරණ මිනිසුන් දේශපාලකයින් හමුවීමට පැමිණෙනුයේ ඔවුන්ගේ පුද්ගලික වුවමනාවන් සඳහා සහනයක් ලබාගැනීමේ අරමුණින් මිස බලය බෙදීම පිළිබඳව කතා කිරීමට නොවේ. අසරණ ජනතාව මුලා කරමින්.., ඔවුන්ව බිල්ලට දෙමින් බලය බෙදීම පිළිබඳව කතා කරනුයේ රටේ ජනතාව නොව බලය සහ තනතුරු සඳහා හීනමානයෙන් පෙළෙන සෑම ජාතියකටම අයත් දේශපාලකයින් වේ. රැවටුණු යුගයට තිත තබමින් රටේ සෑම ප්‍රදේශයකම සෑම ජනකොටසක්ම දේශපාලකයින්ට අභියෝග කරන කාලය වැඩි ඈතක නොවේ.

:       0       2

විනිවිද Saturday, 08 January 2022 08:42 AM

අවුරුදු පහකදී පොල් පැළ ලක්ෂ 200ක් සිටුවිය හැකිය. නමුත් පොල් පැළය වර්ධනය වී ඵලදාව හට ගැනීමට වසර 5කට වඩා ගතවේ. එසේ සිදුවන්නේ පොල් ගසට නිසි කාලයේදී අවශ්‍ය පොල්පොහොර ප්‍රමාණය වසරක් පාසා යෙදූවිට පමණි. සෑම පොල් ගසකින්ම එක සමාන පොල් ප්‍රමාණයක් ලබා නොදෙන අතර පොල් ත්‍රිකෝණයේ හැර රටේ බොහෝ ප්‍රදේශවල පොල් වගාව තිබුණද එම ප්‍රදේශ අනුව පොල් ඵලදාව වෙනස් වේ...

:       10       4

ashan Thursday, 06 January 2022 02:45 PM

ඔචිචරටම මිනිසුන්ට ආදරේයිනමි lolc එකේ පොලිය අඩු කරන්න ණය දෙන්නේ පොලිය නැතුව.

:       38       10

සුරලොව ඇල්මන් Thursday, 06 January 2022 05:54 PM

ඉතාමත් වැදගත් අදහස් ඉදිරිපත් කිරීමකි. ඔබතුමා වැනි බුද්ධිමත් අයට ලංකා දේශපාලනයේ මෙතෙක් ඉඩක් ලැබිලා නැත. නිදහස ලැබුණු දවසේ සිටම වැඩි දෙනෙක් බැලුවේ රටේ සංවර්ධනය නොව තමතමන්ගෙ සංවර්ධනය පමණි. මැතිවරණ ප්‍රකාශන වලින් එය පැහැදිලි වෙනවා. මෙරට සිටි බොහෝ පාලකයින් නිගන්ඨනාථ පුත්තගේ දහම අනුව කටයුතු කළා මිස වෙනත් දෙයක් කළ බවක් නැත. ඇත්තටම විශ්ව විද්‍යාල ගැන විරුද්ධව සිටි සංගමේ කල්ලියට මේ අදහස් දැක්වීම ඇසේ කටු ඇනෙනවා වගේ වේවි...!!! 

:       6       14

kumaara Thursday, 06 January 2022 06:26 PM

තමන්ට පෙනෙන පරාසය අනුව සියල්ලන්ම රට නංවන හැටි කියති. එක් එක් කාලයට ලෝකයේ විකිණිය හැකි දේ විවිධාකාර වේ. මේ යුගයේ අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රතිකාර හොඳ ව්‍යාපාරික අවස්ථා ජනිතකර තිබේ. එවැනි ක්ෂේත්‍රවල ආයෝජන රිසියෝ රට නැංවිය හැක්කේ ඉන් බව කියති. ඉන්දියාව, බංගලි, චීන රුසියා ආදී රටවල හැර අනෙකුත් රටවලට යන්නෝ පාර්ට් ටයිම් ජොබ් වලින් ඉගෙන ගනිති. බොහෝ දෙනා එම රටවල පුරවැසි බව ලබති. ඔවුන් ලංකාවේ රඳවා ගත නොහැක. මෙඩිසින් හැර අනෙකුත් සියලුම උපාධි මෙරටදී ගත හැකිය. (මෙඩිසින් දෙන්න ගියොත් රටත් විනාශ කරාවි) කෝච්චියේ, බස් එකේ යන උයාගෙන කන සංචාරකයින්ගෙන් කුමන ඵලයක්ද? මසුන් ඇල්ලීම දියුණු කිරීම හැම ආණ්ඩුවම කළා. වගාව විනාශ වුණේ ලෑන්ඩ් සේල් කාරයින් හා ජනසතුව නිසයි. අප රටේ කළ හැකි එකම දේ හොඳ බදු ක්‍රමයක්.. නාස්තිය අඩු කිරීම, සුඛෝපභෝගි බඩු නොගෙන්වීම, ඩොලරය පාවෙන්න හැර ඇත්ත ගාණට රට බඩුවල ගාන නියම වෙන්න හැරීමයි. කාර්මික බඩු පරිගණක ආයාත අදේශන දිරිමත් කිරීමයි....

