IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


තනතුරක සුදුසුකමට ජන්මයේ පෙළපත බැලිය යුතු ද?

මේ දිනවල බහුලව සමාජ අවධානය දිනාගත් මාතෘකා අතර ද්විත්ව පුරවැසිභාවය ප්‍රකට සංසිද්ධියකි. ගත වූ දශකයක කාලය තුළ දෙවැනි වරටත් ද්විත්ව පුරවැසියන්ට මැතිසබයේ දොර වැසීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන තිබේ. මෙයට පෙර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ද ද්විත්ව පුරවැසියන්ට මැතිසබයට පත්වීමේ වරම අහිමි කෙරිණි. අනතුරුව බලයට පැමිණි පොහොට්ටුව ආණ්ඩුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරමින් ද්විත්ව පුරවැසියන්ට නැවත මැතිසබා වරම පිරිනැමීය. පසුගිය දා සම්මත කරගත් 21 වැනි සංශෝධනය මගින් නැවතත් දැන් එය අහෝසි කර ඇත.

ද්විත්ව පුරවැසියන්ට රාජ්‍ය පාලනයේ තීරණ ගැනීම පිණිස ඇති අයිතිය සම්බන්ධව පසුගිය කාලයේ පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය වී තිබුණි. ද්විත්ව පුරවැසියන්ට සිය මවුබිමට වඩා තමන්ට දෙවනුව පුරවැසිකම පිරිනැමූ වෙනත් රටකට පක්ෂපාතී විය හැකි බවට මත පළ විය. එසේම මෙරට දී කිසියම් වරදක් සිදුකොට ද්විත්ව පුරවැසිකම නීතිමය ආවරණයක් කරගෙන වෙනත් රටක ආරක්ෂාව ලැබිය හැකි බවට ද අදහස් පළ විය.

මේ නිසා රජයේ ඉහළ තනතුරුවලට ද්විත්ව පුරවැසියන් හෝ විදේශික පුරවැසියන් පත්කිරීම ගැන දැඩි සමාජ විරෝධයක් නිර්මාණය වී තිබේ. ඒ අනුව වත්මන් ආණ්ඩුව ද්විත්ව පුරවැසියන්ට මැතිසබයට පිවිසීමේ දොරටු වසා දමමින් 21 වැනි සංශෝධනය සම්මත කර ගත්තේ විශාල බහුතර ඡන්දයකිනි. මෙහි දී පොහොට්ටුව කණ්ඩායමේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් චෝදනා කළේ 21 වැනි සංශෝධනය බැසිල් රාජපක්ෂ ඉලක්ක කරගෙන ගෙන ආ බව කියමිනි. එහෙත් එම පක්ෂයේ බහුතරයක් 21 වැනි සංශෝධනයට පක්ෂව සිය ඡන්ද ප්‍රකාශ කළෝය. කෙසේ වෙතත් 21 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසු එය රටේ නීතියක් බවට පත්වීමත් සමඟ තවත් ද්විත්ව පුරවැසියන් ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දරන බවට මත පළ වී තිබේ.

ද්විත්ව පුරවැසියන්ට මැතිසබය තහනම් කිරීම් සම්බන්ධ විවාදයේ දී ඊට පක්ෂව හා විපක්ෂව මත ගණනාවක් ප්‍රකාශිතය. එහෙත් මෙබඳු කරුණු ගැන ජාත්‍යන්තරයේ තත්ත්වය මෙරට තත්ත්වයට වඩා වෙනස්ය. පසුගියදා මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් රිෂී සුනාක්ගේ පවුලේ නිජබිම ඉන්දියාවයි. ඔහු අදටත් හින්දු භක්තිකයෙකි.

