IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


තුංමංහන්දිය මනෝ මන්දිර සහ මහගම සේකර

නූතන යුගයේ මෙරට පහළ වූ මහගම සේකර නම් විශිෂ්ට කලාකරුවාගේ හතළිස් හත් වැනි ගුණ අනුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදී තිබුණි. මහගමසේකරයන්ගේ සුවිශේෂ නිර්මාණ කාර්යයේ එක් පැතිකඩක් විමසා බලමින් මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සමග මේ සංවාදය පැවැත්වෙන්නේ ඒ නිමිත්තෙනි.

• මහගම සේකරයන් අපෙන් වෙන්ව ගොස් දශක හතරකට වඩා ගෙවී ගියත් එදා සිට අද වනතුරුත් සේකර යනු මෙරට කවියන් ඇතුළු නිර්මාණ රචකයන්ට අගනා පූර්වාදර්ශ සැපයූ නිර්මාණ රචකයෙක්. එතැනින් අපි මේ සංවාදය අරඹමු.

1929 අප්‍රේල් 07 වැනිදා ඉපදුණු මහගම සේකර 1976 ජනවාරි 14වැනිදා මිය යනවා. ඔහු ජීවත්වෙලා හිටියා නම් මේ වනවිට අවුරුදු අනූ හතක්. ඔහු ජීවත් වුණේ අවුරුදු හතළිස් හතයි. සේකරයන් එතෙක් ඉටු කළ මෙහෙවර විවිධ අංශවලින් ඇති පදම් අගය කිරීමට ලක්වෙලා තියෙනවා.

සේකරගෙ සම්මාදම මොනතරම් ප්‍රබලද කියල කියනව නම් ආචාර්ය ආරියවංශ රණවීර විටෙක කවියක් ලියනවා සේකරගෙන් අවසරයි කියන තේමාව යටතේ. එසේම ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ කියනවා දුරුත්ත කොහොමත් සීතලයි. දැන් දුරුත්ත අපට වඩාත් සීතලයි. මොකද එක්තරා දුරුත්තකදී ඔබ අපට ආයුබෝවන් කියපු නිසා කියල.

කවියෙක්, නවකතාකරුවෙක්, චිත්‍ර ශිල්පියෙක්, ගීත රචකයෙක්, ගුවන් විදුලි සන්නිවේදකයෙක්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ආදී බහුවිධ ප්‍රතිභා අඩවි සේකරගෙන් හඳුනා ගන්න පුළුවන්. 

• මහගම සේකරයන්ගේ ඒ බහුවිධ ප්‍රතිභා අඩවි අතරින් අපි කැමතියි තුංමං හන්දිය නවකතාව, මනෝ මන්දිර නවකතාව සහ තුංමංහන්දිය චිත්‍රපටය පිළිබඳව ඔබේ අවධානය යොමු කරවීමට.

මං කැමතියි ඔබ කී මේ කලා කෘති ත්‍රිත්වය මානව වංශ ලේඛනයක් ලෙස සැලකෙන්නෙ කොහොමද කියන එක ගැන කතා කරන්නට. කලා කෘතිවලට පදනම වෙන්නෙ මුළු මහත් සමාජයයි. මානව චර්යා, මානව බන්ධුතා ආදියයි. සමජය සහ සමාජ සත්වයා කලා කෘතිය හරහා ප්‍රතිනිරූපණය කිරීමක් තමයි සරලව ගත්තාම වෙන්නෙ. ඒ ඒ කෘතිවල ගැබ් වෙන්නෙ ඒ ඒ කෘතිවලට පදනම් වුණ කාලයයි. යුගයයි.

රුසියානු සිනමා අධ්‍යක්ෂවරයෙකු හා සිනමා න්‍යායාචාර්යවරයෙකු වූ අන්ද්‍රේ තර්කෝෂ්කි කියනවා සිනමාවෙ ගැබ්වෙන්නෙ රූපය නොවෙයි කාලය කියලා. ඔහු කියන විදිහට ඒක මොනතරම් වැදගත්ද කිව්වොත් සිනමා කෘතිය යනු කාල කුට්ටියකින් නෙළපු ප්‍රතිමාවක් වගෙයි. ඒ නිසා කලා කෘතිය තුළ අන්තර්ගත වෙලා තිබෙන කාලය ද්විතීය යථාර්ථයක් හැටියට අඳුනාගන්න පුළුවන් බව තර්කෝෂ්කි කියනවා. තුංමංහන්දිය චිත්‍රපටය බලනකොට තුංමංහන්දියට වහල් වුණු මුළු මහත් සමාජය එහි කාලවකවානුව අපට ද්විතීය යථාර්ථයක් හැටියට දැනෙනවා. ප්‍රථම යථාර්ථය තමයි ඒ චරිත ඇත්තට ජීවත් වෙමින් ගත කළ කාලය. ඔහු මේකට කියන්නෙ කාලයෙන් නෙළීම කියල.