:       5       12

sugath Thursday, 06 January 2022 09:27 PM

පුද්ගලික අංශයේ ආයතනයකට තම ව්‍යාපාර ආකෘතිය තුළ ආනයන අපනයන වෙළඳාම සමතුලිත කිරීම පහසු දෙයක්. ඊට හේතුව නම් ඔවුන් රටට අත්‍යාවශ්‍ය ඉන්ධන, ස්වභාවික වායු, ඖෂධ, අාහාර ආනයනයේ නොයෙදන බැවිනි. පුද්ගලික අංශයේ ආයතනවල සේවකයින් ඉහත සඳහන් තම අවශ්‍යතා සපුරා ගන්නේ රජයේ ආනයනවල පිහිටෙනි...

:       26       11

kapila Friday, 07 January 2022 12:08 AM

මොළ හතේ මුදල් ඇමති ඉවත් කොට ධම්මික පෙරේරා මුදල් ඇමති කලොත් ගොඩ. මෙහෙම ගියොත් මද.

:       13       20

JagathFriday, 07 January 2022 08:12 PM

මොළ හතේ මුදල් ඇමති, එයාගේ මොළ හත උඩ තමයි වාඩි වෙන්නේ. ඇමරිකාවේ පැට්‍රල් ෂෙඩ් එකක පෙට්‍රල් ගහපු අයනේ...

:       24       15

Shehan Friday, 07 January 2022 05:59 AM

හොඳ අදහසක්

:       6       29

Prasheen Friday, 07 January 2022 06:32 AM

වටිනා අදහසක්.

:       6       17

සිල්වා Friday, 07 January 2022 08:58 AM

ඔබේ අදහස් හත බොහොම වැදගත් දීර්ඝ කාලීන සැලසුම් බව කිවයුතුයි. නමුත් මෙම අදහස් ක්‍රියාත්ම කිරීමේදී තවත් කරුණු රාශියක් ගැන සැලකිලිමත් විය යුතු යැයි සිතමි. 1. රටේ බහුතර පිරිස ජාත්‍යන්තරය, ජාතිවාදය සහ පුද්ගලික අංශය ගැන දරන මතය. මෙම කාරණා කෙරෙහි 100%ක වෙනසක් අවශ්‍ය වේ. 2. එම යෝජනා හත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ධනය ද ගණනය කළයුතුයි. 3. රටේ ජනතාව සහ නායකයන් අනාගත සුබසිද්ධිය සඳහා තීරණ ගන්නා අය විය යුතුයි.

:       44       17

Chandana kumara Friday, 07 January 2022 09:50 AM

ඔබතුමාගේ අදහස් හා එකඟයි... නමුත් රාජපක්ෂ පිරිවරේ හොරුන්ටවත්, පාර්ලිමේන්තුවේ ඉන්න 225න් එකෙකුටවත් ඕවා ක්‍රියාත්මක කරන්න බැහැ. රටට ආදරේ මිනිස්සු නැහැ.. මොල හතේ 10% හොරා ඇවිත් කරපු ආර්ථික වින්නැහිය කොහොමද? ලාභ ලබපු ලිට්‍රෝ ගෑස් සමග මහජන ජීවිත ගාණකුත් විනාශ කරපු දේශපාලකයෝ ඉන්න රටකට සංවර්ධනය සිහිනයක් පමණයි.

:       28       12

Amara Friday, 07 January 2022 10:14 AM

ලංකාවට එන ඩොලර් ටික රුපියල් කරලා කොල්ලකන එක නෙමේ කළ යුත්තේ. ඩොලර් උපයන මෙතුමාගේ ව්‍යාපාර මොනවාද?

:       45       17

NuwanSunday, 09 January 2022 10:35 AM

වසරකට මෙතුමාගේ ව්‍යාපාර වලින් පමණක් ඩොලර් මිලියන 500ක් ලංකාවට ලැබෙනවා. එය සමස්ත ආදායමෙන් 5%ක් පමණ 2019 ගණනය අනුව. දැන් නම් 20%ක් විතර වෙනවා ඒ ආදායම...