ඔහු විවාහ වී ඇත්තේ ඉන්දියාවෙන් බිහි වූ සුපිරි ධනපති ව්‍යාපාරිකයකුගේ දියණිය සමඟය. එහෙත් ඔහුට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ධුරය ලබා ගැනීමට ඔහුගේ ජන්ම උරුමය බාධාවක් වූයේ නැත. එසේම ලන්ඩනයේ සහ එහි තවත් උප නගර ගණනාවක නගරාධිපති ධුර සඳහා මුස්ලිම් දේශපාලනඥයෝ පත්ව සිටිති. ඊටත් පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට මුස්ලිම් සම්භවයකින් පැවත ආ කළු ජාතික බරක් හුසේන් ඔබාමා පත්විය. ඔහුගේ පත්වීමට ද සිය ජන්ම උරුමය හෝ සමේ වර්ණය බාධාවක් නොවීය. කිසියම් තනතුරකට පත්වන තැනැත්තා සුදුස්සකු නම් පෙරදිග අපරදිග භේද, කළු සුදු භේද හෝ කුල මල භේද අදාළ නොවන බව බටහිර රටවල් සපථ කර ඇත්තේ එලෙසින්ය.

එහෙත් අප රටේ වරක් අග්‍රාමාත්‍ය පදවිය සඳහා කීර්තිමත් දේශපාලනඥයකු හා නීති විශාරදයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ නම යෝජනා වූ විට ඔහුගේ ජන්ම උරුමය හේතුවෙන් ඊට විරැද්ධව මත පළ කළ පිරිස් සිටි බව අපට මතකය. එහෙත් කුල මල, වාද භේද ඉතා තදින් මුල් බැසගෙන තිබෙන ඉන්දියාවේ නිදහසින් පසු මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් ජනාධිපති තනතුරු හෙබ වූහ. එසේම නිදහසින් පසු වැඩි කලක් ඉන්දියාව පාලනය කළ ශ්‍රී නේරු නිර්මාණය කළ කොංග්‍රස් පක්ෂයේ නායකත්වයට ඉතාලි සම්භවයක් ඇති සෝනියා ගාන්ධි මහත්මිය පත්වූවාය. එරට වත්මන් ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය එරට ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවකි. වාද භේද බහුල බටහිර මෙන්ම ඉන්දියාව වැනි පෙරදිග රටවල ද මෙබඳු පුළුල් දේශපාලන දැක්ම සහිත ක්‍රියාමාර්ගවලට සමාජ අනුමැතිය හිමිව තිබේ.

එහෙත් අප රටේ දේශපාලන නායකයන් එබඳු පුළුල් මතවාද වැද්ද ගැනීමට බියක් දක්වති. ද්විත්ව පුරවැසියන් රටට පක්ෂපාතී නොවන බවට තර්ක තිබිය හැක. එහෙත් රටේ උසස් තනතුරු තෝරා ගැනීමේ දී ළිං මැඩි සංකල්පයෙන් මිදී වඩාත් පුළුල් මනසින් ක්‍රියා කිරීම කාලෝචිතය. ඒ සඳහා අපේ දේශපාලන සංස්කෘතියේ හරවත් වෙනසක් සිදුකිරීම වරදක් නොවන බව යට කී ජාත්‍යන්තර උදාහරණවලින් ප්‍රත්‍යක්ෂ වේ. අප බොහෝ අවස්ථාවල රටට නායකයන් තෝරා ගැනීමේ දී පාර වරද්දාගෙන ඇත.

යම් විෂයක් පිළිබඳව ප්‍රාමාණික දැනුම සමඟ අවංකභාවය ඇති සමාජ පිළිගැනීමක් සහිත තැනැත්තන්ට වාද භේද නොතකා ඔවුනට හිමි තැන ලබා දිය යුතුය. රටක් දියුණු වන්නේ එබඳු සැමගේ සාමූහික ප්‍රයත්නයකිනි. දූෂණයට, වංචාවට හා රැවටිල්ලට ඉඩ නොතබා පටු වාද භේදවලින් තොරව රටේ නායකයන් හා පාලකයන් තෝරාගත හැකිවන දිනට අප රටේ අනාගතය ගැන සුබ සිහින දකින්නට අප කාටත් වාසනාව උදාවනු ඇත.