• තුංමංහන්දිය හා මනෝමන්දිර නවකතාව තුළ ඔබ මේ මතුකරන යථාර්ථය සහ ඒ චරිත මේ තරම් අව්‍යාජ ලෙස මතුවීමට බලපෑ හේතු කාරණා කෙබඳුද?

තුංමංහන්දිය කියන්නෙ සේකරගෙම කතාව හැටියට සලකන්න පුළුවන්. කලාකරුවෙක් වඩාත් අවංක වන මොහොත හැටියට සලකන්න පුළුවන් තමන්ගෙ කතාව කියන තැන. තුංමංහන්දිය කියන්නෙ ඒ තත් කාලයේ සත්‍ය පිටපතක්. මේ නවකතා දෙකෙන් චිත්‍රපටයේත් ගැබ්වෙලා තියෙන්නෙ මේ කියන කාලය හා අවකාශයයි. තුංමංහන්දියෙ කාලය විසිවැනි සියවසේ මුල ශ්‍රී ලංකාව. අවකාශය සියනෑ කෝරලයේ රදාවාන තමන්ගෙ ගම් බිම් ආදිය. මනෝමන්දිර වගේ නවකතාවකට එනකොට රජයේ ලලිත කලා ආයතනය, කොළඹ මරදාන අවට.

ඔබ මෙහි චරිත ගැන ඇහුවා. කවුද එහි අපට හමුවන චරිත. මේ කෘති තුනේම අපට හමුවන්නෙ අම්මා, තාත්තා, ලොකු මාමා ඒ කියන්නෙ අබිලිං සිඤ්ඤො කියන සුප්‍රකට චරිතය, පොඩි මාමා, ගමේ ගුරුතුමා, හාමුදුරුවෝ, මුදලාලි, ගම්වැසියො, ලලිත කලා ආයතනයේ මිතුරන් ආදී චරිත.

මෙහි ප්‍රධාන චරිතය මම කියන කථකයාගේ චරිතය සිරිසේන, මේ ජීවිත කවුද එක අතකට. අපේ ශ්‍රී ලංකාවේ ගමක මුණගැහෙන්න පුළුවන් සියලුම අඩවිවල නියෝජිතයන්ගේ එකතුවක්. එය එවකට ආදර්ශරූපී ගමක මොඩලයක්. සමාජ, ආර්ථික, දේශපාලන සංස්කෘතික වෙනස්වීම් හා සමකාලීන ප්‍රවණතාවල හරස්කඩක්. එක පැත්තකින් එකල ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක ගමක සිද්ධ වුණ කතාව තමයි මේ. 

• ඔබ කිව්වා ‘තුංමං හන්දිය’ කියන්නෙ සේකරගෙම කතාව බව. නවකතාවේ චරිත නිරූපණයේදී ඒ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

සෑම චරිතයක්ම අව්‍යාජයි. අම්මා ඉතා සාධාරණ චරිතයක් ලෙස ගොඩනගන හැටි පේනවා. තාත්තගෙ චරිතය ගත්තොත් ලංකාවේ තාත්තලාගෙ භූමිකාව බරපතළ ලෙස ග්‍රහණය කරගන්නා එකක්. තාත්තලාගේ අභ්‍යන්තර ගතිගුණ කාලය අනුව වෙනස් වෙන්නෙ නෑ. තාත්තලා ඔවුන්ගේ ආදරය වැඩිය පෙන්වන්නෙ නෑ. හරිම ප්‍රබලයි. තුංමංහන්දියේ තාත්තගෙ චරිතය ඇතැම්විට සේකරගේ තාත්තාගේම ලක්ෂණ මතුකරනවා කියන්න පුළුවන්.

මට මතක් වෙනවා ලූෂන් බුලත්සිංහල මහතා කියපු විස්තරයක්. ලූෂන් බුලත්සිංහල, බර්ටි ගලහිටියාව, පාලිත පෙරේරා වගේ ගුවන් විදුලියේ සිටි අයට ආරංචි වෙනවා මහගම සේකර නැතිවූ පුවත. ඔවුන් ඉතාම කම්පාවට පත්වෙලා ගම්පහ මළගෙදර යනවා. එහෙ යනකොට සේකරගෙ තාත්තා කිසිම දෙයක් සිද්ධ වුණේ නැති ගාණට වැට පිළිසකර කරමින් ඉන්නවා. ගලහිටියාව මහත්තයා බොහොම සංසිදුණු ස්වරයෙන් අහනවා තාත්තගෙන් මහත්තයා අපි කොළඹ ඉඳල ආවෙ. සේකර මහත්තයාගෙ දේහය දැන් ගෙදරට ගේනවද? කියලා. එතකොට තාත්තා කරමින් හිටි වැඩේ නවත්තලා බොහොම සන්සුන්ව කියනවා නෑනෙ මහත්තයෝ, ගම්පහ වයි.එම්.බී.ඒ. එකටනෙ ගේන්නෙ. එහෙමනෙ වැඩ පිළිවෙළ තීරණය වෙලා තියෙන්නෙ කියල. ඔහු ආපහු වැට බඳින්න පටන් ගන්නවා.

