IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


තීරු බදු වාහන සෙල්ලම දැන්වත් නවත්වන්න ඕනෑ

දවස් පහක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට කෝටි 06ක වටිනාකමක් හිමිවීමේ ප්‍රවෘත්තියක් පසුගියදා පාර්ලිමේන්තුවෙන් අසන්නට ලැබිණි. දවස් කිහිපයකට පත්වූ හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු තමන්ට රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය විකුණා ගැනීමෙන් මේ මුදල උපයාගෙන ඇතැයිද එහිදී සඳහන් විය. මේ සිද්ධිය අපගේ රටේ පවතින ක්‍රමයේ වැරැද්දක් පෙන්වා දෙන කදිම උදාහරණයක් වශයෙන් අපි දකිමු.

අපේ රටේ පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් හෝ පත්වීමට ලැබීම මහා ධනවතකු වීමට පාර කපාදෙන මාර්ගයක් බවට දෝෂාරෝපණ එල්ල වූයේ කාලයක සිටමය. සෑම මන්ත්‍රීවරයකුටම තීරුබදු රහිත වාහන බලපත්‍රයකට හිමිකම් කීමට හැකිවීමත් සමඟ මේ දෝෂාරෝපණය වඩාත් උග්‍ර විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ හැන්දෙන් තමන්ටම බෙදාගැනීමට ඉඩ සැලසීමක් වශයෙන් මෙය හැඳින්විණි. එහෙත් මේ ක්‍රමයට තිත තැබීමට කිසිදු ආණ්ඩුවක් ක්‍රියා කළේ නැත. ආණ්ඩුවක් තබා විපක්ෂයක් හෝ කිසි කලෙකත් තීරුබදු රහිත වාහන බලපත් තමන්ට එපා යැයි කියා නැත. ජවිපෙ මන්ත්‍රීවරුන් පමණක් එම බලපත්‍රය උපයෝගී කරගෙන ඩබල් කැබ් වාහන පමණක් ගෙන්වාගත් අතර ඔවුන්ගෙන් කිසිවකුත් තමන්ට හිමි වූ වාහන බලපත්‍රය විකුණාගෙන කෑ බවට චෝදනා ලබා නැති බවද මෙහිදී සඳහන් කළ යුතුය.

මන්ත්‍රීවරුන් තමන්ට හිමි වාහන බලපත්‍රයක් විකුණාගත් පළමු අවස්ථාව මෙය නොවන බව මේ චෝදනාව එල්ල කළ අමාත්‍යවරයාද නොදැන සිටීමට හේතුවක් නැත. තමන්ගේ පක්ෂයේ කෙනකු මේ වැරැද්දම කළ විට එය නොදැක්කා සේ සිටීමත් තමන්ගේ ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයකු හෝ තමන්ට දිරවා ගත නොහැකි මන්ත්‍රීවරයකු හෝ මේ වැරැද්දම කළ විට එය පෙන්වීමත් කොළේ වසා ගැහිල්ලක් බව කිව යුතුය. කවුරු කළත් වැරැද්ද වැරැද්දමය. කළ යුත්තේ එම වැරැද්ද නිවැරැදි කිරීමට සාමූහිකව ක්‍රියා කිරීම මිස එයින් දේශපාලන වාසියක් ගැනීමට කටයුතු කිරීම නොවන බවද පෙන්වා දිය යුතුය.

වාහන බලපත්‍රයක් තීරුබදු රහිතව ලබා ගැනීමේ වරප්‍රසාදය හිමිව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොවේ. පළාත් සභා මන්ත්‍රීවරුන්ටද මේ වරප්‍රසාදය හිමි විය. මන්ත්‍රී ධුරයක් ලැබීම මුදල් හම්බ කිරීමේ මාර්ගයක් කරගත හැකි බවට උගන්වන පළමු පාඩම එය බව බැලූ බැල්මට පෙනෙයි. බොහොමයක් මන්ත්‍රීවරුන් කරන්නේ තමන්ට ලැබෙන තීරු බදු රහිත වාහන බලපත්‍රය කෝටි ගණනකට විකුණා ගනිමින් එම පළමු පාඩමට අත්පොත් තැබීමය. හම්බ කිරීම එතැනින් නොනවතින බව ඉතිහාසය අපට කියා දී තිබේ.