(***)



අදහස් (12)

තනතුරක සුදුසුකමට ජන්මයේ පෙළපත බැලිය යුතු ද?

podiaarachchi Friday, 04 November 2022 12:53 PM

ශ්‍රී ලංකාවාසී ජන්ම පෙළපතකින් යුතු සුදුස්සන් පවා, අපේ රටේ සූරාගෙන කමින් ඒ මුදල් දැන්වත් රටවල්වල ගිණුම්වලට බැරකරගනිමින් අපේ රටේ සහ ජනතාවගේ අනාගතය පයින් පාගා බිඳ හෙලන්නේ නම්...!

:       5       29

lokka7Friday, 04 November 2022 03:02 PM

අපේ රට හූරගෙන කන්නේ අපේම අය තමයි... ‘‘වැටත්, නියරත් ගොයම් කා නම් කාට කියන්නදෝ...‘‘

:       0       24

Santhu Friday, 04 November 2022 03:16 PM

අප රටේ වන දූෂණවලට විරුද්ධව කෙතරම් ලීවත් කීවත් වැඩක් නැහැ. අර හිතේ ඇති වන ආවේගයට කළාට...!

:       0       22

de silva Friday, 04 November 2022 04:02 PM

ඇමෙරිකාවේ, එංගලන්තයේ එහෙම වුණාට අපේ මිනිස්සු බඩගින්නේ හිටියත් ඡන්දෙ දෙන්නේ බණ්ඩාරනායක, රාජපක්ෂ, ජයවර්ධන වැනි පරම්පරාවක කෙනෙකුට. එහෙම නොමැතිනම් ලොකුම බොරුව කියන හොරාට, වී8 එකේ යන කුඩුකාරයින් වැනි චරිතවලට... විහාර මහාදේවී, දුටුගැමුණු, රට රකින විරුවෝ, මොල හතේ කපුටන් වැනි චරිත එහෙ නැහැ...

:       9       7

ganegodaSaturday, 05 November 2022 12:57 PM

අපේ රටේ ඡන්දය දෙන්නේ පරිප්පු හුණ්ඩුවටයි, සැමන් ටින් එකටයි, පිරිමින්ට අරක්කු කාලටයි, බත්පාර්සලයකුත් දුන්නලු.

:       0       27

Chandra Saturday, 05 November 2022 05:28 AM

Our problem is Dual citizens living in Sri Lanka and not the Sri Lankans Citizens living in develop countries.

:       0       4

chandima Monday, 07 November 2022 08:15 PM

ද්විත්ව පුරවැසි භාවයයි ජනම් උරුමයයි කියන්නේ දෙකක්. ලංකාවේ ඉපදුනාට තමන් පුරවැනි භාවය දරන රටේ නීතිය වගකීම් වලට ඒ පුද්ගලයා බැඳි සිටිනවා. ඇමෙරිකා වුණත් සමහර රැකියා වලට ද්විත්ව පුරවැසියෙක්ට ඉදිරිපත් වෙන්න බැහැ. ඒ ඔහු වෙනත් රටකටත් වගකියන නිසා. උදාහරණයක් ලෙස ඇමෙරිකානු පුරවැසියෙකුට වෙනත් රටක පාර්ලිමේන්තුවක පැවැත්වෙන ඡන්ද විමසීමකිදී ඇමෙරිකාවට විරුැද්ධ වෙන පනතකට අත උස්සන්න බැහැ. එවැනි අවස්ථාවකදි අඩු තරමින් ඔහුට ඡන්දය දීමෙන් වැළකී සිටින්න වෙනවා. මෙන්න මේ තත්තවය උඩයි පාර්ලිමේන්තුවට නොසුදුසුයි. ඒ පුද්ගලයා බැසිල්ද? නැත්නම් රනිල්ද කියන කාරනාව නොවෙයි.