:       0       1

vipula Friday, 07 January 2022 01:35 PM

මේවා ලංකාව වගේ දුප්පත් මානසිකත්වයක් තියන මිනිසුන් එක්ක කරන්න අමාරුයි

:       37       11

Hashan Sachinthana Friday, 07 January 2022 02:23 PM

මරු . නියමයි

:       5       42

Eranga perera Friday, 07 January 2022 02:31 PM

මේවා ලංකාව වගේ දුප්පත් මානසිකත්වයක් තියන මිනිසුන්ට හෙන මැජික්

:       45       8

Nihal Saturday, 08 January 2022 01:53 AM

ධම්මික පෙරේරා මහතා වැනි ක්‍රියාවෙන් හැකියාව පෙන්වූ අයෙකුගේ අදහස් ඉතා වැදගත්ය. එහෙත් ඩොලර් ගැටලුවට පාධක වන මුල් හේතුවට පිළියම් නොකොට කුමන විදේශ විනිමය උපයන, ඉතිරිකර දෙන ක්‍රම ඉදිරිපත් කළද එය එතරම් සාර්ථක නොවේ. පවතින දේශපාලන ක්‍රමය, නාස්තිය, වංචාව, දූෂණය නැති කර නීතිගරුක සමාජයක් බිහිකළ යුතුයි. ධම්මික පෙරේරා මහතා ඉතා සරල ලෙස කරුණු ඉදිරිපත් කර ඇති අතර, සමහර ඒවා ඒ ආකාරයෙන්ම කෙටි, මධ්‍ය කාලීනව ක්‍රියාත්මක කළ නොහැකිය. උදා: කොපමණ පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකළද, දරුවන්ට පිටරට අධ්‍යාපනය (විශේෂයෙන් බටහිර රටක) ලබාදීමට ඇතැම් දෙමාපියන් උත්සුක වේ. එයට හේතුව දරුවාට සහතිකයට අමතරව පිටරට අධ්‍යාපනය තුළින් ජීවිතයට විශාල පන්නරයක් ලැබෙන බැවිනි..

:       0       4

Chaminda Saturday, 08 January 2022 03:34 AM

පිට රට කුණු ගෙන්වීම...

:       2       1

Kamal Gamage Sunday, 09 January 2022 09:28 PM

මේ කිසිවක් ක්ෂනිකව කල නොහැක. මොහුගේ මේ යෝජනා වලින් කියන්නේ දැනට කරන බිස්නස් වලින් කිසිම කැපකිරීමක් බලාපොරොත්තු නොවන්න කියලයි. මේවිදිහට මේ රට එලියට ගන්න බෑ. මා යෝජනා කරන්නේ හැකි ඉක්මනින්ම ලෝක බැංකුවෙන් ණයක් ලබාගෙන රට ස්තාවර කිරීම මගින් සාගත තත්වයෙන් පලමුය රට බේරා ගත යුතු බවය.

:       1       4

Aruna Monday, 10 January 2022 12:09 PM

වටිනා අදහස් දැක්වීමකි. යෝජනා ප්‍රායෝගික වෙි

:       0       1

mahesh menaka Monday, 10 January 2022 01:57 PM

ඉතා හොඳයි

:       0       2

rasika Tuesday, 11 January 2022 01:16 AM

ඔබගේ පොල් සම්බන්ධ යෝජනාවට හැරෙන්න අනෙකුත් සියලුම යෝජනා ඉතාමත් ප්‍රායෝගික සහ යාවත්කාලීන යෝජනා වෙයි. ලංකාවේ හරියට පරිගණක ප්‍රෝග්‍රැමර්ස්ලා ට්‍රේන් කළොත් එකෙන්ම ගොඩදාන්න පුළුවන්. අධ්‍යාපනයට මුල්තැන දෙන්න ඕනේ. ලෝකයේ අනෙක් රටවල වගේ දියුණු විශ්ව විද්‍යාල ඇතිවෙන්න ඕනේ... ඒවායේ ඕනම ළමයෙක්ට මුදල් දී හෝ ශිෂ්‍යත්වයක් ලබාගෙන හෝ අධ්‍යාපන අවස්ථාව දෙන්න ඕනේ... ලංකාවට ගැලපෙන මහල් නිවස විතරක් හදන්න අවසර දෙන්න ඕනේ...

:       0       0

gamage Tuesday, 11 January 2022 04:34 PM

මම යෝජනා කරන්නේ, හැකි ඉක්මනින්ම මොන කොන්දේසි යටතේ හරි, ලෝක බැංකුවෙන් ණයක් ගෙන අපේ රටේ වාසය කරන වැසියන්ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කලයුතුය. ලෝක බැංකුව රජයේ ආදායම වැඩි කර ගන්නේ නැතුව අලුත් ණයක් දෙන්නේ නැත ඒ නිසා රටේ සියලුම නෛතික පුද්ගලයන් ගෙන් මොහු සහ මොහුගේ සියලු ආයතන ඇතුලු 1% අලුත් බද්දක් පැනවිය යුතුය. මොහු කියන අනිත්වා හරි ඒවා එදිසියේ පොහොර නැවැත්තුවා වාගේ දඩිබිඩියේ නොකර හොදටම ප්ලෑන් කර රටට වඩාම වාසි සහගතලෙස කල හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site