දවසකට මන්ත්‍රී ධුරයක් ලැබුවත් වාහන බලපත්‍රයක් හිමිකර ගත හැකි මේ දූෂිත ක්‍රමයට දැන්වත් තිත තැබීම අවශ්‍යය. මෙහි වැරැද්ද ඇත්තේ එය සිදුකරන පුද්ගලයා අතේ නොව මේ ක්‍රමය තුළ බව පෙන්වා දිය යුතුය. රටේ භාණ්ඩාගාරය හිස්කරන මේ නාස්තිකාර ක්‍රියා නැවැත්විය හැක්කේ එවැනි දූෂණ ක්‍රියාවලට පාර කපන ක්‍රම මුලිනුපුටා දැමීමෙන් පමණි.

තීරු බදු රහිත වාහන බලපත් හේතුවෙන් රටට වාර්ෂිකව රුපියල් කෝටි සිය ගණනක් අහිමි වෙයි. රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටද මේ වරප්‍රසාදය හිමි වුවද එය ඔවුන්ගෙන් රටට සිදුවන සේවය ඇගයීමට ලක්කිරීමකි. පෞද්ගලික අංශයේ ඉහළ නිලධාරීන්ට මෙන් නොව රජයේ සේවයේ ඉහළම නිලධාරීන්ට වුවද සංසන්දනාත්මකව ලැබෙන්නේ අඩු වැටුපකි. එසේම බෝනස් වැනි වෙනත් ආර්ථික වාසිද ලැබෙන්නේ නැත. මේ නිසා ඔවුන්ට බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම වැරැද්දක් යැයි කිව නොහැක.

එහෙත් මන්ත්‍රීවරුන් එසේ නොවේ. ඔවුන් තේරී පත්වන හැම අවස්ථාවකදීම සල්ලි හම්බ කරගත හැකි ධන උල්පත් පෑදෙයි. දූෂණයට සහ වංචාවට අතහිත දෙන සමානුපාතික ඡන්ද ක්‍රමයේ හඳුන්වාදීමත් සමඟ මේ මන්ත්‍රී ධුරයෙන් හරි හම්බ කරගැනීමේ ක්‍රමයද ආරම්භ වූ බවත් සඳහන් කළ යුතුය. මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවන තත්ත්වයක් තුළ ඒ වටා බොහෝ ජාවාරම්කරුවන් දූෂිතයන් එක්රොක් වීම වැළැක්විය නොහැක. එහි ඊළඟ පියවර තම තනතුරේ බලතල භාවිත කර හැකි තරම් ධනය උපයා ගැනීමට කටයුතු කිරීමය.

හැකි තරම් මුදල් හම්බ කර ගැනීමට තමන්ට උදව් උපකාර කළ හෙංචයියන්ටද ඉඩ ලබාදීමය. මේ බඩගෝස්තරවාදී මජර ක්‍රමය තුළ වාහන බලපත්‍රය විකුණා ගැනීම එක් ජරාව කෑමක් පමණි. එසේම තමන්ගේ බදු රහිත වාහන බලපත්‍රය විකුණා කෝටි ගණනින් මුදල් හම්බ නොකළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ඇත්තේ ස්වල්ප දෙනකු පමණක් බව අපගේ පිළිගැනීමය.

තීරු බදු රහිත වාහන බලපත් මන්ත්‍රීවරුන්ට ලබාදීම වැළකී ගියේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙනි. එසේ නොවන්න ආණ්ඩුවේත් විපක්ෂයේත් බොහොමයක් මන්ත්‍රීවරුන් මේ වනවිටත් කෝටිපතියන් වී හමාරය. දැන් කළ යුත්තේ මේ වැරැද්ද කළ එක් මන්ත්‍රීවරයකු උළුප්පා පෙන්වීම නොව බදු රහිත වාහන බලපත් ලබාදෙන ක්‍රමයම නවත්වා දැමීමට ක්‍රියා කිරීමය. මහජන සේවය සඳහා අවශ්‍ය හොඳ වාහන රජයේ සංචිතයකින් ලබාදීමට පියවර ගැනීමෙන් මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාවද ඉටුකරගත හැකි බවත් පෙන්වා දෙමු.