:       0       6

බද්රානි Monday, 07 November 2022 08:16 PM

ලංකාවේ නායකයා තේරීමට ජාතිය ආගම හොයන සිංහල ගෝත්‍රිකයින්ද මේ, බ්‍රිතාන්‍යයේ හෝ ඇමරිකාවේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ආකල්ප ගැන කතා කරන්නේ? දෙමව්පියන්ගේ සම්භවය කුමක් උවත්, එංගලන්ත අගමැතිවරයා එංගලන්තයේ උපත ලබා ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහුට ද්විත්ව පුරවසිකමක් නැහැ. පිටරට වෙසෙන දෙමල ජනතාව (දෙමල ඩයස්පෝරාව) ත්‍රස්තවාදීන් ලෙස දකින ලෝකයෙන්ම කම්බා හොරු යයි ප්‍රසිද්ධියට පත්ව ඇති සිංහලයෝ තමයි මෙතන "කබරයා තලගොයා කරගෙන" කන්න දඟලන්නේ. මුස්ලිම් ජාතිකයෙක් මැදපෙරදිගින් උදව් රැගෙන කිසියම් ව්‍යාපෘතියක් කලොත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්. හොරකම, ජානගතව උපන් සිංහල ජාතිය දේශපාලනයට පැමිණෙන්නේ රටට ආදරයටද? එහෙම නැත්නම්, මේ රටේ සිංහල මහජාතියට ආදරේටද? ඔවුන්ගේ එකම ආකල්පය බලය ඇතිතාක් හොරකම් කොට, නීතියෙන් ගැලවීම සඳහා අනෙක් රටට පලා යාමයි. ඔය මහලොකු ප්‍රජාතන්ත්‍රවාදී ඔස්තාර්ලා පුළුවන් නම්, මුස්ලිම් හෝ ද්‍රවිඩ ජාතිකයෙක් මේ රටේ නායකයා බවට පත්කර ගන්නකො..එදාට, අඩුතරමේ මහලොකු සිංහල ජාතියේ අපටත් මේ රටේ කාල ඇඳලා, මැරිලා යන්න පුළුවන් වෙයි!! දේශපාලකයින් පමණක් නොවෙයි, වෛද්‍යවරු, ඇතුළු රජයේ උසස් නිලධාරීන් දෙස බලන්න සිංහල නම්??

:       28       5

සමන්Monday, 07 November 2022 11:56 PM

බද්‍රානි කියන්නේ සිංහල කෙනෙක්ද නැත්නම් සිංහල නමකින් පෙනී සිටින වෙනත් ජාතිකයෙකුද කියන්න මම දන්නේ නෑ. නමුත් බද්‍රානී සිංහල නම් ඒ කියන්නේ ඇයත් හෙරක් වෙන්න පුළුවන්. මොකද මෙතන සිංහල නමකින් පෙනී සිටින අතරේ සිංහලයන්ට අපහාස කරලා තමන් විතරක් සුදනා වෙන්න බෑනේ.

:       4       0

බද්රානිTuesday, 08 November 2022 10:19 PM

ඇත්ත ඇහෙද්දී, සමන්ගේ නැට්ට ඉබේටම ඉස්සෙනවා නේද? අන්න ඒක තමයි තියන ගැටලුව. අධම, අශිෂ්ඨ, නරුමගති පැවතුම් ඇති බහුතරයකට එරෙහිව මම කතා කරද්දී, හිතට අමාරුද සමන්? ජාතිය හෝ ආගම අපේ කියලා, වැරැද්දට හරියි කියන්න කියලද ඔහේ මට කියන්නේ? නැට්ට උස්සගෙන දඟලන්න කලින් වැරදි හදා ගන්න උත්සහ කරනවා මනුස්සයෝ. පුහු ආත්ම වංචාවෙන් මිදිලා ප්‍රයෝගිකව ජීවත් වෙන්න. සර්පයින්ව හුරතල් කරලා මට පුරුදු නැහැ තේරුනාද? මේක අපි කරුමෙට ඉපදුන රටක්නේ. නැත්නම් ඉතින් එංගලන්තෙට පමණක් නොවෙයි මැදපෙරදිග යන්නත් මේ තරම් පොරකයිද?

:       1       3

tokkaa Wednesday, 09 November 2022 12:11 PM

උද්දච්ඡ කෙනෙක්...! ඔහේ...

:       0       1

බද්රානිWednesday, 09 November 2022 12:49 PM

මෝඩ සිංහලයා කොහොමත් උද්දච්ඡයි තමයි හලෝ. වෙනස තියෙන්නේ තමන්ගේ අං දෙක ඔවුන්ට නොපෙනෙන කමයි...!

:       1       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37970 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site