ලූෂන් බුලත්සිංහලයන් මේ ගැන ලියල තියෙනවා. ඔහු අකම්පිත තාත්ත කෙනෙක්. ජීවිත ස්වභාවය හොඳින් දැනසිටි තාත්තා කෙනෙක් බව එහි කියැවෙනවා. ඔහු පොළොවෙ පස් කාල අඬපු තාත්ත කෙනෙක් බවට පත් වුණේ නෑ. ඒ ගුණයම තමයි තුංමංහන්දියේ තාත්තගෙන් දකින්නට පුළුවන් වෙන්නෙ. මේ ගතිගුණ සියල්ල මේ නවකතා දෙකෙත් චිත්‍රපටයේත් මං අර මුලින් කී ද්විතීය යථාර්ථයක් හැටියට ගැබ් වෙනවා. 

• මේ නිර්මාණවල චරිත හරහා මතු කරන ගැඹුරු සමාජ පුරුෂාර්ථ මොනවාද?

චරිත විදිහට ගත්තාම ලොකු මාම කියන්නෙ මනුෂ්‍යත්වය, කලාව, වින්දනය ඇති අවම ගැටුම් සහිතව, සතුටින් ජීවත්වූ කෙනෙක්. ඒත් ඔහු කිසි දෙයක් පිළිවෙළට කරපු කෙනෙක් නොවෙයි. සමහර වෙලාවට ඕමාර් ඛය්යාම්ලගේ දර්ශනය මතක් කරනව අපට ඔහුගේ චරිත හැසිරීම්වලදී. ගී පොත, මී විත, ගැහැනිය ආදරය මේ හැමදේම භුක්ති විඳපු කෙනෙක් ඔහු. ඔහු අකම්පිතයි. හඬා වැලපෙන්නෙ නැහැ. ඔහු සංචාරක බෞද්ධ භික්ෂුවකගේ හැඩයක් වෙලාවකට මතු කරනවා. ඔහු රැස් කරන්නෙ නෑ.

ඒත් පොඩි මාම මීට වෙනස්. ඔහු ධනය රැස්කළා. තරගයේ යෙදිල හිටියා. හති වැටුණා. අවසානයේ කලකිරීමට පත්වෙලා දිවිනසා ගත්තා. පොඩි මාම සිරසේනට කියනවා මට පුතෙක් හිටිය නම් මම ඔහු සංගීතඥයෙක් කරනව කියල. තුංමංහන්දිය නවකතාවෙදි සිරිසේන කලායතනයට යනකොට පොඩි මාම විරුද්ධ වුණා. අයියගෙ රස්සාවනෙ මහලොකුවට උගන්වන්න හදන්නෙ කියල. ඔහුම පස්සෙ කාලෙක ජීවිතේ හතිවැටුණාම කියනවා පුතෙක් හිටිය නම් කලාකරුවෙක් කරනව කියල.

මේ චරිත විනිවිද යන ප්‍රබල සංකේත සේකරයන් ගොඩනගන බව පේනවා. එක් පැත්තකින් ලොකු මාමාගෙ පැරැණි සොහොනත් තව පැත්තකින් ගිනිගෙන දැවෙන පොඩි මාමාගේ සොහොනත් මැද සිටින සිරිසේනත් ගැන කියන අවස්ථාව එබඳු ප්‍රබල සංකේතයක්. අඩ සියවසක සමාජය මොනවගේ හරස්කඩක්ද කියන එක තේරෙන්නෙ මනෝ මන්දිර නවකතාව අවසාන වුණාට පස්සෙ. අවසාන වශයෙන් කලා කෘතියක ගැබ් වෙන්නෙ සත්‍යය සහ රමණීයතාව කියන එක ඉතා ගැඹුරින් සාධනය කළ අවස්ථාවක් හැටියට මේ නිර්මාණ ගන්න පුළුවන්. සැබෑ මානව වංශ ලේඛනයක් බවට නිර්මාණය පත්වෙන්නෙ මෙන්න මේ නිර්ව්‍යාජ ගුණය අනුවයි.

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

සංවාද සටහන - ගාමිණි කන්දේපොළ



අදහස් (1)

තුංමංහන්දිය මනෝ මන්දිර සහ මහගම සේකර

හිතවත් කෙනෙක් Wednesday, 18 January 2023 07:19 AM

මෙතුමාගේ දේහය කලායතනයට ගෙනාපු වෙලාවේ මමත් එතුමාට ගරු කරන්න ගිය කෙනෙක්. ඒ වෙලාවේ මට මතකයි එවකට මුදල් ඇමති ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායකත් ඒ වෙලාවේ සේකරයන්ට ගරු කරන්න ඇවිත් හිටියා. මම එතුමාගේ විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ පන්තිවලටත් ගියකෙනෙක්. මයිනර් කාර් එතුමා එන විදිය තවමත් මතකයි. සදහට අමතක නොවෙන කෙනෙක් එතුමා.

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 276 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1205 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 587 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1793 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1332 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site