අදහස් (4)

තීරු බදු වාහන සෙල්ලම දැන්වත් නවත්වන්න ඕනෑ

Raveendra Friday, 18 February 2022 06:03 AM

ඉතාමත්ම හරවත් ලිපියක්... අපද මීට පෙර මහජන නියෝජිතයින් හට ලබාදෙන මෙවන් වරප්‍රසාද පිළිබඳව අදහස් දක්වා ඇත. එසේ නමුත් නැවත වරක් සඳහන් කරන්නෙමු. මහජන නියෝජිතයින් යනු මහජනතාවට තම අවංක සේවය ස්වේච්ඡාවෙන් (එක ශතේක ලාභයක්, වාසියක්, වැටුපක්, දීමනාවක් බලාපොරොත්තු නොවී මහජනතාව වෙනුවෙන්ම කැපවී සේවය කරන වැදගත් පුරවැසියන්ටයි. ඔවුන්ට එතුමා, එතුමිය යන වැදගත් වචනවලින් ආමන්ත්‍රණය ඉතාමත්ම සුදුසුයි) කිරීමට ඉදිරිපත් වන මිනිසුන්ටයි... අවාසනාව නම් දැන් මහජන සේවයට පැමිණෙන්නේ තමන් විසින්ම තමන්ව පුම්බාගෙන, තමන්ම මූසල මුහුණ සහිත පෝස්ටර් අලවාගෙන බලෙන්ම තරගයට ඉදිරිපත්වීමයි. (දැන් පට්ටියේ ඉන්නා 226 න් "කාටවත්" අප නම් කියා නැත.. අනේ ඇවිත් අප වෙනුවෙන් සේවය කරන්න කියා). තීරුබදු වාහන පිළිබඳව කතාකිරීමේදී (රට තුළ සිටින විදේශ තානාපතිවරුන් හට තීරුබදු වාහන ගෙන්වීමට ඍජුවම අවසරදී ඇතත් ඔවුන් ආපසු යනවිට ඒවා තම රටට රැගෙන යායුතුයි. නොඑසේනම් ඒවා රජයේ සැපයුම් දෙපාර්තමේන්තුවට බාරදිය යුතුයි යන්න "අතීතයේ සිදුවිය." එම වාහන මහජන නියෝජිතයින්ට, රජයේ උසස් නිලධාරීන්ට ලබාදුන් බව අපගේ මතකයේ ඇත. එමගින් රටේ විදේශ විනිමය විශාල ලෙස ඉතිරිවූවා නොවේද..?

:       0       2

dhamneth Friday, 18 February 2022 11:12 AM

ඔය ඊනියා තීරුබදු සහන සහිත වාහන ලබාදීමට පෙර සිටි මැති ඇමැතිවරු බහුතරයක් මේ රටට විශිෂ්ඨ සේවයක් කර තිබෙනවා. 1%කටයි අල්ලස් චෝදනා තිබුණේ...

:       0       4

MO77 Saturday, 19 February 2022 10:56 PM

මෙම ලිපියේ රජයේ සේවකයින්ට ලබා දෙන තීරුබදු වාහන ගැන කිසිම කතාවක් නෑ. දොස්තරලාට දෙන වාහනවලින් වෙන්නේ ඔවුන්ගේ චැනල් සේවා සඳහා එම වාහන වලින් පාර ඉගිලීම. රජයේ සේවකයින්ටත් වැටුපක් දෙනවා පෞද්ගලික අංශය වගේ... තීරුබදු වාහන කාටත් ඕනේ නෑ. තම තමන් හම්බ කරලා සැමට එක ලෙස වාහන මිලදී ගැනීමට අයිතියක් ඇතිකළ යුතුයි. කැමති අයට රජයේ සේවයට එන්න පුළුවන්. අකමැති අයට පෞද්ගලික අංශයේ රැකියා කරන්න පුළුවන්. හරි සරලයි පැහැදිලියි.

:       0       4

මේ රටSunday, 20 February 2022 06:36 PM

ඇත්තට දොස්තරලාගෙන් චැනල් යන අය ආණ්ඩුවේ රෝහලට නොපැමිණත් පඩි ලබනවා. ඔවුන්ගෙන් සමහරෙක් ජනතා මුදලින් ඉගෙන ගත් බව සතේකට මායිම් කරන්නේ නෑ. හැබැයි මේ රට මෙහෙමවත් තියෙන්නේ හැම ආයතනයකම වැදගත්කම රැකගෙන සිටිනා නිලධාරීන් කිහිප දෙනෙක් නිසයි. ඒ අය ලැබෙන වැටුපෙන් ජීවත් වී තීරු බදු රහිතව ගන්නෙත් කුඩා වාහනයක්. මේ රටේ ඇමති ගොල්ලෝ තමන්ට බෙදා ගන්නේ විලිලැජ්ජා නොමැතිව...!

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site